චූන් දේශපාලනය විනාශයටයි
Posted on May 6th, 2017

නලින් ද සිල්වා

 මැයි දිනයෙන් පස්සෙ ඒකාබද්ධ විපක්‍ෂෙ අය බොහා ම චූන් වෙලා. හෙට ආණ්ඩු බලය ගන්න වගේ ලැහැස්ති වෙලා ඉන්නෙ. ආණ්ඩුවේ වෛද්‍යවරුන් හා තවත් පිරිසක් සයිටම්, එට්කා ආදිය මුල් කරගෙන පස්වැනි දා එක්දින වැඩ වර්ජනයක් පැවැත්වීමට යනවා. එක් දින වැඩ වර්ජනවලිනුත් රෝගීන්ට හා වෙනත් අයට කරදර වෙනවා. ජනතාවට සේවය කරන්න ජනතාවට හිරිහැර කිරීම යන්න බුදුදහමෙන් ඉගෙන ගත්ත එකක් වෙන්න බැහැ. එක් දින වර්ජනය වර්ජකයන්ගේ පැත්තෙන් බැලූ විට සාර්ථක වේවි. ඔවුන් ඊළඟට මහා වැඩ වර්ජනයකට සූදානම් වේවි. ගාලු මුවදොර මැයි දිනයට සහභාගි වූ ජනතාව මහා වැඩ වර්ජනයකට ද සහාය දේවි කියා ඔවුන් සිතනවා ද? එසේත් නැත්නම් ඔවුන් ස්වයං මෝහනයකට පත් වී ඇත් ද? වෛද්‍යවරුන්ගේ සංගමයේ එ ජා පාක්‍ෂිකයන් ද සිටිනවා. මේ එන්නේ ඊනියා ලංකා වසන්තය ද?  ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැරදවීමේ දෙවැනි පියවර ක්‍රියාත්මක වීමට යන්නේ ද? ගුරු සංගම් ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත ජෝසෆ් විද්‍යාලය, කාන්තා විද්‍යාලය ආදිය ජනසතු කරන්න කියන්නෙ නැද් ද? 

මෙරට හා පිටරට වසන සිංහල දේශප්‍රේමීන් සමග මට හැරෙන්නටවත් බැහැ. ඔවුන් අති විශිෂ්ට බුද්ධිමතුන්. මා විශ්වවිද්‍යාලවලින් අස්කෙරුණු නොවැදගතෙක්. අදෘශ්‍යමාන ප්‍රාණීන් ගැන මිථ්‍යා මත වපුරුවන්නෙක්. විශිෂ්ට බුද්ධිමතුන් සිටිය දී මා මේ ලිපි ලියන්නේ ඇයි ද කියා මට දහස්වර හිතෙනවා. මේ ලිපිවලට කැමැත්ත පළ කරන අය ඉතා සුළු පිරිසක්. මැයි දින පණිවුඩයක් ලිපිය පන්දහසකට පමණ ලැබී ඇති නමුත් එයට මේ වන තුරු කැමති වී ඇත්තේ එකසිය පනහකටත් අඩු පිරිසක්. එය ගාලු මුවදොර රැස් වූ ජනතාව සමග තබා අඩුවෙන් ම සහභාගි වූ මැයි දින රැළියේ පිරිස සමගවත් සසඳන්න බැහැ. ගණිතයේ භාෂාවෙන් නම් එය නොගිණිය හැකි අත්‍යුණකයක්. එහෙත් ඒ ගණිතයට ම අනුව අත්‍යුණකයක් අත්‍යුණකයකින් බෙදා සීමාව ගත්තම පරිමිත සංඛ්‍යාවක් ලැබෙන්න පුළුවන්. මට නම් ඒව තේරෙන්නෙ නැහැ. තේරෙන බුද්ධිමත් දේශප්‍රේමීන් ඉන්න පුළුවන්.

මෙහි දී මට ඇතැම් ප්‍රතිචාර මතක් වෙනවා. මැයි දිනය ගැන මා ලියූ ලිපියක් සම්බන්ධයෙන් මට චෝදනා කර තිබුණේ මා මේසන් බාසුන්නැහැලාට ගෙදර වැඩ කරන්න දී මැයි දිනයට සහභාගි වූ කුහකයකු කියා. එය 1980 දී ඇති වූ සිද්ධියක්. එකල මා නව සමසමාජ පක්‍ෂයෙන් කැඩී වෙන් වූ අලුත. මා මාක්ස්වාදී මානසිකත්වයෙන් සම්පූර්ණයෙන් මිදි සිටියේ නැහැ. මට අවශ්‍ය වූයේ මාක්ස්වාදීන්ගේ කුහකකම පෙන්වීමයි. අදත් ඇතැම් ඊනියා විප්ලවවාදීන් මැයි දිනයට සහභාගි වන්නේ ගෘහස්ථ මෙහෙකරුවන් ගෙදර සිටිය දී. වෙනත් අය කම්කරුවන් ලෙස සේවයට ගනිද්දී. මා 1980න් පසු මැයි දින රැළිවලට පෙළපාළිවලට සහභාගි වී නැහැ. ඒත් ප්‍රතිචාර දැක්වූ අයට පෙනුණේ මගේ කුහකකම. 

සිංහලයන්ට සංකල්ප, ප්‍රවාද ආදිය ගැන කිසිම තේරුමක් නැහැ. ලිපියකින් කියන්නේ කුමක් ද යන්න වැටහෙන්නේ නැහැ. වාක්‍යයකින් කියැවෙන දෙය නොතේරී ඔවුන් පෞද්ගලික වුවමනා එපාකම් අනුව වාක්‍යය විවරණය කරනවා. සිංහලයන් කී දෙනකුට පංතිය යන සංකල්පය ගැන අවබෝධයක් තිබෙනවා ද? ඒත් බොහෝ දෙනකු අපේ පංතිය වැනි වහර යොදා ගන්නවා. මාක්ස්ගේ පංතිය කියන සංකල්පය ප්‍රාග්ධනය සමග බැඳුණු එකක්. එය තේරුම් නොගෙන අපේ පංතියෙ මිනිහා, පංති සටන ආදී දේ ගැන කියවනවා. අපට නොතේරෙන අනිත්‍ය, දුක්ඛ, අනත්ම ගැනත් අප කියවනවා.

2015 අගෝස්තු මැතිවරණයට පෙර අප කිහිප දෙනකු සංධානයේ නායකයන් කිහිප දෙනකු මුණ ගැහී කියා සිටියා වෙන ම තරග කරන්න කියා. සංධාන නායකයන් අප කියන කිසි දෙයක් අහලා නැහැ, අහන්නෙත් නැහැ. ඔවුන් සංධානයෙන් තරග කළා. අද පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂය මුහුණ පා ඇති සියලු ප්‍රශ්නවලට මුල ඔවුන් සංධානයෙන් තරග කිරීම. මෑතක දි ඔවුන් පොහාට්ටු පක්‍ෂය පිහිටුවා ගත්තා. එය හොඳයි. එහෙත් ඒ පක්‍ෂය අනාගත මැතිවරණ සම්බන්ධයෙන් විය යුතුයි. ජී එල් පීරිස්ට තේරෙන දේශපාලනයක් නැහැ. ඔහුටත් ඊනියා පංති හැඟීම තියෙනවා ද? ඔහු කම්කරු පංතියේ ද? ඔහුට ප්‍රාග්ධනය නැද්ද? පොහොට්ටු පක්‍ෂය රෑ වැටුණු වළේ දවල් නොවැටිය යුතු බව අප කීවා. ඒ මැතිවරණ හා වෙනත් සම්මුති සම්බන්ධයෙන්. දේශපාලනය කියන්නේ රැළි හා මැතිවරණ පමණක් නොවන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුනට තේරෙන්නෙ නැහැ.

අද මෛත්‍රිගෙ කණ්ඩායමට බලයක් නැහැ. මෙහි දී එස් බී වැන්නන් කියන දේ අදාළ නැහැ. අද මැතිවරණයක් තිබ්බොත් පොහොට්ටුව ගව් ගණනකින් ජය ගන්නවා. එස් බීටත් ඇප නැති වේවි. ඒත් අද ප්‍රශ්නය මැතිවරණ නො වෙයි. මැතිවරණ ලබා ගැනීම. ව්‍යවස්ථාව පරාජය කිරීම. ඒ සඳහා කළ යුත්තේ කුමක් ද?  වැඩ වර්ජන  ද? මැයි දිනයෙන් ඒකාබද්ධ විපක්‍ෂය චූන් වෙලා. වෛද්‍යවරුන් වැඩ වර්ජනය ගැන කතා කරන්නේ මැයි රැළියට පෙර සිට ම බව ඔවුන් කියාවි. ප්‍රියන්තා සේනානායකගේ ප්‍රකාශවලට තමන්ට අවශ්‍ය අර්ථනිරූපණ දෙමින් දේශපාලනය කරන්න බැහැ. ඒ වගේ ම ඔවුන් අතර සිටින එ ජා පාක්‍ෂිකයන් අනුව ගොස් රාජපක්‍ෂලා බිල්ලට දෙන්නත් බැහැ. වැඩ වර්ජනවලින් මෙරට ආණ්ඩු පෙරළීමට සිතන අයට හර්තාලය, අසුවේ ජූලිය පමණක් නොව ඉන්දු ලංකා ගිවිසුම් විරෝධය ද ප්‍රතිඋදාහරණ සපයනවා. මහා වැඩ වර්ජනයක් කළහොත් ඉතා දරුණු ලෙස එය මර්දනය කර රාජපක්‍ෂලාගේ දේශපාලනය අවසන් කර ව්‍යවස්ථාවත් සම්මත කර ගන්නවා. එපමණක් නොව විදේශීය හමුදා මෙරටට ඒමේ අවදානමක් ද පවතිනවා. ගාලු මුවදොර ජන සන්නිපාතය සුන්නත් දූලි කිරීමට එතරම් කාලයක් ගතවන එකක් නැහැ. මා මගේ නොදන්නා කමට  කලකට පෙර සයිටම් රැල්ල පසුපස එන සුනාමිය යනුවෙන් ලිපියක් ලියා ඇති.

විදග්ධ දේශප්‍රේමීන් අපට පවසන්නේ මහින්ද මෛත්‍රී සමගියක් ඇති නොවන බවත් මෛත්‍රිපාල හා රනිල් යනු දෙදෙනකු නොව එක් අයකු බවත්. අප මෛත්‍රිපාලට අකමැති වෙන්න පුළුවන්. එහෙත් ඒ මත පදනම් වෙලා දේශපාලන තීන්දු ගන්න බැහැ. මෛත්‍රිපාල අපට ද්‍රෝහී වූ බව ඇත්ත. එහෙත් අද ඔහු නැතිව ව්‍යවස්ථාව පරාජය කිරීමටවත් රනිල් පන්නා දැමීමටවත් බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා සම්පාදනයට හවුල් වෙනවා. ඔවුන්ට දැළි පිහියෙන් කිරි කන්න බැහැ. ඔවුන් ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්වන්නේ නැත්තේ ඇයි? මෛත්‍රිපාල පැහැදිලිව කියනවා ජනමත විචාරණයට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන නොකරන බව. අප එය මෛත්‍රිපාලගේ තවත් රැවටීමක්, රඟපෑමක් කියා අහක දානවා ද? ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය නිහඬ ඇයි? ඔවුන් රනිල්ගේ ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතුවලට සහභාගි වන්නේ ඇයි? ඔවුන්ට හැකි විය යුතුයි මෛත්‍රි කණ්ඩයමේ අයත් සමග ව්‍යවස්ථා මණ්ඩලයෙන් අයින් වෙන්න.

මෛත්‍රිපාලට රාජ්‍ය බලය තියෙනවා. මහින්දට ජනබලය තියෙනවා. ඒ දෙදෙනා හෝ දෙදෙනාගේ නියෝජිතයන් හෝ එකතු විය යුතුයි. ආණ්ඩු පෙරළනවා කියන්නෙ මෛත්‍රිපාලත් පෙරළන එක. ඔහු එවිට ඒ ක්‍රියාවලියට විරුද්ධ වෙනවා. ඔහු රනිල්ට එකතු වී ෆොන්සේකා යොදා ගන්නවා. අප මෛත්‍රිපාල රනිල්ගෙන් වෙන් කරන්නේ නැත්තේ ඇයි? බටහිර වෛද්‍යවරුන් දන්නා දේශපාලනයක් නැහැ. බුද්ධිමතුන් කියාවි මෛත්‍රිපාල රනිල්ගෙන් වෙන් කරන්න බැහැ කියලා. අප කොටි පරාජය කළ හැකිය කළ යුතුය කියා අනූවේ දශකයේ මුල ම කියද්දී අපට බොහෝ දෙනකු හිනා වුණා. අවුරුදු විස්සකට විතර පස්සෙ කොටි පරාජය කළා. ඒත් මේ වෙලාවෙ අපට එතරම් කල් ඉන්න බැහැ. මෛත්‍රි රනිල්ගෙන් වෙන් කර රනිල් ඉවත් කළ යුතුයි. අද කළ යුත්තේ රනිල් ඉවත් කිරීමට කටයුතු කිරීම මිස ආණ්ඩු පෙරළන චූන් දේශපාලනයේ යෙදීම නො වෙයි. චූන් දේශපාලනය අවසන් වනුයේ අප ඉන්දියාවේ අතකොළුවක් වීමෙන්.    

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 මැයි 03

8 Responses to “චූන් දේශපාලනය විනාශයටයි”

  1. Dilrook Says:

    Makes no political sense for Mahinda and Sirisena to join together. They contested against each other based on irreconcilable positions.

    Sirisena will make as his PM the party leader most likely help his next presidential bid in 2109. He knows joining Mahinda will lose him (Sirisena) the enormous minority vote he won in 2015. In fact, it was the minority vote that propelled him to victory and he will not give it up by making Mahinda his PM.

  2. Ananda-USA Says:

    Dilrook,

    Maybe Aiyoooo Sirisena will lose SOME of the MINORITY vote by running Mahinda as PM, but he will lose the MAJORITY vote by staying with Runil as PM.

    All the cakculations according to demographics and historical statistics will FAIL in the face of a momentous turnaround in majority community sentiment.

    The voting strength of the Sinhala Buddhists if captured will SWAMP every other consideration, and the Sinhala Buddhist is returning HOME to the Patriotic Party.

    In the face of that overwhelming RISE IN PATRIOTIC sentiment, some minority members may also decide to SWITCH SIDES lest they be caught in the wilderness with their proverbial pants down around their knees, and be left out in the cold WITHOUT ANY POWER!

    On the eve of the Jan 8, 2015 election I pleaded with many of my Sinhala Christian friends not to abandon the Sinhala Buddhists …. WITHOUT SUCCESS. I argued that it was not in their community’s long-term interest to be viewed by the majority Sinhala Buddhist community as an unpatriotic community trying to undermine the Sinhala Buddhists. All that I said has, unfortunately come to pass, and today the Sinhala Buddhists feel that they are on their own, to sink or swim.

    There is only ONE THING thst the Sinhala Buddhists have to do in the YEARS AHEAD: They HAVE TO VOTE AS A SINGLE MONOLITHIC BLOCK for the JO. That will allow them to REGAIN POWER and SECURE our country.

    Knowing my Sinhala Buddhist people, I AM CONFIDENT that EVEN WITH OVERWHELMING POWER derived from such a POLITICAL CONSOLIDATION, we Sinhala Buddhists WILL BE MORE THAN WILLING TO TREAT ALL CITIZENS of Sri Lanka as EQUAL CITIZENS irrespective of community.

    But, we Sinhala Buddhists need to REGAIN THE HELM before the UNPATRIOTIC MINORITIES DESTROY our Motherland. It is only OUR INTERNAL DIVISIONS that stand in the way of achieving that.

  3. Dr.K Says:

    ආචාර්ය නලින් සිල්වාගේ අදහස ඒකාබද්ද විපක්ෂය මෙන්ම සියලුම යහපාලන විරෝදින්ගේ අවදානයට යොමුවිය යුතුය.

    අද මයිත්‍රීපාල සහ රනිල් සංයෝගය රටට ඇති එකම තර්ජනයවී ඇත. මෙය ඇමෙරිකානුවන් විසින් දීර්ග කාලීනව පර්යේෂණ කොට නිර්මාණය කල එකකි. රනිල් කවදත් රටට අහිතකරයි. ප්‍රශ්නයකට තිබුනේ ඔහු ජනතාව ප්‍රතික්ෂේපකිරිමය.

    මේ නිසාම ඇමෙරිකානුවන් රනිල්ව මයිත්‍රීගේ පිට මත තබා කෙලින් කර ඒ සංයෝජනය තුලින් ඔවුන්ට අවශ්‍යදේ කරන්නේය. රට දෙකඩ කොට සදාකාලිකව ශ්‍රී ලංකා භුමිය ඔවුන්ගේ තෝතැන්නක් කරගැනීම ඔවුන්ට අවශ්‍ය දෙයයි. මේ සඳහා ඔවුන් ඩොලර් මිලියන ගණනින් පොම්පකර ඇතිබව මේ මෑතකදී ඔප්පුවිය.

    මයිත්‍රී එක අතකින් අහිංසකය. ඔහු එදා අන්තයටම රැවටී බලයට කෑදර කමේ ඉදිරිපත්වුවත් අද දෙකොන ගිනිගත් ලනුවක් වී ඇත. ඔහු වැටී ඇති මර උගුල දැන් තේරුම් ගොස් ඇතත් නම්බුව රැක ගැනීමට රාජ්‍ය බලය යොදා යම් යම්දේ කිවුවත් ඔහු සිතන පතන කිසිවක් ක්‍රියාත්මකවී නැත. ඔහුත් රටේ සිදුවෙන දේ දැනගන්නෙ පුවත් පතේ පලවුවොත් පමණි.

    අද රට පත්වී ඇති මේ අගාධයෙන් බේරා ගැනීමටනම් පළමුවෙන් කළයුතුව ඇත්තේ මයිත්‍රී මේ භයානක සංයෝගයෙන් ගලවා නියම සිහියට පමුණුවා දෙවනුව රටේ උන්නතිය සඳහා අවශ්‍ය දේ කිරීමය.

  4. Lorenzo Says:

    Makes sense.

    IF SLFP is divided, UNP wins. End of story. Why some people cannot understand this SIMPLE FACT?

    JO CANNOT win any BIG election alone.
    SLFP CANNOT win any BIG election alone.

    They have to RE-JOIN.

    IF MR is the problem they CANNOT REJOIN, remove MR and appoint GR as JO leader. GR and Sirisena are ON GOOD TERMS.

    Sirisena went MAD when UNP FCID grilled GR. He BLASTED the police and UNP. They IMMEDIATELY released him and 4 navy top guys. They were NOT arrested again.

  5. Dilrook Says:

    @Ananda

    There is a difference between minority voting pattern and majority voting pattern observed in most democracies. While minority groups tend to vote as a block, the majority is always divided. This is a fact that cannot be changed easily. Despite UNP’s open treason, it has a minimum 27% of the Sinhala vote at an initial election. Sirisena is aware of this.

    Sirisena is also aware that a majority of the majority is with Mahinda and they will not necessarily support Sirisena. Mahinda can become the PM only by surrendering this vote to Sirisena. Is Mahinda willing to do that? The danger is, patriotic voters will leave Mahinda if he joins a government hell bent on reconciliation. This is what happened from 2010 to 2015. Mahinda should not do this same mistake.

    @Dr K and others

    I completely disagree that Sirisena is innocent. He is behind all acts of treason and corruption by the UNP. Even if he is unwilling, he has to toe the UNP line. UNP has a choice in impeaching Sirisena. It can either join with the JO and gain 2/3 to impeach him or it can get JVP, TNA and anti-Mahinda SLFP MPs and impeach Sirisena. And he cannot dissolve the parliament until February 2020 (longer than the presidential term).

  6. Leela Says:

    හෙට අාණ්ඩු බලය ගන්න පුලුවන් කියල මහින්ද හිතන්නෙ නැති බව අපට නම් පැහැදිලිය්. සංකල්ප ප්‍රවාද නොදන්ව උනත් මොලේ අැති කවුරැවත් හෙට අාණ්ඩු බලය ගන්න පුලුවන් කියල හිතන්නෙත් නැහැ. නමුත් චන්දයක් තියපු දාට පහුවදා ඉඳල අාණ්ඩුව වැටෙන්න පටන් ගන්නවා කියන එක ගමේ අපි දන්නවා දැකල තියනවා සිරිසේන/රනිලුත් දන්නවා.

    පලාත්පාලන චන්දය පමක් නෙවෙය් පලාත්සභාත් මුන් මොන ක්‍රමයෙන් හරි කල් දමනවා. ඉතින් ඒකාබද්දය කල යුත්තෙ මොන උප්පර වැට්ටියක් දමල හරි චන්දයක් ගන්න එකය්. දොස්තරල බැරි නම් කොන්දොස්තරල යොදාගෙන හරි ඒක කල යුතුය්. පැඩී මාර්ෂල් ලවා භීෂණයක් ගෙනෙය් කියල බය වෙලා නම් ‘යහපාලනයෙන්’ චන්ද ගන්න බැහැ. භීෂණය ගෙනෙන්න රටේ භීෂනයක් තියෙන්න ඔිනෑ. අද රටේ එහෙම තත්වයක් නැහැ ඉස්සරහට එන්නෙත් නැහැ. අනෙක සන්නිවේදනය උච්චතම මේ කාලෙ භීෂණය තියා සාමකාමී වර්ජනයක් මැඩ පවත්වන එක උනත් හිතන තරම් ලෙහෙසි වෙන්නෙ නැහැ.

  7. Ananda-USA Says:

    Constitutional proposals contrary to promises given by Prez, PM-NJC

    Island.lk
    May 7, 2017, 10:44 pm

    By Shamindra Ferdinando

    The National Joint Committee (NJC) has alleged that recently unveiled constitutional proposals are at variance with repeated assurances given by both President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe regarding matters of crucial national importance, including the status of Buddhism.

    The NJC alleges that controversial proposals are contained in an interim report of the Steering Committee of the Constitutional Assembly tasked with the constitution making process.

    Constitutional affairs expert Manohara de Silva, PC, said that in the wake of strong public criticism of the Report on Public Representations on Constitutional Reform (Lal Wijenayake Committee) and reports of Six Sub Committees, the government had reassured that foremost place would be given to Buddhism.

    Addressing the media at the National Library and Documentation Services Board, attorney-at-law de Silva flayed the yahapalana government for seeking to deprive Buddhism of its foremost place, do away with unitary status of the Constitution and transform Sri Lanka to nine federal governments.

    The lawyer pointed out that in accordance with the repeated promises given by yahapalana leaders, the Steering Committee should not have interfered with Article 9 meant to ensure Buddhism the foremost place while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e). Instead, the Steering Committee had made six recommendations in respect of Buddhism/Religion in addition to the existing Article 9.

    NJC heavyweight Gevindu Cumaratunga said that the government had accused those opposed to the ongoing constitutional making process of propagating lies. The government repeatedly alleged attempts were being made to sabotage post-war reconciliation process, Cumaratunga said. There couldn’t be any justification for proposing four recommendations in place of Article 1 and Article 2 that dealt with unitary status of Sri Lanka, Cumaratunga said.

    Alleging that the government was bending backwards to appease those wanting to divide Sri Lanka on ethnic lines and transform the country into nine federal areas, Cumaratunga said that proposals were meant to empower Provincial Council to such an extent they would enjoy unprecedented powers at the expense of the central government.

    Cumaratunga said that the Joint Opposition had quite rightly rejected the entire interim report toto.

    Commenting on proposed provision in respect of merger of two or three neighbouring Provinces, Cumaratunga said that the government objective was to restrict referendum in case of a merger of the Provinces concerned. The move was meant to facilitate the merger of the Eastern Province with the North, Cumaratunga said, pointing out that the government wanted to do away with the country’s ability to exercise franchise as one electorate.

    Cumaratunga explained the circumstances under which Provincial Councils could take control over land at the expense of the government. The civil society activist alleged that the central government would be at the mercy of provincial government if a particular administration declined land required for security purpose.

    Recommendations pertaining to introducing amendments to the proposed Constitution in case adopted by parliament were meant to thwart any such move, Cumaratunga said. According to him, an amendment couldn’t be moved unless it received a two-thirds majority in the proposed Second Chamber comprising five members representing each Provincial Government and also obtained two-thirds majority in Provincial Governments.

    PC de Silva and Cumaratunga dealt with recommendations in respect of devolution of powers and how the process could endanger the unitary status much to the disappointment of the vast majority of people. They asserted that the elimination of the Concurrent List, limiting Reserve List, Provincial Government given the authority to implementing laws in respect of subjects coming under the purview of the Central Government, subject of national Policy to be removed from the Reserve List, sharp dilution of powers currently exercised by Governor vis a vis Chief Minister to pave the way for the former to take decisions in consultation with the latter.

    Cumaratunga pointed out that recommendations had been made to deprive the Governor the authority to intervene in the Provincial Statutes. The activist said that the Steering Committee had gone to the extent of recommending an unprecedented Constitutional Court to decide on constitutionality of Provincial Statutes.

    Cumaratunga urged political parties to examine the threat posed by setting up judicial mechanism outside the existing system. “We are heading for chaos, unprecedented turmoil,” Cumaratunga warned, faulting successive governments for not abolishing the 13th Amendment to the Constitution forced on JRJ government by India three decades ago.

    The NJC pointed out that the 13th Amendment had considerably eroded supremacy and sovereignty of parliament thereby undermined significantly the unitary status. PC de Silva said: “Article 154 G (3) requires a majority of 2/3 of the members of parliament to repeal or amend laws passed by a Provincial Council whereas it only needs a simple majority to repeal or amend own laws.”

    PC de Silva said that the Parliament needed a two-thirds majority to only amend the Constitution and not amend ordinary laws.

    The NJC said that a wider discussion involving all stakeholders was required and a cohesive effort made to educate the people of the despicable project. Cumaratunga said that giving in to separatist demands was as worse as losing the war.

  8. Ananda-USA Says:

    Constitutional Reforms debate likely end June

    DailyNews.lk
    Monday, May 8, 2017 – 01:00

    Disna Mudalige

    A debate on Constitutional reforms by the Constitutional Assembly is likely to take place towards the end of June.

    The interim report of the Steering Committee headed by Prime Minister Ranil Wickremesinghe will be placed before the Assembly next month, a member of the Steering Committee told the Daily News yesterday.

    A copy of the same would be handed over to President Maithripala Sirisena. The interim report, which deals with the vital aspects of Constitutional reforms including the electoral reforms, devolution of power and nature of the State, spells out the contours of the Constitutional Bill. A member of the Steering Committee said a draft interim report prepared by the Constitutional Assembly Secretariat was circulated among the Committee members last week.

    “The draft report is given in all three languages. All members of the Steering Committee have been asked to make their comments, if any, on the report in writing on or before May 23,” he said.

    The Steering Committee is to sit consecutively from May 23-26 to consider the responses of the members and finalize the report. “Through compromise and negotiation, we will try to reach a consensus during these meetings. Where there is no consensus, the members will be allowed to mention their own positions in the report. Likewise, the dissenting views will also be accommodated,” he explained.

    However, it is learnt that this is the third draft interim report presented to the Steering Committee. The Committee members were unable to reach an agreement on the two previous drafts. The latest draft has taken into account all the deliberations up to last Tuesday’s meeting, the Steering Committee sources said.

    Sources said the President has regularly been kept informed of all developments at the Steering Committee.

    When contacted Joint Opposition Parliamentary Group Leader Dinesh Gunawardena, one of the two members who represent the JO in the Steering Committee spoke in very negative terms on the Constitutional drafting process stating it seriously lacks transparency.

    “The JO flatly rejected the two previously submitted draft interim reports. We have been making our contribution actively at the Steering Committee. However, the government wants to do everything in secrecy keeping the others in the dark. We do not have secrets when it comes to matters that affect the country and national security,” he commented.

    The reports of six sub-committees on ‘Fundamental Rights, Judiciary, Finance, Public Service, Law and Order, Centre-Periphery’ were presented to the Constitutional Assembly by the Prime Minister on November 19. A three-day debate on Constitutional reforms initially scheduled for January 9 was postponed indefinitely as there was no consensus among the political parties.

    The Steering Committee has so far conducted over 50 meetings and according to the sources, a broad agreement over vital aspects such as electoral reforms and devolution of power have been reached after lengthy discussions.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress