නරේන්ද්‍ර මෝදි මෙරට ස්වාධීනත්වයට තර්ජනය කරයි..
Posted on May 15th, 2017

අරවින්ද අතුකෝරල

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

මෝදි ලංකාවේ ස්වාධීනත්වයට තර්ජනයක්

ආණ්ඩුවේ නායකයින් අපට කිව්වේ අගමැති මෝදි එන්නේ වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා විධියට විතරයි. මේක සංස්කෘතික සංචාරයක් මිස දේශපාලන සංචාරයක් නොවේ කියලා. නමුත් අගමැති මෝදිගේ කියුම් කෙරුම් දෙස බලන විට නම් එහෙම පේන්නේ නෑ. එතුමා එක්සත් ජාතින්ගේ වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා නම් කතා කරන්න ඕනෑ වෙසක් උත්සවය සහ එක්සත් ජාතින් පිලිබඳ මිස ඉන්දු – ලංකා සබඳතා ගැන නොවේ. නමුත් එතුමා කතා කලේ ඉන්දු – ලංකා ද්විපාර්ශවික හමුවක දී කරන කතාවක්. සම්පූර්ණ දේශපාලන කතාවක්. මේ තිබෙන්නේ එතුමා කරපු කතාව. මම ඒකෙන් වැදගත් කොටස් කිහිපයක් උපුටා දක්වන්නම්.

We believe that free flow of trade, investments, technology and ideas across our borders will be to our mutual benefit.

රටවල් දෙකේ දේශ සීමා හරහා වෙළඳාම, ආයෝජන, තාක්ෂණය නිදහසේ ගලා යන්න ඕනෑලු. මොකද්ද මේ කතාවේ තේරුම? එතුමා නොකියා කියන්නේ එක්ටා ගිවිසුම අත්සන් කළ යුතු බවයි.

Whether it is on land or in the waters of the Indian Ocean, the security of our societies is indivisible. ඉන්දියානු සාගරයේ ජලයේ තිබුණත් බිමක තිබුණත් අපේ සමාජයන්හි ආරක්ෂාව බෙදා වෙන් කළ නොහැකියි. මොකද්ද මේ කියන්නේ? උඔලා කරන දේ අපේ ආරක්ෂාවට බලපානවා. ඒ නිසා උඹලාට ඕනෑ විධියට නටන්න දෙන්න බෑ. මේක අපේ ස්වාධිනත්වයට කරපු තර්ජනයක් නොවේ ද?

In infrastructure and connectivity, transport and energy, we are poised to scale up our co-operation.

යටිතල පහසුකම් සහ යා කිරීම්, ප්‍රවාහනය සහ බලශක්ති ක්ෂේත්‍රයන්හි අපේ සහයෝගය ඉහළ නංවමින් තිබෙනවා.
යටිතල පහසුකම් සහ යා කිරීම්, ප්‍රවාහනය. මොකද්ද මේ කියන්නේ? ඉන්දියානු මහමාර්ග ඇමති නිතින් ගඩ්කාර් පුන පුනා කියන අයුරින් හනුමා පාලම ඉදිවන බවයි.

ඉන්දු – ලංකා සබඳතා පිලිබඳ අපේ නායකයින් සඟවන තිත්ත ඇත්ත හෙලි කළාට නරේන්ද්‍ර මෝදි මැතිතුමනි ඔබට බොහොම පින්.
අගමැති මෝදි දික්ඔය ගිහින් ජනපති සිරිසේන මැතිතුමන් සහ අගමැති වික්‍රමසිංහ මැතිතුමන් දෙපැත්තේ තබා ගෙන කරපු කතාව ගැනත් වචනයක් නොකියා බෑ. බස්නාහිර සහ දකුණු පලාත්වල ක්‍රියාත්මක ගිලන් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරමි. වතුකරයේ නව නිවාස දස දහසක් තනමි. ලංකාව පිලිබඳ තීන්දු ගන්න එතුමාට තිබෙන බලය කුමක්ද? එතුමා කතා කලේ හරියට ලංකාව ඉන්දියාවට අළුතින්ම ඇඳෑ ගත්ත 30 වන ප්‍රාන්තය වගේ. දකුණු පැත්තේ හිටියේ ලංකා ප්‍රාන්තයේ ආණ්ඩුකාර සිරිසේන මැතිතුමන් වම් පැත්තේ හිටියේ ලංකාවේ මහ ඇමති වික්‍රමසිංහ මැතිතුමන් කියල හිතාගෙනයි.

මේක මිත්‍රවරුනි හිතළුවක් වත් භයානක සිහිනයක්වත් නොවේ. දික්ඔය ඇත්තටම සිදු වුණු දෙයක්. ඉතින් මේ අනුව ඉන්දියාව විසින් ලංකාව ඔවුන්ගේ අර්ධ යටත්විජිතයක් බවට පත්කරගෙන ඇති බව මෝදිගේ ලංකා සංචාරයෙන් තහවුරු වු බව තමයි අපිට ඉතාම කණගාටුවෙන් උනත් ප්‍රකාශකරන්නට වෙන්නේ.

ගාළු මුවදොර පිට්ටනිය ආණ්ඩුවට
මැයි දිනය අවසන් වී සති දෙකක් ගත වුණත් තවමත් ආණ්ඩුව මැයි දිනයේ සෙනඟ ගණන් හදනවා. සමහරුන්ට ගැටඹේ හුණ්ඩුවේ තිබුණේ ඉතිහාසයේ ලොකුම මැයි රැළියලු. පෙලපාලිය කිලෝ මීටර් හයක් දිගලු. තවත් සමහරුන්ට කැම්බල් පිට්ටනිය ඉඩ මදි වුණු නිසා කැම්බල් පිට්ටනිය පිරිලා ඉතිරිලා වල්ගා තරුවක වල්ගය වාගේ පාර දිගේ සෙනඟ හිටියාලු. මේ ආණ්ඩුවේ පක්ෂ දෙකට අපේ අතින් බලවත් අසාධාරණයක් වෙලා. ඒ අයට සෙනඟ පෙන්වා ගන්න බැරි වුණේ හුණ්ඩු පිට්ටනි වල මැයි රැළි පැවැත්වූ නිසානෙ. හුණ්ඩු පිට්ටනි වල මැයි රැළි පැවැත්තුවේ අපි ලංකාවේ ලොකුම පිට්ටනිය වෙන් කර ගත් නිසානෙ. ඔන්න ලබන පාර මැයි දිනයට අපි ගාළු මුවදොර පිට්ටනිය ගන්නේ නෑ. ආණ්ඩුවේ පක්ෂ දෙක වෙන වෙනම බැරි නම් එකතු වෙලා හරි ලබන පාර මැයි දිනය ගාළු මුවදොර පවත්වන්නකො. එතකොට ඔය ගැළුවා කියන ජන ගඟ රටේ ජනතාවට හරියටම බලා ගන්න පුළුවන්නෙ. මේක ආණ්ඩුවේ පක්ෂ දෙකටම අභියෝගයක්. මොලය උළුක් වෙන ගණන් හදන්නේ නැතුව ලබන පාර ඉන්න සෙනඟක් ගාළු මුවදොරට ගෙනැවිත් රටටම පෙන්වන්න.

ආණ්ඩුවේ මිතුරන් කෝ?

මේ ආණ්ඩුව විසින් රට බරපතල ආර්ථික අර්බූදයකට තල්ලු කරලා කියලා අපි කියන කොට ආණ්ඩුවේ ඇමතිවරු අපි ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන ඉරිසියාවෙන් බොරු කියනවා කිව්වා. ඔන්න දැන් අපි කියන එකම මහ බැංකු අධිපති ලිඛිතව මුදල් ඇමතිට දැනුම් දී තිබෙනවා. 2016 මහ බැංකු වාර්තාව අනුව 2015 සමග සංසන්දනය කරද්දී ඒක පුද්ගල ආදායම ඩොලර් 3744 සිට 3727 දක්වා අඩු වෙලා. අපනයන ආදායම ඩොලර් මිලියන 10,546 සිට 10,310 දක්වා දක්වා අඩු වෙලා. විදේශ සංචිත අඩු වෙලා. රුපියල පිරිහිලා. කොටස් වෙළඳපොල කඩා වැටිලා. ලංකාවේ ආර්ථිකය දැවැන්ත අර්බූදයක තිබෙන්නේ.

අර්බූදයකදී තමයි අපට යහළුවන් මතක් වෙන්නේ. ඉංග්‍රීසි කියමනක් තියෙනවා friends in need are the friend indeed කියලා. ඇත්තම යාළුවෝ කියන්නේ අර්බුදයකදී උදව්වට එන යාළුවන්ය කියන එකයි ඉන් කියවෙන්නේ. දැන් කෝ මේ අපේ ආණ්ඩුවේ යාළුවෝ ටික. ජනපති සහ අගමැති ලෝකය පුරා රවුම් ගහලා ජාත්‍යන්තරේ දිනා ගත්තා කිව්වානෙ. මේ අර්බූදයෙන් ගොඩ එන්න ඒ යාළුවන් උදව් කරන්න එපායැ. අපේ භාණ්ඩ වලට වෙළඳපොල විවෘත කරන්න බැරි නම් අපේ ශ්‍රමිකයින්ට රැකියා වෙළඳපොල විවෘත කරන්න බැරි නම් අපේ රටේ ආයෝජනය කරන්න බැරි නම් අඩුම ගණනේ මෙන්න මේක තියා ගනින් කියලා පුංචි තෑග්ගක් මිටි මොලවන්න බැරි නම් මේ මිතුරුකම් වලින් ඇති වැඩේ මොකද්ද? මෙන්න මේ ජාතියේ යාළුවන්ට තමයි බුදුන් වහන්සේ වචී පරම මිතුරන් කියලා කිව්වේ. දැක්කම බදාගන්නවා, අතට අත දෙනවා, අපි ඔබ සමගයි කියනවා, අපි දෙන කෑම කාල අපි දෙන තෑගිත් අරගෙන ආපසු තමුන්ගේ රටට යනවා. ආණ්ඩුවේ නායකයින් ලෝකය වටේ රවුම් ගහන එක නවත්තලා මේ වෙසක් සතියේ බණ පොතක්වත් කියෙව්වා නම් මේ වගේ වචී පරම මිත්‍රයින්ට රැවටෙන්නේ නෑ.

– අරවින්ද අතුකෝරල

2 Responses to “නරේන්ද්‍ර මෝදි මෙරට ස්වාධීනත්වයට තර්ජනය කරයි..”

  1. Dilrook Says:

    There seems to be a huge and visible division between parties within the JO. NFF and PJHU oppose Indian hegemony while SLFP, NSSP and MEP members support Indian hegemony.

    This contradiction will ruin electoral prospects. Voters want one policy from a party. UNP and SLFP on the other hand have one policy on Indian hegemony.

    Diverse views add votes but opposing views reduce votes. Unless the JO stops this double game, both India and Lankan voters will reject it. If not, the JO will be torn apart into the pro-Indian camp and the other camp.

  2. Christie Says:

    ඉන්දියානු පරපෝසිත් මහත්ම ගාන්දි නැමැත්තා 1927 ඇවිල්ල උතුර හා කන්ද උඩරට ඇවිදලා සිහින මවාගෙන ගියා. මෝඩි අදිරදයා දෙවරක් ඇවිත් සැබෑවූ සිහින අමතා ගියා.
    ඉන්දියානු අදිරද මෝඩි ඇවිල්ල ඉන්දියානු වැසියන් අමතලා ගියා. අපි සින්හල මුස්ලිම් හා කිතුනුවන් සමග කෙලගන්නවා.අපි අපිත් කෙලගන්නවා. ඒ අතරේ ඉන්දියානු පරපෝසිතයො සින්හල සන්හාරය කරගෙන යනව.

    Gandhi came in 1927 and dreamt about it. Modi saw the realized dreams. Jai Hind. Nonviolent Genocide of Sinhalese.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress