සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් ප‍්‍රාදේශීය මාධ්‍යවේදී බෙනට් ෆර්ඩිනැන්ඩස් මහතාට තර්ජනය කිරීම – පහර දීමට උත්සහ කිරීම සම්බන්ධව
Posted on June 11th, 2017

බී. අයි. ආබ්ඞීන් සභාපති Sada Haritha 

ගරු මුදල් හා ජනමාධ් අමාත්,
මංගල සමරවීර මැතිතුමා,
මුදල් හා ජනමාධ් අමාත්යාංශය
කොළඹ.

ගරු ඇමතිතුමනි.

සංචාරක අමාත් ජෝන් අමරතුංග මහතා විසින් රාදේශීය මාධ්යවේදී බෙනට් ෆර්ඩිනැන්ඩස් මහතාට තර්ජනය කිරීමපහර දීමට උත්සහ කිරීම සම්බන්ධව

ඊයේ, එනම් ජූනි 08 වන දින මුතුරාජවෙලට, කොළඹ කසළ බැහැර කිරීම සම්බන්ධව නාගොඩ ප‍්‍රදේශවාසීන් සමග සංචාරක අමත්‍ය ජෝන් අමරතුංග මහතා ඹහුගේ කඳාන නිවෙසේදී සාකච්ඡාවක් කැඳවා තිබුණි. එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත කරුණු දැක්වීමේදී මාධ්‍යවේදීන් විසින් මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට අදාල අමාත්‍යවරයාගේ සම්බන්ධය ප‍්‍රශ්න කර ඇත.

එහිදී උරණ වූ අමාත්‍යවරයා ප‍්‍රාදේශී මාධ්‍යවේදී බෙනට් ෆර්ඩිනැන්ඩස් මහතාට අසභ්‍ය වචන භාවිතා කරමින් පහරදීමට උත්සහ කර ඇත. ඉන් අනතුරුව ඹහුගේ ආරක්ෂකයන් අමතා ෆර්ඩිනැන්ඩස් මහතා හා සිරස ප‍්‍රාදේශීය මාධ්‍යවේදී පේ‍්‍රමලාල් මහතා ඹහුගේ නිවසෙන් ඉවත් කරන ලෙස අණකර ඇත.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනා මුතුරාජවෙල පරිසර පද්ධතිය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ජනතාවට අඛණ්ඩව තොරතුරු වාර්තා කරමිින් බලධාරීන් ප‍්‍රශ්න කරමින්, ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය දිගින් දිගටම ඉටුකල මාධ්‍යවේදීන්ය. ඔවුනට පහර දීමට තැත්කිරීම පසුගිය කාලයේ මාධ්‍යවේදීන්ගේ කට කැපීම, පිට කැපීම, පහරදීම, අතුරුදහන් කිරීම, නැවත නැවතත් සිහියට නංවයි. යහපාලන විරාමය  අවසන්ව ඇති බව පෙන්වා දෙයි.

මුතුරාජවෙල සංවේදී පරිසර පද්ධතියට කසළ බැහැර කිරීමේ අපරාධයට, ඉහත අමාත්‍යවරයාගේ ඇති සම්බන්ධය ප‍්‍රදේශයේ ජනතාව ලෙස ප‍්‍රශ්න කිරීම දරාගත නොහැකිනම් අමාත්‍යවරයා කළයුතුව ඇත්තේ ප‍්‍රදේශවාසීන්ගේ පාරිසරික ගැටළුව වෙනුවෙන් පෙනී සිටීමයි. එහෙත් ඔහු පසුගිය කාලයේ රාජ්‍ය සේවකයන් ගස් බැඳීමට මැදිහත් වූ ඇමතිවරුන් සිහියට නංවමින් ප‍්‍රචණ්ඩ ලෙස හැසිරේ. එම නිසා ඇමතිවරයාගේ නොහික්මුණු මැදීහත්වීම හෙළාදකින අප සංගමය, ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස විධිමත් පරීක්ෂණයක් කර අදාළ මාධ්‍යවේදීන් දෙදෙනාගේ ආරක්ෂාව තහවරු කිරීමට මැදිහත්වන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
බී. අයි. ආබ්ඞීන්
සභාපති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress