රුපියල් මිලියන 460 වංචාව සම්බන්ධයෙන් ප්රවාහන අමාත්යාංශය නිහඬයි
Posted on April 5th, 2017

All Ceylon Railway Employees’ General Union 

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

රුපියල් මිලියන  460 වංචාව සම්බන්ධයෙන් රවාහන අමාත්යාංශය  නිහඬයි

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වෛයිස්රෝයි විශේෂ සුඛෝපභෝගි දුම්රිය හා රාජධානි එක්ස්ප‍්‍රස්  හා එක්ස්පෝ ලංකා විශේෂ දුම්රිය මැදිරි ධාවනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 460 කට අධික මූල්‍යමය අලාභයක් සිදුවී ඇති බව, සිදුකරන ලද විගණන පරීක්‍ෂණයක් මගින් හෙළි වී තිබිය දීත්, එ් පිළිබඳව ගතයුතු නිසි කි‍්‍රයාමාර්ගයක් නොගෙන ප‍්‍රවාහන අමාත්‍යාංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් ප‍්‍රවාහන අමාත්‍යවරයා හා අමාත්‍යාංශ ලේකම් වරයා අනිසි ආකාරයකින් හෝ මෙම වංචාසහගත මූල්‍ය ගනුදෙනුවට සම්බන්ධ වී ඇද්දැයි සැකයක් පවතින බව ඒ පිළිබඳව සොයා බැලිය යුතු බව අවධාරණය කර සිටිමු.

වෛස්රෝයි විශේෂ  සුඛෝපභෝගි දුම්රිය ධාවනය කිරීම  සඳහා JF ටුවර්ස් ඇන්ඞ් ට‍්‍රැවල්ස් ලංකා පෞද්ගලීක සමාගම සමග කොන්ත‍්‍රාත් ගිවිසුමක් අත්සන් කර  ඇති අතර, ගිවිසුම් ප‍්‍රකාරව කටයුතු නොකිරීම  නිසා එම සමාගම රුපියල් 26109195/= ක (දෙකෝටි හැටඑක් ලක්‍ෂ නවදහස් එකසිය අනූපහක්)  මුදලක්  දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු  අතර, ඒ එ් කාල වකවානු වල මෙම මුදල් අයකර ගැනීමට දුම්රිය බලධාරීන් කටයුතු කර නොමැති බව ද විගණන වාර්තාවෙන් හෙළිවේ.

එමෙන්ම එක්ස්පෝ ලංකා (Expo Lanka)  විශේෂ දුම්රිය මැදිරිය ධාවනය කරවීම සඳහා එක්ස්පො කොන්සොලිඬේටර්ස්  සමාගම සමගත්, රාජධානි එක්ස්ප‍්‍රස් ( Rajadhani Express) විශේෂ දුම්රිය මැදිරිය ධාවනය කරවීම සඳහා බ්ලූ ලයින් එක්ස්ප‍්‍රස් සමාගම සමගත් 2011 වර්ෂයේ සිට ගිවිසුම් ගත වී තිබුණි.  එම ගිවිසුම් ප‍්‍රකාරව කටයුතු නොකිරීම නිසා එම සමාගම් දෙකෙන්  දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය  යුතු මුදල රුපියල් 439950610/= (හතලිස් තුන් කෝටි අනූනව ලක්‍ෂ පනස් දහස් හයසිය දහයයි* බව විගණකාධිපති වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ඊට අමතරව වෛස්රෝයි – 2  yd  T-1 නමින් හඳුන්වා දී ඇති විශේෂ දුම්රිය මැදිරි ධාවනයෙන් සිදුවී ඇති අලාභය ද තවත් විගණන වාර්තාවෙක් මගින් පෙන්වා දී ඇති අතර, දුම්රිය සාමාන්‍යාධිකාරි BAP ආරියරත්න මහතා මෙම සියළු ගනුදෙනු සම්බන්ධයෙන් එක එල්ලේ ම වගකිව යුතු බව ද විගණකාධිපති විසින් පෙන්වා දී ඇත.

විගණකාධිපතිගේ එම වාර්තා මගින් බැලූ බැල්මට දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා වග කිවයුතු බව පැහැදිලිව සඳහන් කර තිබියදීත්, එම විගණන වාර්තා පදනම් කරගෙන මූලික විමර්ශණයකින් තොරව, ගතහැකි විනය පියවර ප‍්‍රවාහන අමාත්‍ය වරයා හෝ ලේකම් වරයා විසින් තවමත් ගෙන නැත. දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා අතුළු ඊට වගකිවයුතු නිලධාරීන් තවමත් එම තනතුරුවල හිඳිමින් පරීක්‍ෂණවලට අවශ්‍ය මූලික සාක්‍ෂි අස්ථාන ගත කරමින් හා විකෘති කරමින් සිටින බවද දැනගැනීමට ඇත.
 
හොරකම, වංචාව, දූෂණය හා නාස්තිය පිටුදැක වඩා හොඳ සමාජයක් ගොඩනැගීම සඳහා ඔබතුමා එක එල්ලේම මැදිහත් වන බව පසුගියදා පැවති ශි‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ තරුණ සමුළුවේ දී ප‍්‍රකාශකර ඇති තත්වයක් තුල, අතට අසුවී ඇති වංචා කළ නිලධාරීන් තව දුරටත් එම තනතුරුවලම තබාගෙන එම කාර්ය සිදුකළ හැකි ද යන්න ගැටළුවකි. මෙවැනි නිලධාරීන් රාජ්‍ය සේවයේ සිටීම රාජ්‍ය සේවයටත්, රාජ්‍ය සේවයේ විනය පරිපාටියටත් බරපතල ප‍්‍රශ්නයක් බව පෙන්වා දෙන අතර, ආයතන සංග‍්‍රහයේ XLVIII පරිචිජේදයේ 29 වන ජේදයේ අනුව කටයුතු කර, බරපතල අපරාධ සම්බන්ධයෙන් වන ජනාධිපති විමර්ශන කොමිසම මගින් වහාම පරීක්‍ෂණයක් පවත්වා නිසි විනය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු. අප මෙය වාර්තා කරන්නේ කිසිවෙකු සමග පෞද්ගලීක අමනාපයෙන් හෝ ද්වේශයෙන් නිසා නොව දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන හානිය වැලැක්වීම සඳහා වන බව ද වැඩි දුරටත් දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට විශ්වාසි,

එස්. පී. විතානගේ
සම කැඳවුම්කරු

සම්බන්ධීකරනය  – 0714953060

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress