ලංකාවේ කිසිදු ආයෝජනයක් අපි නෑ.. – වොක්ස්වැගන් සමාගම නිල ලෙස කියයි..
Posted on January 6th, 2017

ලංකා සී නිවුස්

‘අසූචි 70යි.. වැලි 30යි..’ ලංකාවේ කිසිදු ආයෝජනයක් අපි නෑ.. – වොක්ස්වැගන් සමාගම නිල ලෙස කියයි..

ශ‍්‍රී ලංකාව තුල කිසිදු ආයෝජනයක් තම සමාගම සිදු කර නැති බවත් ඉදිරියට සිදු කිරීමටද මෙතෙක් අදහසක් නැති බවත් ජර්මානු වොක්ස්වැගන් සමාගම පවසයි.

සමාගමේ සමුහික සංනිවේදන අංශයේ ප්‍රකාශිකා කර්ටින් හොමාන් මහත්මිය මේ බව නිල වශයෙන් සිරස රූපවාහිනිය කල විමසීමකදී මේ බව සදහන් කර ඇත.

එමෙන්ම වොක්ස්වැගන් සමාගමේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි 2025 දක්වා වූ සමාගමේ ඉදිරි සැලසුමේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු සදහනක් නැත.

මෙරට ආයෝජන කිරීමට වොක්ස්වැගන් සමාගම එන බවත් කුලියාපිටියේ කර්මාන්තශාලාවක් ඉදිකර තරුණ තරුණියන්ට ඉතා හොඳ ආදායම් සහිත රැකියා ලබාදීමට කටයුතු කරන බවත් අගමැතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී.

පසුගිය 03 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරිමට කුලියාපිටිය පිහිටි මහා නුගලන්ද වතුයායේ මුල්ගල තබන ලදී. එම වත්ත මහා භාරකාර දෙපාර්තමේන්තුවට අයත් ව තිබි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පවරගෙන ජර්මනියේ වොක්ස්වගන් මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරිම බව කියමින් ලබාදෙන ලදි.

2 Responses to “ලංකාවේ කිසිදු ආයෝජනයක් අපි නෑ.. – වොක්ස්වැගන් සමාගම නිල ලෙස කියයි..”

  1. Christie Says:

    සෙන්කොට් සෙල්වගෙ මැජික් අනිකුත් ඉන්දියානු පරපෝසිතයන්ගේ මැජික් වගේමය.

  2. Ananda-USA Says:

    This Volkswagen factory, like Champika’s Megalopolis Plan, seems to be a HUGE SCAM to benefit Noel Selvanayagam!

    Sounds like Ranil GREAT CENTRAL BANK ROBBERY to benefit the Mahendrans and the UNP.

    Volkswagen company does not know about it, all cars ‘assembled’ during the first 3 years will be sold in Sri Lanka, the assembly seems to be just joining together large scale car modules and putting the wheels on.

    I predict that this company will vanish after 3 years having got the land transferred tax-free and imported cars for sale locally …. also tax-free!

    The Yamapalanaya is DESPERATE to give the IMPRESSION of rapidly developing the country to influence the upcoming local elections and get the New Constitution and Development (Special Provisions) SUPER MINISTRY Bills, and the ETCA and FTA Bills passed before people wake up to these SCAMS!

    WATCH OUT Patriots, the SCAM-ARTISTES are at it AGAIN!

    They know their days are numbered, and are trying various smoke-and-mirrors QUICK FIXES to FOOL THE VOTERS!

    KICK THEM OUT! SEND THEM HOME!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress