ජනාධිපති මෛත්‍රී මන්ත්‍රී බලපත‍්‍රයෙනුත් වාහනයක් ගෙන්වයි.. අධිසැප වාහනය හම්බන්තොටින් ගොඩබායි.. වරාය ගාස්තු 1750යි..
Posted on April 13th, 2017

ලංකා සී නිවුස්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වර්මානයේ විධායක ජනාධිපතිවරයා ලෙස හිදිමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට හිමි ඩියුටි ෆී වාහන බලපත්‍රයක් උපයෝගී කරගෙන ජපානයේ නිෂ්පාදිත ටොයොටා ලෑන්ඩ් කෲසර් ජීප් රථයයක් සිංගප්පූරුවේ ටොයොටා සමාගමන් ඇ.ඩොලර් 62500කට ලංකා බැංකුවේ ණයවර ලිපිගොනු අංක Branch 049- Ref No: NU/P/SIL/16/217 යටතේ ඇණවුම් කොට ගෙන්වා ගෙන ඇති බව කොලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියේ දැක්වෙයි.

මේ සඳහා ශ්‍රීලංකා රේගුව හරහා රුපියල් 33,457,500.00. පමණ බදු සහනයක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබදී තිබෙන බවත් රුපියල් එක්දාස් හත්සීය පණහක් 1750/= පමණක් අයකර එම සුඛෝපභෝගි මෝටර් රථය 14/10/2016 වෙනි දින හම්බන්තොට වරාය නිදහස් කොට ගෙන ගොස් ඇතැයිද එහි සදහන්ය.

වාහනය ගෙන්වූ බවට වන ලියවිල්ල මෙතනින්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress