සංවර්ධනය ත‍්‍රස්තවාදයක් වූූ කල!
Posted on January 10th, 2017

ආචාර්ය චන්දන ජයලත්

පසුගිය දා හම්බන්තොටදී ක‍්‍රියාත්මක වූයේ ඉතිහාසයේ දුර්ජනම සංවර්ධන ත‍්‍රස්තවාදය යැයි කිවහොත් මා සම`ග උරණවන්නේ යූඑන්පියට කඬේ යන කිහිප දෙනෙකූ මිසක් යූඑන්පී ජන්දදායකයින් නම් නොවේ. ජනතා සුභසිද්ධිය යැයි කියමින් හා ශ‍්‍රි ලංකාව ලෝකයේ බලගතු රටක් බවට පත් කරන්නේ යැයි කියමින් පොලිස් හා චන්ඩි මර්දන ඒකකවල ගල් මුල් ප‍්‍රහාර මැද්දේ දායාද කරන්නට යන සුභසාධනය නම් කිමෟ නවසිය අනුව මුල භාගයේදී කණ්ඩලම හෝටල සංකීර්ණය තැනුවේ පොලිස් ඒකකයක් එම වැඩ බිම තුල පිහිටුවීමෙන්ය. වැව් තාවුල්ලේ බහු ජාතික හෝටලයක් තනා ඒ පලාතකටවත් රට වැසියෙකුට අවසරයකින් තොරව අඩියක් ගසන්නට බැරිවුණ එම ව්‍යාපෘතියෙන් ගමට සිදුවුණ සෙතක් නැත. ගමේ මිනිස්සු හෝටලයට යන මග තැන තැන බෙලි, දිවුල් මලූ රැුගෙන මහ දවල් මග දෙපස උඩ බලා ගෙන සිටිති. ලංකාවේ මෑත කාලයේ අතගහපු සියඵ ව්‍යාපෘති අසාර්ථකය. සමනල වැව, නොරොච්චෝලේ, උමා ඔය කදිම නිදසුනකි. හම්බන්තොට වරාය හා ගුවන් තොටුපල හිතාමතාම අනාථ කලෙත් ආණ්ඩුවමය. එය අනාථවන්නට ඉඩ හැරියේය. එය ගොඩ ගන්නට යැයි කියමින් ජනතා විරෝධ යටපත් කරගෙන චීනය සමග යන්නට යන ගමන කුමක්දැයි ඇසීමට රටවැසියන්ට අයිතියක් තිබිය යුතුය. ඒ සදහා උත්තර බැදීමට ආණ්ඩුවක් හැටියට බැදී සිටියි.

මධ්‍යම අධිවේගය සම්බන්ධයෙන්ද කථාව වැඩි වෙනසක් නොවේ. අවස්ථා කිහිපයකදී එහි ගමන් මග වෙනස් වූයේ තාක්ෂණික කරුණු මත නොව දේශපාලන කරුණු මතය. රදලයින්ගේ ඉඩම් බේරා ගැනීමට යාමෙන්ය. ගම්මුන්ට නොකියා හිටි අඩියේ ඉඩම්වලට විත් කූඤ්ඤ ගැසූ ආණ්ඩුව එම දේපල පවරා ගන්නේද පැහැදිලි නිරවුල් විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව නොවේ. එය දැන් බයින්් ඇන්්ඞ් සෙලින් ගානට ලඝුවී හමාරය. පසුගිය රජයේද මෙම රජයේද මහ ලොකු වෙනසක් නැත්තේ එබැවිනි. මේ කිසිදු රජයක් ජනතාව හමුවට ආවේ නැත. හිතුුුමනාපෙට දෙතුන් දෙනෙකුගේ උවමනාවට සියලූ සංවර්ධන තීරණ ගනු ලැබීය. මේ රටේ පාරවල් පලල් වූයේද එලෙසටය. පසුගිය රජය ඊට හමුදාවේද සහාය ලබා ගත්තේය. තුවක්කු බටෙන් රට හැදුවේ එලෙසිනි. වන්දි වශයෙන් ශත පහක් නොලැබුණ අය බොහොමයකි. දක්ෂිණ අධිවේගයේ තවමත් එසේ මුදල් නොලබා උසාවියේ රස්තියාදුවන කිහිප දෙනෙකු සිටිති. මේ සියලූ කාරණාවලට මූලිකම හේතුව සොයා බැලීමේදි දක්නට ඇත්තේ එකම එක දෙයකි. ජනතාව ආණ්ඩුවලට ඕනෑ විදිහට ජීවත් විය යුතු බවයි. එය සංවර්ධන ත‍්‍රස්තවාදය යනුවෙන් නම් කරමු.
එදා මෙදා තුර මිනිසුන් ත‍්‍රාසයට භීතියට පත්කරමින් තම පදිංචියට එහා ගිය උරුමය කොල්ලකන නීත්‍යානුකුල ක‍්‍රමවේදයට ප‍්‍රධාන හේතු දෙකක්් මම දකිමි. එනම් සාමාන්‍ය ජනතාවට තම අයිතිවාසිකම් පිලිබදව ඇති නොදැනුවත්කම හා ණයගැතිබවයි. ඉන් මිරිකුණු ජනතාවක් දේශපාලන උත්තේජනයක් ලැබු නිලධාරින් රොත්තක් හමුවේ අන්ත අසරණ වී සිටිති. බොහෝ වේලාවකදී නිහඩව විඳ දරා ගෙන සිටින මොවුන් නැගිටින වෙලාව හොයා ගන්නට බැරිවෙනු ඇත. මීරිගම ගණේගොඩ දුම්රිය ස්ථානය අසලදි මධ්‍යම අධිවේගයේ ප‍්‍රථම යටිපස් කුට්ටිය සදහා බහිරව පූජාවකින් අනතුරුව දොඹකරය ක‍්‍රියාත්මක කිරිමට උත්සාහ කිරීමේදීී ඉඩම් අයිතිකරුවන් එම දොඹකරයේ එල්ලූනේ තමන්ට සතයක්වත් ගෙවා නැතිය යන ඉතාමත් අහිංසක ඉල්ලීම විරෝධයක් ලෙස පුපුරා ගිය අවස්ථාවකය. එහෙත් උසාවි නියෝග මගින් පිස්කල් ලවා පන්නා දමා වැඩ ආරම්භ කරන බවට කියා පෑම් අනාවරණය වෙයි.
ප‍්‍රාදේශීය ලේකම්වරයා ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ යම් යම් වගන්ති උපුටා දක්වමින් මේ වනවිට විතැන්වීමට නියමිත අයවලූන්ට ලිඛිතව නියෝග නිකුත් කරමින් සිටියි. එම ලිපිවල දැක්වෙන්නේ ඉඩම්වලට පැමිණෙන නිළධාරින්ට යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන ඒමටත් ගස් කපා ඉවත් කිරිමටත් පස් හෑරීමටත්, මායිම් ගල් වෙනස් කිරීමටත් බලය පවරා ඇති බවයි. මෙය පවතින නීතිය ප‍්‍රබල ලෙස අවභාවිතයට ලක්වන කදිම අවස්ථාවක් බව කිවමනාය. මධ්‍යම අධිවේගය විශේෂ ව්‍යාපෘතියක් ලෙස ගැසට් මගින් නම් කිරිම තුලම විෂය භාර ඇමතිවරයාට ලැබෙන සුවිශේෂි බලතල ප‍්‍රකාර වන්දි ගෙවිම පසෙක ලා ඉඩම් පවරා ගැනීමට ඉඩකඩ නෛතික වශයෙන් ලබා ගෙන ඇති අතර ඕනෑම අවස්ථාවක උසාවි නියෝග මගින් එල්ල විය හැකි ජන අරගල යටපත් කරලීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි. හම්බන්තොටින් ඊට යම් උත්තේජනයක් ලබා ගෙන ඇතැයි අපි සිතමු. මධ්‍යම අධිවේගය නිසාවෙන් විතැන්විමට නියමිත අයවලූන්ගේ ගණන පළමු අධියර පමණක් පවුල් දෙදහස ඉක්මවයි. වන්දි ගෙවිමේ ැතක‍්‍රමයෙහි අඩු ලූහුඩුකම් බොහෝ ඇතත් ඒවාට ඇහුන්කන් දෙන වටපිටාවක් පෙනෙන්නට නැත.
තත්වය එසේ නම්, එය සංවර්ධන ත‍්‍රස්තවාදයක් නොවේදැයි මම අසමි. රටක ජනතාවක් රටකින් බලාපොරොත්තු වන මූලික කරුණු තුනකි. සාමය, සංවර්ධනය හා අභිමානය. ඒ සදහා යන ගමන ජනතාවගෙන් වෙන්ව යන ගමනක් නම් එය හිතුවක්කාරකමකි. ඒ වගේම අනුවණකමකි. මන්ද එය ජනතාව අතින් ඊලග මැතිවරණයේදි ප‍්‍රතික්ෂේප වනු නොඅනුමානවන බැවිනි. සාකච්ඡුා මට්ටමින් බොහෝ ප‍්‍රශ්ණ විසදා ගත හැකිව තිබියදී බැටන් පොලූ වලින් විසදපු සියලූ ආණ්ඩු ජනතාව ඉදිරියේ දනින් නැමුණ හැටි ඉතිහාසය විසින් ඔප්පු කර ඇත. මේ වන විට යූඑන්පී ශ‍්‍රි ලංකා දෙකේම ප‍්‍රාදේශිය දේශපාලන අධිකාරිය මුලූ ගැන්වී ඇත. නිළධාරීන්ගේ රොබෝමය ප‍්‍රවේශයත් පොතේ ගුරු රාජ්‍ය පරිපාලනයේ අකර්මණ්‍යබව හා ඇ`ග බේරා ගැනීමේ වැඩ සංස්කෘතිය තුල ජනතාවට බලාපොරොත්තු විය හැකි උත්තරයක් නැත. සංවර්ධනය ජනතාව වෙනුවෙන් නම් ඊට ජනතාව හවුල් කර නොගන්නේ මන්ද? සියලූ ජනතා විරෝධී රැුලි හමුවේ පවතින පාලකයින් කීවේ එහි පිටුපස අදිසි දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress