දොවාල් දෙවියො
Posted on May 21st, 2017

නලින් ද සිල්වා

මෝදි ලංකාවට ඇවිල්ල කරපු ප්‍රධාන ම කාර්යය තමයි මහින්ද හා ගෝඨාභය හමුවීම. ඊළඟට දික්ඔය දෙමළ ජනතාව ඇමතීම. ඊනියා ජාත්‍යන්තර වෙසක් දිනය අප රැවටීමක් හා රැවටීමක් පමණයි. කෝ එහි සමාප්ති උත්සවයට පැමිණි නේපාල රාජ්‍ය නායිකාව. ඇය තවම ලංකාවේ ද? ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් ඇය ඉන්දියන් පයිසෙකට ගණන් ගෙන නැහැ. මෛත්‍රිපාල ඇය හමුවන්න ඇති. ඇය මහින්ද හමු වුණේ නැහැ. ඇය ජී එල් හමු වුණෙත් නැහැ. ගෝඨාභය හමු වුණෙත් නැහැ. ඇය ගැන කිසිම ආරංචියක් නැහැ. ඊනියා ජාත්‍යන්තර වෙසක් උළෙල තවමත් සමාප්ත වුණේ නැද්ද? ප්‍රබුද්ධ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් අපට යමක් කියනවා ද? පැහැදිලිව ම ඊනියා ජාත්‍යන්තර වෙසක් උත්සවය මෝදිගේ මගෝඩියක්
මෝදි දික්ඔය කළ කතාව අන්තිම භයානකයි. අප ඒ ගැන කලින් සඳහන් කළා. ජාතික ව්‍යාපාරයෙනුත් ඒ කතාවට ඒ තරම් විරෝධයක් එල්ල වුණේ නැහැ. විදේශීය රාජ්‍ය නායකයකු වෙනත් රටක එක් ජනවර්ගයක් පමණක් ඇමතීමත් ඒ ජනවර්ගය තම රට සමග ඇති සම්බන්ධය, සංස්කෘතික සන්තතිකබව ආදිය ගැන මෙරට ජනාධිපති හා අගමැති ළඟ තබා ගෙන කීම ඇතැමුනට නම් ප්‍රශ්නයක් නොවන්නට ඇති. එය කිසිසේත් ම උතුරු පළාතේ දෙමළ නායකයන්ට කළ අවවාදයක්වත් දුන් පණිවුඩයක්වත් නො වෙයි. මෝදි තවත් උතුරක් රට මැද හදන්න ලැහැස්ති වෙනවා. මෛත්‍රිපාල හා රනිල් බලා ගෙන ඉන්නවා.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙදි මෝදි කියා ඇත්තේ ඉන්දියාවෙ හා ලංකාවෙ ආරක්‍ෂාව බෙදා වෙන් කරන්න බැහැ කියලා. එයත් භයානක කතාවක්. එයින් කියන්නෙ මොකක් ද කියන එක පැහැදිලියි. ලංකාවෙ ආරක්‍ෂාවත් ඉන්දියාව භාර අරගෙන. වෛද්‍ය සංගමයේ අය (වෛද්‍යවරුන් නොව) අපට නිකමට කියනව ද ඔවුන් ඉන්දියාවෙ වෛද්‍ය උපාධි කීයක් පිළිගෙන තියනවා ද ඒ පිළිබඳ අදාළ ප්‍රමිති වාර්තා ප්‍රසිද්ධ කරන්න පුළුවන් ද කියා. ඉන්දියාව තම ආරක්‍ෂාව වෙනුවෙන් කියලා හමුදා එවන කොට නිවට ආණ්ඩුවටවත් බටහිර වෛද්‍යවරුන්ටවත් ඒ වළක්වන්න පුළුවන් ද?
මහින්දත් මෝදිගෙ කතා ගැන වැඩි යමක් කී බව වාර්තා වුණේ නැහැ. ඔහු ළඟදි ම ඉන්දියාවට යනවළු. අද ඉන්නේ 2009 සිටි මහින්ද නො වෙයි. එදා තිබූ එඩිතර ගතිය අද දකින්නට නැහැ.  මහින්ද මෝදි හමුවට ගියේ ගෝඨාභය හා ජී එල් පීරිස් සමග. ඒක මහින්ද මෝදි හමුවීමට  කළ ඉල්ලීමකට අනුව සිදු වූ බවයි පේන්න තිබුණෙ. ඒත් ඒක ඉන්දියාවෙ විදේශ අමාත්‍යංශෙ ඕනකමට සිද්ධ වෙච්ච දෙයක්. අද ඩේලි මිරර් පත්‍රයේ ඒ ගැන විස්තරයක් තියෙනවා. එහි සමහර දේ ව්‍යංගයෙන් කියැවෙන්නෙ.  මහින්ද ලවා ආරාධනය කරවා ගැනීමට ඉන්දියාව වෙනුවෙන් ජී එල් හා බැසිල් මැදිහත් වෙලා තියෙනවා. මහින්ද මෝදි හමුවන්න ගිහින් තියෙන්නෙ ඒකාබද්ධ විපක්‍ෂෙ අනෙක් නායකයන්ට නොදන්වා.
එතනදි තවත් වැදගත් පුද්ගලයන් දෙදෙනකු සාකච්ඡාවට සහභාගි වෙලා තියෙනවා. ඒ ඉන්දීය විදේශ ඇමති හා ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල්. ඒ ඩොවාල් ද කියා දන්නේ නැහැ. අපි දොවාල් කියමු. ඒ දෙවොල් නම් නොවෙයි. ඒ නැතත් දොවාල් වැඩ කරන්නෙ දෙවියෙක් වගේ. ගෝඨාභයත් සහභාගි වූ සාකච්ඡාවකට දොවාල් සහභාගි වීම පසුපස බොහෝ දේ කියන්න තිබෙනවා. මේ පිළිබඳ විස්තර දි අයිලන්ඩ් පුවත්පතේ  ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු සඳහන් කර තිබුණා. දොවාල් හම්බන්තොට වරායට චීනය සම්බන්ධ කර ගැනීම පිළිබඳ විරෝධය පළ කර තිබෙනවා. කොළඹ වරාය හා චීනය ගැනත් ඔහුට ප්‍රශ්න තියෙනවා. චීන සබ්මැරීන කොළඹ වරායට පැමිණීම ගැන ඒ දිනවල ඔහු විරෝධය පළ කරලා. ඉන්දියාවවත් චීනයවත් නිස්සරණාධ්‍යාශ්‍යයෙන් අපට ආධාර කරන්නේ නැහැ. චීන ගැත්තන්ට නම් චීනය වරදක් කරන්නේ නැහැ. ඒත් පහුගිය දා බෙයිජිං නුවර තිබූ එක් තීරුවයි ඒක් මාවතයි සම්මන්ත්‍රණය ආසියා කලාපයේ ආධිපත්‍යය තමන් අතට ගැනීමට චීනය මාන බලන බව කදිමට පෙන්නුම් කරන්නක්.
එයට ඉන්දියාව සහභාගි වුණේ නැහැ. රනිල් නම් සහභාගි වුණා. ඔහුට එහි එතරම් තැනක් ලැබී නැහැ. ඉන්දියාව අද බටහිර පිළේ. බටහිරයන් චීන කොලනි ගැන කියන කතා බොරු ම නොවෙයි. චීන ගැත්තන්ට නම් ඒ බොරු. චීනය හෙට බටහිර පිළේ වෙන්න පුළුවන්. දැනට චීනයට එරෙහිව බටහිරයන් ඉන්දියාවට ආධාර කරනවා. අද වෙනත් ආසියාතික රටවලට ඇති ප්‍රශ්නය චීනයටවත් ඉන්දියාවටවත් ගැති නොවී ඉත්තන් නොවී තම ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීම. ඉන්දියාවෙත් චීනයෙත් ඔත්තු සේවා මේ සියලු රටවල ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල ඇතැමුන් මේ ඔත්තු සේවාවල සේවකයන්. ඇතැමුන් සේවය කරන්නෙ ඉන්දියාවෙ හරි චීනයෙ හරි ඉඳන්.
දොවාල් කොළඹ වරාය නගරය පිළිබඳවත් තම විරුද්ධත්වය එකල ගේඨාභයටත් දක්වා තිබෙනවා. ඔහුත් මෙරට සිටි ඉන්දීය මහා කොමසාරිස්ලා හා ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ නිලධාරීනුත් විවිධ අවස්ථාවල හම්බන්තොට හා කොළඹ වරාය පිළිබඳ මහින්දටත් ගෝඨාභයටත් තම විරුද්ධත්වය පළ කර තිබෙනවා. චීනයේ සහභාගීත්වය අයින් කිරීමට කියා තිබෙනවා. මෝදි දොවාල් සමග මහින්ද හා ගෝඨාභය හමු වූයේ කුමකට ද යන්න ගැන ජී එල් අපට කිසිවක් නොකිව්වත් හිතා ගන්න පුළුවන්. ජී එල් බටහිරට හා ඉන්දියාවට සේවය කරන්නෙක්. ඒත් මහින්ද ජී එල් විශ්වාස කරනවා. ඉන්දියාවත් අද බටහිර පිළේ. අද ආණ්ඩුව චීනයටත් යනවා. ඉන්දියාවට ඒක වළක්වන්න ඕන.
ඉන්දිරා ගාන්ධිගේ කාලයෙත් ඉන්දියාව මෙරට අස්ථාවර කරන්න පියවර ගත්තා. දෙමළ ජාතිවාදීන්ට අවි පුහුණුව ලබා දුන්නා. අදත් ඔවුන් ලංකාව අස්ථාවර කරන්න උත්සාහ ගන්නවා. ඉන්දියාවට උතුරු පළාතේ හා කඳුකරයේ දෙමළ ජනයාට ගෙවල් හදලා දුන්නට, ගිලන් රථ කිහිපයක් දුන්නට වෙනත් ආධාරයක් කරන් ශක්තියක් නැහැ. ඒත් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි හරහා චීනයේ එක් මාවතට (සමුද්‍ර මාවතට) අකුල් හෙළන්න ඕන. එට්කා හරහා පමණක් නොව බටහිර වෛද්‍යවරුන්ගෙ අදූරදර්ශී ප්‍රතිපත්ති හරහාත් ඉන්දියාව මෙරටට වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයකයන් එවන්න කටයුතු කරාවි. සමුද්‍ර පාළම තනා අප ඔවුන්ගේ කොටසක් බවට පත්කර ගන්න උත්සාහ කරනවා. මෝදිටත් දොවාල්ටත් අවශ්‍ය මහින්ද හා ගෝඨාභය චීන බලපෑම්වලින් ඉවත් කරන්න. ඒ අතර ව්‍යවස්ථාව සම්පාදනය කර දෙමළ ජාතිවාදීන්ට කප්පන් දීමට මහින්ද හවුල් කර ගැනීමට. හැකිනම් මහින්ද හා ගෝඨාභය දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම. ඒ සඳහා ඔවුන් දෙදෙනාට බල කිරීම. ජී එල් ඉන්දියාව හා බටහිර වෙනුවෙන් ඒ කාර්යය කරනවා.
අද අවාසනාවකට රටේ ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගනිමින් ඉන්දියාවට හා චීනයට එක්වර මුහුණ දිය හැකි දේශපාලනඥයන් අපට නැහැ. අද ඔවුන් දන්නේ රටේ කොටසක් චීනයට දීමටත් අනෙක් කොටස ඉන්දියාවට දීමටත්.

 

නලින් ද සිල්වා

2017 මැයි 20

8 Responses to “දොවාල් දෙවියො”

  1. Leela Says:

    අපි දන්න ඉතිහාසය අනුව බුද්ධාගම ලංකාවට අාවෙ දැන් ඉන්දියාව කියන රටෙනුය්. සිංහලයගෙ අාරම්භකයා වන පන්ඩුකාභයගෙ මුත්තෙක් වන විජය ලංකාවට අාවෙත් දැන් ඉන්දියාව කියන රටෙනුය්. සිංහල රාජධානි කොල්ල කාල විනාස කොරන්න කාලිංඟ-මාඝ ල ලංකාවට අාවෙත් දැන් ඉන්දියාව කියන රටෙනුය්. වතුකරයෙ දෙමළ අය ලංකාවට අැවිත් තියෙන්නෙත් දැන් ඉන්දියාව කියන රටෙනුය්. අද ඉන්දියාව අති විශාල ජනගහනයක් සහිත එක්සත් රටක් පමණක් නෙවෙය් බලගතු රටක්. අපි කැමති උනත් අකමැති උනත් ඉන්දියාව තියෙන්නෙත් ලංකාවට කිලෝ මීටර කිහිපයක් දුරිනුය්. අනෙක ඉන්දියාවෙ දේසපාලනය ඉතාම සංකීර්නය්. ඉතින් මහින්ද ඉන්දියන් අගමැති හමුවීම මට නම් වරදක් හැටියට පෙනෙන්නෙ නැහැ. එ් මහින්ද සහ ඝෝටා පරයින්ගෙ ඝනයට නොවැටෙය් කියන විශ්වාසය තියන නිසය්. මගේ අදහස නම් GL යනු මහින්දලාට නැතුව බැරි පහසු කම් සපයන්නෙක් යන්නය්. කොහොම උනත් නලීන්ගෙ අදහස් උදහස් කාලෝචිතය් හොඳය්. මහින්දලාට ඉතා ප්‍රයෝජනවත් වේවි.

  2. Senerath Says:

    රාජපක්‍ෂ උතුමන් යටතේ නම් ඉංදියාව කියන විධියට 13 අ යටතේ ඕනෑම පාලනයක් හොඳයි කියලාද ලීලාවර්ධන මහතා කියන්නේ ? ඔබතුමාගේ කොමෙන්ට් බැලුවාම මටනම් පැහැදිලි ඒකයි.එලෙසම, ඒ වගේම පාලනයක් රනිල් යටතේ දේශද්‍රෝහී වෙයි නම් වෙනස ඇත්තේ මනසේ පමණකි. කලුකොඩි දාපු දුප්පත් සුනිල් අතරමං

  3. Lorenzo Says:

    Leela,

    MR meeting Modi is NATURAL. MR publicly claimed Endia is his relative and he regularly visited Thirupathi. MR even went to MODIYA’s inauguration.

    But why did GR do to meet MODIYA?

    Anyway RAW only trusts Sira and Run-nil. RAW controls MODIYA and NOT the other way round. MR dispatched RAW SL chief ILANGO in 2014. RAW will not forgive MR and GR. Now Pakistan’s ISI will also follow MR and GR thinking they are with Endia.

    MR and GR SOUGHT MODIYA but MODIYA never sought them.

    e.g. When I was a kid I had a big crush on Suganthini. She used to take 155 bus for tuition like me from Wellawatte to Kottachena. I made sure I met her but she was not keen. ONE SIDED.

  4. NAK Says:

    India seem to read the writing on the wall and preparing themselves. Meeting Mahinda And Gota is the first step in that direction.

  5. Leela Says:

    සෙනරත් දේසපාලනේ ගැන උන්නදු වෙන මෙතන ලියන අපි කාටවත් ජනාධිපති/අගමැති වෙන්න සිරිසේනට වැදිච්ච පොට්ට චාන්ස් එක වත් වදින්නෙ නැහැ. ඊලඟ චන්දෙදි ජනාධිපති වෙන්නෙ එක්කො රනිල් නැත්නම් මහින්දගෙ කෙනෙක්. ඒ්කය් යතාර්ථය. මම හිතන්නෙ රනිල් වැඩ බැරි උපන් ගෙය් පරයෙක් කියලය්. රාජපක්ෂලගෙ වැරදි තියනවා නමුත් වැඩ කාරයො බව ක්‍රියාවෙන් පෙන්නුවා. ඒවගෙම මම ඔවුන්ට පරය බෝඩ් එක එල්ලන්න නැහැ. ඒ නිසා මම මහින්දට කඩේ යනවා.
    Lorenzo, “But why did GR go to meet MODIYA?” Well, I believe it is the same reason why Mahinda met him. For one thing, Keen or not or ONE SIDED, Rajapakses did mange India to finish LTTE. And I love to see them replay it.

  6. Ananda-USA Says:

    NAK,

    I agree with you. Modi is PREPARING to accommodate a REGIME CHANGE in Sri Lanka that is UNFAVOURABLE to India.

    If RAW is truly an INTELLIGENCE arm and not an OXYMORON, Modi would gave been so advised by them that their best laid plans are all going astray in Sri Lanka … ONCE AGAIN!

    For Modi, better half-a-coconut than no coconut at all.

  7. Lorenzo Says:

    Leela and NAK,

    You are 50% right and 50% wrong.

    IF Endia is as powerful and influential as you say why should MODIYA care if SL president is Gonason, Gotabhaya, Gonil or Gorisena? It does NOT matter at all!! So that was NOT the reason for the meeting with MR and GR.

    e.g. I don’t care if it is Valliamma, Kannamma or Ponamma who cleans my place because I’m the master. But if I expect a guest, I tell them to FINISH cleaning BEFORE they arrive so they can comfortably do their business.

    Before the meeting, MODIYA called Sirisena and asked how he can HELP his PUPPET SIRISENA by TAMING MR and GR. Sirisena asked for a LIST of help. MODIYA instructed MR and GR NOT to………

    1. Disrupt Endian deals
    2. Disrupt constitution changes
    3. Disrupt federalism and REDUCING Buddhism from supreme place
    4. Disrupt the govt.
    5. Have ANY presidential and PM ambitions as Endia trusts Ranil and Sirisena more.

    Lets see if MODIYA can trust them.

    This was how ALL Endia discussions end – ONE SIDED!!

  8. Leela Says:

    Lorenzo, As usual you have backed your point very well. I do not deny that Modiya wants Sri Lanka to be his vassal state.

    We must not forget that Sri Lanka is in this predicament simply because Ranil/Sira do know how to play the China card with India. As the former Foreign secretary Shiva Shankar says Rajapakses played the China card very well and managed India to Sri Lanka favor. So we the voters of Sri Lanka should not give any choice to Modi: He should be compelled to trust Rajapakses.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress