අගමැති, මුදල් ඇමති ස්විස්ටර්ලන්තයේ ඩාවොස් හී පැවත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර චීනයේ ප්‍රධාන බැංකුවකින් ණය ඉල්ලයි…Sri Lanka promised loans from China-led AIIB at Davos meeting
Posted on January 18th, 2017

ලංකාවේ වෙනදේ

පසුගිය ඉරිදා ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගිය ශ්‍රීලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවි කරුනානයක යන මහත්වරුන් ඩාවොස් නුවර ලෝක ආර්ථික සමුළුව පැවත්වෙන අතරතුර චීනයේ ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ AIB සභාපති ජින් ලික්කුන් Jin Liqun මහතා මුණගැසී ශ්‍රීලංකාව ණය ලබාගැනීමට සාකච්ඡා කලහ.

ඊයේ පැවති මෙම සාකච්ඡාවේදි ශ්‍රීලංකාවේ මහාමාර්ග, ගුවන් තොටුපොළ, වරාය, දුම්රිය මෙන්ම නාගරික සංවර්ධනයට අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනිමට අගමැති හා මුදල් ඇමති එම බැංකුවේ සභාපති සමග සාකච්ඡා කල අතර බැංකුවේ සභාපතිවරයා එසේ ණය ලබාදීමට එකග වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසු බව EconmyNext සඟරාව පවසයි. එම සාකච්ඡාවේ ගත් ඡායාරූපයයක් ද ඒ සමඟ පලකොට ඇත.

මහින්ද රාජපක්ෂ යුගයේ දි චීනයන් වැඩි පොලියට ණය ලබාගත් බව පැවසු වත්මන් පාලකයින් චීනයේ ප්‍රමුඛව ඇති බැංකුවලින් විශාල වශයෙන් මේ දිනවල ණය ලබා ගැනීමට කටයුතු කරමින් පවති.(ලංකා සී නිවුස්)

(ECONOMYNEXT )- Sri Lanka’s Prime Minister Ranil Wickramasinghe has met the President of China-led Asian Infrastructure Bank Jin Liqun, who expressed readiness to provide funding to the island, a statement said.

Prime Minister Wickramasinghe and Finance Minister Ravi Karunanayake had met the AIIB chief on the sidelines of the World Economic Forum at Davos, Switzerland.

A statement from the Prime Minister’s office said AIIB was ready to fund road, rail, ports, airport and urban development.

Sri Lanka is a founder member of the newly-formed AIIB.

One Response to “අගමැති, මුදල් ඇමති ස්විස්ටර්ලන්තයේ ඩාවොස් හී පැවත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර චීනයේ ප්‍රධාන බැංකුවකින් ණය ඉල්ලයි…Sri Lanka promised loans from China-led AIIB at Davos meeting”

  1. Kumari Says:

    Shameless Yahapalanaya.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress