කසල කන්දේ ඛේදවාචකය
Posted on April 16th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

සුප්රකට බොලිවුඩ් නලුවෙකු වූ රිතික් රෝෂන් විසින් පසුගිය දා යෙදුනු තම උපන්දිනය වෙනුවෙන් තමාටම රොල්ස් රොයිස් මෝටර් රථයක් තෑගි කරගත් බව වරක් පුවත් පතක සඳහන් විය. එමෙන්ම බොලිවුඩ් නිලි කන්ගනා රනායුත් තම උපන්දින තෑග්ග ලෙස තට්ටු තුනක සුපිරි නිවහනක් තමාටම තෑගි කරගත් බව එලෙසින්ම සඳහන් වේ. මේ අලුත්ම නැඹුරුව විය යුතුය.

 

යම් යම් දේවල් පුවත්පතින් දකින අප ජනාධිපති මෛත්රීපාල සිරිසේන මෙයින් යම් අදහසක් ගත්තාවත්ද? නිසාමදෝ ඔහුද අලුත් අවුරුද්දට තමාටම තෑග්ගක් දී ගැනීමට කටයුතු කර තිබිනි. රු. කෝටි 60 බැගින් වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථ දෙකකි. මෙහි වෙනස නම් අර නලු නිලියන් තමන්ට තෑගි බෝග දී ගත්තේ තම තමන් රඟපෑමෙන් උපයාගත් මුදලින් වන අතර ජනාධිපති තමන්ට මේ තෑගි දී ගත්තේ මහජන මුදලින් බවයි. ඒත් අර බෲනායි රාජ්යයේ රජු මෙන් තම ජනතාවටද අවශ් සැප සම්පත් ලැබෙත්දී නොව, ශ්රී ලාංකික ජනතාවගෙන් බහුතරයක් අන්ත දුක් විඳිත්දීය. පසුගිය අයවැයේදී සෞඛ් සහ අධ්යාපනය සඳහා වූ වැය ශීර්ෂයන් 50% කින් කපා දමමින්, ජනාධිපති සහ අගමැති කාර්යාලයන් සඳහා වන වැය ශීර්ෂ තුන් ගුණයකින් පමන ඉහල දමා ගත්තේ ඇයිද කියා දැන් පැහැදිලිය.

 

මේ අතර අගමැති යලිත් වරක් පිටරට සවාරි ගොසිනි. ඔහු ජපාන සවාරිය අවසන්කර වියට්නාමයටද ගොස් එන බව පැවසේ. මේ සවාරිවලදීද්විපාර්ශ්වික සාකච්ඡාකරන බව පැවසුවත් මොනවා ගැනද කියා පැහැදිලි නැත්තේ වසර 2 ක් තිස්සේ කෙරුන මෙවන් සවාරිවලින් රටට ලැබුන පල ප්රයෝජනයක් දක්නට නොමැති නිසාය. එබැවින් අප සිතාගත යුත්තේ මේ සවාරිය අගමැති විසින් තමාට සහ බිරිඳට අලුත් අවුරුදු තෑග්ගක් ලෙස දී ගත් එකක් බවයි. මන්ද එයත් මහජන මුදලින් නිසා!

 

සැවොම දන්නා නමුත්, මේ අවුරුදු තෑගි නැවත මතක් වූයේ අලුත් අවුරුදු දා, එනම් අප්රේල් 14 වනදා පස්වරුවේ කොලොන්නාව, මීතොටමුල්ල ප්රදේශවාසීන්හට ලැබුනු ඉතා ඛේදනීයඅලුත් අවුරුදු තෑග්ගනිසාය. මේ ඛේදවාචකයෙන් ජීවිත අහිමි වූ පිරිස තවම නිවැරදිව පැවසිය නොහැක. පූර්ණ හෝ අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්යාව සියයකට වැඩි බව පැවසේ. මේ ලියන මොහොත වනවිට පුද්ගල මලසිරුරු 19 ක් සොයාගෙන ඇත.වෙනත් රටක නම් මෙවන් (විශේෂයෙන් මිනිසා විසින් නිර්මාණය කරන ලද) ආපදාවකට ලක්ව සිදුවූ ව්යසනයක් නිසා මෙවන් ජීවිත හානි වී නම්, විශේෂයෙන් මෙවන් දිනයක, එය ජාතික ශෝක දිනයක් වනු ඇත. මියගිය සංඛ්යාව තවම හරියටම කිව නොහැකිය. නමුත් මේ සෑම ජීවිතයක්ම වෙනුවෙන් වගකිවයුතු පිරිසක් අද ඔවුන් වෙනුවෙන් කඳුලු සලන අය අතර පවා සිටිති. කොළඹ නගරය තුල කිසිවෙකු එක දිනක් හෝ නොසැලකිල්ලෙන් නැතිනම් සිතා මතා කසල ටිකක් හෝ අතැර ගියා නම් සියල්ලෝම මේ ඛේදවාචකයට අඩු වැඩි වශයෙන් වගකිව යත්තෝය. මෙතැනදී අප දකින්නේ දේශපාලකයන්ටම දොස් පැවරීමක් වුවත් සාමාන් ජනතාවගෙන් බහුතරයක් තම සාමාන් බුද්ධිය යොදවා තම සීමාව තුල තමන්ට කලමනාකරණය කර ගතහැකි කසල ප්රමානයවත් එසේ කරන්නට උනන්දු නොවන බව පවත්නා යතාර්ථයයි.

 මෙය ජාතියම එක්ව ශෝක විය යුතු කරුණක් වනුයේ එහෙයිනි. නමුත් අවාසනාවකට හිරු නාලිකාවට හැර අනිත් රූපවාහිනී නාලිකාවනට ඊට වඩා වැදගත් කරුණු එමට තිබිනි. දේශපාලකයන්ගේ අවුරුදු පණිවුඩ, අවුරුදු චාරිත් ඉටුකල හැටි, තව කොපමන දේ තිබේද?

 

මේ ඛේදවාචකය ගැන කතා කල එම ප්රදේශවාසියෙකු කීවේඅපි කසල කන්ද ලඟට පදිංචියට ගියා නොව කසල කන්ද අප ලඟට පැටවූබවයි. එමෙන්ම මේ ප්රදේශයේ සිටින සමහර ජනතාව පරම්පරා කිහිපයක් තිස්සේ පදිංචි අය බවත් කියැවිනි

 

මෙම කසල කන්දට මේ වන විට දශක 3 ඉතිහාසයක් තිබේ. මුලින් මුල්ලේරියාව, බ්ලූමැන්ඩල් ආදී ප්රදේශවලටද බැහැර කෙරුන මෙම කසල 2008 දී නිකුත්කල උසාවි නියෝගයකින් පසුව මීතොටමුල්ල ප්රදේශයට පමනක් සීමා වූ අතර, කොළඹ පමනක් නොව ගම්පහ ප්රදේශයේ කසලද මීට එක්වන්නට පටන්ගත් බව ප්රදේශවාසීහු පවසති. කොළඹ නගරයේ පමනක් දිනකට කසල ටොන් 1000 වඩා එකතු වේ. දිනෙන් දින මෙසේ කසල කන්ද වර්ධනය වන විට මේ නිසා ඇතිවූ සෞඛ් හා පාරිසරික ප්රශ්න ඉසිලිය නොහැකි වූ තැන ඊට එරෙහිව සංවිධානය වූ ප්රදේශවාසීහු විරෝධතා ඇරඹූහ. අතර රජය පාර්ශ්වයෙන්ද විකල්ප ප්රදේශ සලකා බලන්නට සූදානම් වූ නමුත් සැම අවස්ථාවකම ප්රදේශවාසී ජනතාව වීදි බැස්සේ ආගමික නායකයන්ද ඉස්සර කරගෙනය

 

මෙතැන තිබෙන ප්රධානතම ගැටලුව නම් රජය සතුව කසල බැහැර කිරීම විනා කසල කලමනාකරණය කිරීමේ විධිමත් වැඩපිලිවෙලක් පිලිබඳව සැලැස්මක් නොමැති කමයි. තම ප්රදේශවලට කසල ගෙන එනවාට මිනිසුන් විරුද්ධ වන්නේ එහෙයිනි. නමුත් කසල කලමනාකරණය විෂය පිලිබඳ මනා දැනුමක් සහිත උගතුන් අප රටේ සිටියහ. ආචාර්ය අජන්තා පෙරේරා ඉන් එක් අයෙකි. 1996 – 97 සමයේ වරක් කොළඹ නගරයේ කසල මීපේ ප්රදේශයට බැහැර කිරීමේ සැලැස්මක් තිබිනි. ඊට විරුද්ධව ප්රදේශවාසීන් පෙලගැස්වූ ප්රධාන බලවේගය අජන්තා පෙරේරායි. නමුත් මේ කසල කන්ද නාය යාම ගැන කතාකල මෙගා පොලිස් ඇමති පාඨලී චම්පික රණවක අද කීවාක් මෙන් , ‘වෙනත් භූමි ප්රදේශයක් තෝරා ගත්විට තම ප්රදේශයට කුණු දමනවාට විරුද්ධවනැඟූ නිකම්ම හඬක් නොවේ. මීපේ යනු නුවරඑළිය ලඟට දිවයිනේ හොඳම ප්රමිතියෙන් යුතු ජලය ඇති ප්රදේශයකි. යතාර්ථවාදීව බැලුවහොත්, රජයේ කොන්ත්රාත් දීමේ හා කොන්ත්රාත් ක්රියාත්මක කිරීමේ පටිපාටියේ රඟ දන්නා විට මතු දවසක මේ කසල නිසා එහි පිරිසිදු ජල මූලාශ් දූෂ් නොවේ යයි කාට සහතික විය හැකිද යන ප්රශ්නය එතැන තිබිනි. අනෙක් ප්රධාන ඉල්ලීම වූයේ එක තැනක ගොඩ ගැසෙන කසල තව තැනකට ගෙන යෑමේ විකල්පය වෙනුවට විධිමත් කසල කලමනාකරණ ක්රමවේදයක් දීප ව්යප්තව ක්රියාත්මක කල යුතු බවය. සඳහා අවැසි සම්පත් තිබිනි. වසර 20 පෙරය. කසල කලමනාකරණය පිලිබඳව විශේෂඥ දැනුම ඇති පිරිසක් අදද සිටිති. නමුත් සිදු වූ දෙයක් නැත. අනුව බලනකල වරද සිදු වූයේ කොතැනද?

 

මෙවන් කරුනු පිලිබඳ තත්වය රඳා පවතින්නේ රටේ ජනතාවගේ සුවසෙත පිනිස තීන්දු තීරණ ගන්නා විධායකය අතය. නමුත් අවාසනාවකට මේ කසල කඳු පිලිබඳ ප්රශ්නය රටේ පාලන ව්යූහයන්ට ධනය හා බලය මවන උල්පතක් විය. අලුත් අවුරුද්දට පෙර පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දුන් හිරුණිකා ප්රේමචන්ද් තමන්ට මේ නව අවුරුද්දඉතා ජයබව කියා තිබුනි. ජීවන වියදම නිසා පාන් කියා ගන්න බැරි ජනතාවක් සිටිද්දී ජයට අවුරුදු සමරන්න ඇයට හැකිව ඇත්තේ මේ කසල කන්දේ ආනුභාවයෙනි. මන්ද බලයට ආවේ, අද පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙකුට ලැබෙන සුපිරි වරප්රසාද භුක්ති විඳින්නේ මේ කසල කන්ද පිලිබඳව ලබා දුන් පොරොන්දු නිසාය. අද මේ විපත වූ තැන තමන් වෙනුනේ මනාප කතිරය ගැසූ චන්දදායකයන්ට සිදුව ඇති දේ බලන්නට ඇගේ සෙවනැල්ලක් වත් පැමිනි බවක් දක්නට නැත. ඇඳිවතක් සහිතව එන්නට බැරි බව පැහැදිලිය.

 

ශ්රී ලංකාව ලොව බොහෝ රටවල් සමග සසඳනවිට කුඩා රටකි. එබැවින් මේ කසල පිලිබඳ ප්රශ්නය රටේ ප්රධානතම ප්රශ්නයක් ලෙස ගත යුතුමය. ඒක පුද්ගල කසල උත්පාදනය අපට වඩා බෙහෙවින් වැඩි රටවල හෝ අපට වඩා කුඩා භූමි ප්රමානයක් ඇති රටවල, මනා කලමනාකරණ ක්රමවේදයන් සමගින් කසල බැහැර කරන අයුරු පාඩම් ගත යුතුය. නමුත් එවන් දැනුම ලබාදිය යුත්තේ අදාල පුද්ගලයනට මිස පුස්සන්ට නොවේ. මින් මාස කිහිපයකට ප්රථම බදුල්ල නගරයේ කසල කන්දකින් නිකුත් වූ දුමාරය නිසා පාසල් වසා දමන්නට පවා සිදු වූ  අයුරුත් පිලිබඳව පලාත් මහ ඇමතිවරයා හැසිරුන අයුරුත් ඔබට මතක යැයි සිතමි. අවසානයේ එහි ප්රතිඵලය ලෙස සිදුවූයේ ආණ්ඩු පක්ෂ පලාත් සභා මන්ත්රීවරු පිරිසක් කසල කලමනාකරණය කරන අයුරුඅධ්යයනය කරන්නටරුසියාවට යාම පමනකි. ඉන්පසු අද දක්වා මේ සිද්ධි දාමය පිලිබඳ පසු විපරමක් කිසිදු මාධ්යයකින් සිදුවීද? එසේ මෙවන් කසල කඳු උපයෝගී වනුයේ රට සවාරිවලට නිමිත්තක් ලෙස පමනක් නොවේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හෝ ආපදා කලමනාකරණ මධ්යස්ථානය වැනි රජයේ ආයතන මෙන්ම විවිධ රාජ් නොවන ආයතනද මේ පිලිබඳ කෙරෙන පර්යේෂණ, අධ්යයන වාර්තාවන් සඳහා උපදේශකයන් කොපමනකට ලක්ෂ ගණන් මුදල් ගෙවන්නට ඇත. නමුත් අවසානයට සිදුවන්නේ මෙම වාර්තාවන්හි නිර්දේශ නිකම්ම කුණු බක්කියට වැටීම පමනි

 

මෙම කසල කන්ද නාය යාම පිලිබඳ අනාවැකියක් පරිසර ඉන්ජිනේරුවරයෙකු පලකලේ මීට මාස කිහිපයකට පෙරය. පෘථිවිය ඇරඹුමේ පටන් විකාශනය වන ස්වභාවික කඳු නාය යන විට, දිනපතා ගොඩ ගැසෙන මෙවන් අස්ථාවර කසල ගොඩක් ගැන කවර කතාද? පසුගිය මාස කිහිපයේ මේ කසල කන්ද මීටර 180 කි න් වැඩුන බව මාර්තු මාසයේ පුවත්පතක පලවූ ලිපියක පලව තිබිනි. මේ කසල ගොඩ ගසමින් බැහැර කිරීමේදී පතුලේ වර්ග ඵලය මැන බලා ඊට අනුරූපව ගොඩ ගැසීමක් අපේක්ෂා කල නොහැක්කේ,  එම රාජකාරියට යොදවා ඇත්තේ සාමාන් මිනිසුන් මිස තර්කානුකූල දැනුමක් ඇති අය නොවන බැවින්ය. මේ පිලිබඳව ජපානයේ සිට ප්රකාශයක් ලබාදුන් අගමැතිවරයා පැවසුයේ තමන් මේ ප්රශ්නයට විසඳුමක් දෙන්න හදන විටම මේ අවාසනාවන්ත සිදුවීම සිදු වූ බවය. මේ රජය බලයට එන විටද කොලොන්නාව ප්රදේශයේ ජනතාවට මේ පිලිබඳ විසඳුමක් දෙන බවට පොරොන්දු වී තිබිනි. මේ තාක් ඔවුන්ගේ විසඳුම් වූයේ ඉතා සිල්ලර ගනයේ හුදෙකලා ඒවාය. වරක් රාජ් උත්සවයක්ද පවත්වා කසල වර්ගීකරණය සඳහා කසල බඳුන් වගයක් හඳුන්වා දුන් අතර එම පටිපාටිය අනුගමනය නොකරන අයට දඩ ගසන බවටද නිවේදනය කරන ලදී. එතැනින් එහාට කුමක් විනිද කියා දන්නේ නැත. තවත් වරක් ජපානයෙන් පැමිනි සමාගමක් මේ කසලවලට මිලක් ගෙවා ඒවා ප්රතිචක්රීකරණය කරන්නට යන බව කියමින් ජපන් ජාතිකයන් පිරිසක් එතැනට කැඳවා මාධ් සන්දර්ශනයක් පැවත්වීය. මේ සියල්ල හුදෙක් රැවටිලිම නොවේද?

 

දැන් මේ විපත සිදුවුන නිසා කසල කන්දක් නිසා සිදුවිය හැකි අති භයානක පල විපාකයක් දුටුවෙමු. දිවයින පුරා මෙසේ විසඳුම් නැති, දිනෙන් දින වැඩෙන කසල කඳු 58 ක් ඇති බව වාර්තා වේ. මේවායින් කොටසක් මනුෂ් ජනාවාසවලට මෙන්ම තවත් කොටසක් සත්ව ප්රජාවටද හෙණ පතයක් වන බවට සැක නැත. මේ සියල්ල එකසේ විනාශකාරී වනුයේ ඉන් පොදුවේ පරිසරයට වන විනාශය නිසාය. එබැවින් කසල බහැර කිරීම නෙව කසල කලමනාකරණය සඳහා ප්රධානතම අවධානයක් යෙදිය යුතුව ඇත

 

පරිසරයට කසල එක් කරන්නේ මිනිසුන්ය. සත්ව ප්රජාව තුල එම විෂය සොබා දහමින් පාලනය වේ. අප මතක තබා ගත යුත්තේ එයයි.

 

ඒත් අපේ දේශය පාලනය කරන ඇත්තන්ට මේ පිලිබඳව නියත වශයෙන් දැනවීමට අප කුමක් කල යුතුද? විල්පත්තු ඇතුලු වන විනාශය සාධාරණීකරනය කරන සෙයියාවෙන් කටයතු කරන ජනාධිපතිවරයාගෙන් එබන්දක් අපේක්ෂා කරීම විහිලුවකි. නායකයා එසේ නම් පාලිත ජනයා ගැන කවර කතාද? තමන් හිතුමතේ අතහැර යන කුණු ගොඩවල් වලට යටවී තම සහෝදර ජන කොටසක් අකාලේ මියැදුන රටක විපත නෑසූ කන්ව, නුදුටු වන්ව අවුරුදු සමරන්නට ඔවුන් පෙලඹෙන්නේ සමාජය වසා උතුරා යන අසංවේදීභාවය නිසාය

 

කෙසේ වුවත් ටක්කෙටම එකක් කිව හැක. හෙට අනිද්දාම අර කසල කඳු 58 බලන්න යන්නට අපේ ඇමතිලා කිහිප දෙනෙකුටම සුඛෝපභෝගී වාහනද, වෙන රටවල් කසල කලමනාකරණය කරන හැටි බලන්නට රට සවාරිද සඳහා අතුරු සම්මත පනත් මගින් ප්රතිපාදන නම් අඩු නැතිව වෙන් වනු ඇත.

4 Responses to “කසල කන්දේ ඛේදවාචකය”

  1. Dr.K Says:

    මහජන චන්දයෙන් මන්ත්‍රී වරයෙකු, අගමැති හෝ ජනාදිපති වරු පත්කෙරෙන්නේ ජනතාවට ඇති ප්‍රශ්ණ වලට විසඳුම් සෙවීමට හා රටේ උන්නතියට කටයුතු කිරීමට විනා තමන් රිසිසේ මහජන මුදල් වියදම් කොට තමන්ගේ හා තම පවුලේ එවුන්ගේ සැපසම්පත් සලසා ගැනීමට නොවන බව අප කෙසේනම් මේ සුදු වස්ත්‍ර කාරයන්ට තේරුම් කර දියහැකිද? මොවුන් අපගතවෙන බව නම් සැකයක් නැත. නමුත් ඊටත් කලින් අපේ ජනතාව කුණු කඳුවලට යටවී මියයාම සිදුවීම වලකා ගතයුතුය.

  2. Christie Says:

    සිරිසේන වාර්තාවක් ඉල්ලනව ඉන්දියාවට යවන්න. කොපියක් අබාන්ස්ලට. ජෙප්පන්ට අබාන්ස්ල ගාන කොහොමත්දෙනවනෙ

    I have read so many news reports and opinions and observations about this tragedy and no one has mentioned the people who are contracted to use this facility. Albans Environmental Services Pte. Ltd. Owned and operated by one of the leading Indian Colonial Parasites family. As usual all politicians, leading public servants are on their payroll.

  3. dhane Says:

    When Central Environment Authority Head Office was in Colombo 1997 I personally hand delivered to the highest authority the master plan how in Australia City Melbourne management of waste and re-cycling process. He thank my documents and told similar proposals were made to the Government but never materialized. I asked why?. It is question who is bearing the cost? Is it CMC, Western Provincial council or Central Government. This is the situation all over the country. Nobody takes the burden to implement permanent solution to wast management. Later I came to know Former Defence Secretary Gotabaya Rajapaksa made a proposal but it could not be implemented due to changed of government. It looks that LTTE & 30 yeas war was money spinning event to most of the previous governments high rankers. Its Rajapaksa who ended the war. If Gota proposal was implemented this disaster would have not happened.

  4. Fran Diaz Says:

    Gota’s Plans to remove the garbage dump was stopped due to the Elections brought forward by 2 yrs by the MR Govt.
    The MR Govt was forced into Elections – why ?

    The Contain China program was on the way, and the Big Powers wanted a change with RW as Exec Prez ! When RW was appointed as Exec PM, Pres MS said ‘because the west wants it so’.

    Connect the dots further :

    * Now the State held LAND SALE matter is also coming up.
    * Also, the DUAL CITIZENSHIP matters – for whom, and who are the Lanka migrants who will take that up ?
    Nearly a million Tamil folk migrated to the west as REFUGEES after the trumped up 1983 Riots. There was no other way to go west other than as REFUGEES. Subtle stuff going on …..

    Plan A by Yahap had :

    5,000 acre lots on 99 yr leases to foreigners.
    Sea Tunnel to Tamil Nadu.
    ETCA
    New Constitution – what might that bring ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress