මහින්දට නැවත ජනාධිපති වීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් නෑ.. නීතිය මෙහෙමයි..
Posted on January 13th, 2017

– වෙනුර ලංකා සී නිවුස්

මහින්දට නැවත ජනාධිපති වීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් නෑ.. නීතිය මෙහෙමයි..

වර්තමාන ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) අනුව ජනාධිපතිගේ ධූර කාලය අවුරුදු 5 වන බැවින්, එම කාලය අවසන් වීමට මාසයකට නොඅඩු මාස 2 කට නොවැඩි කාලයක් තුල ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවත් විය යුතුය” ඒ අනුව වසර 2019 මැද වනවිට, එනම් එම වසරේ දෙසැම්බර් මස 8 වෙනිදාට පෙර නව ජනාධිපතිවරයා තොරා පත් කරගෙන අවසන් කල යුතුය.

තවද 2019 පවත්වනු ලබන ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවට විධායකට හිමි බලතල ලබාදීමට අවශ්‍ය ආකාරයෙන් නව ව්‍යවස්ථාවක් සකස් කොට ජනාධිපතිවරණය පැවත්වීමට පෙර ජනතාවගේ කැමැත්ත ගෙන ඊට පසු එලබෙන ජනාධිපතිවරණයේ විධායක බලතල අවශ්‍ය කොටස් සංශෝධනය කොට ජනාධිපතිවරණය පැවත්වීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් නීති විශාරදයන් විසින් සකස් කරමින් පවති.

ඒසේ නොවුනහොත් 2019 දි ජනාධිපතිවරණය සඳහා බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂය හා අනිකුත් පක්ෂ සමඟ එක්ව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම හංසයාගෙන් ඉදිරිපත් විමට ඉඩ ඇත. ව්‍යවස්ථාවේ 31(2) අනුව දෙවරක්ම ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස තේරි පත් වු බැවින් හිටපු ජනාධිපතිවරයාට තරග කල නොහැකිය.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ලැබු නියෝජිතයකුට ජනාධිපතිවරණයේ දි තරග කොට ජයග්‍රහණය කිරීමට කිසිම බාධාවක් නොමැත. එමෙන්ම එසේ තේරි පත්වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ එවකට සිටින මන්ත්‍රීවරයෙකු අගමැතිවරයා ලෙස දිවුරුම් දී වහාම පත් කල හැකිය. ඉන්පසු ව්‍යවස්ථාවේ 38 (1) ජනාධිපතිවරයා විසින් ධූරය හිස් කිරිම, 38 (1), (ආ) කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධූරයෙන් ඉල්ලා අස් විය හැකිය.

ඒ අනුව අගමැතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වන අතර ඔහු විසින් ඇමති මණ්ඩලයේ කෙනකු අගමැති ලෙස පත් කොට වහාම පාර්ලිමේන්තුවේ විසුරුවාලීමට කටයුතු කොට නව පාර්ලිමේන්තුව විධායක බලය පවරමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස නව ව්‍යාවස්ථාවක් තුල කටයුතු කිරීමට හැකියාවක් ඇත.

 

4 Responses to “මහින්දට නැවත ජනාධිපති වීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් නෑ.. නීතිය මෙහෙමයි..”

  1. Ananda-USA Says:

    Actually, after a new President is appointed, that President can simply Amend the Constitution, following all required legal procedures including a referendum, to REPEAL the Amendment that limits the number of terms a President can serve, allowing MR to become the President, once again.

    If the Presidential election of January 8, 2015 PROVED any thing, it is that the PEOPLE can always remove a President with their votes, without UNNECESSARILY RESTRICTIVE term limit that only serves to EXCLUDE an exceptionally able person from serving as President for as long as he/she is able and willing to do so, and has the approval of the citizens by getting elected.

    The Presidential election scheduled every 5-years is in fact a TERM LIMIT that is under the CONTROL of the ONLY people who REALLY MATTER: the citizens of the country.

    Only jealous less-able people pining to become President but cannot match the incumbent President’s ability and popularity among the voters want PRESIDENTIAL TERM LIMITS!

  2. SenaD Says:

    Ananda-USA,
    You said, “Only jealous less-able people pining to become President but cannot match the incumbent President’s ability and popularity among the voters want PRESIDENTIAL TERM LIMITS!”

    You have missed out the question: “If such a limit on the number of times a person can contest for the post of President is valid, then why is the same argument not applied to the post of Prme Minister where PM is the Chief Executive?”

  3. Samanthi Says:

    මේ මස අගදී අලුත්ම බලවේගයක්‌!
    ==================

    මනෝඡ් අබයදීර, එරික්‌ ගාමිණී ජිනප්‍රිය – දිවයින

    ආණ්‌ඩු විරෝධී ජාතික බලවේගයක්‌ ගොඩනැඟීSමට ප්‍රධාන පෙළේ භික්‍ෂුන් වහන්සේ, ජාතික සංවිධාන රැසක නායකයන් සහ ඒකාබද්ධවිපක්‍ෂයේ නායකයන් පිරිසක්‌ අතර සාකච්ඡාවක්‌ පසුගියදා පැවැත්වූ බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට වාර්තා වේ.

    මෑතකදී ලියාපදිංචි කරන ලද පක්‍ෂයක ප්‍රධාන නායකයකුගේ නිවසේ පැවැති මෙම සාකච්ඡාවේදී හම්බන්තොටදී භික්‍ෂුන් වහන්සේට පහරදෙමින් දියත් කරන ලද මර්දනය හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි රාජ්‍ය මර්දනය අවධානය කර තිබේ.

    ඒ අනුව රාජ්‍ය මර්දනය, බෙදුම්වාදී ව්‍යවස්‌ථාව, එට්‌කා ගිවිසුම, රාජ්‍ය දේපළ විකිණීම, අසාර්ථක ආර්ථික කළමනාකරණය, මැතිවරණය කල්දැමීම, බැඳුම්කර වංචාව ඇතුළු වංචා දූෂණ මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී හමුදාව නියෝජනය කිරීම ආදී කාරණා රැසක්‌ පදනම් කර ගනිමින් නව බලවේගයක්‌ බිහිකිරීම සඳහා එකඟ වී තිබේ. මෙහි කැඳවුම්කරු ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පත් කර ඇති අතර, එහි ජාතික සංවිධාන සම්බන්ධීකාරක ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පත් කර තිබේ. මෙහි දේශපාලන පක්‍ෂ සම්බන්ධීකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්‌වැල්ල මහතාට පැවරී තිබේ. මෙම සංවිධානය ජනවාරි මස අගදී මහජනතාව සඳහා එළිදැක්‌වීමට නියමිත අතර එහි මහජන දැනුවත් කිරීම සඳහා නුගේගොඩ නගරයේ මහා ජන රැළියක්‌ පැවැත්වීම එම සංවිධානය තීරණය කර තිබේ.

  4. S.Gonsal Says:

    මහින්දට නැවත ජනාධිපති වීම solves all problems, why it DID NOT SOLVE ANY PROBLEM by 2014.

    1. End of 2014 saw the lowest growth rate in decades.
    2. End of 2014 saw the worst opposition leader in the world winning over best President of the world ( I consider MY3=RW)
    3. Since 2009 saw LTTE going from strength to strength ending up as 2. above.
    4. Since 2009 was many heads of our armed forces forced to retire ( never before)
    5. By 2014 we saw the most racists CM ( never existed before) elected in the North

    I don’t mind he coming back, provided they don’t give the damn lie excuse of UNP negative campaign only. Need to admit faults and promise to correct them including removal of 13A.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress