“ඇමති රිෂාඩ්ගේ දූෂණ පිළිබඳ විමර්ශණය කරන අතරතුර මාව තනතුරින් ඉවත් කළා “ – දුෂණ විමර්ශනය විමසීම  සඳහා පත්කල ජනාධිපති කොමිෂන් සභාවේ හිටපු ලේකම්කියයි
Posted on May 18th, 2017

 

මාධ්‍ය ඒකකය දූෂණ විරෝධි පෙරමුණ 

දුෂණ විමර්ශනය විමසීම  සඳහා පත්කල ජනාධිපති කොමිෂන් සභාවෙන් තම ඉවත් කළේ  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා  යටතේ පැවති ලක් සතොස  පිළිබඳව එල්ලවූ චෝදනාවක් විමර්ශණය කිරීම නිසා බව  එම කොමිෂන් සභාවේ   හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.

දූෂණ විරෝධි පෙරමුණ අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. පසුගිය රජය සමයේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා  යටතේ පැවති ලක් සතොස ආයතනය  අක්‍රමික ලෙස සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් මෙරටට ගෙන්වීමේ දී ඇතිවූ දුෂණයක් පිළිබඳ විභාග කිරීම ආරම්භ කිරීමෙන් පසු තමන් එම ධුරයෙන් ඉවත් කෙරුණු බවයි.

සිය කොමිසමේ ආරම්භක යුගයේදී විවිධ දුෂ්කරතා පැන නැගුනද ගරු ජනාධිපතිවරයා මැදිහත් වී කොමිසමේ කටයුතු පවත්වාගෙන යාම සඳහා උපරිම දායකත්වය දැක්වූ බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.  ඇතැම් දූෂණ පිළීබඳ  ප්‍රශ්න කීරීම් සහ විමර්ශණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් විට ඉතා තදබල තීරණ ගැනීමට සිදුවූ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මහා පරිමාන වංචා විමර්ශණ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, ලංකා බැංකු හිටපු සභාපති රැසිරුපාල තෙන්නකෝන්, පුජ්‍ය උලපනේ සුමංගල හිමි, කීර්ති තෙන්නකෝන්, නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි විය.

(එම මාධ්‍ය හමුවේ ඡායාරූප මේ සමඟ යොමු කර ඇති අතර මහා පරිමාන වංචා විමර්ශණ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා දැක්වූ අදහස් පහත සබැඳිය ඔස්සේ බාගත කළ හැකිය. 

https://soundcloud.com/livemediasl/lasil-de-silva )

මාධ්‍ය ඒකකය

දූෂණ විරෝධි පෙරමුණ                                                                                                2017 මැයි 18 වනදා

 

2 Responses to ““ඇමති රිෂාඩ්ගේ දූෂණ පිළිබඳ විමර්ශණය කරන අතරතුර මාව තනතුරින් ඉවත් කළා “ – දුෂණ විමර්ශනය විමසීම  සඳහා පත්කල ජනාධිපති කොමිෂන් සභාවේ හිටපු ලේකම්කියයි”

  1. Hiranthe Says:

    “සිය කොමිසමේ ආරම්භක යුගයේදී විවිධ දුෂ්කරතා පැන නැගුනද ගරු ජනාධිපතිවරයා මැදිහත් වී කොමිසමේ කටයුතු පවත්වාගෙන යාම සඳහා උපරිම දායකත්වය දැක්වූ බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය”

    MR is not a rogue or a thief. He is honest but just a politician.. We know his hands are clean.

    But to safeguard Mother Lanka he has to come out of this “Politician” Shell and act as our great kings who safeguarded Mother lanka without any expectations from people or followers.

    When he come out with such a clean motive, he will not hesitate to demolish the current administrative structure which is dependent on grass root level support flow from PC system, enabling him to get rid of 13A completely.

    13A is the biggest threat to Mother Lanka

  2. Senerath Says:

    Hiranthe,
    He cannot come out of that shell in which he succeeded after many decades. He was the youngest parliamentarian when he first became a MP. 13A cannot be removed now, his very survival need it. He could have easily done it back in 2009 June ,just after the war victory, when everyone including India became silent. He worked with the non-politician hat until the war vicory and then switched the hat back because that is what he really want.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress