හම්බන්තොට මහා නගරය කතා කරයි.
Posted on July 30th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ 

මෙතෙක් කල් හම්බන්තොට නමින් හැදින්වූ මේ නගරය, නමින් නම් නොකලද, අද සිට චිනතොටක් බවට පත් කල බව මුළු රටම දන්නාවූ කරුණකි. ඩොලර් නමින් හදුන්වන කඩදාසි කැබලි කීපයකට, මේ මහා නගරය අන්සතු කිරීම තරම් පහත් අසමත්ජාති වැඩක් මේ රටතුල ඉතිහාසය පුරාවට කිසිදාක සිදු නොවිණි. පාලකයින් ඉපිදෙමින්,විවිධ ආකාරයේ විකාරරුපි දේවල් කරමින් සිට කාලකන්නින් වශයෙන් මියැදෙන ආකාරය දෙස මා බලා සිටින්නේ අද ඊයෙක  සිට නම් නොවේ, ඉපදීම ජීවත්වීම හා මියැදීම අරුමයක් නොවන දේශයක, තමන් උපන් බිම හා දේශය විකුණගෙන  කෑම  තරම් පහත් නින්දිත සිදු කිරීමක්  මම කිසිදාක දැක නැත්තෙමි. මේ ජරාජිර්නාවූ  වූ පහත් පාලකයින් මේ  ක්‍රියාව තුලින් තමන් කවුදැයි හෙළි කරන්නේ , මුළු ලෝකයටම බව පළමුව, මෙරට වාසින් තේරුම් ගත යුතුව ඇත. තමන්ගේ පාලකයින් වශයෙන් මෙතරම් පහත් මිනිසුන් ඉහලට ඔසවා තැබීම තුලින් මෙරට ජනතාවගේ මන්දබුද්ධිකතාවය මුළු ලොවටම ප්‍රදර්ශනය කර හමාරය. චීනයෙන් ලබාගත් ණය මුදලින් ගොඩනගාගත් මහා වරාය, ගත ණය මුදලට වඩා අඩු මුදලකට විකිණීම විකිණීම මෙරටවැසි ජනතාවට පමණක් නොව ඒ මහා වරාය ඉදිකිරීමට ණය මුදල ලබාදුන් චීනයටද ඇදහිය නොහැකි කාර්යයක් විය. තමන්ගේ රටේ දුෂණ වලට සම්බන්ධ මැති ඇමතිවරුන්ව, ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන රාජ්‍යක්, මෙරට දුෂිත පාලකයින්ගෙන් හම්බන්තොට වරාය මිලදී ගැනීමට හේතුව කුමක්දැයි චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් ප්‍රසිද්ධියේම, ගිවිසුම අත්සන් කල මොහොතේ මනාව ප්‍රකට කල බව මෙරට ජනතාව මනාව තේරුම් ගත යුතුව තිබේ. ම්ම් ඒ සම්බන්ධව තවදුරටත් කිසිවක් කතා නොකරමි.

මේ රට පාලනය කරනවා යයි කියනු ලබන මේ පාලකයින් මේ සිදු කර ඇත්තතේ කුමක්දැයි මෙරට වාසීන්ට මම ඉතා පැහැදිලිව කියාදීමට අදහස් කලේ මේ මිනිසුන් අතර, රටට ජාතියට හා සිය ආගමට ආදරය කරන,හා ගරු කරන මිනිසුන්ද සිටින බැවිණි පළමුව තේරුම් ගන්න , මේ මහා වරාය නිර්මාණය කිරීමට චීනය ඩොලර් මිලියන ගණනාවක මුදලක්, මේ රටට ණයක් වශයෙන් ලබාදුන්නේ, එකිනෙකාට ගරු කිරීමේ,හා ඇති දැඩි මිත්‍රත්වයේ, සංකේතයක් වශයෙන් බව.ශ්‍රී ලංකාවට මෙතරම් ගරු කරන හා ආදරය කරන කිසිදු රාජ්‍යක් මෙලොව නැති බවද වටහා ගන්න.එවන් රාජ්‍යක් තම මිතුරු රාජ්‍යකට මහා වරායක් ඉදිකරදී, ඒ මුදල දිගු කාලින ණයක් සේ සලකා ගෙවීමට ඉඩදී ඇති අවස්ථාවකදී, වත්මන් පාලකයින් ඒ ණය බර මහා මෙරටත් වඩා බරක්සේ පෙන්වාදී, මේ මහා සම්පත ඩොලර් මිලියන 1400ක තරම් සුළු මුදලකට අවුරුදු 99ක බද්දකට චීන සමාගමකටම  පවරා ඇත. බලන්න කොච්චර පහත් පාලකයින් රැලක්ද මේ, තමන්ට ගොඩඑන්න යමක් දෙන එක්කෙනටම ඒ ගෙනත්දුන්න දේම  විකුණන වලන් නොවන මිනිස්සු නේද මේ පාලකයින්.

හොදයි දැන් මෙතන වටිනාකම් දෙකක් ඇත. එකක් ඩොලර් මිලියන 1400ක් වන අතර අනික වසර 99ක කාලයයි. ඩොලර් මිලියන 1400ක් කියන්නේ කුමක්ද? මේ මුදල මෙරට ජනගහනයට අනුව, එක පුද්ගලයකුගෙන්, රුපියල් 1100ක්  ලබාගැනීම තුලින් පියවිය හැකි මුදලකි.. මේ රජය බලයට පත්වූ දින සිට මෙරට ජනතාවගෙන් ලබාගත් මුදල් ප්‍රමාණය කොපමණදැයි අපි නොඅසමු. නමුත් අවම වශයෙන් මාස 6ක කාල සීමාවක් තුලදී මෙරට ජනතාවගෙන් රුපියල 1100ක් අය කරගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කලා නම් මේ වසර 99ක් පුරා මෙරට ජීවත්වෙන අනාගත පරපුරට බලපාන මේ පහාත් අති තුච්ඡ ක්‍රියාවලිය නවතාලීමට ඕනෑතරම් ඉඩ තිබුණි. අවුරුදු 99ක් කියන්නේ, ජනාධිපතිවරුන්ගේ ධුර කාල 19ක් වන අතර, මේ කාල කාල භක්ෂකයින් රොත්ත අනාගත ජනාධිපති ධුර කාල 19ක්ම මේ  බඩගෝස්තරවාදී ක්‍රියාවලියට අමුණා ඇත.

රටට ජාතියට ආදරය කරන ඔබ මේ වනවිට දත්මිටි කමින් පාලකයින්ගේ මුහුණත් තහඩු පුළුස්සමින් දෙස් දෙවොල් දෙමින් පසුවන්නේ,දැඩි කෝපයකිනි. මේ වන විට සටනට නායකත්වය දෙන්නට අයෙක් තවම පෙරමුණ ගෙන නැත. කලබල නොවන්න. අදම ඔබ සටන ඔබ තුලින්ම පටන් ගන්න. ඔබේ රුපියල් 1100ක ඇති වටිනාකම තේරුම් ගන්න. මේ රුපියක් 1100ට වසර 99කත එහා ගිය පරපුරකට සේවය කල හක්ක සේම, මේ 1100ත මෙරට පාලනයටද දැඩි බලපෑම් කළහැකි බව මේ පාලකයින් ඔබ ඉදිරියේ පෙන්වාදී ඇත. ඔබෙන් රජයට යන මුදල් ප්‍රමාණය හැකි පමණ සිමා කරන්න.

1. මොනම හේතුවකටවත් මේ යුගයේ කිසිදු ලොතරැයියක් ගන්න එපා.
2. ඔබගේ ශරීරයටද දැඩිව බලපාන දුම්වැටි බාවිතය හැකි පමණ අවම කරන්න.
3.හැකි පමණ මධ්‍යසාර පානය අඩු කරන්න.
4. රජයට විරෝධතාවයක් ප්‍රකාශකර ඒ දිනදී, පෙළපාලි නොගොස් හැමදෙනාම තමන්ගේ බැංකුව වෙත ගොස් දවසක් හෝ දෙකක් තුලදී යලි දැමීම අරමුණු කරගෙන තැන්පත් මුදල් ඉවත් කරගන්න.

මේ විරෝධතාවයන්ට මැරයින් දමා පහරදිය නොහැකි අතර රජයට ජනතාවගේ බලය කුමක්දැයි වටහා දිය හැක.

මාගම්පුර සටනට ජයවේවා!

2 Responses to “හම්බන්තොට මහා නගරය කතා කරයි.”

  1. NAK Says:

    Chinese government must be requested to investigate this deal. There sure is a huge bribe involved and that is why the big hurry to close the deal. If China investigate and found any underhand deals involved the Chinese party too will be responsible.

  2. Kumari Says:

    Though I am overall very angry over the Magampura issue, I am glad it is the Chinese and not the dirty Indians that got hold of Magampura. The best is yet to come. That is the Trincomalee and ETCA.

    Dear Gods, do something now before Indians with the help of Americans get a permanent foot hold in our country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress