ජී එස් පී (GSP+) ලබාගැනීමට සිරිසේන පනදුන් දෙවන ඊලාම් පිබිදීම
Posted on June 19th, 2017

උපුටා ගැන්ම  කැටපත් පවුර

ජී එස් පී ලබා දීමට මේ ආණ්ඩුව ගැන යම් විශ්වාසයක් යුරෝපා පාර්ලිමේන්තුවට හා යුරෝපා සංගමයට තිබිය යුතුයි. ඒ විශ්වාසය ලැබෙන්නේ කොහෙන් ද? රවි කරුණානායක ආසියා ශාන්තිකරයේ හොඳම මුදල් ඇමති නිසා ද? නැත්නම් මංගල සමරවීරගේ දක්‍ෂ රාජ්‍ය තාන්ත්‍රික භාවය නිසා ද? රනිල් කෘතහස්ත දේශපාලනඥයකු නිසා ද? මෛත්‍රිපාලට එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් නැතිව අතට අත දුන් නිසා ද?

අපට ජී එස් පී නැති වුණේ ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසුව 2010 දී. පහුගිය ආණ්ඩුවට සියලු ආකාරයේ මානව අයිතිවාසිකම් චෝදනා එල්ල වීමට පටන් ගත්තේත් ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසු. චැනල් 4 ඇතුළු බටහිරයන්ට මානව අයිතිවාසිකම් මතක් වුණේත් ප්‍රභාකරන් ඝාතනයෙන් පසුව. දරුස්මාන් වාර්තාව බෑන් කි මුන් මැදිහත්වීම් ආදියත් ප්‍රභාකරන් ඝාතනයෙන් පසුව සිදු වූ දේ. අපට ජෙනීවා මානව අයිතිවාසිකම් කොමිසමත් කරදර කරන්න පටන් ගත්තේත් ප්‍රභාකරන් ඝාතනයෙන් පසුවත්. සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව කියන්න පටන්ගත්තේ ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසුව. ඔහු ඒ ප්‍රකාශය කෙළේ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ට පමණක් නොවෙයි. රත්නපුරේ දී හා අම්බලන්ගොඩ දීත් ඒ ප්‍රකාශය කළා.

බටහිරයන් ප්‍රභාකරන් බේරා ගැනීමට නොකළ දෙයක් නැහැ. ප්‍රංශ හා එංගලන්ත විදේශ ඇමතිවරුන් තකහනියක් මහින්ද හමුවීමට ලංකාවට පැමිණියා. මහින්ද ඔවුන් ඇඹිලිපිටියට ගෙන්වා හිස් අතින් ආපහු හැරියා. පසුව විජය නම්බියාර් ලංකාවට පැමිණ කටුනායක ගුවන් තොටුපොළේ දී දුර කාටදෝ දුරකතනයෙන් කතා කළා. ප්‍රභාකරන් බේරා ගැනීමට නැවක් එවීමේ සැලැස්මක් තිබුණා. ප්‍රභාකරන් සයනයිඩ් නොකා බටහිරයන් කොයි මොහොතක හරි තමන් ගලවා ගැනීමට ඒය යන බලාපොරොත්තුවෙන් සිටියා. එමගින් ඔහු තම අනුගාමිකයන් සයනයිඩ් ගිල්ලවා මරා දැම්මත් සයනයිඩ් ගිල මැරෙන්න තරම් ධෛර්යයක් නොතිබූ නිවටයකු බව ලොවට හෙළි කළා.

මෙයින් පැහැදිලි වන්නේ ප්‍රභාකරන් ඝාතනය නො කෙළේ නම් මේ කිසිවක් නොමැති බව ය. බටහිරයන් විජේවීර ඝාතනයෙන් පසුව කිසිවක් කෙළේ නැහැ. විජේවීරත් අහිංසකයන් ඝාතනය කළ මිනීමරුවකු වුවත් ඔහු ඝාතනය කෙරුණේ අත් අඩංගුවේ සිටිය දී බව බටහිරයන්ට විතරක් නොව ඔහුගේ අනුගාමික ගෝල බාලයන්ටත් අමතකයි. අදවත් විජේවීර ඝාතනය ගැන සොයන්නට ගෝල බාලයන් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒත් ප්‍රභාකරන්ගේ අනුගාමික දෙමළ ජාතික සංධානය ඇතුළු පිරිස් තවමත් ප්‍රභාකරන් වෙනුවෙන් තමන්ට කළ හැකි දේ කරනවා.

මේ ආණ්ඩුව වැඩ බැරි ටාසන්ලාගේ ආණ්ඩුවක් බව බටහිරයන් නොදන්නවා නො වේ. රවි කරුණානායකට සම්මාන ලැබෙන්නේ සිංහල විරෝධී චිත්‍රපටිවලට ඊනියා ජාත්‍යන්තර සම්මාන ලැබෙනවා මෙන්. බටහිරයන් මේ සියලු නොවැඩ්ඩන්ට සම්මාන දෙන්නේ ඔවුන්ට රට තුළ ඇති විරෝධය මග හැරවීමට.ඉතා ඉහළ සම්මානයක් රනිල්ට දීමට ඔවුන් කටයුතු කරාවි. ජී එස් පී සහනයත් එවැන්නක්. මේ ආණඩුව බලයට පත් කළ බටහිරයන් මේ අදක්‍ෂයන්ට සම්මාන සහ සහන ලබා දෙන්නේ ඔවුන්ගේ නිවට බව බටහිර ගැති බව සිංහල විරෝධී බව රටට අමතක කරවීමට. ජී එස් පී සහනය ආණ්ඩුවේ නිවට බවට හා සිංහල විරෝධී බවට ලැබෙන තෑග්ගක් පමණයි. ආණ්ඩුව බටහිරයන් වෙනුවෙන් දෙමළ ජාතිවාදයට කප්පන් දෙනවා. ඒ වෙනුවෙන් බටහිරයන් ආණ්ඩුවට සහන දෙනවා.

යුරෝපා සංගමයෙන් එංගලන්තය ඉවත් වීමට තීරණය කරලා. ඒ තීරණය ගැන තවදුරටත් සහතිකයක් ලබා ගැනීමට එහි අගමැතිණිය තෙරේසා මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. අවශ්‍ය අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට තිබූ බලය දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කරලා මෛත්‍රිපාලගේ බලතල කපා දැම්මා. තව බලතල සරත් ෆොන්සේකාට ලබා දීමට කටයුතු කරනවා. ජනාධිපතිගේ ආරක්‍ෂක ඇමති ධුරය හා සේනාධිනායකකම ගැන එ ජා පක්‍ෂයට විශ්වාස නැහැ. යුරෝපා සංගමය මහා බලගතු හවුලක් නො වෙයි. කොහොමටත් ජී එස් පී සහනයෙන් අපට ලැබෙන්නේ සොච්චම් මුදලක්. එය ඇමතිවරුන්ට සුඛොපභෝගී වාහන ගෙන්වීමටත් මදි. කොන්දක් නැති ඇමතිවරුන්ට බාල වාහනවල ගමන් කර කොඳු ප්‍රශ්න ඇතිවන්නේ කොහොමද කියන එක කොඳු කඩන ප්‍රශ්නයක්.

මේ අතර දිය වී යන යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව ජී එස් පී තීරණය ගැනීමට රැස්වන විට දෙමළ ජාතික සංධානය අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය හා කඳවුරු ඉවත් කිරීම මුල් කරගෙන හර්තාලයක් පැවැත්වුවා. ඔවුන් හිතන්න ඇති හර්තාලයෙන් යුරෝපා පාර්ලිමේන්තු තීරණය වෙනස් කරවා ගන්න. ඔවුන් හිතන්නේ බලු නකුටට බල්ලා වනන්න පුළුවන් කියා.

දෙමළ ජාතික සංධානය අවසාන වශයෙන් පවත්වා ගෙන යනු ලබන්නේ බටහිරයන් විසින්. බටහිර රටවල විශේෂයෙන් ම එංගලන්තයේ හා කැනඩාවේ දෙමළ විසුරුණු ජනයා පවත්වාගෙන යන්නේ ඒ රටවල ආණ්ඩු මගින්. ඒ මිස දෙමළ ජනයාගේ ඡන්දයෙන් ඒ ආණ්ඩු පත්වනවා නො වෙයි.

බටහිරයන් අපට කියන්නේ දෙමළ ජනයාගේ ඡන්දය නිසා ඔවුන්ට සවන් දීමට සිදු වී ඇති බව. මෙය පට්ටපල් බොරුවක්. දෙමළ ජාතික සංධානය උතුරු පළාතේ හා නැගෙනහිර සමහර ප්‍රදේශවල පැවැත්වූ හර්තාලය යුරෝපා සංගමය සත හකට ගණන් ගත්තේ නැහැ. මේ ආණ්ඩුව බටහිරයන්ගේ ආණ්ඩුවක් බව බටහිරයන්ගේ ම අතකොළුවක් වූ දෙමළ ජාතික සංධානයට අමතක වෙලා. දෙමළ ජාතික සංධානයට මේ ආණ්ඩුවට විරුද්ධව බටහිරයන්ට කරුණු කියන්න බැහැ. රනිල් හා නඩය තමන් පත් කළ සිංහල විරෝධී ආණ්ඩුව බව බටහිරයන් හොදාකාරව ම දන්නා නිසාවෙන් මොළයක් නැති පුස් අලයක් රජ කරවා දිනු දේශය නැවත ඊලමක් සේම නොදියුණු හක තැන පල් වන රටක් බවට සිරිසේනට ගෙන යා හැකි බව මුලු ලෝකයාම හොදාකාරවම දනි…

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress