ට්‍රම්ප් පිළිගනිමු
Posted on January 19th, 2017

කතු වැකිය -උපුටා ගැන්ම දිවයින

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ, කොලොම්බියා දිස්‌ත්‍රික්‌කයේ වොෂින්ටන් නගරයේ, පෙනිසිල්වේනියා මාවතේ අංක 1600 දරන නිවසට අලුත් ගෘහමූලිකයා පැමිණෙන දිනය අදයි. මේ නිවස ලොවම ප්‍රකට ධවල මන්දිරයයි. පුරා වසර 8 ක්‌ මේ නිවසේ ගත කළ 44 වැනි ඇමෙරිකානු ජනපති බැරක්‌ හුසේන් ඔබාමා ඊයේ දිනයේදී මේ මන්දිරයට සමුදුන්නේය. ඩිමොක්‍රටික්‌ පාක්‌ෂික ජනාධිපතිවරයා සමුගන්නා විට රිපබ්ලිකන් පාක්‌ෂික 70 හැවිරිදි ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් මහතා අද දිනයේ නව ජනපති ලෙස දිවුරුම් දෙනු ඇත.

බොහෝ දෙනා බලාපොරොත්තු වූ ආකාරයට පසුගිය නොවැම්බර් 08 වැනිදා පැවැති ඇමෙරිකානු ජනාපතිවරණයෙන් හිලරි ක්‌ලින්ටන් මහත්මියට ජය ගැනීමට හැකිවූයේ නැත. ඇමෙරිකානු මාධ්‍ය ජාලා කිසිවක්‌ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කිසිම සහායක්‌ ලබා නොදුන් අතර ඔවුන් නිරන්තරව එළිදැක්‌වූ මත සමීක්‌ෂණ අනුව නිතරග ජයග්‍රාහකයා වූයේ හිටපු රාජ්‍ය ලේකම්වරියයි. නමුත් සුදු ක්‍රිස්‌තියානීන් ලොව බලවත්ම ජාතිය බවට යළිත් පත්කරන බව නිරන්තරව හඬනැඟූ ජාතිකවාදී ට්‍රම්ප්ට ජයග්‍රහණය හිමිවිය.

මෙයින් සිදුවූයේ කුමක්‌ද? හිලරිගේ සහජීවනය බිඳවැටී ඇමෙරිකානු ජාතිකවාදය ජයග්‍රහණය කිරීමයි.

ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසුව ද ඇමෙරිකානු මාධ්‍ය ඔහුට එරෙහිව කැරලි ගසන්නට විය. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිටුපස සිටින්නේ රුසියාව බව ඇමෙරිකානු බුද්ධි අංශ මඟින් හෙළි කිරීම 45 වැනි ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සතුටට හේතුවූයේ නැත. ඉදිරියේදී තමන්ගේ අණසකට නතුවන බුද්ධි අංශයම ඔහුගේ විවේචනයට ලක්‌විය. එමෙන්ම සී. එන්. එන්. රූපවාහිනිය ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්‌විය. පුවත්පත් සාකච්ඡාවකට සහභාගිවෙමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ කුමක්‌ද? සී. එන්. එන්. රූපවාහිනිය බොරු ප්‍රවෘත්ති විකාශය කරන නාළිකාවක්‌ බවයි.

ට්‍රම්ප් ජනපතිවරයා රුසියාව සම්බන්ධයෙන් දක්‌වන හිතවාදී ප්‍රතිපත්තිය පිළිබඳව සී. අයි. ඒ. සංවිධානය සතුටු නොවීම මේ අර්බුදකාරී තත්ත්වයට හේතුවී ඇත. ජනපති ධුරයේ දිවුරුම්දීමෙන් පසු අයිස්‌ලන්තයේදී ට්‍රම්ප් හා පුටින් හමුවක්‌ සිදුවීමට නියමිත බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි. හිලරි ක්‌ලින්ටන් ජනපති වූවා නම් ඇය කෙළින්ම කටයුතු කරන්නේ සී. අයි. ඒ. සංවිධානයේ න්‍යාය පත්‍රයට අනුව වුවත් රිපබ්ලිකන් ජනපතිවරයාගේ ක්‍රියා පටිපාටිය වෙනස්‌වීම ඇමෙරිකානු බුද්ධි අංශවලට ප්‍රශ්නයක්‌ වී තිබේ.

රුසියාව ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිටුපස සිටින්නේ යෑයි පැවසෙන කතාවලට පිළිතුරු දී ඇති ජනපති පුටින් පවසා ඇත්තේ තමාට නව ඇමෙරිකානු නායකයා කිසි දිනක හමුවී නොමැති බවත් ඔහුට පහරදීමට හෝ ආරක්‌ෂා කිරීමට තමන්ට වුවමනාවක්‌ නොමැති බවයි.

මේ අතර සිය අවසන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්‌වෙමින් හිටපු ජනපති ඔබාමා රුසියාව සමඟ යහපත් සබඳතා පැවැත්වීම යහපතට හේතුවන බව අවධාරණය කර ඇත. එහෙත් මොහුගේ කාලය තුළ රුසියාව සමඟ පැවැති සබඳතා ෙ€දනීය විය. එනිසාම ලොව බලවත්ම පුද්ගලයා ලෙස වැජඹෙන්නට පුටින්ට හැකිවිය.

නිදහස්‌ ලෝකයේ නායකයා ලෙස ට්‍රම්ප් කවර මඟක ගමන් කරයි ද යන්න පිළිබඳ අනාවැකි පළ කිරීමට අප උත්සුක වන්නේ නැත. නමුත් රුසියාව සමඟ යහපත් සබඳතා පැවැත්වීම මඟින් ඒ දෙරටටත්, සමස්‌ත ලෝකයටත් යහපතක්‌ අත්වේ. ඇමෙරිකාවත්, රුසියාවත් එකිනෙකාට එරෙහිව කුමන්ත්‍රණ කරන්නට ගිය විට ලෝකය ගිනිගන්නා බව රහසක්‌ නොවේ.

ට්‍රම්ප් ජනපතිවීමට පෙර ප්‍රකාශ කර ඇති ආකාරයට ඇමෙරිකාව මින් ඉදිරියට ලොව වෙනත් රටවල ආණ්‌ඩු වෙනස්‌ කිරීමට නොයන්නේ නම් එය සමස්‌ත මනුෂ්‍ය වර්ගයාටම යහපතක්‌ වන්නේය.

3 Responses to “ට්‍රම්ප් පිළිගනිමු”

  1. Kumari Says:

    Defeating Hillary alone is enough for majority peace loving Sri Lankans. Trump’s statement of First Priority is America too is good as he will not try to poke his finger in affairs of the rest of the world where capable individuals are leading their respective countries. China could have a hard time as America First policy may bring down the budget deficit with China. I also worry whether Trump could decide to bankrupt America and start anew as he has gone bankrupt either four or six times. But, ended up a billionaire.

    I watched part of the parade on YouTube and thought that Trump looked a proper Man (a proper head of a family), leading his family (I think he has children from three different wives) which included his current wife (Melania doesn’t look like the controlling type), children from all different wives, in-laws and grand children. If he can keep his family together, I am sure he can keep the country together and prosper.

    As the new head of state, I wish him and his family Theruwan Saranai and Jayawewa!

  2. Christie Says:

    ට්‍රම්ප් දිනුවේ ගම්බද චදයෙනුත් ඔවුන්ගේ නියෝජිතයන්ගේත් චන්දයෙනි.

    එනම් රටේ වැඩිතර ජනතාව අතරෙනි.

    ඔහු ලෝකයට පරකාසේ ගෙදර මරගාතේ නොවේය..

  3. S.Gonsal Says:

    හිලරිගේ සහජීවනය බිඳවැටී ඇමෙරිකානු ජාතිකවාදය ජයග්රහණය කිරීමයි.”– This is true but “ඔහු ලෝකයට පරකාසේ ගෙදර මරගාතේ නොවේය” is just an assumption based on some speech. Now people will await action.

    I too got very excited listening to a speeches in 1977 and then in 2009 but actual action I myself experienced ( not just listening to others) made me a non-believer of prophets, I was not fooled in 2015 nor will I be fooled any day in the future.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress