ගල් අගුරු වංචාව – විගණකාධිපති වාර්තාවේ නිර්දේශ මෙන්න. දුෂිත නිලධාරීන් පිළිබද විමර්ශන අරඹන්න. කැෆේ සංවිධානය ජනාධිපතිවරයාට ලියයි.
Posted on January 4th, 2017
පුවත්පත් නිවේදනය කීර්ති තෙන්නකොන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
ගල් අගුරු මිල දී ගැනීම සම්බන්ධයෙන් වන දුෂිත ගණුදෙණුව පිළිබද සවිස්තරාත්මක විගණන වාර්තාව පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇත. එහි දැක්වෙන්නේ අවම වශයෙන් රුපියල් මිලියන 4,145 ක පාඩුවක් රජයට මෙම ගණුදෙනුව නිසා අහිමි වි ඇති බවයි. එසේ තිබිය දී මෙම සතිය අවසානයේ හෝ ඉදිරි සතියේ දී නැවත වරක් රටට රුපියල් මිලියන 4000 ක් හෝ එයට ආසනන් ප්‍රමාණයක පාඩුවක් සිදුවන අයුරින් මෙම දුෂිත ගිවිසුම යටතේ ගල් අගුරු මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සුදානම් වේ.
මේ පිළිබද අද කැෆේ සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත යොමු කළ ලිපිය සහ විගණන වාර්තාවේ නිර්දේශ ඇමුණුමක් ලෙස මේ සමග අමුණා ඇත.
විගනකාධිපති වාර්තාවේ නිර්දේශ නොතකා තවදුරටත් ගල් අගුරු මිලදී ගැනීම සිදුවන්නේ නම් එය රජයේ මුල්‍ය විනිවිද භාවය සම්බන්ධයෙන් දැවැන්ත බිදවැටීමක් බවට පත්වනු ඇත‘‘ යන්න අපගේ විශ්වාසය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. එමෙන්ම ‘‘රටට රුපියල් බිලියන 4 ක පාඩුවක් සිදු කළ නිලධාරීන් සම්බන්ධයෙන් වහා විමර්ශන ඇරඹිය යුතු බව ද කැෆේ සංවිධානය‘‘ අවධාරණය කරයි.
2017-01-04
ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.
ගරු ජනාධිපතිතුමනි,
නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල්අඟුරු ගැනීමේ ටෙන්ඩරය – විගණකාධිපති වාර්තාව
මා විසින් ඔබතුමන් ගේ අවධානය සදහා 2017 ජනවාරි 2 දින උක්ත කරුණ සම්බන්ධයෙන් යොමු කළ ලිපියට අමතරවය.
2016 දෙසැම්බර් 30 දැනැති විගණකාධිපති වාර්තාව අනුව, ඔබතුමන්ගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ ‘යහපාලන රජය යටතේ‘ සිදු වී ඇති දැවැන්ත ටෙන්ඩර් මගඩියක් බවට ගල් අගුරු මිලදී ගැනීම සම්බන්ධ වංචාව පත්ව ඇති බව පැහැදිලිය.
විගණකාධිපති වාර්තාවේ නිර්දේශ කිහිපයක් පිළිබදව ඔබගේ කාරුණික අවධානය යොමු කරමි.
- මෙම වාර්තාව මගින් අනාවරණයකර ඇති රු. මිලියන 4,145.43 ක ඇස්තමේන්තුගත අලාභය
/අමතර වියදම/ආදායම අහිමිවිම සදහා වගකිව යුතු නිලධාරීන් හදානාගත යුතු අතර ඉදිරියේ දී එවැනි අලාභ/අමතර පිරිවැය /ආදායම අහිමිවීම ඇති නොවන පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතු බව
- ප්‍රසම්පාදනයේ දී තීරණ ගැනීම සදහා අදාළ සමහර වැදගත් තොරතුරු අමාත්‍ය මණ්ඩල සංදේශ මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදී නොතිබුණු අවස්ථා පැවති බව
ගරු ජනපතිතුමනි,
මේ සමග අමුණා ඇති වාර්තාවේ ‘නිර්දේශ‘ කොටසට අනුව ලංකාවේ අති දැවැන්තම වංචාවක් බවට ගල් අගුරු මිලදී ගැනීම පිළිබද ටෙන්ඩරය පත්වී ඇති බව විගණකාධිපති වාර්තාවෙන් තහවුරුවේ.
රටට රුපියල් බිලියන 4 කට පාඩුවක් සිදු කළ ගණුදෙනුව හා අදාළ ටෙන්ඩරය මත පදනම්ව 2017 ජනවාරි 6 දින (සිකුරාදා) හෝ ආසන්න දිනක නැවත මෙරටට ගල් අගුරු ගෙන්වීම සදහා ඇණවුම් සිදු කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කරමින් සිටී.
එම මිලදී ගැනීම සිදුවන්නේ නම් නැවත වරක් මාස 4 කට අඩු කාලයක් තුල මෙරටට අහිමි වන ධන සම්භාරය තවත් රුපියල් බිලියන 4 ක් හෝ එයට වැඩි ප්‍රමාණයකි.
විගණකාධිපතිවරයාගේ වාර්තා වේ දැක්වෙන පරිදි කැබිනට් මණ්ඩලය නොමග යවමින් අනුමැතිය ලබා දෙන ඇති බවයි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අංක SCFR394/2015 දරණ නඩු තීන්දුව මගින් ගල් අගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ‘ශුන්‍ය සහ බල රහිත‘ බව නිගමනය කොට ඇත.
ජනාධිපතිතුමනි,
විගනකාධිපති වාර්තාවේ නිර්දේශ නොතකා තවදුරටත් ගල් අගුරු මිලදී ගැනීම සිදුවන්නේ නම් එය රජයේ මුල්‍ය විනිවිද භාවය සම්බන්ධයෙන් දැවැන්ත බිදවැටීමක් බවට පත්වනු ඇත්තේය.
එබැවින්, මෙම දුෂිත ගිවිසුම යටතේ ගල් අගුරු මිලදී ගැනීම වහා නවතා දැමීමට සහ මේ සා විශාල පාඩුවක් සිදු කළ නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පැවැත්වීම සදහා කටයුතු කරන මෙන් ඉතා කාරුණික ඉල්ලා සිටිමි.
ස්තූතියි,
මෙයට-විශ්වාසී,
කීර්ති තෙන්නකොන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
2017 ජනවාරි මස 04
Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE
Executive Director/CHR-Sri Lanka
100/19 A, Welikadawatta Road,
Rajagiriya,Sri Lanka.