පාස්කු බෝ#####ම්#බයේ ඇත්තම වගකිවයුත්තන්ගේ රෙදි ගැලවෙයි: රවිලා ශානිලා තොරතුරු හංගලා අහිංසකයෝ බිල්ලට දුන් හැටි උසාවියේදී එළියට!
Posted on July 16th, 2026
උපුටාගැණීම මුහුනුපොත
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හොයන නාඩගමේ තිරය පිටුපස ඉන්න ඇත්තම අපරාධකාරයන්ගේ හෙළුව ඊයේ අභියාචනාධිකරණයේදී පට්ටපතුරු යන්නම ගැලවුණා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්ත එකට එරෙහිව දාපු රිට් පෙත්සමේදී, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහත්තයා එළියට දැම්මේ මුළු රටම කම්පනයට පත්වෙන ඇත්තක්.
සහරාන්ගේ මුල්ම ප්ලෑන් එක තිබුණේ පල්ලිවලට ගහන්න නෙමෙයි, නුවර පෙරහරට ගහලා සිංහල-මුස්ලිම් ලේ ගංගාවක් හදන්න. හැබැයි මාවනැල්ල බුදුපිළිම කැඩුවට පස්සේ වනාතවිල්ලුවේ සහරාන්ගේ කඳවුර වටලද්දී ඌට තේරුණා ප්ලෑන් එක මාට්ටු කියලා. ඒ කලබලේට තමයි ඌ තමන්ගේ ප්##රහාරය ඉක්මන් කරලා පාස්කු දවසට යොදාගන්නේ.
මේ වෙද්දී රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) එදා හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන 2019 ජනවාරි 25 ඉඳන් අප්‍රේල් 20 වෙනකන් සහරාන්ගේ හැම අන්තවාදී වැඩක් ගැනම ලිඛිතවම පොලිස්පති පූජිත්ට යවනවා. ඒවගේ කොපි කෙලින්ම ගියේ එදා CID එක භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නගේ මේසේ උඩට.
ජනවාරි 25, මාර්තු 1, මාර්තු 21 වාර්තාවලින් සහරාන්ගේ අයිඑස්අයිඑස් මතවාද ගැන හරියටම කිව්වා. මාර්තු 30 උන් හැංගිලා ඉන්න තැන් දුන්නා. අප්‍රේල් 09 මරාගෙන මැ###රෙන ප්###රහාරයක් ගැන පැහැදිලිවම අනතුරු ඇඟෙව්වා. අප්‍රේල් 20 සහරාන්ගේ පවුලම ඉන්න තැන් දුන්නා.
මේ සේරම බුද්ධි වාර්තා මේසේ උඩ තියාගෙන, එදා CID ලොක්කා රවි සෙනෙවිරත්නයි, CID අධ්‍යක්ෂ ශානි අබේසේකරයි කළේ මොකක්ද? කිසිම පියවරක් ගන්නේ නැතුව මර නින්දේ හිටපු එක! අන්තිමට ජනාධිපති නීතිඥවරයා උසාවියේදී අහනවා “මේ තරම් තොරතුරු දීලත් වගකීම් විරහිතව වැඩ කරපු මේ පුද්ගලයෝ අද මගේ සේවා දායකයාව විමර්ශනය කරන්නේ කොහොමද?” කියලා.
මේ දෙබෑයන්ගේ කෙරුවාව එතනින් ඉවර නෑ. වනාතවිල්ලුව කඳවුර හොයාගත්තම ඒ විමර්ශනේ භාරව හිටපු පොලිස් පරීක්ෂක මාරසිංහට ශානි අබේසේකර දුන්නේ නිලධාරීන් 5 දෙනයි! CID එකේ 700ක් නිලධාරීන් ඉද්දි මේ තරම් බරපතල කේස් එකකට දැම්මේ 5 දෙනයි. ඊළඟට මාවනැල්ලේ විමර්ශනවලදී මේකේ ජාත්‍යන්තර අන්තවාදී කනෙක්ෂන් එකක් තියෙනවා, ඉන්ටපෝල් (Interpol) එකේ සහාය ගන්න කියලා නිලධාරීන් ඉල්ලද්දී, ශානි අබේසේකර ඒක නොසලකා හැරලා කුණුකූඩෙට දැම්මා.
ප්###රහාරයෙන් පස්සේ ඇමරිකාවේ FBI, ඕස්ට්‍රේලියානු රහස් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ්, ඉන්දියානු බුද්ධි අංශ ලංකාවට ඇවිත් කරපු පරීක්ෂණ වාර්තාවලට මොකද වුණේ?
මාරසිංහයි, පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරියි පැහැදිලිවම කියනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මට්ටමින් ඒ විදේශ වාර්තා යටගැහුවා, පරීක්ෂණ කරන නිලධාරීන්ට දුන්නේ නෑ කියලා. රවිලා ශානිලා මේ විදේශ වාර්තා හැංගුවේ කාට කඩේ යන්නද?
ඇමරිකාවේ FBI එක දිවුරුම් ප්‍රකාශයකින්ම ඇමරිකානු අධිකරණයට කිව්වා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ‘ස#හ#රාන් හ#ෂීම්’ කියලා. එහෙම තියෙද්දී ශානි අබේසේකර ප්‍රංශයට ගිහින් අසාද් මවුලානා කියන වරෙන්තුකාර අපරාධකාරයාගෙන් ප්‍රකාශයක් අරන් හිස් අතින් ආවේ තමන්ගේ පරණ පව් වහගන්න වෙනම තිරපිටපතක් ලියන්නද?
අද මේ මාලිමා ආණ්ඩුව යුක්තිය පසිඳලන්න කියලා කාදිනල්තුමාගේ කීමට ලොකු පුටුවල වාඩි කරවලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි; එදා අහිංසක ජීවිත 269ක් බිලිගන්නකන් ස#හ#රාන්ගේ ෆයිල් ටික යටගහගෙන, විදේශ බුද්ධි වාර්තා හංගගෙන, ඉන්ටපෝල් පරීක්ෂණ කුණුකූඩෙට දාපු මේ රවි – ශානි කියන අසාර්ථක නිලධාරීන් දෙන්නවමයි. මේක දැක්කම මුන්ගේ සිස්ටම් චේන්ජ් එකෙත්, මහමොළකරුවන් හොයන නාඩගමෙත් ඇත්තම නිරුවත මුළු රටටම හොඳටම පේනවා!