ජයවර්ධනපුර රෝහලේ පැවති පූජ්‍ය පක්‍ෂය සඳහා නිදහස් ප‍්‍රතිකාර ලබාදීම නවතාදැමීම
Posted on May 21st, 2017

රධාන ලේකම් ජාතික භික්ෂු පෙරමුණ

ගරු ජනාධිපතිතුමා

ජනාධිපති මන්දිරය

කොළඹ 01.

ජයවර්ධනපුර රෝහලේ පැවති පූජ් පක්ෂය සඳහා නිදහස් රතිකාර ලබාදීම නවතාදැමීම

ජයවර්ධනපුර රෝහලේ පැවති පූජ්‍ය පක්‍ෂය සඳහා නිදහස් ප‍්‍රතිකාර ලබාදීම 2017 අපේ‍්‍රල් 06 දින නිකුත්කර ඇති අභ්‍යන්තර චක‍්‍රලේක අංක 15/2017 අනුව මේ වන විට නවතා දමා ඇත. පැවති එම යහපත් පිළිවෙත වෙනුවට කිලෝමීටර් 05 ක සීමාවක් පනවා ඉන් පිටත සිට පැමිණෙන පූජ්‍ය පක්‍ෂයේ අයගෙන් සම්පූර්ණ මුදල් අයකර ප‍්‍රතිකාර කිරීම මේ වන විට අරඹා ඇත.

මෙය ඉතා කණගාටුදායක තීන්දුවකි. ඉහත චක‍්‍රලේඛනයෙන් පසු රෝගීව, අසාධ්‍යව රෝහලට පැමිණෙන පූජ්‍ය පක්‍ෂයේ ඇත්තන්ගෙන් වෛද්‍යවරු, රෝහල් කාර්යමණ්ඩලය පළමුව විමසන ප‍්‍රශ්නය රෝගී තත්වය පිළිබඳව නොව වාසය කරන්නේ රෝහලේ සිට කිලෝමීටර් කීයක් දුරින්ද යන්න විය යුතුය.

ගරු ජනාධිපතිතුමනි,

ඔබතුමන් ජනාධිපතිව සිටින මේ රට මිනිසුන් නොව තිරිසන් සතුන්ටත් නිදහසේ ප‍්‍රතිකාර කළ බුද්ධදාස රජතුමන්ලා රජකළ රටකි. මේ පෙන්වා ඇත්තේ එවන් රටක නිදහස් සෞඛ්‍ය සේවයේ තරමද? දෙකෝටි තිස් ලක්‍ෂයක ජනතාවක් ඇති මෙරට සියලූ ආගමික නායකයින් සංඛ්‍යාව ලක්‍ෂයක්වත් නොමැත. ලක්‍ෂයක් යැයි සිතුවත් එය සමස්ත ජනගහණයෙන් 0.43% කි. එයිනුත් ජයවර්ධපුර රෝහලට ප‍්‍රතිකාර සඳහා පැමිණෙන්නේ ඉතාමත් සුළුතර පිරිසකි. එය 0.001% ටත් අඩුවිය හැකිය. එවන් අල්ප ප‍්‍රමාණයකට නිදහස් ප‍්‍රතිකාර කිරීමක් කළ නොහැකි තරමට මෙරට ආර්ථිකයත්, සෞඛ්‍ය සේවයත්, සදාචාරය හා සංස්කෘතියත් පිරිහී ඇතැයි යන්න අප මෙයින් තේරුම්ගත යුතුද යන්න ඔබතුමන් අපට වටහා දිය යුතුය.

පූජ්‍ය පක්‍ෂය යනු සමාජයට ආගමික හා සදාචාරාත්මක, සංස්කෘතික අංශයන්ගෙන් මගපෙන්වීම සිදුකරන සමාජය වෙනුවෙන් සිය ජීවිතය පූර්ණකාලීනව කැපකළ පිරිසකි. ඒ අතර භික්‍ෂූන් වහන්සේ යනු සිය පවුල් පරිසරයන් හැරදා, දේපළ සබඳතා අතැර ආ පිරිසකි. ඒ බව මෙරට පාලයින්ට වඩා හොඳින් ජපන් රජය තේරුම්ගත් නිසාදෝ මෙම රෝහල ජපන් ආධාර මත ගොඩනංවා 1984 වර්ෂයේ ලංකාවට ලබාදුන්නේ පූජ්‍ය පක්‍ෂයට ප‍්‍රතිකාර කිරීම සම්පූර්ණ නිදහස්කොට කි‍්‍රයාත්මක කරන එගඟතාවද ඇතුවයි.

ජාත්‍යන්තර වෙසක් දින සමරා බෞද්ධකම ගැන ලෝකෙට පරකාසෙ පෙන්වන ආණ්ඩුව ගෙදරට පෙන්වන මරගාත කෙතරම් හාස්‍ය උපදවන්නේ දැයි සිතේ. ජපනාට ශී‍්‍ර ලාංකික බෞද්ධ භික්‍ෂුව පිළිබඳව ඇති හැඟීමවත් නැති වත්මන් ආණ්ඩුව ගත් මෙම කි‍්‍රයාදාමය පිළිබඳව මහා සංඝරත්නය ප‍්‍රමුඛ පූජ්‍ය පක්‍ෂයේ අප‍්‍රසාදය හා පිළිකුළ පළකර සිටින්නෙමු.

තවද ඉහත චක‍්‍ර ලේඛනය වහා අහෝසිකර පූර්වයේ තිබූ පරිදි පූජ්‍ය පක්‍ෂය සඳහා නිදහස් වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමය නොපමාව නැවත කි‍්‍රයාත්මක කරන මෙන් ඉතා  ඕනෑකමෙන් යුතුව ඉල්ලා සිටිමු. මේ සම්බන්ධව ඔබතුමන් ගන්නාවූ කි‍්‍රයාමාර්ගය කල් නොඉක්මවා දන්වනු ඇතැයි අපේක්‍ෂා කරන්නෙමු.

මෙයට,

 

පූජ් වකමුල්ලේ උදිත හිමි

රධාන ලේකම්

ජාතික භික්ෂු පෙරමුණ

 

පිටපත් :- 01. අධ්යක්ජයවර්ධනපුර රෝහල

  1. සියලූ ජනමාධ්යා

 

සම්බන්ධීකරණය සඳහා :- 0718082647

One Response to “ජයවර්ධනපුර රෝහලේ පැවති පූජ්‍ය පක්‍ෂය සඳහා නිදහස් ප‍්‍රතිකාර ලබාදීම නවතාදැමීම”

  1. Ratanapala Says:

    This is no doubt a way of giving the foremost position to Buddhism in Sri Lanka, protecting and fostering the Buddha Sasana.

    The Constitution of the Democratic Socialist Republic of Sri Lanka says as follows:

    Article 9: “The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e).”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress