පන්විල සිංහල ඉස්කෝලෙක ගුරුවරියෝ  කීපදෙනෙක් එදා රාජපක්ෂ ආණ්ඩුව පරද්දන්න   සතාට කතිරිගහන්න කියා කියා චන්ද ව්‍යාපාරයක් කලාලු.
Posted on July 20th, 2017

චාර්ල්ස් පෙරේරා විසින්.

ඒදා ඒ ව්‍යාපාරය ගෙනගිය ඉස්කෝලේ හාමිනේලා අද ලංකාවට වෙලාතියෙන වින්නැහිය දැකලා දැන් මොනවා සිතනවා ඇද්දැයි දන්නේ නෑ. ඒ වගේ කාලකන්නියෝයි  අද ලංකාව පාතාලයට ඇදදමන්ට යන මේ යහපාලන ආණ්ඩුව පිහිටවන්ට සම්මාදන්  උනේ. 

රාජපක්ස ජනාධිපති තුමා දුටුවා යම්හෙතුවකින්  වෙන ජනාධිපතිවරයෙක් හෝ වෙන රජයක් බලයට  පත් උනොත් ඊ ලඟට එන කොය්යම් ජනාධි පතිවරයෙක්  හෝ රජයක්වත්   තමා ගෙනයන සංවර්ධනය ඒ විධියට ගෙනයන්නට  සමත්වන්නේ නැ කියලා. 

මේ නිගමනයට  ඔහු පැමිණියේ  1948 ඉඳල 2004 දක්වා බලයට පැමිනි දේශපාලන පක්ෂ  පිහිටෙව් ආණ්ඩු දිර්ගකාලයක් බලයේ  සිටීම සඳහා රනිල්වගේ ත්‍රස්තවාදියොත් එක්ක ගිවිසුම් ගහගෙන  කටයුතුකලා මිස ලංකාව නිදහස් රටක් වශයෙන්  දියුණු කරන්නට උත්සහයක් නොගත්බවත් ලංකාව කොයි ආකාරයට දියුනුකලයුතුදැයි වැටහීමක්  ඔවුන්ට නොමැති  බවත් ඔහුට හොඳ හැටි තෙරුම්ගිය නිසාය.

ඇරත් ඔහුගෙන් පසුව රනිල් ඔහුගේ නායකත්වයෙන් යුඇන්පී ආන්ඩුවක්පිහිටෙව්වොත්  ලංකාව බටහිරට ආවඩන වහල් රටක් බවට පත්කරන බව රාජපක්ෂ ජනාධිපති තුමා හොඳින් දැනසිටියේය..

අපේ  ඉංග්‍රීසි ඉගෙනගත් කොළඹ පන්ඩිතයන්ටවත්  මාද්යවෙදින්ටවත්  තේරෙන්නේ නැ රාජපක්ස ජනාධිපති තුමාට තිබුන  රට දියූණුකිරීමෙ අනොමය අභිප්ප්‍රාය. ඒ වීරවන්ත පුද්ගලයා  හොරෙක්යයි  හන්ග්වඩු  ගැහුවට  ඔහුට උවමනා උනේ රට දියුනුකරන්නට මිස තමන් පොහොසත් කරගන්නට නොවේ.

ඒ නිසයි එතුමා  තවත් අවරුදු දෙකක කාලයක් තිබුනත්  වෙන්නට තිබෙනවායයි සිතූ නස්පත්තියෙන්  රට බේරගෙන රට පිළිවෙලකට දියුනුකිරීම සඳහා  කාලයක් ලබාගැනීමට ජනාධිපති තේරීමේ  චන්ඳයක් කැඳ වුයේ.

එතුමා හිතුවා, ත්‍රස්තවාදය නැතිකරලා අවුරුදු පහක් ඇතුලත ඔහු රටට කල දියුණුව ඇස් ඉදිරියෙ තිබියදී ඔහු පරාජයකරන්න උන්ගේ චන්දය පාවිච්චි කරන්න තරම්, අඩුගනනේ සිංහල බෞද්ධයෝවත්, කෙලෙහිගුණ  නොදත් අසමත් ජාතියක්  නොවන්නේ යයි කියලා. නමුත් කාලකන්නි අපේ මිනිස්සු කල වින්නැහිය නිසා අද ලංකාව ඒකීය සිංහල බෞධ රටක් වශයෙන් සම්පුර්නයෙන්ම විනාශවෙන තැනට ඇවිල්ලා.

දෙමලුන්ටවත් මුස්ලිම්කාරයින්ටවත් තේරෙන්නේ නෑ මේ ලංකාව සිංහල බෞද්ධ රටක්ව තියන කල් පමණයි ඔවුන්ගේ ආරක්ෂාවත්, පැවැත්මත්,  දියුණුවත් තහවුරු වන්නේ කියලා. ඔවුන්ට ආවේනික ප්‍රදෙෂ වෙන්කරගත්තොත් ඔවුන් අතරම ඇතිවන කපාකොටාගැනීම්වලින් ඔවුන් අතරම  සමගිය සාමය නැතිවී  යන්නට ඉඩ තියෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආණ්ඩුව  ත්‍රස්තවාදය පරාජය කරලා  කරපු  මාර්ග සංවර්ධනයෙන්ම පේනවා එතුමාගේ ආණ්ඩුව කොය්තරම් වේගයෙන් අපේ රට දියුණුකරවන් නට උත්සාහයක් ගත්තද කියලා.

කටහැකර කිරිඇල්ලලා, වික්‍රමසින්හලා ඒ දවස්වල පාරවල් හදන්නේ කන්ටයැ කියා කියා කරපු  විවේචනයන් මතක්වෙනවිට කාටත් තෙරුම්යනවා යුඇන්පී කාරයන්ට සංවර්ධනය ගැන කිසිම  හැගීමක්වත් නොතිබෙනබව. අවුරුදු දෙකහමාරකටත් වැඩිකාලයක් රටකරලත් බෝක්කුවක් වත් හදාගන්න බැරිඋන ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුව.

ප්‍රන්සයේ  ඕනේ මුල්ලකටගියත් පළමුව දකින්නේ  රටේ ඉතා හොඳ මාර්ග පද්දතිය.  හැමරටකම දියුණුව පටන්ගන්නේ පාරවල් හදල. ඉංග්‍රීසිකාරයොත් ලංකාව උන්ගේ කොලනියක් කරගත් විටත් පලමුවෙන්ම කලේ  පාරවල්හදන එක.  යුඇන්පී කාරයන්ට කොහෙද ඒක තේරෙන්නේ ? ඔවුන්ට පන්දම් අල්ලන උන්ටවත් ඒක තේරෙන්නේ නැ. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේ කරන ලද යෝධ සංවර්ධනය පිලිබඳ වචනයක්වත් කියන්න කැමැත්තක් දක්වන්නේනැති  ශමීන්ද්‍ර ෆෙර්දිනන්දෝ වැනි මාද්යවෙදීන් අපේරට බටහිරට විකුනන්න උත්සහදරන සිරිසේන රනිල් ආණ්ඩුවට ආවඩන එවුන්.

සිරිසෙන ජනාධිපති මහලොකුවටකතා  නම් කරනවා නමුත් රටහදනකාරියට අතගහන්න බැරිබවනම් මනාව පේනවා. මහබැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ එවුන් තාමත් රටේ වැදගත්තැන්වල. ජනාධිපතිට පුළුවන්කමක් නැද්ද අර්ජුන මහේන්ද්‍රව  සිරගතකරලා ඔහුගේ ගමන් පත් තාවකාලික අවලන්ගුකරන්න.  අර්ජුන මහේන්ද්‍ර මහා හොරකමක් කල හොරෙක් බව දැන් හොඳටම තේරෙනවා. නමුත්  විමල් වීරවන්ස, නාමල් රාජපක්ස,ගමන්පිල, බැසිල් රාජපක්ස, තිස්ස අත්තනායක   ආදී  ඇත්තවශයෙන්ම වචනයේ නියමාර්තයෙන්ම හොරකමක් සිදුනොකළ උදවිය මාන්චුදාළ අල්ලගේනගිහින් හිරේ දමනවා. මෙහෙම කරනඑක නවත්තන්න සිරිසෙන ජනාධිපතිට බැරිද ?

සයිටම් පිළිබඳව තියෙන ප්‍රශ්නය උනත් සිරිසෙන ජනාධිපතිට නවත්තන්න පුලුවන් ඒ පිළිබඳව පවතින තත්වය වඩාත් උග්‍රවත්කරන රාජිත සෙනරත්න ඒ අමත්යාන්සයෙන් වෙන අමාත්යාන්සයකට  යවල සයිටම් ආයතනය හා නෙවිල් ප්‍රනාන්දුගේ රෝහල රාජයට අරගෙන දැන් පවිතින අර්බුදය විසදන්නට සිරිසේන ජනාධිපතිට පුළුවන්කමක්  තියෙන්ට ඕනැ . නමුත් මිනිස්සුන්ට එයා ලොක්කා යයි පෙනන්නන කතාකර කර අවශ්‍ය කටයුතු මගහරින බවක්  තමයි පෙන්ටතින්නේ.

එක්සත් ජාතීන්ගේ සංගමයට ඕනෑකමතියෙන්නේ  දෙමලුන්ට වෙනම ප්‍රදේශයක් වෙන්කරගැනීමට ඉඩ ලබාදෙන්න. සිරිසෙන ජනාධිපතිට බලයක් තියෙනවානම් එක්සතින් ජාතීන්ගේ සංගමයට  දන්වන්න පුළුවන්කමක් තියෙන්න ඕනැ බෙන් එමේර්සන් වැනි නියෝජිතයෝ ලංකාවට ඇවිල්ල කෙලින්ම උතුරට ගිහින් දෙමළ දේශපාලඥයින් හමුවන්ට යනඑක නවත්තන්න. නමුත් සිරිසේන ජනාධිපතිට පුළුවන් එවුන් ඇවිල්ල ගියාට පස්සේ ඒ ගැන ඔහුගේ අකමැත්ත පලකරන්න. මුන් සුද්දන්ට බයයි.

සිංගප්පුරුවේ විදේශ අමාත්‍ය බාලසින්හම් කියන දෙමලමනුස්සය උතුරට ගිහින් එහි දේශපාලඥයින් හමුවෙලා කියනවා සිංගප්පුරුව යාපනය කෙරෙහි විශේෂ සැලකිල්ලක් තියෙනවා කියල. මේවාට ඉඩදෙන එකද සිරිසෙන ගේ සංහිඳීයාව ?

සිරිසේන රනිල් රාජිත සෙනරත්න ආදීන්ට තියෙන්නේ  මහන්තත්ත කමින්  ඉදිමුවාගත් ඔළුගෙඩි. ඒක ලෙඩක්.  එනිසයි උන්ට රටේ එක ප්‍රශ්නයක්වත් විසඳාගන්න බැරි.  යහපාලන රජයේ ඉංග්‍රීසි පත්තරයේ  ප්‍රමෝද සිල්වා කියනවා සිරිසේන කියනවාලු  ජාතිය නගාසිටුවීම සඳහා යුඇන්පී ඇස්ඇල්පී දෙබිඩි ආණ්ඩුව මොනප්‍රශ්නආවත් නොකඩවා ගෙනයනවලු. ඒ රටේ  ජාතියේ නගාසිටුවීම කෙසේවෙතත් රටජාතිය විනාෂ උනත් ඔවුන්ගේ දේශපාලන පැවත්ම සඳහායි යන්න හන්ගන්ට බැ. මේ රට බටහිරටත්  ඉන්දියාවටටත්  දැනටමත් විකුණලා, ශ්‍රී ලංකාවේ ගන්ටදෙයක් දැන් නැ. මේ අවුරුදු පහම මුන්ගේ ඉලව් යහපාලනය පවත්වාගෙන ගියොත් ඒ සිංහල ජාතියේ අවසානයි.

 සිරිසේන රනිල් දෙපලටයි, මංගල රවී ජෝඩුවටයි  ජාතික කැක්කුමක්  නැ. ලෝකබැන්කුව උන්ගේ කොන්දේසි උඩ නයදෙනවා එයින්වෙන්නේ රට බටහිරට තවතවත් නයගැතිවෙන එකයි, ඉන් පස්සේ ලංකාවේ නිදහස අහෝසිවෙලා ලංකාව බටහිරට හිසනමන වහල් ජාතියක්වෙනවා. මදැයි වෙනසකට කියකියා සතාට කතිරෙගහල කරගත් වින්නැහිය ?

ලංකාවට අලුත් ව්‍යවස්තාවක් අවශ්‍ය නැ මොවුන් කරන්නේ බටහිර ට ඔවුන් දෙමළුන්ට සමතැනක්දෙනබව  පෙන්වන්න. එයින් වෙන්නේ අන්තිමේදී ෆෙදෙරල්  ආණ්ඩු ක්‍රමයක් හැදෙන එක. මේකට කොහෙත්ම ඉඩ නොදෙන්න දැන්මම කටයුතු කලයුතුව තිබෙනවා.

මහා පණ්ඩිත කථා කියන සිරිසේන ජනාධිපති අතුරුදහන්වූ මිනිසුන් සඳහා කාර්යාලයක් පිටුවීමට අවශ්‍ය කැබිනෙට් පත්‍රිකාව අත්සන්කලාලු. දැන්වත්  මේ ආන්ඩුව කියන්න ඕනේ  ත්‍රස්තවාදය නැතිකිරීම පිළිබඳව බටහිරින් හෝ එක්සත්ජාතීන්ගේ ජිනීවා කාර්යාලයෙන් එන මොනම තර්ජන යෝජනා ශ්‍රී ලංකාව  ප්‍රතික්ෂේපකරනබවත් ඒ පිළිබඳව බලකිරීමක් කලොත් ලංකාව  එක්සත්ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිලිබඳ ජිනීවාහි පිහිටි  කොමිසමෙන්  ඉවත්වෙන බව.  

ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්වුයේ අපියි. ඒ ගැන කිසිම  හැඟීමක් විදේශිකයන්ට නැ. ප්‍රන්සයේ ත්‍රස්තවාදයෙන්  මළවුන් පිළිබඳව සිහිකිරීමේ උත්සව මහ ඉහලින් පවත්වනවා ඒවාට අනිත් යුරෝපා රටවල්ද සහභාගිවෙනවා. අපේ සිංහල ගම්වල හා වෙනත් ප්‍රදෙසවල කොතරම් අහිංසක මිනිසුන්,දරුවන් ත්‍රස්තවාදීන් විසින් අමුඅමුවේ මරාදැම්මාද ? ඒ සඳහා අපට බටහිර රටවලින් කිසි අනුකම්පාවක් ලැබුනේ නැ. ඔවුන්ගෙන් අපට ලැබුනේ අපවාද, හා ත්‍රස්තවාදය නැතිකළ අපේ යුදවිරුවන්ට දඬුවන්කිරීමේ යෝජනා එල්ලකිරීමයි.

ත්‍රස්තවාදය නිසා මැරුනේ වඩාත්,  අපේ සිංහල තරුණයන්. දෙමලුන්ටත් ඒ ගැන හැගීමක් නැ. අපිව ත්‍රස්තවාදයෙන් බේරාගැනීමට ජීවිත පුජාකලේ අපේම කොල්ලෝ. ඒ ගැන වේදනාවක් තියෙන්නේ අපිට. යුද්දය ගැන විහුලුකල රනිල් වික්‍රමසින්හට, රවී කරුනානායකට,මංගල සමරවීරට ඒ ගැන වේදනාවක් නැති නිසයි ඔවුන් අපේ වීර රණවිරුවන් පාවාදෙන්න ඉදිරිපත්වෙන්නේ. ඒකට සිරිසේනත් ස්ම්මාදන්වෙනවා.  මේ නොබෝද කොමොන්දෝරු  ඩී කෙ පී දිසානායක රණවිරුවත් අත්අඩංගුවට අරන්. තවකී දෙනෙකුට මේ වින්නැහියට මුණ දෙන්න සිදුවෙයිද?

ඇයි අප්පේ ත්‍රස්තවාදය නැතිකලේ කියලා අහනතරමට මේ  මෛත්‍රිපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ අච්චාරු ආණ්ඩුව  අපේ ගෞරවය ආදරය හිමිකරගත් අපේ ආරක්ෂක දේවතාවන් වැනි රණවිරුවන් ට කොයි තරමක් වදහිංසා කරනවාද ? මේකම ඇති මුන්ට වැහි නැති හෙනගහන්ට.

වෙනසකට සතාට කතිරය ගහපු පන්විල ඉස්කෝලයෙ සමහරක් ගුරුවරියන්ට දැන් මොනවා හිතෙනවා ඇද්ද ?

7 Responses to “පන්විල සිංහල ඉස්කෝලෙක ගුරුවරියෝ  කීපදෙනෙක් එදා රාජපක්ෂ ආණ්ඩුව පරද්දන්න   සතාට කතිරිගහන්න කියා කියා චන්ද ව්‍යාපාරයක් කලාලු.”

  1. Senerath Says:

    Is this how he developped Sri lankan ?

    ශ්‍රී ලංකන් හිටපු සභාපති නිවාස 3ක් භාවිතා කරලා

    ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපතිවරයා නිල නිවාස තුනක් භාවිතා කර ඇති අතර, ජංගම දුරකථන හයකට ගෙවීම් ලබා ගෙන ඇති බව රාජ්‍ය ව්‍යවසායක සංවර්ධන කබිර් හෂීම් මහතා ප්‍රකාශ කර සිටී.

    ඒ අනුව හිටපු සභාපතිවරයාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකන් ආයතනය ලබා ඇති පාඩුව ඩොලර් මිලියන තුන්දහස් දෙසිය පනස් දෙකක් බවත් කබිර් හෂීම් අමාත්‍යවරයා සඳහන් කර සිටී.

    අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වූයේ පසුගියදා ශ්‍රී ලංකන් ආයතනයට අයත් කටුනායක සේවා අංශ නිරීක්ෂණයට සහ ශ්‍රී ලංකා කේටරින් ආයතනය නිරීක්ෂණයට එක් වෙමින් එම ආයතනවල සේවකයන් අමතමින්ය.

    තමාට පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකන් ආයතනය ගැන විමසන පළමු අවස්ථාවේදී පවසන්නට සිදු වූයේ එය වළදැමීම පමණක් ඉතිරිව ඇති බව පැවැසූ අමාත්‍යවරයා මේ වන විට එය පාඩුව අවම කර ගනිමින් සිටින බව පෙන්වා දුන්නේය. ආයතනය වසා දැමීම හෝ එම විකුණා දැමීම සිය අභිප්‍රාය නොවන බව පැවැසූ අමාත්‍යවරයා ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකන් ආයතනය කලාපයේ හොඳම ගුවන් සේවාව කිරීමට තම දායකත්වය උපරීමයෙන් ලබා දෙන බව පෙන්වා දුන්නේය.

    නව පරිපාලනය යටතේ ශ්‍රී ලංකන් ආයතනය 2015 සහ 2016 යන දෙවසර තුළ සිය පාඩුව ඩොලර් මිලියන 43 දක්වා අඩු කරගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය 2014-15 තුළ ඩොලර් මිලියන 127 ක් බව පෙන්වා දුන්නේය. අධික පාඩුවක් ලබන රටට මහත් හිසරදයක් වී තිබූ ශ්‍රී ලංකන් ආයතනය වසා දැමීම හෝ විකුණා දැමීම වෙනුවට අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා රජය විසින් මේ බර දරමින්, එය නැවත රටට සම්පතක් බවට පත් කිරීමේ වගකීම තමන්ට පැවරූ බව පැවැසීය.
    ශ්‍රී ලංකන් ආයතනයේ පසුගිය පරිපාලනය යටතේ සිදු වූ දූෂණ, අක්‍රමිකතා, දේශපාලන වශයෙන් එහි සම්පත් අයථා භාවිතය ගැන පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇතැම් ශ්‍රී ලංකන් සේවකයන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ සේවය කිරීමට රුපියල් ලක්ෂ ගණනින් මාසිකව වැටුප් ගෙවා ඇති බව තහවුරු වී තිබෙන බව පෙන්වා දුන්නේය.

    පැතුම් වික්‍රමරත්න

  2. Senerath Says:

    A golden statement, even if he is crazy sometimes. This is the way it should be, isn’t it ?

    හිටපු ජනාධිපති මහින්දට මම ගරු කරනවා
    නි. ඇමැති පාලිත තෙවරප්පෙරුම

    බුලත්සිංහල – ඇම්. ආර්. ප්‍රේමරත්න

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මම ගරු කරන කෙනෙක්‌. එවැනි නායකයින් මේ රටේ ඉන්න ඕනෑ. නමුත් ගරු නොකරන සිද්ධීන්ද තිබුණා. අහසත් මගේ පොළවත් මගේ වගේ රට පාලනය කළේ යෑයි වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා බුලත්සිංහල දී පැවසීය. ඒ මහතා එම අදහස්‌ පළ කළේ බුලත්සිංහල ජාතික පාසලේ පැවැති උත්සව සභාවක්‌ අමතමිනි. තවදුරටත් අදහස්‌ දැක්‌ වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීහ. අද සයිටම් කියල ප්‍රශ්නයක්‌ රටේ තියෙනවා අද වෛද්‍යවරු මොකක්‌ද කරන්නේ. ආණ්‌ඩුවට කියනවා සයිටම් රජයට පවරා ගන්න කියලා. සමහර ප්‍රමිති වෛද්‍යවරු මගේ ඥාතියකුගේ වම් කකුලේ කටුවක්‌ ඇනිල තියෙද්දී දකුණු කකුල කැපුවා. මේ වෛද්‍යවරු ප්‍රමිතිය ගැන කථා කරනවා. මේ රටේ ප්‍රමිති හදන ඇතැම් වෛද්‍යවරු ජීවිත කොච්චර පෙට්‌ටියෙන් එවලා තියෙනවාද?

    පරිසරය තියෙන්නේ ජනාධිපති යටතේ, අම්මගේ අප්පගේ බූදලයක්‌ වගේ පරිසරය දවසින් දවස විනාශ වෙනවා. අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක්‌ නැහැ. මම ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක්‌ වුණාට මම ආණ්‌ඩුව ආරක්‍ෂා කරන්නේ නැහැ. පක්‍ෂය ආරක්‍ෂා කරන්නෙත් නැහැ. රටේ පුරවැසියෝ ආරක්‍ෂා කළාම ආණ්‌ඩුවත් ආරක්‍ෂා වෙනවා.

  3. Lorenzo Says:

    EXCELLENT SPEECH!

    “https://www.facebook.com/siyapatha.lk/videos/1704280713191978/?hc_ref=ART7hd6vC_q7qaZEdjjfgnZyqqUn5-SAIDKf1_QTvBIhOTdw61P3D6xjJvNOX1-z6LM”

  4. Lorenzo Says:

    EXCELLENT SPEECH.

    https://www.facebook.com/siyapatha.lk/videos/1704280713191978/?hc_ref=ART7hd6vC_q7qaZEdjjfgnZyqqUn5-SAIDKf1_QTvBIhOTdw61P3D6xjJvNOX1-z6LM

  5. Senerath Says:

    චම්පික ඇමැතිතුමා සිය ඇමැතිධුරයෙන් ඉවත්වූ දිනට පසු දින ඔහු විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්ව ගියේය. නමුත් ඊට පෙර තම යෝජනාවලිය පිළිගත නොහැකි බව දන්වා ශ්‍රීලනිපයෙන් නිල ලිපිය ලැබුණදාට පසුදින සිටම චම්පික ඇමැතිතුමා තම නිල නිවසේ බඩු බාහිරාදිය ක්‍රමානුකූලව ඉවත් කර ගැනීම ආරම්භ කර තිබුණි. ඒ අනුව පාමංකඩ පිහිටි නිවසක් වෙත ඔහු තම බඩු බාහිරාදිය රැගෙන ගියේය.
    නොවැම්බර් 20 වැනිදා චම්පික ඇමැතිතුමා අවසන් වශයෙන් තම නිල නිවසින් ඉවත්ව යන අතුරතුර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔහුට දුරකථනයෙන් ඇමතීය. එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ ‘චම්පික ඔයා දක්ෂ කෙනෙක්. ඔයාට අනාගතයක් තියෙනවා. දේශපාලන වශයෙන් මම ඔයත් එකක් කිසිම තරහක් නෑ. හිතේ ආවේගයක් තියෙනවා නම් ඒ මත මේ වෙලාවේ තීරණගන්න එපා’ යනුවෙන් පවසද්දී චම්පිකගේ පිළිතුර වූයේ හිතේ ආවේගෙට අනුව තීරණගත්තා නම් මම ඉල්ලා අස්වෙන්නේ 2011 දී. මේ ප්‍රශ්නෙදි ඔබතුමයි. ඔබතුමාගෙ පවුලයි යන ගමන වැරදියි. මේක අනාගතයේ මේ රටේ දරුවො තුවක්කුවෙන් විසඳගන්න කලින් අපි මේක ඡන්දෙන් විසඳගමු’ යනුවෙන් ඔහු ජනාධිපතිතුමාට පිළිතුරු දුන්නේය. එතැනින්ද එම දුරකථන සංවාදය අවසන් නොවීය. එවිට ජනාධිපතිතුමා විමසා සිටියේ ‘ඔයා හිතන්නේ මම පරදියි කියල ද?’ ඊට චම්පිකගේ පිළිතුර වූයේ ‘ඒකට වටපිටාව හැදිල ඉවරයි’ යන්නය. එය ඇසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහ හඬින් සිනාසෙමින් ‘අපි ඡන්දෙන් පස්සෙ හම්බවෙමුකො’ යනුවෙන් පැවසීය.

  6. Leela Says:

    “නව පරිපාලනය යටතේ ශ්‍රී ලංකන් ආයතනය 2015 සහ 2016 යන දෙවසර තුළ සිය පාඩුව ඩොලර් මිලියන 43 දක්වා අඩු කරගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය 2014-15 තුළ ඩොලර් මිලියන 127 ක් බව පෙන්වා දුන්නේය.”

    ගුවන් සමාගමක ප්‍රධානතම වියදම වන්නේ ‘ඉන්ධන’ බව සෙනරත් නොදන්නව උනත් තක්කඩි අැමතියා දන්නවා. නමුත් ඒ බව නොකිය බොරැ පම්පෝරි ගහනවා. 2014 ට පෙර බොර තෙල් බැරලයක මිල US$ 110 ට වැඩිය්. 2015 සිිට බොර තෙල් බැරලයක මිල US$ 40 ට බැස්සා. අද US$ 50 ය්. කෝ ඒ ඉතිරි උන මුදල? ඉතිරිය හොරා කෑවෙ නැති නම් අද වෙන කොට එයාර් ලංකා ලාබ ලැබිය යුතුය්. මේ කියන්න හදන්නෙ මහිින්දගෙ සභාපති වැඩ්ඩා කිියන එකනෙවෙය් ‘යහපාලන’ නඩය පට්ට හොරැ කියන එකය්.

  7. Leela Says:

    චම්පික ගැන මෙතන කතා කොරල වැඩක් නැහැ. මහින්ද එක්ක බැරි චම්පක වැඩ්ඩෙක්ද? දැන් යන්නෙ හරි පාරෙද? අපට නම් යහපාලක චම්පක නටන නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ වගෙය්. රතනය් චම්පකය් තිිලක් කරැණාරත්නව අන්දලා හක් ගෙඩියෙ පිහිටෙන් මංත්‍රි සහ අැමති උනා. ඊලඟට හාමුදුරැවො අන්දලා චම්පක අැමති උනා. පැනිලි පැනල හැකර කටින් යූඑන්පී උන් වරක් අැන්දුවට දිගටම අන්දවන්න බැහැ. ඊලඟ චන්දෙදි චම්පකලට වෙනදේ බලත හැකිය්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress