නාලක හිමියන්ට නැති ශිවාජිලිංගම්ට ඇති නිදහස
Posted on May 22nd, 2017

නලින් ද සිල්වා

ජාතික හිමිකම් සංවිධානය මුල් වී ඊයේ (20 වැනි දා) නිදහස් චතුරස්‍රයේ රණවිරුවන් සැමරීමට යොදා ගෙන තිබුණා. ඒ සඳහා නීතිඥ බැල්ලන්තුඩාව සංස්කෘතික අමාත්‍යාංශයෙන් නියමිත මුදල් ගෙවා අවසර ගෙන තිබුණා. පසුව ඇතැම් සංවිධාන ද එයට එකතු වී තිබුණා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය කණ්ඩායමක් ලෙස එකතු වී තිබුණේ නැහැ. මට දැන ගැනීමට ඇති ආකාරයට ඒ රැස්වීමට සහභාගි වන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයට කළ ආරාධනයවත් නිළ වශයෙන් පිළිගෙන තිබුණේ නැහැ. ඒ ඇයි ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් පසුව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් එය සංවිධානය කෙරුණේ තමන්ගේ ද සහභාගීත්වයෙන් කීමට උත්සාහ ගත්තා. එසේ කෙළේ රැස්වීමට අවසර නැති බව ප්‍රකාශ වීමෙන් පසුව!

නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට නියමිත ව තිබූ රැස්වීමට දී තිබූ අවසරය අවලංගු කළ බවට එයට පෙර දින (19 වැනි දා) සවස පහට පමණ සංවිධායකයන් වෙත දැනුම් දී තිබෙනවා. එසේ දැනුම් දී ඇත්තේ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරිය. ඇය කියා ඇත්තේ එදින ඒ වෙලාවට ම  නිදහස් චතුරස්‍රයේ තවත් රණවිරු සැමරීමක් පැවැත්වෙන බවත් එබැවින් ජාතික හිමිකම් සංවිධානයට දී තිබූ අවසරය අවලංගු කිරීමට ඇයට උපදෙස් ලැබී ඇති බවත්.  මෙය හතර බීරි කතාවක් යැයි කියන්නට මා පෙළඹෙන්නේ නැහැ. දේශපාලනඥයන්ට ඇත්තේ බිහිරි අලින්ටත් නැති බිහිරි බවක්.

ජාතික හිමිකම් සංවිධානයේ රැස්වීමට මුලින් ම අවසර දුන්නේ නිදහස් චතුරස්‍රයේ එදිනට වෙනත් රැස්වීමක් නොතිබූ නිසයි. ඒත් පසුව වෙනත් රැස්වීමක් තිබෙන බව ලේකම්වරිය පවසන්නේ කෙසේ ද? නිදහස් චතුරස්‍රයේ එදින ඒ වෙලාවට වෙනත් රැස්වීමක් නොතිබූ බව එහි ගිය සියල්ලන්ට ම පෙනී ගියා. කෙසේ වෙතත් ඒ වන විට ජාතික හිමිකම් සංවිධානය තීරණය කරළා නිදහස් චතුරස්‍රයේ සිට පෙරහැරකින් විහාර මහා දේවී උද්‍යානයට ගොස් එහි බුදු පිළිම වහන්සේ අබියස පින්කමක් පැවැත්වීමට. ඒ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් උන්වහන්සේගේ කෙටි අනුශාසනයකින් දැනුම් දුන්නා. උන්වහන්සේ විහාර මහා දේවී උද්‍යානයේදීත් ඉතාමත් සංයමයකින් කටයුතු කළා. තැන්පත් ව අනුශාසනා කළා. එහෙත් ඇතැම් භික්‍ෂූන් වහන්සේ ගැන එසේ කියන්නට බැහැ. ගිහි තරුණයන්ගේ බසින් නම් උන්වහන්සේලා පොර ටෝක් දීම පමණයි කරන්නේ. ඒ රනිල්ට ඉණිමං බැඳීමක්.

නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට තිබූ රැස්වීම අවලංගු කෙරුණේ කාගේ උපදෙස් මත ද? සංස්කෘතික ඇමතිගේ ද, විපක්‍ෂ නායකගේ ද, විපක්‍ෂ සංවිධායකගේ ද, ආණ්ඩු පක්‍ෂ සංවිධායකගේ ද, පොලීසිය භාර ඇමතිගේ ද(රැස්වීම අවලංගු කළ බව දැන්වූ ලිපියේ පිටපත් පොලීසියට ද යවලා) පොලිස්පතිගේ ද, ආරක්‍ෂක ඇමතිගේ ද, වයඹ සංවර්ධන ඇමතිගේ ද,  ආරක්‍ෂක ලේකම්ගේ ද, අගමැතිගේ ද, ජනාධිපතිගේ ද ඔවුන්ගේ ලේකම්වරුන්ගේ ද වෙනත් කාගේවත් ද කියා අපට දැන ගැනීමට ලැබෙන එකක් නැහැ. එහෙත් ඒ ගැන ජනාධිපති කියන්නේ මොකක් ද කියා දැන ගැනීමට කැමතියි.

අද ශිවාජිලිංගම්ට උතුරු පළාතේ ඇති නිදහස පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ට කොළඹ නැහැ. උන්වහන්සේ මෙහෙයුම් පැවති කාලයේ නොවැඩි හමුදා කඳවුරක් තිබුණේ නැහැ. ශිවාජිලිංගම්ලාගේ ගෝලයන් ඒ කඳවුරුවලට අභියෝග කරනවා. බටහිර සිටින විසුරුණු දෙමළ ජනයා මත පදනම් ව දේශපාලනයේ නිරත වන විග්නේස්වරන් උතුරු පළාතෙන් සියලු හමුදා කඳවුරු ඉවත් කිරීමට ආණ්ඩුවට බල කරනවා.  ශිවාජිලිංගම් කිහිප දෙනකු සමග එක් වී කොටි ත්‍රස්තවාදීන් සමරණ විට එයට ජනමාධ්‍ය පඬියන්, ප්‍රවෘත්ති සංස්කාරකවරුන්, විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනවා. 

රනිල්ට අවශ්‍ය කුමක් ද කියන එක කවුරුත් දන්නවා. ඔහු බටහිරයෙක්. ඔහුට අවශ්‍ය සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදියට කප්පන් දීම. අලුත් ව්‍යවස්ථාවක් අසම්මත ලෙස සම්පාදනය කර සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීම. මෛත්‍රිපාල එයට උදවු දෙනවා ද? ජාතික හිමිකම් සංවිධානයේ රැස්වීමට දී තිබූ අවසරය අවලංගු කරනු ලැබුයේ මෛත්‍රිපාලගේ අනුදැනුම ඇතිව ද?

අද ඇත්තේ මෛත්‍රිපාල රනිල් ආණ්ඩුවක් නොව රනිල් සම්බන්ධන් ආණ්ඩුවක්. මෛත්‍රිපාල මේ ආණ්ඩුවට ඉඳහිට බාධා ඇති කරනවා පමණයි. මෛත්‍රිපාලගේ ඇමතිවරුත් ආණ්ඩුවට විරුද්ධව ඉඳහිට කෑ ගහනවා. එහෙත් රනිල් තමන්ට අවශ්‍ය ආකාරයට ආණ්ඩුව ගෙන යනවා. රනිල් ශිවාජිලිංගම්ට දෙමළ ත්‍රස්තවාදීන් සැමරීමට නිදහස දෙනවා. එහෙත් ඔහුගේ ආණ්ඩුව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ට රණවිරුවන් සැමරීමට නිදහස දෙන්නේ නැහැ. රනිල්ගේ ආණ්ඩුව ත්‍රස්තවාදීන් හිරෙන් නිදහස් කරනවා. රණවිරුවන් හිරේ දානවා.

මෛත්‍රිපාල රනිල්ට තව දුරටත් ඉඩ දෙනවා ද? මහින්ද හා මෛත්‍රිපාල රටට හෙණ ගැහුවත් තම පෞද්ගලික එදිරිවාදුකම් ඉදිරියට ගෙන යනවා ද? මෛත්‍රිපාල මහින්දට ද්‍රෝහී වූ බව ඇත්තයි. ඒත් රනිල් ඉවත් කිරීමට ඒ දෙදෙනා එකතු වීිය යුතුයි. දිගට ම රනිල් පවත්වාගෙන යෑම රටට කරන බලවත් ම ද්‍රෝහිකමයි. එහි දී මහින්ද මෛත්‍රිපාල එකතුවකට විරුද්ධව ජී එල් වැනි අය කියන දේට සවන් නොදිය යුතුයි. 

කවුරු කවුරුත් 2019/2020 මැතිවරණ ජනාධිපතිවරණ පමණක් නොව පළාත් පාලන මැතිවරණත් අමතක කර රට ජාතිය ආගම ගැන පමණක් සිතා දේශපාලනයහෙි නිරත විය යුතුයි. මැතිවරණ දිනාගැනීමට වුණත් මහින්ද මෛත්‍රිපාල එකතුවීමට අවශ්‍ය තැනකට රට තල්ලු වී ගෙන යනවා. එසේ එකතු නොවුණහොත් ශිවාජිලිංගම්ලා තමන්ට අවශ්‍ය අන්දමට රට පාලනය කරාවි. ජාතියේ මූරදේවතාවුන් වහන්සේට නිදහස් චතුරස්‍රය පමණක් නොව නිදහස ද අහිමි වේවි.

 

නලින් ද සිල්වා

2017 මැයි 21

3 Responses to “නාලක හිමියන්ට නැති ශිවාජිලිංගම්ට ඇති නිදහස”

  1. Leela Says:

    රණවීරැවන් සැමරීම මහින්දලට අවශ්‍ය නැද්ද එසේ නැතිනම් නලින් කලින් කියල කියපු විදිහට ජීඑල්ගෙ බලපෑමට මහින්ද වෙනස් වෙලාද?

    උත්තරය මොකක් උනත් මහින්දලට විමල්ලට එකක් කිව යුතුය්. බහුතර මුස්ලිිම් චන්ද කවදාවත් විමල්ලට රාජපක්ෂලට දුන්නෙ නැහැ ඉස්සරහට දෙන්නෙත් නැහැ. හැමදාම කුට්ටියක් හැටියට මුස්ලිම් චන්ද වැටුනෙ මුස්ලිම් පක්ෂ වලට හෝ උන් කියන විදිහටය්. මුස්ලිම් පක්ෂ නැති නම් එජාප යටය්.

    ගිය සැරේ (2015) මහින්ද පැරදුනේ මුස්ලිම් චන්ද නිසය් කියන්නෙ උන්ම හදපු මිත්‍යාවක්. 90% ක් 95% ක් සිංහල බෞද්ධයින් සිටින මහරගම කැස්බෑව හෝමගම අාසන හොඳම උදාහරනය්. ඒ සියලු අාසන වලින් 2015 දි මහින්දට ලැබුනෙ 2010 දි ලැබුන චන්ද වලට සෑහෙන අඩු ප්‍රතිශතකයකුය්. අැත්තටම මුලු රටේම 2010දි මහින්දට චන්දෙ දුන්න සිංහල බෞද්ධයො සෑහෙන ප්‍රතිශතකයක් 2015 දි මහින්දට විරැද්ධව චන්දෙ දුන්නා. අැය් එහෙම උනේ? ප්‍රධාන වශයෙන්ම මහින්ද පැරදුනේ හොරා හොරා කියන බොරැවට සහ රු.10,000/- ට සිංහලය රැවටිච්ච නිසා බව ගමේ ජීවත් වන මට නම් මේ වෙන කොට හොඳටම පැහැදිලිය්. හැබැය් එන චන්දෙකදි නම් බොරැවට රැවටෙන අය හරිම අඩු වෙය්. මහින්දලා විමල්ලා එකක් සිහි තබා ගත යුතුය්. එනම් මේ එන සැරෙත් මුස්ලිිමුන් සහ දෙමළ අති බහුතරය චන්දෙ දෙන්නෙ මහින්දට විරැද්ධවය්.

  2. Dilrook Says:

    @Leela

    Mahinda lost in Sinhala majority electorate in Colombo district because JHU supported Sirisena and UNP was led by a well known Buddhist Wijedasa Rajapakse. Mahinda lost Gampaha District (the largest Sinhala District) due to the shooting death of Sinhalese there in 2013.

    Corruption allegations were there against Sirisena, Ranil, Chandrika, Rajitha, Fonseka, etc. as well. Mahinda was blamed for corruption in 2005 and 2010 much more than 2015! But still he won. It was not corruption allegations that turned Sinhala voters against Mahinda.

    Tamil and Muslim voters will never vote for any Rajapaksa. That is certain.

  3. Ananda-USA Says:

    When Gnanasara Thero and the BBS defends LEGITIMATE Sinhala Buddhis interests and National Archeological Treasures …. they are LABELLED as JAATHIWAADAYO and RACISTS!

    But when wahhabi Muslims and Eelamist Tamils seize Government Lands, desecrate Buddhist Monuments, THREATEN the government, BAN the President from visiting the North, and DENY Sinhala people EQUAL ACCESS to Land in the North and East, they are VICTIMS and FREEDOM FIGHTERS deserving PROTECTION!

    And our JAUNDICED National Government, the Yamapalanaya, HITS ONLY the Sinhala PATRIOTS!

    Is this a Muslim majority or a Tamil majority nation? Am I simply LABORING UNDER A FALSE ILLUSION that Sri Lanka is PRIMARILY a Sinhala Buddhist nation?

    It is HIGH TIME we OUSTED this PARA-GATHI DESHA-DROHI Yamapalanaya and RESTORED a PATRIOTIC government to OUR Motherland!

    ………………………………..
    Arrest Muslim racists before arresting Gnanasara Thero

    DailyMirror.lk
    2017-05-25 23:10:50

    Sinhala Ravaya General Secretary Magalkande Sudaththa Thera said today stern action should be taken to arrest Muslim minsters who supported Muslim extremism before Bodu Bala Sena (BBS) General Secretary Gnanasara Thera was arrested.

    Sudaththa Thera told a news conference that Muslim political factions were trying to label Gnanasara Thera as another Prabhakaran who was igniting racism and causing harm to the Muslim community.

    “According to them Gnanasara Thera is the worst criminal in the country and the one who is destroying the archaeological sites in the country, the one who has destroyed forest reservations and the one who bring drugs into the country,” the Thera said.

    He said Gnanasara Thera raised his voice against the destruction of the Sinhala Buddhist archaeological sites and the clearing of forest reserves in the country.

    “He has done nothing bad to the country,” the Thera said.

    Sudaththa Thera said several attempts had been made by several extremists groups to assassinate Gnanasara Thera and contracts had been offered to these groups.

    “Today, a warrant had been issued to arrest Gnanasara Thera. However, there is no one in charge of issuing the warrant. No police department had been informed to arrest him, the minister who is in charge of the police department or the Justice and Buddha Sasana Minister does not know about the arrest. Therefore, it’s reasonable to believe that there is an attempt to abduct Gnanasara Thera and assassinate him,” Sudantta Thera said.

    He said the BBS was not responsible for the attacks on Muslim religious centers and that there should be credible inquiries regarding these attacks.

    “We also condemn these attacks. Investigations should be made to arrest Muslims who attacked their mosques,” he said.

    The Thera said, Northern Province Chief Minister C.V. Wigneswaran should be arrested first followed by Northern Provincial Councillor M.K. Sivajilingam.

    He said Mr. Sivajilingam has allegedly said that even President Maithripala Sirisena could be arrested if he comes to Jaffna and make statements which ignite racism.

    “Then State Minister of Child Affairs, Vijayakala Maheswaran should be arrested. Later, Trade and Investment Minister Rishard Bathiudeen, National Unity Front Leader Azath Sally should also be arrested for issuing statements igniting racism, Gnanasara Thera could be the last one to be arrested,” the Thera said. “Now the Muslim extremists claim that they are having a problem of having archaeological sites in their living areas such as in Eastern Province. However, the Archaeological Department Director had been removed to ease their work,” the Thera said. (Chaturanga Pradeep)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress