මේ එන්නේ NGO කාරයන් හදන අමු ජාතිවාදී රට බෙදන ව්‍යවස්ථාවක් – මනෝහර [Video]
Posted on January 3rd, 2017

හවුල් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට යන නව ව්‍යවස්ථාව හරහා වසර දහස් ගණනක් පුරා පැවති රටේ ඒකීයභාවය අහෝසි වී ෆෙඩරල් රටක් බිහි වන බවත් ඒ බව ව්‍යවස්ථාව සැකසීමට ආණ්ඩුව විසින් පත් කළ කමිටු හය විසින් ඉදිරිපත් කළ යෝජනා වලින් ඉතාමත් පැහැදිලිව සනාථ වන බවත් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දෙයි.

රට ෆෙඩරල් කර කෑලිවලට කඩනවාට අමතරව මෙතෙක් කලක් මෙරට පැවැති සියලු එකඟතා බිඳලමින් අපේ ආත්මය අපේ ගෞරවය, අපේකම සම්පූර්ණයෙන්ම නැති කිරීමට අවශ්‍ය යෝජනාද ඇති පදමට ඇති බව ඔහු අවධාරණය කරයි.

යුතුකම සංවාද කවය විසින් පසුගියදා සංවිධානය කරන ලද “ෆෙඩරල් සංහිඳියා නිරුවත” සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමින් මේ බව පෙන්වා දුන් මනෝහරද සිල්වා මහතා මේ ව්‍යවස්ථා සැකසීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විදෙස් මුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානවල (NGO) මැදිහත් වීම හරහා සිදු වන අමු ජාතිවාදය වපුරන ක්‍රියාවලියක් බව අවධාරණය කර සිටියේය.

එබැවින් අනාගතයේ රට කෑලි වලට කැඩී එකිනෙකා මරාගන්නා අමු සොහොනක් බවටත් එනෙක් පසින් විජාතික කොළනියක් වීමත් මේ හරහා ස්ථිරවම සිදුවන බැවින් මේ ද්‍රෝහී ව්‍යවස්ථාව පරාජය කිරීමට හැකි සියළු දේ කිරීමට පෙරට එන ලෙසද ආරාධනය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝහරද සිල්වා මහතා
“ඉදිරිපත්විය හැකි ව්‍යයවස්ථාව කුමක්දැයි අප විසින් මින් පෙර සිටම අනතුරු අඟවපු සෑම කරුණක්ම කිසි වෙනසක් නැතුව මේ අලුත් කමිටු වාර්තා වල තිබෙනවා.

අපි හැමෝම දන්නවා මේ රට ෆෙඩරල් කරන්න දරන ප්‍රයත්නය. නමුත් ඒ විතරද? අපේ රට අපේ ජාතිය අපේ ආගම නැති කරනවා විතරක් නෙමේ. අපේ ආත්මය අපේ ගෞරවය, අපේකම සම්පූර්ණයෙන්මනැති කරනවා මේ මගින්.

මේ ව්යවස්ථාවේ තිබෙන ප්‍රබල කාරණයක් තමයි ලංකාවේ පුරවැසියන්ට විතරක් තිබෙන අයිතිවාසිම විජාතිකයන්ටත් ලබා දෙනවා. පුරවැසියා කියන වචනය ඉවත් කරලා ඒ වෙනුවට පුද්ගලයා කියන වචනය මේකට ඇතුලත් කරලා. එතකොට මොකද වෙන්නේ. මේ රටට එන විජාතිකයනට ඔවුන්ගේ සංස්ක්‍රිතිය මෙරට ප්‍රවර්ධනය කිරීමේ අයිතිය ව්යවස්ථාවෙන් අපි විජාතිකයන්ට ලබා දෙනවා. ඒ සංස්කෘතියට සමලිංගික විවාහ වලින් පටන් ගත්තහම අපට නොගැලපෙන විවිධ ආකාරයේ සංස්කෘතීන් ප්‍රවර්ධනය කිරීම අයිතිවාසිකමක් ලෙස ඔවුන්ට ඉඩ ප්‍රස්ථා සලසා දෙන උත්සාහයක් මේකේ තියෙනෙවා. ඒ විතරක් නොවේ. අපේ රටේ ලොකු ආන්දෝලනයක තිබුනා මේ අන්‍යාගමිකකරණය ගැන. මේ රටට තියෙන විශාල උවදුරක් තමා පිටරට, විශේෂයෙන්ම ඇමරිකානු මූලධරමවාදී ආගමික සංවිධාන මේ රටේසිංහල බෞද්ධ ක්‍රිස්තියානි, කතෝලික, මුස්ලිම් සෑම කෙනෙක්ම මේ අන්තවාදී ආගම්වලට හරවාගැනීමේ උත්සාහයක් තියෙනවා. එකපැත්තකින් අන්තවාදී මුස්ලිම් මූලධර්මවාදීන් මෙරටට එනවා මෙරට සාම්ප්‍රදායික ඉස්ලාම් ආගමෙන් බැහැරව, අනෙක් පැත්තෙන් ඇමරිකානු සහ වෙනත් විජාතික නවක්‍රිස්තියානි සංවිධාන මෙරටට එනවා. මෙතෙක් කලක් ලංකාවේ ව්යවස්ථාවේ කවදාවත් ආගම් ප්‍රවර්ධනය කිරීමේ අයිතිය දීලා තිබ්බේ නෑ. නමුත් මේකෙන් ඒකටත් ඉඩ දෙන්න නිර්දේශ කරලා තියෙනවා. අපෙ රටේ සහ බොහෝ රටවල ආණ්ඩුක්‍ර්ම ව්යවසථාවට අනුව ඕන කෙනෙකුට තම්න් කැමති ආගමක් අදහන්න පුලුවන්. නමුත් ආගම් ප්‍රකාශ කිරීම, ඒ කියන්නේ විවිධා චාරිත්‍ර පැවැත්වීම, පූජනීය ස්ථාන ගොඩ නැගිම, ආගමික ස්ථාන ගොඩනැගීම වැනි ක්‍රියාකාරම් සඳහා අයිතිවාසිකමක් දීලා තියෙනේ මේ රටේ පුරවැසියන්ට පමණයි. එහෙම නූනොත් වෙනත් ආගමික සංවිධාන වලට පුලුවන් මේ පුංචි දූපත ඩැහැ ගන්න. මේ යෝජනාවල තවත් එකක් තමයි අන්‍ය ආගම් ප්‍රවර්ධනය කිරීමේ අයිතිවාසිකම ලබා දෙනවා පමණක් නොවෙයි, අර ආගමික ක්‍රියාකාරකම් පිලිබදව මෙතෙක් කල් පුරවැසියාට පමණක් සීමා වෙච්චි අයිතිය සම්පූර්ණයෙන්ම ඕනම කෙනෙකුට ලබා දීලා මේ රට ආගමික ආක්‍රමණයකට ඉඩ සලසන ප්‍රතිපාදන මූලික අයිතිවාසිකම් පිලිබද අනුකමිටුව නිර්දේශ කරලා තියෙනවා.

ඒ නිසා මේ බලන බලන සෑම වගන්තියක් පාසාම අපට දකින්නට ලැබෙන්නේ මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරන විජාතික ඕනෑ එපාකම් සපුරාලන ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දීමට ඇති වුවමනාව.

ඒ විතරක් නෙමෙයි. ඔවුන් කියනවා මේ ලිංගික නැඹුරුතාවයන් මත කිසිම වෙනස්කමකට භාජනය කරන්න බෑ කියලා. මෙතන බරපතල සිංහල වචනයකින් හංගලා ඉංග්‍රිසි එකේ සරල ඉංග්‍රීසි වචනයකින් විස්තර කරලා තියෙනවා. මේ රට තුළ සමලිංගික විවාහ නීතිගත කරන්නට අවශ්‍යවනමූලික අඬිතාලම මේ අලුත් මුලික අයිතිවාසිකම් වගන්ති තුළින් ඇති කරලා තියෙනවා.

ඉතින් ඔබට පෙනෙනවා ඇති මේක කොතරම් පුලුල් විදියට අපේ රට ආක්‍රමණය කරන්න සැරසෙනවද කියලා.

මේකෙ තියෙනවා අපිට යුද්ධය ප්‍රවර්ධනය කරන්න බෑ කියලා. දැන් කවුරු හරි අපිත් එක්ක යුද්ධ කරන්න ආවොත් අපි යුද්ධය ප්‍රවර්ධනය කරන්නා ඔනා. ඇයි අපි ව්‍යවස්තාවට දා ගන්නේ අපිට යුද්ධය ප්‍රවර්ධනය කරන්න බෑ කියලා? ඒ කියන්නෙ අපේ ආගම සංස්කෘතිය විතරක් පාවාලා දෙනව විතරක නෙමේ, මේ රටේ ජාතික ආරක්ෂාවත් මේ රටේ ජනතාව,රට රකින්න ඉදිරියට එන රණ විරුවාත් මඬින්න හදන ව්‍යවස්ථාවක්. දැන් මේ සැරසෙන්නේ මොකටද?”

ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්:

සටහන : යටියන ප්‍රදීප් කුමාර

One Response to “මේ එන්නේ NGO කාරයන් හදන අමු ජාතිවාදී රට බෙදන ව්‍යවස්ථාවක් – මනෝහර [Video]”

  1. Ananda-USA Says:

    It is LUDRICROUS!

    The New Constitution is proposed by a group of TREASONOUS SEPARATISTS who do not represent the majority of the Patriotic Citizens of Sri Lanka!

    All 6 Constitution Committee Reports form a PRESCRIPTION for SUCIDE! They should be CATEGORICALLY REJECTED!

    This attempt to divide and hoist a Federal System of Government on our small motherland should be UTTERLY DEFEATED!

    Rise O Sinhalayeni!

    Rise up NOW to defend and protect your Motherland from these cunning enemies plotting and conniving to DISMEMBER IT!

    This is no Yahapalanaya, but a Yamapalanaya CREATED IN HELL!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress