අමරවීරගේ මාරක ගිනි සිළුව
Posted on July 11th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ

මේ වන විට මේ රට හා මෙරට ජන මනස පවතින්නේ, ගිනි පෑගීමේ උත්සවයක් සදහා සුදානම් කොට තබා ඇති ගිනිමැලයක් සේය. මේ ගිනියම්ව ඇති සමාජය තුල ජීවත්වීමේදී ඉතා පරිස්සමින් සැම සියලුම කටයුත්තක්ම සිදුකල යුතුවේ. විශේෂයෙන්ම වචන බාවිතයේදී ඉතා පරිස්සම් විය යුතුය. වැරදි වචන බාවිතා කිරීම, ගිනියම්ව පවතින සමාජය තුලට පෙට්‍රල් ඉසිමකට සමාන වන අතර, ඒ පෙට්‍රල් අතැති මිනිසා ඒ පෙට්‍රල් වලින්ම දවා හැලුකර දැමීමට තරම් හැකියාවක් ඒ ගිනියම්වූ සමාජයට හැක.

අප මේ සමාජය හා එහි ජනතාව අතර ජීවත්වෙන මිනිසුන් වශයෙන් මේ සමාජය මනාව අවබෝධ කරගත යුතුය. අප ගිනියම්වූ සමාජයෙන් සුරුට්ටු පත්තු නොකරන්නෝ විය යුතු අතර, මේ සමාජය තුල ගිනි ඇවිලවීම නොකරන්නෝ බවට පත්විය යුතුය, නමුත් ගිනියම්ව පවතින මේ සමාජය තුල මහා ගිනි අවුලවන්නන්ට එරෙහිව සෘජුවම නැගී සිටින්නන් අතර අපද පෙළ ගැසී සිටින්නෝ වෙමු. වර්තමානයේ අපට ඉතාම වැදගත්වූ සමාජ කතිකාවත වන්නේ මහින්ද අමරවිරගේ රාජපක්ෂ දඩයමයි. තවද ඔහුගේ ඒකායන පැතුම සමග බද්ධවූ මහින්ද රාජපක්ෂ මහතාව රටින් පිටුවහල් කර, ගෝඨාභය රාජපක්ෂ මහතාව බන්ධනාගාර ගත  කිරීමේ සංකල්පයයි. ඔහුගේ සිතතුළ රාජපක්ෂලා බන්ධනාගත කිරීමෙන් නොනැවතී ඝාතනය කිරීම සදහාවූ මානසික පසුබිමක තිබිය හැක. ඒ ඔවුනගේ වර්තමාන දේශපාලනයේ  අඩිතාලම විසින් ඔවුනට පවරාදී ඇති ව්‍යාපෘතියයි. 2005 නොවැම්බර් මස 18 වෙනිදායින් ආරම්භව 2015 ජනවාරි මස 8 වෙනිදා අවසන්වූ මහින්දරාජපක්ෂ පාලනය විසින් සිදු කල සෑම දෙයක්ම විනාශ කොට යලි මේ රට 2005 නොවැම්බර් මස 18 වෙනිදා තිබුණු තත්වයට ඇදගෙන යාම අරමුණු කොටගත් යහපාලනයේ භූමිකාව තවමත් ගලාගෙන යමින් පවති. මේ ගමන ඔවුනට අවැසි ලෙස ඉදිරියට ගෙන යාමට ඇති එකම බාධකය රාජපක්ෂ පරපුරයි. එබැවින් රාජපක්ෂ පරපුරේ මුදුන් මල් කඩ බදුවූ මහින්ද රාජපක්ෂයන්ව හා ගෝඨාභය රාජපක්ෂයන්ව දේශපාලන භූමියෙන් පමණක් නොව, මෙලොවින්ද චුත කර දැමීමේ කාර්යයභාරය ඔවුන්ගේ උරමත පැටවී ඇත. ඔවුනට පැවරී ඇති කාර්යය ඔවුන්ව පෙලන කාර්යයක් බවට පත්ව, වචන බවට පෙරලි මුවින් දොරේ ගල එන තත්වයට පත්ව තිබේ. ඒ අනුව මහින්ද අමරවීර මහතා සිය නිවසේදී පැවති රැස්වීමකදී මේ බව පවසා ඇති බක් ප්‍රකාශිතව ඇත.. ඔහු එදා සිය නිවසේදී පිටකළ ඒ වචන සමුහයේ අන්තර්ගතයට එරෙහිව එහි සිටි මිනිසුන් කොතරම් උරණ වුනාද යත්, ක්ෂණයකින් ඒ වදන් සමාජ ජාලයට මුදවා හරින්නට තරම් ඔහු සමග සිටි ජන සමුහය පියවර ගත්හ. ඔහුව දවා හලුකර දමන ගිනි පුපුරු ඔහු සමගම වේලි පැටලී ඇති බව තේරුම ගැනීමට මේ සිදුවීම ප්‍රමාණවත් වේ.

මහින්ද රාජපක්ෂ මහතාව අල්ලා කුදලා රටෙන් පිටුවහල් කිරීමට, මහින්ද අමරවීර මහතා තුල ඇති, උවමනාව හා කැමැත්ත විසින් අපගේ අවදානය  ඒ මහතා වෙතට යොමු කරගැනීමට සමත්ව ඇත. ඒ මහින්ද රාජපක්ෂ මහතාට චන්දය දුන් 57 ලක්ෂයක් ජනතාවගේ, අවදානයයි. දැන් ඒ මහතා වෙතට නෙත් එක්කෝටි 14 ලක්ෂයක් පමණ යොමුව ඇත. ඒ හොද අරමුණකින් නම් නොවේ. මේ මිනිසුන්ගෙන් පිටවෙන සෑම වචනයක්ම අමරවීර මහතාට එරෙහිව පිටවෙන අතර, මේ සෑම වචනයක් තුලම මහින්ද අමරවීර ඉලක්ක කරගත් කෝපයක් හා බද්ධවූ ශාපයක්ද ඇත. මේ මහින්ද අමරවීර මහතා රටින් පිටුවහල් කිරීමට වෙර දරන්නේ,කාවද? බන්ධනාගාර ගත කරන්නට වෙර දරන්නේ කාවද? යන්න මෝහය විසින් ගොනාට අන්දවා ඇති ඔහුට නොපෙනේ. ඔහු ඉදිරියේ තණ්හාවින් බරිතව ඇති සිතුවිලි කන්දරාව හා බලතන්හාව විසින් මුලා කොට ඇත.මේ රටේ උපන් මේ රටේ පුරවසියෙක්ව මහින්ද අමරවීර මහතා හෝ ඊට වඩා බලවත් යයි සිතෙන අයෙකුට එසේ පිටුවහල් කිරීමට කිසිදු නීතිමය පදනමක් අපේ රටේ නැත. අව නිතිය රජ කොට ඕනෑම පාහර වැඩක් සිදු කරන යහපාලනයට එසේ කරන්නට යටත් විජිතයක්ද නැත. අනාගත නායකයා මනෝ රාජ්‍යයේ රජව, මහින්ද රාජපක්ෂයන්ව රටින් පිටුවහල් කරනවිට, මහින්ද රාජපක්ෂයන් මේ රට දෙස බලා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මෙන්ම

විකුම් සිහල පරපුර සිහි තිබෙනතුරු
උතුම් රාජ ලේ ටික මගෙ සිදෙන තුරු
නෙතින් කදුලු නොහෙලමි දිවි තිබෙනතුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු

ආකාරයේම කවියක් කියා මහින්ද රාජපක්ෂයන්ද මේ රටින් පිටව යනු ඇති කියා මහින්ද අමරවීර මහතාට සිති ඇත. 2015 මැයි 8 වෙනිදා, මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූ විගසම “අප්පච්චි මලෝ” කියමින් හිටපු ජනාධිපතිවරයා ලගින්ම, සිටි අය ජයග්‍රාහී සිරිසේන ජනාධිපතිවරයා වෙත දිවයන විට, ලෝක ඉතිහාසයේ කිසිදු තැනක සිදු නොවුන අපුරු සිදුවීමක් මෙරට තුල සිදුවිය. ඒ ලක්ෂ 57ක් වූ සැබෑ මිනිසුන්ගේ නියෝජිත ජන ගංගාවක් පරාජිත මහින්ද රාජපක්ෂයන් කරා ඇදී යාමයි. මේ එදා පරාජිතයා කරා ගැලු ජන ගග පලකලේ මහින්ද රාජපක්ෂයන් යනු පරාජිතයෙක් නොවන බවයි. ඒ ජන ගගට ඕනෑම තැනකට ඕනෑම අවස්තාවක ගලා යා හැක. ඒ අවස්තාව තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂයන් හෝ එතුමාව මෙරටින් පිටමන් කරනට මාන බලන පාලකයින්ය. මේ දොරටු දෙකෙන් ඕනෑම දොරටුවක් ඕනෑම අවස්ථාවක් විවර විය හැක. ඒ අවස්ථාවේදී ඒ ජන ගංගා වට අසුව ගසාගෙන යන පුද්ගල චරිත බවට පත් නොවී, බුද්ධිමත්ව කටයුතු කිරීම සියල්ලන් විසින්ම අනුගමනය කල යුතු පිළිවෙතකි.

ඉතිහාසයේ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ව පාවාදී, ඉංග්‍රීසින් සමග කල්යවූ ඇහැලෙපොලට සියල්ලක්ම අහිමිව සිටි තත්වයක් තුළදීත් අනුකම්පා විරහිතව මුර්සියට පිටුවහල් කල බව සියලුම පාවාදෙන්නන් සිහියේ තබා ගතයුතුය. ඔවුන් සියල්ලක්ම විනාශවන්නේ අද ඔවුන් සේවය කරන හාම්පුතුන්ගේන්මය. ස්වභාවය එයයි.

2 Responses to “අමරවීරගේ මාරක ගිනි සිළුව”

  1. Christie Says:

    ඇද මුරුසියේ පවතින්නේ අපේ රටේ මෙන් ඉන්දියානු රජයකි.

    වෙනස එහි ඉන්දියානු පරපෝසිතයන් වැඩියෙන් සිටීමය.

  2. Kumari Says:

    It wasn’t Rajapakse who lost on Jan 8th, it was the country that lost.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress