ශ්‍රීලනිප සාමාජිකයා සිමා නිර්ණය කමිටු වාර්තාවට අත්සන් තබයි
Posted on January 4th, 2017

පුවත්පත් නිවේදනය කැෆේ සංවිධානය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් මහතා සීමා නිර්ණය කමිටුවේ අවසන් වාර්තාව අත්සන් තබා ඇත. ඒ අනුව, සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයින් පස් දෙනා අතුරින් මේ දක්වා කමිටු වාර්තාවට අත්සන් තබා නැත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නීතිඥ   මිස්බාර් සතාර් මහතා පමණී.

එක්සත් ජාතික පක්ෂය ඉතා සැලසුම් සහගත අයුරින් සීමා නිර්ණය කමිටුවට පත් කොට ඇති තම නියෝජිතයා හරහා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමා ගැනීමට උත්සහ දරන බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණය යි.  ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබද තීරණාත්මක කමිටු වාර්තාවකට අත්සන් තැබීම ප්‍රමාද කිරීම හේතුවෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය පීඩාවකට ලක් කිරීමට නීතිඥ බිස්බාර් සතාර් මහතා කටයුතු කර ඇත.

මේ අතර කැෆේ සංවිධානය වෙත විශ්වාස කටයුතු ආකාරයෙන් දැනගැනීමට හැකිව ඇත්තේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ගේ ක්‍රියා කලාපය ජනාධිපතිවරයා විසින් දැඩි විවේචණයට ලක් කර ඇති බවයි.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

2017 ජනවාරි මස 04 වැනිදා බදාදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress