සිංහලේ ගැන ඉගෙන ගන්න කරුණු ටිකක් 
Posted on April 7th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

සිංහලේ රාජකාරි ක්‍රමය යොදා ගත්තේ උත්තරීතර සමුපකාරික ක්‍රමයක් පවත්වා ගැනීම සඳහාය ..එම සමුපකාරික සමාජ ක්‍රමයේ පොදුවැඩ වලින් ඈත්විය හැකිවන්නේ ආත්මාර්ථය පමණක් තකන කෙනෙකුට පමණි .තමන්ගේ කාම බීම සොයා ගැනීමට වැදගත් වන වැව නඩත්තු කිරීම ඔහුගේම යහපත පිණිස බව ගොවියාට ඇන ඇන කියාදීම අවශ්‍ය නොවීය ..

සිංහල සමාජයේ අර්ථ සංවිධානයට කේන්ද්‍ර වුයේ ඉඩම් හා ඒවා භුක්ති විදීමේ ක්‍රමයය් .පෞද්ගලික ඉඩම් ලෙස නින්දගම් හා පරවේණි ඉඩම් හැර අනෙක් ඉඩම් රජුගේ භාරකාරත්වය යටතේ පැවතුනි .කිසිම ඉඩමක් නොවිකුණන ලදී .මද ඉඩම් භුක්ති විදින්නෝ රාජකාරිය කලයුතුවිය .ඉඩම් හා ඒවාට අයත් රාජකාරියද පියාගෙන් පුතාට අයිතිවිය රජුගෙන් ගම්වර ලද්දෙකුට ඉඩමක ගොවීන් වෙනස් කිරීමට හෝ තමන්ට ගොවිතැන් කිරීමට හෝ කිසියම් විදිහක ගොවිතැන ගැන තනිව තීරණ ගන්නට හෝ තහනම් විය .ඔවුන්ට හිමිවූ අයිතිය නම් ගොවියන් විසින් ගෙනවිත්දෙන පංගුව භාරගැනීම පමණි .සියලු ව්‍යවස්ථාවන් පැනවුයේ හා සියලු සම්ප්‍රදායන් බිහිවුයේ වල්බුරු නිදහසක් තහවුරු කිරීම සඳහා නොව සමුපකාරික ජීවන ක්‍රමය තහවුරු කිරීම සඳහාය .පොදුවේ බෙදු වැවේ ජලය යුතු ලෙස ලබා ගැනීම වැළැක්වීම සඳහා නීති පැනවිණි .ජලය අපතේ යාම වැළැක්වීම සඳහා සියල්ලෝම නියම කරන ලද කාලයට නියමිත පරිදි කුම්බුරුවද නියම පිළිවෙලට කලයුතුවිය .නීතිරීති කඩකළ යට දඩ ගස නලදී .නියමිතකාලයට වගා නොකිරීම වරදක් විය . .අවශදේ අවශ්‍ය තරමට ලබා ගැනීමත් අනවශ්යදේ ගොඩ ගැසීම ත් වලක්වා ආහාර සැපයීම සම තුලිත තත්වයේ තබා ගැනීම සඳහා සමහර අවස්ථාවල කලයුතුවගාවන් පවා නියම කරන ලදී . තිසා වැවෙන් ජලය සැපයුණ ඉසුරුමුණි වෙහෙරට අයත් කුඹුරුවල හීනටි පමණක් වැපිරිය යුතු බව 4 වන මහින්ද රජුගේ සෙල්ලිපියක දැක්වේ . .ගොවීන්ගෙන් බදු එකතු කරන ”’පාට් ට ලද්දා ” සහ ගොවීන් අතර සබඳකම රජතුමා විසින් විශේෂ ආඥාවකින් නියම කර තිබුනේය —-9 හා 10 සියවස් ——ගොවීන් නෙරපීමට ඔහුට අවසරයක් නොවීය ..යම් මත ගැටුමක් ඇතිවුවහොත් අනෙකුත් ගොවීන්ගේ සාමුහිහක තීරණයක් මගින් එය සමතයකට පත් කරගත යුතුවිය . .මෙසේ ගොවීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනලදී 

නිලධාරීන්ගේ නොසලකිලිමත්කමනිසා හෝ යුතුකම් පහර හැරීම නිසා හෝ ඔවුන්ගෙන් සිදුවන අත්වැරැද්දක් නිසා හෝ ජනතාවට යම් පාඩුවක් අලාභයක් සිදුවුවිට එසේ සිදුවුයේ රාජ නියෝග ක්‍රියාත්මක කිරීමෙදීනම් රජතුමා විසින් ඒ සඳහා අලාභ ගවන ලදී 

ලෝකයේ වෙනත් රටක රාජ්ජයක නොතිබූ මෙම අපුරු සමාජ සංවිධානය සිංහලයෝ හරි හැටි හඳුනා ගත යුතුය 

මෙම සංවිධානය හරිහැටි හඳුනා නොගත් විදේශීය උගතුන් හා ඉංග්‍රීසි පරිපාලකයෝ තමන්ගේ දැනුම් සම්භාරය අනුවහා තමන්ගේ ආත්ම ලාභය සඳහා හිතාමතාමද මෙය වැඩවසම් ක්‍රමයකිය් හැඳින්වුහ.වසර දහස් ගණනක් තුල සිටි රජවරුන්ගේ විවිධ පෞරුෂත්වයන් අනුව යම් යම් විෂමතා ඇතිවන්නට ඇත . උදාහරණයක් වශයෙන් වඩුග රජවරුන්ගේ කාලයේ සිංහල ක්‍රමය අභිභවා වඩුග සම්ප්‍රදායන් ඉස්මතුවිය . සමස්තය මැනීමට මේ මිනුම් දඬු යොදා ගැනීම නොහොබිනා කමකි ..එසේ කිරීම හරියට ජේ ආර් හා ප්‍රේමදාස කාලවල සිදුවූ සිද්ධීන් අනුව ලංකාවේ කිසිදා ප්‍රජාතන්ත්‍ර වාදයක් නොතිබුනේයය් කීම වැනි විහිළුවකි 

ඉංග්‍රීසි සමයේ වාරිමාර්ග පිළිබඳව උපදෙස් දීම සඳහා මෙහි පැමිණි ශ්‍රීමත් ජෝන් කීත් ,සිංහල සමාජ රටාව ගැන මනා අධ්‍යනයකින් පසුව මෙසේ කියය් ”””’භුමියේ මුලික අයිතිය පොදු ජනතාව සතු පාලක පාලිත් දෙපක්ෂයම එකම අරමුණක් සහිතව එකට වැඩ කරන එකම රට සිලෝන්ය ..පළපුරුද්දෙන් පරිනත භාවයට පත් මේ ක්‍රමය සාංඝික ක්‍රමයකි ……..(මගේ ”ජාතිය පාවාදීම ”’පොතේ කොටසක් }

One Response to “සිංහලේ ගැන ඉගෙන ගන්න කරුණු ටිකක් ”

  1. Christie Says:

    ඔබට තුති.
    ඉන්දියානු පරපෝසිතයන් විසින් ගෙනා සමජවාදය සින්හල සමාජය රුසියාවට සමාන කලේය. රුසියාවේ ගොවිබිම් කම්කරුවෝ (Serfs)සතුන්ට සමානවිය. ඉඩම්හිමියන්ට මෙමකම්කරුවන් විකිනීමටත් දෑවැද්දට දීමටත් හැකිවිය. මර්ක්ස්, ලෙනින්, ට්‍රොස්කි නැගී සිටියේ එවැනි සමජයකය. ඉන්දියානු පරපෝසිත සමජවාදියොත් උන්ගේ බැල සින්හල සමජවාදියෝත් සින්හලයා නැතිකරන්නේ නොමගයවාය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress