සතොස කොකේන් විමර්ශනයට පෙර ඇමති රිෂාක් බදුර්දීන් සතොස භාර අමත්‍ය ධූයෙන් ඉවත් කරන්න.  -ඇමති රිෂාක් බදුර්දීන් අමාත්‍යවරයාගේ බලපෑමෙන් තොරව ‘කොකේන් පරීක්ෂණ‘ පැවැත්වීමට ඉඩ හසර සැලසීම ‘ජනාධිපති – අගමැති‘ වගකීමකි.
Posted on July 23rd, 2017

පුවත්පත් නිවේදනය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය

ශ්‍රී ලංකාවේ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම දේශපාලන නායකත්වය හා සෘජුව බැදි පවතින බව ‘අන්තරායකර ඖෂධ පාලනය පිළිබද ජාතික මණ්ඩලය‘ විසින් අවස්ථා කිහිපයක දී හෙළි කොට ඇත.  එය දිගු කලක් පුරා අඛණ්ඩව දිවෙන සම්බන්ධතාවකි.

 අමාත්‍ය රිෂාක් බදුර්දීන් මහතා යටතේ පාලනය වන සතොස ආයතනයට ගෙන් වූ සීනි කන්ටේනරයක් තුල තිබී ‘කොකේන්‘ මත්ද්‍ර‍ව්‍ය විශාල ප්‍ර‍මාණයක් හමුවීම දේශපාලනඥයින් හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම අතර ඇති සෘජු සම්බන්ධය තහවුරු කෙරෙන තවත් අවස්ථාවක් විය හැකිය.  මන්ද, 2017 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ දී මත්ද්‍ර‍ව්‍ය ජාවාරම හා සම්බන්ධ ලෙස අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් ද ජනාධිපතිවරයාට  සහ අගමැතිවරයාට මෙම කරුණු වාර්තා කළ බව එහි හිටපු සභාපතිවරයා  හෙළි කළ තිබූ බැවිනි.

ධනයෙන් පමණක් නොව බලයෙන් ද විමර්ශන කටයුතු සදහා දේශපාලනඥයින් විසින් බලපෑම් සිදු කරනු ලබයි.  මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන්ට ධනයෙන් කිසිදු අඩුවක් නොමැත.  ඔවුන්ට, ආරක්ෂාව සපයන දේශපාලනඥයින් විමර්ශන යට ගැසීමේ තීරණාත්මක සාධකය වේ.

අමාත්‍ය රිෂාක් බදුර්දීන් මහතා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තබාගනිමින් සිදු කරන සතොස කොකේන් විමර්ශනය කිසිදු විශ්වසනීයත්වයකින් තොර හුදු ඇස්බැන්දුමක් පමණක් වනු ඇත. 

‘මතින් තොර රටක් සදහා වන රජයේ ප්‍ර‍චාරක ව්‍යාපාරය‘ යථාර්ථයක් බවට පත්වීමට නම් සතොස කොකේන් විමර්ශනයට පෙර අමාත්‍ය රිෂාක් බදුර්දීන් මහතා එම අමත්‍ය ධූයෙන් ඉවත් කර විමර්ශනය පැවැත්වීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සහ කැෆේ සංවිධානය අවධාරණය කරයි.

මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress