පාර්ලිමේන්තුවෙන් සම්මත වුවත් ජනමත විමසුමෙන් නව ව්‍යවස්‌ථාව පැරදවීමට සංඝරත්නය පෙරට එනවා – බෙල්ලන්විල විමලරතන නාහිමි
Posted on October 25th, 2017

චමින්ද සිල්වා,උපුටා ගැන්ම දිවයින

 යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගත්ත ද එය ජනමත විචාරණයකට යැමේදී බහුතර ජන මතයකින් පරාජය කිරීමට මහා සංඝරත්නය පෙරටුව කටයුතු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ ඊයේ (24 දා) පැවසූහ.
 
 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව අදහස්‌ දැක්‌වීම සඳහා ඊයේ සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.
 
 අගමැතිවරයා ඇතුළු විවිධ පාර්ශ්ව මේ වන විට නව ව්‍යවස්‌ථාවක්‌ හෝ කෙටුම්පතක්‌ සකස්‌ කර නොමැති බවත් එම නිසා ඒ ගැන කතා කරන අය කරුණු හරිහැටි නොදැන කතා කරන බවත් පැවසුවත් මහා සංඝරත්නය මේ ගැන ගැඹුරින් හදාරා කරුණු කාරණා දැනගෙන කතා කරන බව උන්වහන්සේ කීහ.
 
 මෙම යෝජනාවලිය අධ්‍යයනය කිරීමේදී ඉතා පැහැදිලිව පෙනී යන්නේ ශ්‍රී ලාංකේය සමස්‌ත ජනතාවගේ අනාගතය හා ජන සමාජයේ සහජීවනය අවදානමේ හෙළීමට හා බෙදුම්වාදී අරමුණුවලට රුකුල් දීමට පාදක විය හැකි ව්‍යවස්‌ථා නිර්දේශ එහි අන්තර්ගතව ඇති බව යෑයි උන්වහන්සේ කියා සිටියේය.

ඡායාරූපය- දිමුතු ප්‍රේමරත්න

brlla5500

 ඒවා අතර (අ) පාර්ලිමේන්තු බලතල දුර්වල කරන වගන්ති, (ආ) ජනාධිපතිවරයා විසින් ආණ්‌ඩුකාරවරයා හරහා පළාතක බලතල පාලනය කිරීමට දැනට තිබෙන ප්‍රතිපාදන අහෝසි කෙරෙන නිර්දේශ (ඇ) ඉඩම් ඇතුළු ඉතා වැදගත් ක්‍ෂේත්‍ර මත පවත්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ බල වපසරිය ව්‍යවස්‌ථා අධිකරණයක්‌ (කොහොම පිsහිටුවනවද යන්න පැහැදිලි නැත) පිහිටුවීම තුළින් අහෝසි කෙරෙන වගන්ති (ඈ) උතුර හා නැගෙනහිර දෙපළාත් එක ඒකකයක්‌ ලෙස සැලකිය යුතු බවට නව ව්‍යවස්‌ථාවෙන් පිළිගැනෙන පරිදි පැනවෙන වගන්තිද, (ඉ) පළාත් තුළ ජාතික වැදගත්කමකින් යුතු කටයුත්තකදී මැදිහත්වීමට රජයට මෙතෙක්‌ තියෙන ඉඩකඩ අහෝසි වන පරිදි සමගාමී ලැයිස්‌තුව ඉවත් කිරීමට කෙරෙන යෝජනා ද (ඊ) ඕනෑම පක්‍ෂයක්‌ සඳහා ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී රජයට හා පාර්ලිමේන්තුවට වර්තමානයේ ඇති ප්‍රතිපාදන ඉවත් කිරීමට කර තිබෙන නිර්දේශ ද (පළාත් සභාවකට අවශ්‍ය නම් පෝය නිවාඩුව වුවද එම පළාතේ බෞද්ධයන් අඩු නම් එය වෙනස්‌ කර වෙනත් දිනයක්‌ යොදා ගැනීමට හැකිය.) ඇතුළු තවත් බොහෝ යෝජිත පියවර ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයත්වය විනාශ කිරීමට තුඩුදෙන බව මධ්‍යස්‌ථ හා නිර්දේශපාලනික මනසකින් මෙම ක්‍රියාවලිය දෙස බලන ඕනෑම අයෙකුට වැටහී යනු ඇතැයි උන්වහන්සේ පැවසූහ.
 
 තවද මෙම යෝජනාවලිය තුළ අන්තර්ගත වී තිබෙන විකල්ප යෝජනා හරහා මෙහි සත්‍ය තත්ත්වය රටේ ජනතාවට වසන් කෙරෙන පරිදි සිංහල, දෙමළ, ඉංග්‍රීසි යෙදුම්වල පරස්‌පර තේරුම් ඇතිවන ආකාරයට වගන්ති සකස්‌ කර තිබෙන බව පැහැදිලිව පෙනීයන බව ද උන්වහන්සේ කීහ.
 
 උදාහරණයක්‌ ලෙස යෝජිත ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකාව ෙµඩරල් රාජ්‍යයක්‌ ලෙස සෘජුව සඳහන් කර නොමැති වුවත් වක්‍රව ඒ බව ඉස්‌මතු කිරීමට මෙම එකිනෙකින් වෙනස්‌ තේරුම් සහිත සිංහල, දෙමළ, ඉංග්‍රීසි වචන භාවිතයෙන් උත්සාහ දරා ඇති බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියහ. එසේම බුදු සසුනට හිමි සුවිශේෂී ව්‍යවස්‌ථාමය ප්‍රමුඛස්‌ථානය ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වැනි වගන්තියට සංශෝධන සහ විකල්ප ඉදිරිපත් කරමින් දියාරු කර ඇති බව ද උන්වහන්සේ කීහ.
 
 මාධ්‍ය හමුව සඳහා පූජ්‍ය බලන්ගොඩ සෝභිත, අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද, මහාචාර්ය කෝන්ගස්‌තැන්නේ ආනන්ද, බෙල්ලන පුණ්‍යරතන, පූජ්‍ය හෑගොඩ විපස්‌සි, ආචාර්ය රොටුඹ ප්‍රේමරතන යන නාහිමිවරු ද එක්‌ව සිටියහ.

One Response to “පාර්ලිමේන්තුවෙන් සම්මත වුවත් ජනමත විමසුමෙන් නව ව්‍යවස්‌ථාව පැරදවීමට සංඝරත්නය පෙරට එනවා – බෙල්ලන්විල විමලරතන නාහිමි”

  1. NAK Says:

    Venerable thero’s, they know that they will lose at a referendum they don’t mind that. All they want is to get it passed with a 2/3rd majority. At a referendum the north and the east will vote overwhelmingly for the new constitution and that is all they want.The so called international community will do the rest.
    So what is needed at the moment is to do your best to get 76 votes against and defeat this unwarranted constitution.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress