ප්‍රචණ්ඩ හැසිරීම් පෙන්වන භික්‍ෂූන් ලිංගික අපයෝජනයන් වල වින්දිතයන් ද ?
Posted on June 17th, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

බෞද්ධ භික්‍ෂුවකගෙන් සමාජය උවැසියන් බලාපොරොත්තු වන්නේ සංවර හැසිරීමකි. නීග්‍රෝධ සාමනේරවන්  පරමාදර්ශී භික්‍ෂු හැසිරීමක් අපේක්‍ෂා කරන බෞද්ධ සමාජය අද දකින්නේ ඉතා අවිනීත ලෙස කුණුහරප කියන , බැණ වැදීම් කරන සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොව පොලිස් නිලධාරීන්ටද පහර දෙන වල් වැදී ගිය චීවරධාරීන් පිරිසකි. සමහරක් විට සිවිල් සමාජයද මෙම ප්‍රචණ්ඩ හැසිරීම් සාධාරණීකරනය කරන්නේ සිංහලයන්ට බුද්ධාගමට වින කිරීමට බාහිර සතුරන් එන විට භික්‍ෂූන් පෙරමුණ ගන්නා බව කියමිනි. සිංහල ජාතියට හෝ බුද්ධාගමට එරෙහි සතුරු ආක්‍රමණ ආ විට පෙර කාලයේ භික්‍ෂූන් නම් කරන ලද්දේ උපැවිදිව සටනට ගොස් සතුරා නසා යලි සාසනයට ඇතුළු වීමයි. නමුත් වර්තමානයේ කියා සිවුර කරට ගෙන සිංහල ජාතිය  හා  බුද්ධාගම රැකීමට එන චීවරධාරීන් කරන්නේ සමාජ ප්‍රචණ්ඩත්වයේ යෙදීමත් අන්තවාදය වැපිරීමත් ය​. මෙය එක්තරා ආකාරයකට බුදු දහමට එරෙහි බලවේග වලට ආයුධ සපයා දීමක් ලෙස නම් කල හැකිය​. 

 කුඩා ළමුන් බොහෝ විට අද  මහණ කිරීම සඳහා සංඝ  සාසනයට  ඇතුළු වන්නේ සමාජ ආර්ථික ගැටළු නිසාය​. මෙලෙස මහණ කිරීම සඳහා සංඝ  සාසනයට ඇතුලත් වන ළමයා බොහෝ විට ඉතා කුඩා කාලයේ සිටම දරිද්‍රතාව , මාතෘ හෝ පීතෘ වියෝග කාංසාව වැනි සාධකයන්ට ලක්ව පන්සලට ඇතුළු වෙයි. පන්සලේදී සාමනේර තත්වයට පත් වන ළමයාට බොහෝ විට වැඩහිටි භික්‍ෂූන් ගෙන්  කායික මානසික අතවර පමණක් නොව ලිංගික අපයෝජනයන්ටද ලක් වීමට සිදුවේ. මෙලෙස වසර ගනනාවක් විවිධ අපයෝජනයන්ට ලක්ව සමාජය ඉදිරියට එන්නේ කාල බෝම්බයක් බඳු පුද්ගලයෙකි. මෙම පුද්ගලයන් සමාජ ප්‍රචණ්ඩත්වයේ යෙදීමේ සම්භාවිතාව  ඉහල අතර ඔවුන්ව  

අතකොළු ලෙස බොහෝ අන්තවාදී සංවිධාන වලට භාවිතා කල හැකිය​. 

 අපරැක්කේ පුඤ්ඤානන්ද භික්ෂුවගේ සිද්ධිය 

බාලවයස්කාර කුඩා සාමනේර හිමිවරුන් පස්දෙනෙකුට බරපතළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අපරැක්කේ පුන්‍යානන්ද හිමියන්  අදාළ සාමනේර හිමිවරුන්ට ඉඳහිට ලිංගික අතවර කළ බව  පිළිගනිමින් කටඋත්තරයක් ලබාදී ඇතැයි  අධිකරණයේදී හෙළිවිය. 

නාගස්ඇල්ල පමුණුව ශී‍්‍ර විවේකාරමයේ විහාරාධිපති වන අපරැුක්කේ හිමියන් රාතී‍්‍ර කාලයේදී මෙම සාමනේර හිමිවරුන් බියවද්දා ලිංගික අතවර කර ඇතැයි ද පැවසේ.  මෙම සාමනේර හිමිවරුන් වයස අවුරුදු 10ත් 14 ත් අතරේ පසුවූ අතර මෙම වින්දිත සාමනේර හිමිවරුන්ට උපදේශන ප්‍රතිකාරයක් ලැබුනේද යන්න පිලිබඳව සඳහනක් නැත​. 

 ස්වපීඩාකාමී භික්ෂූන් 

විරෝධතාවන් සඳහා ගිනි තබාගෙන මැරෙන බවට හෝ එසේ ගිනි තබා ගෙන දිවි තොර කර ගැනීමට උත්සහ කල භික්‍ෂූන් පිලිබඳව මෑත කාලයේදී වාර්තා වී තිබේ.  බෝවත්තේ ඉන්දරතන යනු ගව ඝාතනයට විරෝධය දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට  දී සිරුරට ගිනි තබාගත්  භික්‍ෂුවකි. මෙම භික්‍ෂුව පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු  කර ඇති අතර එම භික්‍ෂුවට එරෙහිව උසාවි වරෙන්තු කීපයක් තිබූ බවද පොලිස් පරීක්‍ෂණ වලදී හෙලි විය​.   

බොහෝ විට ස්වපීඩකත්වය ව්‍යභිචාරී ආශයන් නිසා පැන නගින බව මනෝ විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ. මේ නිසා ස්වපීඩක චර්‍යාවන් පෙන්වන භික්‍ෂූන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම මගින් ආත්ම හානි අවම කර ගත හැකි වෙයි. 

මිනිස් බෝම්බයක් වීමට උත්සහ කල සොල්දාදුවා   

 යුද හමුදා රෝහලේ මා සේවය කල කාලයේදී දුස්සාධ්‍ය විශාදයෙන් පෙළුණු එක් සොල්දාදුවෙකු මා වෙත පැමිණ ඔහුට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වී සතුරා නැසීමට අවශ්‍යයි කියා ඒ සඳහා ඔහුව හමුදාපතිවරයාට යොමු කරන ලෙස ඉල්ලීමක් කලේය​.   ශ්‍රී ලංකා යුද හමුදාව අන්තර් ජාතික යුද නීති වලට අනුව ක්‍රියා කිරීමට බැඳී තිබෙන නිසා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීම හමුදාව විසින් නොකරන බව කියා මම ඔහුට පිළිතුරු දුන්නෙමි. එහෙත් මෙම සොල්දාදුවා මට පෙරැත්ත කරමින් ඔහුට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වීමට අවශ්‍ය බව කීවේය​.   මෙවැනි චිත්තයක් ඔහු තුල පහළ වූයේ දේශප්‍රේමය නිසාද නැතහොත් වෙනත් හේතුව නිසාද කියා බැලීම සඳහා මම එකී සොල්දාදුවා සමග කතා බහ කොට ඔහුගේ තොරතුරු විමසුවෙමි.   

මෙම පුද්ගලයා උපත ලබන්නේ ඉතා දිලිඳු පවුලකය​. පියා මධුලෝලියෙකි. පියා නිතරම ළමුන් ඉදිරියේ ඉතා බරපතල ලෙසින් බිරිඳට පහර දෙයි. මේ නිසා කුඩා කාලයේ සිට දරිද්‍රතාවයෙන් සහ අනාරක්‍ෂිත බවින් ඔහු පීඩා වින්දේය​. සමහර විට නිවසේ කෑමට දෙයක් පවා නොවීය​. මේ නිසා වයස නවය වන විට ඔහුගේ   මව ඔහුව පන්සලට භාර දෙන්නේ කෑම ටික හෝ ලැබෙනු ඇතැයි සිතාගෙනය​.   ලාබාල වයසේ මහණ වූ මෙම පුද්ගලයා පන්සලේදී වැඩිහිටි භික්‍ෂූන් අතින් ලිංගික අපයෝජනයට ලක්වෙති. ඔහු පැවසූ පරිදි සමහර රාත්‍රී වල  වැඩිහිටි භික්‍ෂූන් අට දෙනෙකු පමණ ඔහුව වරින් වර ලිංගික අපයෝජනයට ලක් කොට තිබේ. මෙසේ ලිංගික අපයෝජනයන්ට  මුහුණ දෙමින් වසර ගනනාවක් ඔහු පන්සලේ කාලය ගත කරයි. වසර දහ අට වන විට මෙම   පුද්ගලයා උපැවිදිව හමුදාවට බැඳේ.   හමුදාවේදී ඔහු අන්‍ය සොල්දාදුවන් සමලිංගික ක්‍රියා සඳහා යොමු කරවා ගැනීමට උත්සහ දරයි. මේ නිසා ඔහුට රාජකාරිමය වශයෙන් ආතති තත්වයක් ඇතිවේ. මෙසේ වසර කීපයක් ක්‍රියාන්විත ප්‍රදේශ වල රාජකාරී කරන විට යුද ආතතිය නිසාද ළමා කාලයේ අත් දුටු ක්‍ෂිතිමය අත්දැකීම් නිසාද  ඔහු තුල විශාදය හට ගනියි. එහෙත් ඒ සඳහා ඔහුට ප්‍රතිකාර නොලැබේ.   විශාද තත්වය යටතේ ඔහු ක්‍රියාන්විත රාජකාරී කරයි. මේ හේතුවෙන් වරක් බංකරයකදී තම අවියෙන් ඔහු වෙඩි තබා ගැනීමට උත්සහ දරයි. නමුත් වෙනත් සොල්දාදුවෙකුගේ මැදිහත් වීමෙන් එය වැලකේ. අණතුරුව මෙම පුද්ගලයා යුද හමුදා  රෝහලේ මානසික රෝග වාට්ටුව වෙත යොමු කරනු ලබයි.    

පූජකාරාම තුල සිදු වන ලිංගික අපයෝජනයන් 

බෞද්ධ පන්සල් වල පමණක් නොව ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථාන වලද ළමා අපයෝජනයන් බොහෝ සිදුවෙයි. එහෙත් මේවා වාර්තා කිරීම වෙනුවට යටපත් කෙරේ.     මාධ්‍ය විසින් බහුලවම වාර්තා කරනු ලබන්නේ  බෞද්ධ භික්‍ෂූන් විසින් කරන ලද අපයෝජනයන් පම​ණි. ඉස්ලාම් මෙන්ම හින්දු පූජකයන් අතින් සිදු වූ අපයෝජනයන් ද මෑත ඉතිහාසයේ වාර්තා වී තිබේ. 

ළමා කාලයේ සිදුවන අපයෝජන වැඩිහිටි දිවියට බලපාන අයුරු 

ළමා කාලයේ සිදුවන අපයෝජන නිසා පසු කාලයක විශාදය , පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව , මත්ද්‍රව්‍ය – මත්පැන් ඇබ්බැහිය යනාදී දුර්විපාක මෙන්ම පෞරුෂ අක්‍රමතාද ඇති විය හැකි බව ජෝන් බොල්බි මෙන්ම මෑත කාලයේ බැසිල් වැන්ඩ කොල්ක් වැනි පරියේෂකයන් විසින් පෙන්වා දී තිබේ. මේ නිසා භික්‍ෂූන් විසින් පෙන්වන චර්‍යාත්මක අක්‍රමතාවන් නෛතික කෝණයකින් පමණක් නොව මනෝ විද්‍යාත්මක කෝණයකින් බැලිය යුතුය​. 

බෞද්ධයෙක්මි. වජිරාරාමයේ නාරද හිමිපානන් යටතේ ධර්මය හැදෑරුවෙක්මි. බුදුදහම පිලිබඳ පොත් සහ ළිපි ලියූ අයෙක්මි. නමුත් මේ ළමා අපයෝජනය මසිත සසළ කරයි. 

ළමා සාමනේරවරුන් ආරක්ෂා කිරීම

ළමා මහණ කිරීම් සාධාරණීකරනය කිරීම සඳහා බොහෝ දෙනෙකු බුදුරදුන් රාහුල කුමාරයා මහණ කල බව කියති. බුදු රදුන් රාහුල පුතු ළමා කාලයේදීම මහණ කලේ විශේශ හේතුවක් නිසා බව මම සිතමි. රාහුල පුතුට තරමක් වැඩිහිටි දිවියට පත්වී  මහණ වීමට හැකියාව තිබුනද ළමා කාලයේදීම මහණ කලේ ඉදිරි කාලයේ එන දේශපාලන වාතාවරණය අහිතකර වන බව බුදුන්ට වැටහීම නිසාය​. සුදාවුන් රජුගෙන් පසු රාහුල ශාක්‍ය ජනපදයේ සිහසුනට උරුමක්කාරයා විය​. නමුත් ඒ වන විට ශාක්‍ය ජනපදයේ අවුල් වියවුල් හටගෙන තිබුණි. විඩූඩභ ශාක්‍ය වංශිකයන් සමූලඝාතනය කිරීමට අර අඳිමින් සිටියේය​. ඉදිරි අනාගතයේ විඩූඩභ විසින් සිදු කරන ජන ඝාතනය පිළිබඳ අවබෝධයෙන් සිටි බුදු රදුන් විඩූඩභ ගේ කඩුවට මුලින්ම ගොදුරු වන්නේ ශාක්‍ය ජනපදයේ සිහසුනට උරුමක්කාරයා බව වටහා ගත්තේය​. එම නිසා ළදරු රාහුලව මහණ කරවා ඔහුගේ ජීවිතය සුරක්‍ෂිත කලේය​.     මේ දේශපාලන වාතාවරණය ගැන  අවබෝදයක් නොතිබුණු සුදාවුන් රජුට රාහුල  මහණ කිරීම ළමා  මහණ කිරීමක් බඳු විය​. විඩූඩභ ගේ ශාක්‍ය සංහාරය එළැඹි විට එය වැලැක්වීමට බුදු රදුන් තෙවරක් උත්සහ ගත් නමුත් ශාක්‍යයන් රෝහිනී නදියට විස මුසු කොට ජනයා මරා දැමූ නිසා  විඩූඩභට ශාක්‍යන් සමූලඝාතනය කිරීමට අනෙකුත් ජනපදවල සහයද ලැබුණි. විඩූඩභ  ශාක්‍යන් සංහාර කොට මහා ගංවතුරකට යටවී මලේය​. බුදු රදුන් රාහුල පුතු ළමා කාලයේදීම මහණ කළ නිසා ඔහුට රජ උරුමය පිළිබඳ අාශාවක් ඇති නොවීය​. බුදු සසුනේ සිටි නිසා ශාක්‍ය ජනපදයේ සිහසුනට උරුමක්කාරයාගේ දිවි ගැලවිණ.   

වර්තමානයේදී සසනයට ඇතුළු වන ළමුන් ආරක්‍ෂා කර ගැනීමේ හෝ ඔවුන් ගැන සොය බැලීමේ ක්‍රමවේදයක් නැත​. රජය සහ ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් මේ සඳහා පියවර ගත යුතු වූවද එවැනි පියවරක් ගැනීමට රජය බියක් දක්වන බව පෙනේ. එහෙත් බුදු සසුනේ ආරක්‍ෂාව මෙන්ම සංඝ සාසනයේ චිරස්ථිය අවශ්‍ය නම් මෙවැනි වැඩ පිලිවෙලක් අත්‍යාවශ්‍ය කෙරේ. පන්සල් වල සිටින බාල වයස්කරුවන් පිලිබඳ සොයා බැලීම හා ඔවුන් ගේ කායික මානසික සුවතාව ඇගයීම මගින්  වඩාත් නිරෝගී සංඝ පරපුරක් ඇති කල හැකිය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

4 Responses to “ප්‍රචණ්ඩ හැසිරීම් පෙන්වන භික්‍ෂූන් ලිංගික අපයෝජනයන් වල වින්දිතයන් ද ?”

  1. Senerath Says:

    I trust Ruwan’s experience. There can be monks who have been abused when young and have become agressive becuase of mental sickness. I am sure the damage that has been done by Catholic Churh against humanity by similar inhuman abuse is 100 times greater than that of the Buddhists.

    However, I request Ruwan to read the writing of Gnanasara Thero written to Divayina ( http://www.divaina.com/2017/06/18/feature32.htm) and show us ,

    1. Whether the points he has raised are incorrect or lies.
    2. Whether there are indication of mental illness in any of the points he has raised.

    What you are saying here may be correct, but, in my view , the time of publication of this coincides with the time those who have ulteririor motives chosen to attack one single man fiercely. That does not reflect well on the writer, regardless of his profession or achievements.

  2. Senerath Says:

    Lankadeepa
    අයිලිය රක්ෂිතය වනසා ඉඩම් අල්ලා ගනිති

    (හිරාන් ප්‍රියංකර ජයසිංහ)

    විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව පරණ එළුවන්කුලම ආසන්නයේ පිහිටි අයිලිය රජයේ රක්ෂිතය යාබද රජය සතු කැලෑව ජාවාරම් කරුවන් පිරිසක් රහසිගතව එළි පෙහෙළි කර ගිනි තබා ඉඩම් අත් පත් කර ගැනිමේ කූට ජාවාරමක නිරත වන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

    අයිලිය රක්ෂිතය හා රජයේ ඉඩම් අක්කර 2500 කට ආසන්න ප්‍රමණයක් ඇති අතර ඇතැම් ඉඩම් ජාවාරම්කරුවන් මෙම වනය වැනසිමට අවස්ථා රැසකදී කටයුතු කළ නමුත් එය වැළකී ගියේ මාධ්‍ය මගින් එය හෙළි කිරිමත් සමගය.

    විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි අයිලිය රක්ෂිතය සුවිශේෂ පරිසර පද්ධතියකින් සමන්විත වන සතුන් රැදි සිටින වන උයනක් බව පරිසරවේදින් හා වනජීවි නිළධාරිහූ පවසති.

    නමුත් නැවතත් එම වනය දේශපාලඥයින් කිහිප දෙනකුගේ සහය ඇතිව රහසිගතව එළි පෙහෙළි කර ඉඩම් අත් පත් කර ගැනිමේ කටයුකු සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.

    මේ වන විට ජාවාරම්කරුවන් වනය තුළ ඇති පළු ,විර , කොහොඹ , සහ අනිකුත් දැවැන්ත සහ කුඩා ගස් රැසක් වනය තුළම කපා ඉරා දැව තොග රැගෙන ගොස් ඉන් පසුව ගිනි තබා වනසා තිබෙන ආකාරය එහි සංචාරයක නිරත වු අපට දැක ගත හැකිවිය.

    මෙම දැවැන්ත පරිසර හානියට රාජ්‍ය නිළධාරින් කිහිප දෙනෙකුගේ ආධාර උපකාර රහසිගතව ලැබේන බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

    මේ පිළිබඳව තොරතුරු පැවසු නම් ගම් හෙළි කිරිමට අකමැති අයකු මෙසේ පැවසීය.

    “ පුදුම විනාශයක් මේ ප්‍රදේශයේ වෙන්නේ.මේ සදහා ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරින් කිහිප දෙනකුම සම්බන්ධයි.ඒ වාගේම ප්‍රාදේශීය දේශපාලනඥයකුත් මැදිහත් වෙලා සිටිනවා .එසේ නැතිව මේ ජාවාරම් කරුවන් බය නැතිව මේ වාගේ දෙයක් කරන්නේ නෑ.අනික් කරුණ තමා මේ වනය ඇතුළේ ගව ගාල් දාගෙන කැලෑවේ ජාවාරම් කරන්නේ. මේ සියල්ලෙන්ම වෙන්නේ වනය විනාශ විමයි . අනික පසුගිය කාලයේ අයිලිය කැලෑව විනාශ කරපු අයම ආයෙත් ඒ කැළැව වනසනවා“

    මේ සම්බන්ධයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එස් .හේරත් මහත්මියගෙන් කළ විමසීමකදි ඇය පවසා සිටියේ පසුගිය කාලයේ සිදූ වූ හානිය තමන් වහාම නවතා දැමු බවත් නැවතත් එවන් හානියක් සිදු වන බව තමන් දැන සිටියේ නැති බවත් ය.

    “කඩිනමින් මේ සදහා ක්‍රියාත්මක වෙනවා. අනික අපේ නිලධාරින් පිරිසක් මේ විනාශය ඇතුළේ ඉන්නවා කියලත් දැන ගත්තා.කඩිනමින් අදාළ කටයුතු කරන්න සුදානම් “යැයි ද ඒ මහත්මිය පැවසුවාය.

  3. ranjit Says:

    This phenomenon is not only in buddhist sect but in other religions too specially among Catholic priests. Every religion has wolves so it’s not a new thing to bark loudly and blame buddhist monks and buddhist religion. There is a reason for the monks behaviour like this. The buddhist monks were treated like criminals by this evil Yamapalanaya government and our sacred religion was demonized by other religions more than any other times. Our monks fighting to save our religion and the sinhala race. No one can question their behaviour they are patriots who love their country. There maybe some incidents where some don’t agree or like but majority of the monks behave in that way on behalf of their Motherland. Though they are monks they are also human beings. Human beings do mistakes so don’t make it a big story. Buddhist monks are freedom fighters and we must support them as we did in all our history. We Sinhalese are the majority so it should be that way for ever as long as our sinhala nation exist and our buddhist religion should be protected from other religions specially from Muslims than the Tamils.

  4. Ananda-USA Says:

    There are above 5,000 court cases filed against Roman Catholic priests who have sexually abused children just in California, USA.

    The Church hierarchy usually defends and protects these predators turning the faithful against the churches. As a result, less than 50% of Roman Catholics in the USA practice their religion, or regularly attend church.

    This tsunami of lawsuits is threatening to BANKRUPT the Catholic Church in California, and more generally is pushing the global Catholic Church to sever it’s formal financial links to the local parishes to protect its VAST WEALTH accumulated over millenia.

    Yet, even with this threat to its financial health, the old boy network that runs the global Catholic Church from Rome seems unwilling to do what it takes to protect its lay followers from these predatory practices of many of its priests.

    The future of the Roman Catholic Church in Western countries is NOT PROMISING! This may explain why the Church is FOCUSING on developing nations whose religious and societal ETHICS & MORALS are still largely INTACT and theor poorer people are still vulnerable to bribes and religious mumbo-jumbo!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress