පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අපරාධ සංවිධානයක්‌ එය මා නැවත කියනවා – අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ
Posted on October 18th, 2017

සරත් ධර්මසේන – ශ්‍යාම් නුවන් ගනේවත්ත උපුටා ගැන්ම දිවයින

 අර්ජුන් ඇලෝසියස්‌ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ව්‍යාපාරික ආයතනයක්‌ නොව මේ රටට විශාල හානියක්‌ කරමින් සාපරාධී ක්‍රියාවල යෙදුණ අපරාධ සංවිධානයක්‌ යෑයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (17 දා) ජනාධිපති කොමිසම හමුවේ පැවසුවේය.
 
 එම සමාගම කළ අපරාධ, සාපරාධී ක්‍රියා ක්‍රමයෙන් හෙළිවෙමින් පවතින විට මීට මාස 03 කට පමණ උඩදී මම මේ කොමිසම හමුවේ එම ප්‍රකාශයම කළා. නමුත් එදා එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මට තදින් විරුද්ධ වුණා. මා ඒ ප්‍රකාශය කළේ සැර බාල කරලයි. නමුත් හොඳට ශබ්ද නඟල, උස්‌ හඬින් යුතුව අද මම ඒ ප්‍රකාශයම කරනවා. 
 
 පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සිදුකර ඇත්තේ ඉතිහාසගත වන හොරකමක්‌. මෙතරම් විශාල මුදල් වංචාවක්‌ මේ රටේ මීට පෙර සිදුවෙලා නැහැ. ඒ පිළිබඳ සියලු තොරතුරු කොමිසමට ඉදිරිපත් කළා. ප්‍රබල සාක්‍ෂි මගින් හෙළිවී හමාරයි.
 
 පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම කළ නීති විරෝධී ක්‍රියා රැසක්‌ම හෙළිකර ගැනීමට බොහෝ දුරට හැකිවුණේ ඔහු ඇතුළු එම සමාගමේ නිලධාරීන් ඒ දිනවල පරිහරණය කළ ජංගම දුරකථන, ලැප්ටොප් ඇතුළුව සන්නිවේදන උපකරණවල (දත්ත) අන්තර්ගත තොරතුරු පරීක්‍ෂා කිරීමට හැකිවූ නිසයි. ඒ සඳහා අපි ඉතා ඉහළ දැනුමක්‌ ඇති තාක්‍ෂණ නිලධාරීන්ගේ සහාය ලබා ගත්තා. 
 
 එම උපකරණ පරීක්‍ෂාවට භාජනය කිරීමට රහස්‌ පොලිස්‌ නිලධාරීන්ට බලය පවරමින් නියෝගයක්‌ ලබා දුන්නේ ඔබතුමන්ලාගේ කොමිසමයි. එවැනි නියෝගයක්‌ ශ්‍රී ලංකාවේ කිසිම අධිකරණයකින් මීට පෙර දීලා නැහැ. ඒ ගැන අපි කොමිසමට ස්‌තුතිවන්ත වෙනවා.
 
 ඇතැම් දුරකථනවල දත්ත අර්ජුන ඇලෝසියස්‌ගේ උපදෙස්‌ මත ඔහුගේ යටත් නිලධාරීන් විසින් විනාශ කර තිබුණා. නමුත් ඔවුන් කළ නීති විරෝධී ගනුදෙනු ගැන හෙළිකර ගැනීමට අප සොයාගත් තොරතුරුවලින් හැකිවුණා. 
 
 අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ මහතා විසින් ඉහත කී ප්‍රකාශය කරනු ලැබුවේ කොමිසමේ සාක්‍ෂි විභාග කිරීම අවසන් කරන බව කොමිසමේ සභාපතිවරයා විසින් ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි. 
 
 නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ කාර්ය භාරයට සහාය දැක්‌වූ සියලු දෙනාටම කෘතඥතාවය පළකරන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.

2 Responses to “පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අපරාධ සංවිධානයක්‌ එය මා නැවත කියනවා – අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ”

  1. Senerath Says:

    Well said Sir. We need 1000 officials like you.
    It is a criminal organisation at the outset , when it was set up. Big Kahuna Arjun shall be arrested right now and so are the previous directors.

  2. dhane Says:

    I knew යසන්ත කෝදාගොඩ මහතා from his childhood as a neighbour from a very respectable family. Like late farther Professor Nanadasa Kodagoda maintain family prestige & position without bending to any political pressure. Get the master minder of this great robbery Ranil Wickremesinghe and question the half baked cake fully. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සිදුකර ඇත්තේ ඉතිහාසගත වන හොරකමක්‌. මෙතරම් විශාල මුදල් වංචාවක්‌ මේ රටේ මීට පෙර සිදුවෙලා නැහැ
    May the Triple Gem protect and bless all of you in නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ කාර්ය භාරයට සහාය දැක්‌වූ සියලු දෙනාටම කෘතඥතාවය පළකරනමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress