උතුර සිංහලයන්ටද  පදිංචි විය හැකි පලාතක් විය යුතුයි, එයට රජයන් අනුබලදිය යුතුයි   
Posted on November 1st, 2017

චානක බණ්ඩාරගේ

27/10/2017 දින ලංකාවෙබ් හී පළවූ ‘Sinhalese should be allowed and encouraged to settle in the North යන ලිපියේ සිංහල පරිවර්තනය, මුල් ලේඛකයා විසින්ම

හැඳින්වීම                                                                        

සිංහලයන් උතුරේ පදිංචිවීමට එරෙහිව උතුරේ දේශපාලනඥයෝ  කටයුතු කරත්. මෙය දැනට වසර 60ක පමණ කාලයක සිට ඔවුහු ඉතා සාර්ථක ලෙස කරගෙන යන්නකි.

කණගාටුවට කරුණ වන්නේ දකුණේ නායකන් උතුරේ දේශපාලනඥයන්ගේ  මෙම ජාතිවාදී වැඩපිළිවෙලට ඉඩ දී බලාසිටීමය.

ඇතැම් TNA මන්ත්‍රීවරුන් විසින් කරන ලද කථාවලින් මනා ලෙස පිළිබිඹුවන්නේ ඔවුන් උතුරට සිංහලයන් පැමිණීම වැලැක්වීම පමණක් නොව උතුරේ පාරම්පරිකව ජිවත් වූ සිංහලයන් නැවත උතුරට පැමිණීමටද විරුද්ධ බවයි.  පහත ලින්ක්ස් ආශ්‍රයෙන් වීඩියෝ දෙක බලන්න; දෙමළ කථා කරන උතුරේ පාරම්පරික සිංහලයන් නැවත උතුරට ඒමට විරුද්ධව TNA මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අවස්ථා දෙකකදී එම සිංහලයන්ට තදබල ලෙස විරෝධය දක්වන හැටි: www.youtube.com/watch?v=fKfrUS–twIs, https://www.youtube.com/watch?v=zWfucC_o270

‘එලඟු තමුල්’ නමැති ජාතිවාදී ව්‍යාපාරයක් මඟින් උතුරේ මහා ඇමතිවරයා උතුරේ සිංහලයන් පදිංචිවීමට විරුද්ධ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. ඔවුන් උතුර පුරා මේ පිළිබඳව හර්තාල් පවත්වා උද්ඝෝෂණ කරත්.

දකුණේ ඕනෑම තැනක ද්‍රවිඩයන්ට ජිවත්විය හැකි නම් සිංහලයන්ට උතුරේ ජීවත්වීමට නොහැකි මන්දැයි මේ ජාතිවාදීන්ගෙන් කෙලින්ම ඇසීමට තරම් පිට කොන්දක් ඇති දේශපාලනඥයන් අද පාර්ලිමේන්තුවේ නොමැත.  

ඉතිහාසය

ඉන්දු ලංකා ගිවුසුම (1987) අත්සන් කිරීමේදී උතුරු – නැගෙනහිර  ශ්‍රී ලාංකික ද්‍රවිඩයන්ගේ ඓයිතිහාසික වාසස්ථාන ලෙස පිළිගැනීමට එවකට සිටි රාජ්‍යනායකයා (අධි පීඩනය යටතේ වුවද) පිළිගැනිම අති විශාල වරදකි. මන්ද, එයින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය විකෘති කිරීමක් වන බව ඔහු දැනසිටිය යුතු නිසාය.  අපේ ඉතිහාසය සැකවින් පහත බලන්න:

විජය ආගමනයෙන් ශ්‍රී ලංකාවේ සිංහල ශිෂ්ටාචාරය ආරම්භ විය (විජයගේ සිංහ වංශයත්, ඊට කලින් මෙහි  සිටි හෙළ වංශයත් මුසුවී හටගත් සිංහල ජාතිය). ඒ අදට වසර 2500කට එපිටය. විජය ගොඩබැස්ස තම්බපන්නිය ද  අද බෙදුම්වාදී ඊලාම්  සිතියමේ කොටසකි.

විජයගෙන් පසු ශ්‍රී ලංකාවේ සිංහල ජනගහනයේ සීග්‍ර වර්ධනයක් සිදු වූ අතර එය උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයභ පළාත් වලට සිමා විය. ප්‍රබල සිංහල රාජධානිය අනුරාධපුරයේ බිහිවිය.

සංඝමිත්තා ථෙරිය ශ්‍රී ලංකාවට පා තැබුවේ (ක්‍රි පු  290 පමණ) යාපනයේ දඹකොළ පටුනටය. ඉන් පසු සිය පරිවාර මෙහෙණින් සමඟ මල්වතු ඔය මාර්ගය (අද මන්නාරම) ඔස්සේ දේවානම්පියතිස්ස රජතුමා විසු අනුරාධපුරයට වඩින ලදී.

ක්‍රමානුකූලව සිංහල බෞද්ධ ජනගහනය රටේ දකුණට  ව්‍යාප්ත විය (මහින්ද ආගමනයෙන් මුළු රටම බෞද්ධ විය). දකුණේ සිංහල බෞද්ධ ජනාවාස ඇතිවිය.

අසේළ රජතුමාගේ දුර්වල රාජ්‍ය සමයේ අනුරාධපුරයට දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණ ඇතිවිය. එළාර විසින් අනුරාධපුරය ආක්‍රමණය කර එහි රජ බවට පත් වන කාලයේදී  කාවානම්පියතිස්ස රජතුමා ස්වකිය රාජධානිය (මාගම) දකුණේ තිස්සමහාරාමයෙහි  පිහිටුවා තිබුණි. විහාරමහාදේවියගේ මඟ පෙන්වීමද යටතේ දුටු ගැමුණු රජතුමා (ක්‍රි පු 107 – 77) එළාර සමඟ සටන් කර ඔහු මරා නැවත අනුරාධපුර රාජධානිය පිහිටවිය.

අනුරාධපුරයේ  සිට සිංහල රජවරු මුළු රටම (උතුර සහ නැගෙනහිරද ඇතුළුව) පාලනය කළහ. විටින්විට ඇතිවූ දකුණු ඉන්දීය ආක්‍රමණ නිසා සිංහල රාජධානිය වෙනත් ප්‍රදේශවලට ගෙන යාමට සිදු විය. අනුරාධපුරයෙන් එය ගෙන ගියේ පොලොන්නරුවටය. ඉන්පසුව එය දඹදෙණිය, යාපහුව, ගම්පොළ  වැනි ප්‍රදේශවලට මාරු විය.

16 වන ශත වර්ෂය මුල් භාගයේදී කෝට්ටේ 6වන පරාක්‍රමබාහු රජ ඔහුගේ පුත් සපුමල් යාපනයේ  (යාපා පටුනේ) යුව රජ ලෙස පත් කළේය. 16 වන ශතවර්ෂයේ මැද භාගයේ පමණ සිට ප්‍රතිකාලුන් විටින් විට උතුරු පළාත අල්ලා පාලනය කළහ. 1591දී යාපනය ස්ථිර වශයෙන්ම ප්‍රතිකාලුන් අල්ලා ගත්හ.

උතුර සමඟ මෙවැනි තදබල බැඳීමක් ඇති සිංහලයාට අද ඒ ප්‍රදේශ තමන්ගේ පාරම්පරික වාසස්ථාන නොවන බවට පිළිගැනීමට සිදු වීමත්, ඔවුනගේ උතුරේ වාසයට උතුරේ දේශපාලනඥයන් දැන් තහනම් පැනවීමත් ඉතා කණගාටුවට කරුණකි.

උතුරු නැගෙනහිර කැලෑ වල ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානවල නටබුන් අදද හමුවේ, දක්නට ලැබේ.

1948දී ශ්‍රී ලංකාව නිදහස ලබද්දී උතුර සහ නැගෙනහිර ශ්‍රී ලංකාවේම කොටසක් ලෙසට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු පිළිගත්හ. පාකිස්ථානය බිහි කලාක් මෙන් උතුර (සහ නැගෙනහිර) වෙන් කර වෙනම ද්‍රවිඩ රාජ්‍යක්  තනා ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමට ඔවුන්ට කිසිම උවමනාවක් නොවිය. එවකට සිටි ද්‍රවිඩ නායකයන් එවැනි ඉල්ලීමක් බ්‍රිතාන්‍යයන්ගෙන් නොකළහ. මන්ද, එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප වන බව ඔවුන් ඉතා හොඳින් දැනසිටි නිසාය.

1948 වනතුරු තම ද්‍රවිඩ ජාතියට ශ්‍රී ලංකාවේ අසාධාරණ සිදු වෙනවා යයි කියා බ්‍රිතාන්‍ය රජයනට ද්‍රවිඩ නායකයෝ පැමිණිලි කල බවට වූ සාක්ෂි නැත. නමුත් නිදහසින් වසර 10ක් ඉක්ම යන්නට මත්තෙන්, 1957 වනවිට උතුරට ෆෙඩරල් තත්ත්වයක් ලබා ගැනීමට  ගිවුසුම් ගැසීමට තරම් ඔවුහු සමත් වුහ. ද්‍රවිඩ නායකයන් ඉංග්‍රීසින්ට බියවූ නමුත්, සිංහල නායකයන් ආණ්ඩු බලයට පත්වූ පසු ඔවුන්ගෙන් තමනට අවශ්‍ය දේ බලෙන්ම මෙන් ලබා ගත හැකි බව ඔවුහු  දැන සිටියහ. වත්මන් තත්ත්වයද එයයි.

නිදහස් ලංකාවේ ප්‍රථම අගමැතිවරයා ඩි එස් සේනානායක විය. මහා බ්‍රිතාන්‍යයෙන් පත් කරන ලද අග්‍රාන්ඩුකාරයා වුයේ ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර්ය. මේ අයව රටේ සියළු වැසියෝ රටේ නිත්‍යානුකුල නායකයන් ලෙස පිළිගත්හ.

ප්‍රභාකරන් විසින් 1970 අග සහ 1980 මුල උතුරේ සිංහලයන් පලවා හරින විට එහි අඩු තරමින් සිංහල ස්ථිර පදිංචිකරුවෝ 50,000 තරමවත් සිටි බවට එහි එකල ජිවත් වූ වැසියෝ පවසත්. යාපනයේ පමණක් සිංහලයෝ 20,000 ස්ථිර පදිංචි කරුවන් ලෙස සිටි බවට කියති. නමුත් අද දකුණු වවුනියාව සහ  වවුනියාව දිස්ත්‍රික්කයේ නැගෙනහිරට වෙන්නට ඇති බෝගස්වැව, වෙහෙරතැන්න,  නන්දිමිත්‍රගම, නාමල්ගම, වැලිඔය, හැලඹවැව, ජනකපුර වැනි ප්‍රදේශ අත්හල පසු, වවුනියාවෙන් ඔබ්බට, උතුරු  පළාතේ ස්ථිරව ජිවත්වන මුළු සිංහලය ගහණය 500ක් වත් නැති තරම්ය.

ප්‍රභාකරන්ගෙන්  පහර කා, යුද්ධයෙන් පසු, ආපසු උතුරට යාමට තැත් කල සිංහලයන්ට එවකට වූ රජය මඟින් ඔවුන්ට උතුරේ  නැවත පදිංචි වීම පිණිස නිසි පහසුකම් දීම කෙසේ වෙතත් කලේ කෙසේ හෝ ඔවුන් උතුරට යාම වැළක් වීමය. උතුරට ගිය අයට ආපසු දකුණට යන ලෙස බල කරන ලදී. යාපනයේ පැරණි දුම්රිය ස්ථානයේ තාවකාලිකව පදිංචි වී සිටි උතුරේ සිංහලයන්ට එම ස්ථානය අත්හැර ආපසු දකුණට ගියහොත් මිහින්තලයෙන් ඉඩම් අක්කර 2ක් දෙන බවට ඉඟි කරන ලද බව ඒ අය පවසත්. බොහෝ සිංහලයෝ ආපසු දකුණට ගිය අතර (ඒ සඳහා රජය විසින් ශ්‍රී ලංගම බස් රථ සපයන ලදී), උතුරේම නතරවූ ‘දැඩි මතධාරී’ සිංහලයෝ එක්වන්ව යාපනයට කිමි 7 පමණ පහලින් වූ නාවට්කුලී සිංහල ගම්මානය (පවුල් 59) ‘බලෙන්ම’ මෙන් බිහි කරගත්හ.   ඒ 2010 දීය.

2009 මැයි 19 වනදා යුධ ජයග්‍රහණයෙන් පසුව කල යුතුව තිබුනේ මෙම රටේ මෙතෙක් පැවතියේ ත්‍රස්තවාදී යුද්ධයක් බවත්, එය දැන් අවසන් බවත්, සියළු ජාතින් සාමයෙන්, සමගියෙන්, සහෝදරත්වයෙන් ලංකාවේ සෑම පලාතකම මින් ඉදිරියට  වාසය කල හැකි බවට ප්‍රකාශ කර, ඒ අනුව ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමය. 1987දී 13වන ව්‍යවස්ථා සංශෝදනය ගෙන ආවේ එදා රටේ පැවතී ත්‍රස්තවාදී යුද්ධය නිසා බවත් යුද්ධය අවසන් වීම නිසා එය ජනමත විචාරණයක් මඟින් අවලංගු කල යුතු බවට සියළු  ජනතාව දැනුවත් කල යුතුව තිබුණි. එදා එවැනි ඉල්ලීමක්  කළා නම් සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් බොහෝ දෙනා එවන් ජනමත විචාරණයකට කැමැත්ත පල කිරීමට ඉඩ තිබුණි. 13වන සංශෝධනය අවලංගු කලානම් පළාත් සභා නමැති කිසිම වැඩකට නැති සුදු අලියා අහෝසි වී යනවා පමණක් නොව (පළාත් සභා 9ම අහෝසි වීමකි), උතුරු පළාත් සභාවට චන්දයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නොවීමෙන් අප හොඳින්ම දැන සිටි කරුණක් වන සිංහලයාට එරෙහි වන ජාතිවාදී ආණ්ඩුවක් උතුරේ බලයට පැමිණීමෙන් වළක්වා ගත හැකිවීමට තිබුණි (2013න් පසු උතුරේ සිංහලයන් විසින් මුහුණ පාන ලද විවිධ ජාතිවාදී අත්දැකීම් කිහිපයක් ඉදිරි ලිපියකින් ඉදිරිපත් කරමු). නැවතත් මෙවැනිම  ජනමත විචාරණයක් 2013 උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර 2012/2013 දී පැවැත්වීමට රට තුල ඉල්ලුමක් තිබුනත් එවක තිබු රජය ඒ ගැන කිසි සැලකිල්ලක් දැක්වුයේ නැත. එයට අවශ්‍ය වුයේ කෙසේ හෝ  උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමය. එහි ප්‍රථිපලයක් ලෙස සිංහලයන්ට උතුරට ගොස් පදිංචි වීමට තිබු කුඩා අවස්ථාව පවා දැන් අහිමි වී ගොස් තිබේ (එදා, 2010, උතුරු පළාත් සභාවක් තිබුනේ නම් නාවට්කුලි සිංහල ගම්මානය ආරම්භ කිරීමට ලැබේයයි සිතිය නොහැක).  

දැනට සිටින මහා ඇමතිවරයා උතුරේ TNA මහා ඇමති අපේක්ෂක බවට එම පෙරමුණ ප්‍රකාශ කලේ මැතිවරණයට බොහෝ කලකටත් උඩ දීය.

TNA පෙරමුණ පාර්ලිමේන්තුවේ LTTE හඬ මෙන් කටයුතු කල බව කාටත් මතකය.

කොටින්ම, අද උතුරේ ප්‍රසිද්ධ ස්ථානයක නව බුදු පිළිමයක් ස්ථාපනය කිරීම පවා තහනම් කටයුත්තක් බවට පත්වී ඇත. පන්සලක චෛත්‍යයක් සදා ගැනීම වැනි කටයුත්තකට පවා උතුරේ සිංහල බෞද්ධයන්ට උසාවි අවසර ලබා ගැනීමට යාමට සිදුවීම ප්‍රශ්නයේ බරපතල බව පෙන්වන්නකි.

සිංහලයන්ට වන අසාධාරණය  

ද්‍රවිඩයන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉතා නිදහසේ ජිවත් විය හැක. අද කුරුනෑගල, තිස්සමහාරාම වැනි සිංහල බහුතරය ජීවත්වෙන ප්‍රදේශවල ද්‍රවිඩයන් ජිවත් වෙත්. මෙහි වරදක් නැත. නමුත් මෙම සිද්ධාන්තය සිංහලයන්ට උතුරේ ජිවත් වීම් සඳහාද බල පෑ යුතුය. අද එය එසේ බල නොපායි.

සිංහලයන්ට උතුරේ ගොවිපලවල්, ව්‍යාපාර පටන් ගැනීමට, එසේ නොමැති නම් උතුරේ වූ නිස්කලංක පරිසරයේ ජීවත්වීමට, එවැනි දේ කැමති අයට අවස්ථාව සැලසිය යුතුයි. නියම සංහිඳියාව යනු මෙයයි.නමුත් අද සිදුවන්නේ එයට ඉඳුරාම විරුද්ධ දෙයකි. එසේ යන අයව වැලැක්වීම සහ ඒ අයට අවශ්‍ය පහසුකම් නොලැබීමයි.

සංහිඳියාව පිළිබඳව අප දැන් උදේ සවස මාධ්‍ය මඟින් අසමු, දකිමු. සංහිඳියාව හොඳ දෙයකි. නමුත් සංහිඳියාව දෙපාර්ශ්වයටම ක්‍රියාත්මක විය යුතුයි. සංහිඳියා පණිවුඩය සිංහල, දෙමල, මුස්ලිම් සියළු දෙනාටම එක සේ අදාළ බව පෙන්වා දීම රජයේ යුතුකමකි. සිංහල මාද්‍ය මඟින් සංහිදියා පිළිවෙත අනුගමනය කරන මෙන් නොකඩවා දෙන උපදෙස් දෙමල, මුස්ලිම් මාධ්‍ය මඟින් එම ප්‍රජාව වෙතද ලබාදෙනවාද කියා සොයා බැලිය යුතුයි.

නිදහසේ තමන් කැමති තැනක ජීවත්වීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවීමේදී එහි අන්තර්ගත බව පැහැදිලියි. ශ්‍රී ලංකාව විසින් අත්සන් කර ඇති International Covenant on Civil and Political Rights 1966 නමැති ජාත්‍යාන්තර ප්‍රඥප්තියේද මේ බව සඳහන් වේ.

සිංහලයන්ට උතුරේ පදිංචි විමට ඉඩ නොදීමෙන් රජයන් සහ ද්‍රවිඩ  දේශපාලනඥයන් ජාතික සහ අන්තර් ජාතික නීති කඩ කරත්.

උතුරේ සිංහලයන් පදිංචි වීමේ අවශ්‍යතාව

උතුරු සහ නැගෙනහිර පළාත් ශ්‍රී ලංකාවේ භූමියෙන් 1/3 වන අතර මුහුදු තීරයෙන් 2/3 පමණ වේ. මේවා ශ්‍රී ලංකාවේ ඉතා හොඳ ඉඩම්ය – ජීවත්වීමට සහ කෘෂිකර්මාන්තයට.  මෙම පළාත්වල බොහෝ ප්‍රදේශ අදත් සාපේක්ෂිතව ජනශුන්‍ය, හිස් ඉඩම් වලින් යුතුය (කැලෑ ඉඩම් අත්හැර). මීට සමාන්තරව දකුණ (කන්ද උඩරට, වයඹ, ඌව, සබරගමුව ආදී  පළාත් ද ඇතුළුව) මුළුමනින්ම වගේ අද ජනගහනයෙන් පිරි ඉතිරි ගොසිනි. ඉඩම් හිඟ කමින් ජනයා පර්චස් 2න් පවා නිවාස තනා ගන්නා ප්‍රදේශ තිබේ.

දකුණේ වර්ධනය වන ජනගහනයට ජිවත් වීමට අවශ්‍ය තරම් ඉඩම් නැත. ජීවත්වීමට සුදුසු ඉඩම් ඕනෑතරම් ඇත්තේ උතුරේ සහ නැගෙනහිරය. ඉඩම් නොමැති අයට මෙම ප්‍රදේශවලට ගොස් රජයෙන් ඉඩම් ලබා ගෙන හෝ පෞද්ගලිකව මුදල් දී මිලදී ජිවත්වීමේ අයිතියක් තිබිය යුතුය. මෙය සාධාරණ මානුෂික අයිතියකි. ලොව වෙනත් ඕනෑම රටක් තුල සිදුවන සාමාන්‍ය දෙයකි.

රටේ අනෙක් ප්‍රදේශවල මෙන්, උතුරු නැගෙනහිර ඉඩම්ද  සිංහල, දෙමළ, මුස්ලිම් යන රටේ සැමට සාධාරණ ලෙස බෙදී යන සේ වැඩපිළිවෙලවල් සකස් කිරීම  රජයන් සතු  යුතුකමකි. ඒවාට තහංචි දැමීමට උතුරු, නැගෙනහිර  පළාත් සභාවට අයිතියක් නොමැති බව ඔවුන්ට පෙන්වා දිය යුතුය. නීති කඩ කරන්නන් නිතිය හමුවට ගෙන යා යුතුය.  ‘තේසවලාමේ’ කියා අසාධාරණ නීතිවලට ඉඩ නොදිය යුතුයි.

අද මුළු රටේම සම්පුර්ණ ඉඩම් බලතල ඇත්තේ මධ්‍යම රජය යටතේය.

දැනට පවත්නා ඉඩම් පිළිබඳ වූ අසාධාරණ තත්ත්වය රජයන් විසින් තවදුරත් නොසලකා හැරිය හොත් අනාගතයේදී රටේ ජනයාට ඉඩම් පිළිබඳව ඇති ප්‍රශ්ණය වඩාත් උග්‍ර වනු ඇත.

මහා නගරවල උස තට්ටු නිවාස ගොඩ නැගීම මෙම ප්‍රශ්නයට විසඳුම නොවේ. ශ්‍රී ලංකාවාසින් බොහෝ දෙනෙක් කැමති ඉඩම තරමක් හෝ සහිත නිවසක ජිවත් වීමටය. එදා සෑම නිවසකම ඉඩම අඩු තරමින් අක්කර ¼ විය.  පසුව මේවා පර්චස් 25, 20 කැබලි වලට කුඩාවී අද බොහෝ දෙනෙක්ගේ නිවෙස් පර්චස් 10ක ඉඩමකට සීමාවී තිබේ. උතුරු නැගෙනහිර ඉඩම් මුළු රටටම විවුර්ථ වුනහොත් (එසේ විය යුතුයි) සිංහල ජනයාටද ඒ ප්‍රදේශවල පර්චස් 25, 20  පමණ ඉඩම් කට්ටි ලබා සුවසේ ජිවත් වීමේ භාග්‍යය ලැබෙනු ඇත. එයින් සෞඛ්‍යය සම්පන්න, සතුටින් පිරි සමාජයක්ද නිර්මාණය වේ.

උතුරේ සිංහලයන් පදිංචි විය යුතු බවට තවත් හේතුවක් වන්නේ රටේ ආරක්ෂාවයි. ඓතිහාසිකව බලන කල අප රට දකුණු ඉන්දීය ආක්‍රමණ වලට යටත් වෙන රටකි. එළාර, සොලී, පල්ලව, කාලිංග-මාඝ ආක්‍රමණ වලින් අප අපමණ පිඩා විඳ ඇත්තෙමු. ඉන්පසු මෑත කාලයේදී ප්‍රභාකරන් තම ත්‍රස්තවාදී  ක්‍රියා කලේ දකුණු ඉන්දියාවෙන් ලැබුණු තදබල ආධාර නිසාය. ද්‍රවිඩ ඊලාම් රාජ්‍යක් ශ්‍රී ලංකාවේ බිහිකිරීමට ආධාර කිරීමට අදද දකුණු ඉන්දියාවේ බොහෝ අය තදින් කැමැත්ත දක්වති (ධනුස්කොඩි සිට තලෙයිමන්නාරමට පැයකට අඩු කාලයකින් ශ්‍රී ලංකාවට මුහුදෙන් පැමිණිය හැක). මෙවැනි වාතාවරණයක් යටතේ උතුරේ සිංහල ජනාවාස තිබීම රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛන්ඩතාව රැකීමට ඉමහත් ඉවහල් වන කරුණක් වේ. දැනට මහා පරිමාණයෙන් සිදුවෙන ඉන්දීය ධිවර යාත්‍රා ශ්‍රී ලංකා මුහුදට පැමිණ අපේ මුහුදු සම්පත් කොල්ලකෑම වැලක්වීමට උතුරේ ජනගහනය වැඩි වීම අවශ්‍යය.

ඓතිහාසිකව, තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකා ද්වීපයට වී ඇති විපත් පිලිබඳව මනා වැටහීමක් තිබු එවකට ශ්‍රී ලංකාව පාලනය කල බ්‍රිතාන්‍යයෝ එවැනි විපත් නතර කර ගැනීමේ අටියෙන් 20වෙනි ශත වර්ෂය මුල් භාගයේ දී උතුර සහ නැගෙනහිර ජනාකීර්ණ කිරීම අවශ්‍ය බව වටහා ගත්හ. මේ සඳහා ඔවුන් යොදවා ගත්තේ සිංහලයායි (ඔවුනට අවශ්‍ය නම් වතුකරයේ මෙන් දකුණු ඉන්දියාවෙන් කූලි කම්කරුවන් උතුරටද ගෙන්වා ගැනීමට හැකියාව තිබුණි).

එදා බ්‍රිතාන්‍යයෝ ඔස්ත්‍රේලියාව ජනාවාස කිරීමට යොදා ගත්තේ  ‘populate or perish’ යන සංකල්පයයි (ජනගහනය වැඩි නොකළහොත් අප සියල්ලම නැසෙනවා යන සංකල්පය). බොහෝ දුරට ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරටද ඔවුහු මෙම සංකල්පය ආදේශ කළා විය හැක.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඇති වැව් භාවිතා කර රට සහලින් ස්වයං පෝෂණය කල හැකි බවද බ්‍රිතාන්‍ය පාලකයෝ දැන සිටිහ.

සිංහලයන් මඟින් උතුර සහ නැගෙනහිර පිරවීමේ කර්තව්‍යය (colonization) බ්‍රිතාන්‍ය රජය භාර දුන්නේ 1932 සිට තම රජයේ කෘෂිකාර්ම සහ ඉඩම් ඇමති ලෙස සේවය කල ඩී එස් සේනානායක මහතාටයි. බ්‍රිතාන්‍යය රජය භාරදුන් කර්තව්‍යය  ඩී එස් සේනානායක මහතා ඉතා මැනවින් ඉටු කළේය. දකුණෙන් කාර්යශුර සිංහලයන් උතුර සහ නැගෙනහිරට ගෙන අවුත් නව ගොවි ජනපද බිහි කළේය. පදවිය, ශ්‍රී පුර, සිංහපුර, හැළඹ වැව, කන්ද කඩුව, ගල් ඔය, සේරුවාවිල, ගෝමරන්කඩවල එතුමා විසින් බිහි කරන ලද ගොවි ජනපදවලින් සමහරෙකි. පසුගිය යුධ සමයේ මේ ගම්මාන බොහොමයක් ‘මායිම් ගම්මාන’ වශයෙන් හැඳින්වින.

ඩී එස් සේනානායක මහතා අගමැති වූ පසුද උතුරු නැගෙනහිර ඉඩම් පිලිබඳ වූ බ්‍රිතාන්‍යය ප්‍රතිපත්තිය දිගටම ගෙන ගියේය. එතුමාගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා ඉඩම් ඇමතිව සහ පසුව අග්‍රාමාත්‍ය ලෙස එකී ප්‍රතිපත්තිය දිගටම ගෙන ගියේය. 1956 බලයට පත්වූ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක මහතා මෙම colonization ප්‍රතිපත්තිය නවතා දැමිය.

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ සිංහලයන්ට උතුරේ ඉඩම්

කලින් රජයේ 13+ සහ වත්මන් රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලින් උත්සහ කරන්නේ ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට දීමටය. මෙවැනි බලතල ජාතිවාදී උතුරු පළාත් සභාවට ගියහොත් ඇතිවිය හැකි තත්ත්වය සිතා ගැනීම පවා භයානකය – නරියාට කුකුළු රංචුව භාර දීමකි.

1987, 13වෙනි සංශෝධනයෙන් පසුව වත් නොලැබුණු ඉඩම් සහ පොලිස් බලතල අන්ත ජාතිවාදී බව අප හොඳින්ම දන්නා උතුරු පළාත් සභාවට භාරදීමට එකඟ වන්නා දේශප්‍රේමියෙක්ද?

උතුරේ ඉඩම් අයිතිය/පාලනය සහ කළමනාකරණය මුළුමනින්ම උතුරු පළාත් සභාවට දුන හොත් (වෙන්න යන්නේ එයයි), සිංහලයන් කෙසේ වෙතත්, උතුරේ මහා ඇමතිට අවශ්‍ය නම් උතුරේ ඉඩම් තමිල්නාඩුවේ  අයට වුවත් දිය හැකි වේවි? (මධ්‍යම රජයටද ඉඩම් ප්‍රමාණයක් ඉතුරුවෙන බව සැබවි). සිංහලයන්ට නොහැකි වුවත් වයිකෝ වැන්නන්ට  උතුරට පැමිණ උතුරු පළාත් සභාවට යටතට අයත් වන ඉඩම්වල ගොවිපල් පටන් ගැනීමට හැකිවේවි? දැනට උතුරේ ඉඩම් හිමි, වවුනියාවෙන් ඉහල වාසය කරන සිංහලයන් ඉතාම අතලොස්සගේ  (යාපනයේ නාවට්කුලි, මන්නාරමේ මඩුපාර, සිලාවතුර, කෝකිලායි ආදී) උතුරේ ඇති ඉඩම් අයිතීන් අවශ්‍ය නම් අවලංගු කිරීමට උතුරේ මහා ඇමතිට හැකිවේවි? කොටින්ම සිංහලයන්ට උතුරේ වවුනියාවෙන් ඔබ්බට ඇති උතුරේ ඉඩම්වලට පා තැබීම පවා තහනම් කිරීමට උතුරේ මහා ඇමතිට අවශ්‍ය නම් හැකි වේවි; විශේෂයෙන්ම පොලිස් බලතලද මහා ඇමති යටතට පත්වන නිසා? මෙවිට නාගදීපය, නාග විහාරය වන්දනා මාන කිරීමට හෝ වෙනත් කටයුත්තකට දකුණේ සිට උතුරට යන සිංහලයාට බහුතර ඉඩම් පළාත් සභාවට අයත්වන නිසා උතුරට ඇතුල්වීමට පෙර මහා ඇමතිගෙන් හෝ මහා ඇමතිට යටත් පොලිස් නිලධාරියාගෙන් අවසර ගත යුතුය කියා නීතියක් පැනවුවහොත්? පොලිස් බලතල දුන් පසු උතුරේ සිංහල පොලිස් නිලධාරින් නැතුවම යාහැකියි? (අද වවුනියාවෙන් ඔබ්බට A9 මාර්ගයේ ඇති දැවැන්ත දැන්වීම් පුවරුවල සිංහල වචනයක්වත් සඳහන් නොවේ. යාපනයට කොළඹ සිට දුම්රිය පැමිණි බව ශබ්ධ විකාශනයෙන් දෙමලෙන් සහ ඉංග්‍රීසියෙන් පමණක් දැනුම් දුන් බව ලියුම්කරු සිය අත්දැකීමෙන් දනී; නමුත් මාතර හෝ පාදුක්ක නගර වල භාෂා 3න්ම ‘බිල් බෝඩ්’ දක්නට ලැබේ; ඒ දුම්රිය ස්ථානවල භාෂා 3න්ම නිවේදන ශබ්ධ විකාශනයෙන් නිකුත් කෙරේ – සංහිඳීයාව දෙපාර්ශ්වයටම ක්‍රියාත්මක විය යුතුයයි කියන්නේ එහෙයිනි).   යුද්ධය අවසන් වී වසර 3ක් ඇවෑමෙන් සියළු රජයන් හැකි තරම් යුධ හමුදා කඳවුරු වසා දැමු බව හෝ කුඩා කල බව අප සැවොම දනිත්. මේ ක්‍රියාවන් ඉදිරියටද සිදුවීම බොහෝ ඉඩ ඇත.

විධායක ජනාධිපති තනතුර අහෝසි කරන්නේ නම් (විධායක ජනාධිපති ධුරයද  දැවැන්ත වූ  සුදු අලියෙකි), පළාත් සභාවක් විසුරුවා හැරීමේ විධායක ජනාධිපති සතු දැන් තිබෙන බලය (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154j වගන්තිය),  අගමැතිට නොව, විධායක නොවන, බලතල වලින් අඩු, පාර්ලිමේන්තුව විසින් තෝරා ගන්නා, ජනාධිපති සතු විය යුතුය (පළාත් ආණ්ඩුකාරවරයාගේ වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව). පලාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීම පවත්නා රජය සහ විධායක නොවන ජනාධිපති අතර  එකඟත්වයෙන් සිදු විය යුතු අතර ඒ සම්බන්ධව පළාතේ මහා ඇමතිට කිසිසේත්  ඇඟිලි ගැසීමට ඉඩ නොදිය යුතුය. පළාත් ආණ්ඩුකාරයා සතු දැනට තිබෙන විධායකමය බඳු බලතල අහෝසි/කප්පාදු කිරීම නොකළ යුතුයි. 2006 සරත් සිල්වා හිටපු අග විනිසුරුතුමාගේ නිර්භීත නඩු තීන්දුව මත (C (FR) Application Nos. 243, 244, 245/06), කලින් එක්ව තිබු උතුරු/නැගෙනහිර පළාත් වෙන්ව යාම කරන කොට, පළාත් දෙකකට එකක් වීමට තවම හැකියාව ලබාදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154A(3) වගන්තිය මුළුමනින්ම අහෝසි කල යුතුවේ.

විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම ජනතාවට දුන් මැතිවරණ පොරොන්දුවක්  ඉටු කිරීමක් වේ. ජනතාව රවටා බොරු පොරොන්දු දීම, ශ්‍රී ලංකා දේශපාලනයේ  ප්‍රචලිත දෙයක් නමුත් එවැනි ක්‍රියාවලින් නිසා මතු පරම්පරාව මැනවින් සදා ගැනීමට අපට නොහැකි වේ.

පළාත් සභා, ප්‍රාදේශීය සභා, මහා නගර/නගර සභා වල මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයක් කල යුතුයයි රජයේ නවතම යෝජනාව තදින්ම හෙලා දැකිය යුතුය. මේ පිළිබඳව වීථි බැස උද්ඝෝෂණය කල යුතුය.  ශ්‍රී ලංකාවට උප ජනාධිපතිවරුන්, සෙනට් සභාවක් ආදිය පත් කලයුතු බව කියන්නන්ගේ ඔළු පරික්ෂා කර බැලිය යුතුය. මේවා තම පවුලේ අයට, දේශපාලන හෙන්චයියන්ට බලතල ලබා දීමට, මුදල් හම්බකරගැනීමට  දේශපාලනඥයන් විසින් කරන කූට උපක්‍රම ද වේ (ශ්‍රී ලංකාව තරම්  චන්දයෙන් තෝරා පත්කරගත් මහජන නියෝජිතයන් මඟින් රටේ ජනතාව පාලනය කරන වෙනත් කිසිම රටක් ලොව නැති තරම්ය).

මනාප ක්‍රමය අහෝසි කර සෑම ආසනයකටම  මන්ත්‍රීවරයෙක් පත් කල 1978 පෙර කලින් තිබු මැතිවරණ ක්‍රමය නැවත ඇතිකල යුතුය; එය ශ්‍රී ලංකාවට ඉතා හොඳින් ගැලපුණි. මෙයින් තම ආසනයේ මන්ත්‍රී කවරෙක්ද කියා චන්ද දායකයන්ට දැනගැනීමට හැකියාව තිබුණි. අද බොහෝ අය දිස්ත්‍රික්කය‌ පුරා මුදල් වියදම් කර (තම ආසනය පැරදුනත්) පාර්ලිමේන්තුවට රිංගත්. මනාප ක්‍රමය අහෝසි කිරීමෙන් බලවත් මධ්‍යම රජයක් බිහි කර ගැනීමට හැකිවේ. ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ගැලපෙන්නේ පළාත් සභා මඟින් පාලනය වන ආණ්ඩු ක්‍රමයක් නොව බලවත් වූ මධ්‍යම  රජයකි (දැනටමත් උතුරු පළාත් සභාව මධ්‍යම රජය වැදගත් ලෙස නොසලකයි).

ප්‍රජාතන්ත්‍ර විරෝධී චීට් මන්ත්‍රී ක්‍රමය (ජාතික ලැය්ස්තු) අහෝසි කල යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණයට දැනට ඇති බලය කිසිම ලෙසකින් කප්පාදු නොකළ යුතුය.

ගරු කතෝලික අග රදගුරුතුමා පවා කියන පරිදි බෞද්ධාගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලබා දී ඇති ප්‍රමුඛත්වය කිසිම ලෙසකින් හීන නොකළ යුතුය.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ජනමතවිචාරණයක් පවත්වා එය පැරදුනත්, එය උතුරේදී මහත් ඉහලින් ජයගන්නා නිසා (90% එහා චන්ද ව්‍යවස්ථා සංශෝධනයට එකඟව එහි ලැබෙනු ඇත) බෙදුම්වාදීන් ජාත්‍යාන්තරයට ගොස් එම ප්‍රථිපලය තම ඊලාම් රාජ්‍යය උතුරේ බිහිකරගැනීම සඳහා යොදා ගනු ලබනු අත (මෑතක උදාහරණ නම් ඊස්ට් ටීමෝර්,  දකුණු සුඩානය, කැටලෝනියා). මේ බව අවබෝධ කරගෙන ජනමතවිචාරණයක් නොපැවැත්වීම මැනවි.

වැරදි වැටහීමක්

සිංහල ජනතාව අතර තිබෙන වැරදි වැටහීමක් වනුයේ ඔවුන් බොහෝ දෙනෙක් ජිවත්වන ශ්‍රී ලංකාවේ තෙත් කලාපය රටේ හොඳම කලාපය බවත්, හොඳම කෘෂිකාර්මික ඉඩම් එහි ඇති බවත්, උතුරු පළාත කර්කශ, වියලි, බෝග නිෂ්පාදන පලදාවෙන් අඩු, ජීවත්වීමට දුෂ්කර පලාතක් බවයි.  පසුගිය වසර 60 තුල මේ වැටහීම ඔවුන්ගේ ඇට මිදුළු වලට කාවැදුනාක් මෙන් ස්ථාපිත වී ඇත. උතුරේ ජීවත්වීම පිළිබඳව ආශාවක් සිංහලයන් වෙත නැත, විශේෂයෙන්ම පසු කාලයේ උතුරේ හටගත් යුද්ධමය තත්ත්වයන් නිසා. මෙම වැරදි වැටහීම දැන් ඔවුන්ට පහදා දීම ඉතා අවශ්‍යයි.

අද උතුරු ප්‍රදේශයට යන සිංහලුන්ගේ සංඛ්‍යාව ඉතා පහල බැස ඇත. නිවාඩුවකටවත් සිංහලයෝ උතුරට යන්නේ කලාතුරකිනි. යුධ ජයග්‍රහණයත් සමඟම වැලනොකැඩි සිංහලයෝ උතුර බලා ගියහ. සතියකට දහස් ගණනක් දකුණේ වැසියෝ උතුර බලා සිය දරු මල්ලන්ද රැගෙන බස් වලින් ගියහ. ඔවුන් වැඩි වශයෙන්ම එසේ ගියේ එල් ටී ටී ඊ නෂ්ටාවශේෂ දැක බලා ගැනීමේ රිසියෙනි. ප්‍රභාකරන් සහ වෙනත් කොටි නායකයන්ගේ නිවෙස්, ඔවුන්ගේ පිහිනුම් තටාක, පොලව යට බංකර්, මුහුදු කොටි නවුකා, සබ්මැරින් ආදීය දැක බලා ගැනීම වැනි බොහෝ දේ එවකට උතුරේ තිබුණි. නමුත් යුද්ධයෙන් වසර 3ක් පමණ අවෑමෙන් මේ සියළු දේ එවක රජය විසින් විනාශ කිරීම හෝ ඉවත් කිරීම සිදු කරන ලදී (හිට්ලර් උපන් නිවස ආදිය ඔස්ට්‍රියන් රජය අදත් රකින්නේ එරට ජනතාව නට්සි නෂ්ටාවශේෂ දැකීමෙන් එවැනි අමිහිරි දේ නැවත තම රටට සිදුවීමට ඉඩ නොදීමට ක්‍රියා කරනු ඇත යන අපේක්ෂාව නිසාය). ප්‍රභාකරන්ව අප්‍රිය කල උතුරේ ද්‍රවිඩයෝ ද විය.

දැන් හසලක වීරයාගේ ස්මාරකය, නාගදීපය, නාග විහාරය හැර වෙනත් බැලීමට දෙයක් උතුරේ නැතැයි යන වැරදි වැටහීමක් බොහෝ සිංහලයන් තුල ඇත. මෙය තදබල වැරදි වැටහීමකි. උතුරේ බැලීමට ඇති දේ බොහෝයි. මේ යුධ බිය නැති සමයේ තම දරුවනට ලංකාවේ ම ඉතා කදීම කොටසක් වන උතුර පෙන්වීමට දෙමව්පියන් විසින් කටයුතු කරනු අගනේය. බස් මඟින් යන අයට නවාතැන් යාපනයේ නාග විහාරය හැරුණු කොට නාවට්කුලි සිංහල ගම්මානයේ  පන්සලේ වුවද ලබා ගත හැක (යාපනයට දකුණෙන් කිමි 7යි).

උතුර වනාහි වියළි බැවින් අධික, කර්කශ ඉඩම් වලින්ද යුක්ත බව සැබෑවි. නමුත් ශ්‍රී ලංකාවේ වී සහ වෙනත් බෝග ගොවිතැන් සඳහා යෝග්‍ය වූ ඉතා සශ්‍රික බොහෝ ඉඩම් උතුරේ ඇත්තේය.

උතුරේ වැව් සිය ගණනක් ඇත. බොහොමයක් වැව් තනන ලද්දේ මහසෙන් (ක්‍රිපු 334 – 362) සහ වසභ  (ක්‍රි පු 127 -71) රජ සමයන්හිදීය.  වව්නියා දිස්ත්‍රික්කයේ වැව් බොහෝය. මන්නාරමේ යෝධ වැව අවට ඇති ඉඩම් අප රටේ සශ්‍රිතම  ඉඩම් ලෙස සැලකේ. ඒ ප්‍රදේශයට සහල් බඳුන (Rice Bowl) යන ලෙන්ගතු නම ලබාදී ඇත්තේ ඒ නිසාය. කිලිනොච්චියේ ඉරනමඩු, කල්මඩු වැව් සහ මුලතිවු හි වවුනිකුලම් වැව් ආශ්‍රිතව බොහෝ බෝග වර්ග ඉතා සාර්ථක ලෙස වගා කල හැක.

එලිෆන්ට් පාස් ඔබ්බට පේදුරු තුඩුව දක්වා ප්‍රදේශය (යාපනය ඇතුළුව) කාර්මීකරණය සඳහා සුදුසු ප්‍රදේශයි. ධිවර සහ සංචාරක කර්මාන්ත සඳහා අවශ්‍ය මුලික සුදුසුකම් වලින් මේ ප්‍රදේශ හෙබියි. ජනගහනය අඩු බව නිසා උතුර නිරතුරුව  පිරිසිඳු සහ පරිසර දුෂණයෙන් අඩු ප්‍රදේශයකි (දකුණට සාපේක්ෂව).

දකුණේ මෙන් නොව උතුරේ වන ගහනය සාපේක්ෂව හොඳින් රැකී ඇත. දකුණේ ජනගහනය අධික වීම සහ ජනගහනය සීග්‍ර ලෙස පැතිරීම නිසා මිනිස්/අලි ඝට්ටනය වැනි පාරිසරිකමය  ප්‍රශ්ණ ඉතා  උග්‍ර වී ඇත (රටේ ජනතාවගේ මෙවන් දැවෙන ප්‍රශ්ණ විසඳීමට සෑම රජයක්‌ම අසමත් වී ඇත – බලයේ සිටින දේශපාලනඥයන්ගේ මුලිකම අවධානය යොමුවී ඇත්තේ ඔවුන්ගේ දේශපාලන බලය වැඩි කරගන්නේ කෙසේද යන්න මිස ජනතාවගේ දැවෙන ප්‍රශ්ණ විසඳන්නේ කෙසේද යන්න නොවේ). කපු වැනි නව බෝග මහා පරිමාණයෙන් උතුරේ හඳුන්වා දිය හැක. විවිධ ඛනිජ වැලි, යපස්/ලෝහ උතුරේ මුහුද ආශ්‍රීත ඉඩම් වල ඇත. ස්වභාවික සෞන්ධර්යයෙන් බලතහොත් උතුරේ සමහර ප්‍රදේශ දකුණ ඉහලින්ම පරදවයි.

අප රටේ ප්‍රධාන ජාති තුනේ ජනයාගේ වාසස්ථානයක් බවට උතුර පත්වුවහොත් අනාගතයේ දී දකුණේ සිදු විය හැකි ජනගහන දෙදරීම වැනි තත්ත්වයක් පාලනය කිරීමට හැකිවනු ඇත, මීට අමතරව මේ මඟින් රටේ ආහාර අතින් අත්‍යාවශ්‍ය වන ස්වයංපෝෂිත භාවය සහ රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛන්ඩතාව රැක ගැනීමට හැකි වේ

උතුරේ අනාගත මිනිස් වාසස්ථාන ප්‍රධාන ජාතින් තුනටම ඉඩ දෙන පරිද්දෙන් සිදු කලයුතු වේ. මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම රටේ සුභසිද්ධියට ඉවහල් වෙන්නකි.

අප රටට ඇත්ත වශයෙන්ම ආදරය කරන ද්‍රවිඩ දේශපාලනඥයන් මෙම වැඩ පිළිවෙල පිළිබඳව සතුටු විය යුතුය, එයට අනුබල දිය යුතුය. මන්ද, මෙවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ද්‍රවිඩ ජනතාවටද සෙතක් සැලසෙන බැවිනි.

කෙසේ නමුත් මෙවැනි ප්‍රතිපත්තියක් සැලසුම් කර ක්‍රියාවට නැංවිය හැක්කේ මධ්‍යම රජයටයි. දැන් පවත්නා මධ්‍යම රජය ද්‍රවිඩ දේශපාලනඥයන් සමඟ සමීපව වැඩ කරන බැවින් මෙම රජයට ඉතා හොඳින් මේ ක්‍රියාදාමය ආරම්භ කල හැකියි.

උතුර තුල යම් දිනක ‘සිංහල වැල්ලවත්තක්’, ‘සිංහල කොටහේනක්’ බිහි වුවහොත් රට සංහිඳියාව අතින් උපරිම ප්‍රථිපල ලබා ඇතැයි අපට එදිනට ඉමහත් අභිමානයෙන් යුතුව කිව හැකි වේ. කිලිනොච්චියේ සහ මුලතිවු වල මෙවැනි සිංහල ජනාවාස 2ක් ඇති කිරීමට  මධ්‍යම රජය සහ රටට අවංකව ආදරය කරන උතුරු දේශපාලනඥයන්ට ක්‍රියා නොකර සිටීමට කිසිම හේතුවක් නැත.

මෙම ලිපියෙන් මුලිකවම පෙන්වා දීමට අදහස් කලේ උතුරේ නව සිංහලයන් පදිංචි විය යුතු අතර ඒ සඳහා රජයන් (සහ වෙනත් රාජ්‍ය නොවන) ආයතන උනන්දුවෙන් කටයුතු කල යුතු බවයි. එවැන්නක් කළහොත් එයින් රටේ සියළු ජාතීන්ට වන සෙත කියා නිම කල නොහැකිය. අනාගතයයේදී  ජාතිවාදී යුද්ධයක් නැවත මෙරට ඇති නොවීමට ඇති හොඳම පිළියමකි එය. වසර 30ක් පැවති යුද්ධය ඇති වීමට ප්‍රධාන හේතුවක් වුයේ උතුරේ සිංහලයන් නොසිටීමය. ප්‍රභාකරන් සහ ඔහුගේ අනුගාමිකයන් හට සිංහලයන් ගැන හොඳ අවබෝධයක් තිබුනේ නැත. ඔවුහු බොහෝ දෙනෙක් සිංහල කථා කිරීමට පවා නොපුළුවන් විය. රජයන් මඟින් සිංහලුන් උතුරෙන් ඉවත් කිරීමට වෑයම් කරන්නේ නම් උතුරේ දෙමළ ජනයාට සිංහලුන් ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත. එය සංහිඳියා ක්‍රියාමාර්ගය සාර්ථක නොවීමට මුලිකම  හේතුවක් වනු ඇත.

මෙම ලියුම්කරු ජාත්‍යාන්තර නීතිඥවරයෙකි. ඔස්ත්‍රේලියාවේ පිළිසිඳ ගත් අද ලෝක ව්‍යාප්ත ශ්‍රී ලංකා සහයෝගිතා කණ්ඩායමේ (Sri Lanka Support Group) හි වත්මන් සභාපතිවරයාය.  srilankasupportgroup@bigpond.com

One Response to “උතුර සිංහලයන්ටද  පදිංචි විය හැකි පලාතක් විය යුතුයි, එයට රජයන් අනුබලදිය යුතුයි   ”

  1. Ancient Sinhalaya Says:

    Traitor anti Sinhalese, anti Buddhist, anti Sri Lankan catholic-run UNPatriotic party has always been working to
    please their ardent supporters tamils, muslims and the catholic west. Traitor alugosuwa (to Sinhalese only) thambi
    mudiyanselage jr@ didn’t have to think twice to put foundations to break up Sri Lanka since the traitor didn’t
    have Sinhalese blood in him. Now his nephew, traitor chief die hard catholic token Buddhist Bay Gal karaya
    mega thief Batalande Wadakaya Pol Pot R@nil WickramaSinhalakiller is carrying on where traitor alugosu uncle
    left off. Now Batalande Wadakaya knows this is the best time to deliver the killer blow to destroy Buddhism, Sri
    Lanka and the Sinhalese race and doing everything possible to achieve the traitor kakakanniya’s life time ambition.
    Again traitor low life doesn’t have any conscience since there is no Sinhalese blood running (only parangi blood)
    in his veins.

    The damage catholic run UNPatriotic party done to Sinhalese, Sri Lanka and Buddhism is numerous. Traitor low
    lives’ ambitions are to please their ardent supporters. Just a few of the traitor low lives’ treacheries.

    UNPatriotic thambi mudiyanselage jr@ introduced pathalyin to silence the opposition. Ever since that has been
    the norm for the traitor thieves gang.

    Sent all the tamils to claim bogus asylum in the west, oz and nz (developed countries only please) and made
    an enemy hell bent on breaking up Sri Lanka to go on holiday while keeping Colombo also to themselves.

    Gave half the country to Batalande Wadakaya’s catholic buddy hitler mala paharan to form a catholic country with
    the CFA in 2005.

    Batalande Wadakaya broke into CB with traitor low life’s catholic buddy maha horandran and got away with 5585
    billion rupees.

    Killed Buddhist jaathidhroee vermins’ party aka jvp without mercy with Batalande Wadakay’s catholic police top
    brass for 6 years. 60,000+ Sinhalese gone. A Sinhalese cull! Check the names of all police top brass. Ernest perera igp, merryl gunarathna, ronnie gunasingha, etc.etc. Notice the first names? Then catholic deshapaluwan festus perera, r@nil wickrmaSinhakiller etc. etc. Sinhala modayas never noticed the connection!

    Didn’t want to trouble the real terrorists catholic tigers of tamil drealam and sacrificed 100,000+ Sinhalese including
    Buddhist monks, tri forces’ personnel, police, men, women and children. Didn’t fight them since they were getting rid of mainly Buddhist population. Another Sinhalese cull! Sinhala modayas never realised the reason for not stopping the war.

    Traitor alugosuwa (to Sinhalese only) lk porisada R@ sent 600 policemen in the east to catholic tigers of tamil
    drealam bullet. Gave weapons to catholic tigers to kill our own tric forces personnel, police etc.

    Traitor Batalanade Wadakaya r@nil sent millennium city intelligent officers to catholic tigers of tamil drealam to
    expedite the creation of a catholic country in Sri Lanka.

    Traitor thambi mudiyanselage jr@ stopped 650,000 tamils who were prepared to go back to tn under Sirima Shastri
    pact in 1963 to get their votes.

    Batalande Wadakaya R@nil stopped teaching history in schools when the low life was education minister to please
    traitor tamils and mussies. Today’s younger generation has no clue about their proud history.

    Batalande Wadakaya the cancer in Mother Lanka gave land to estate tamils to secure their votes in order to create
    another tn in the middle of the country.

    Batalande Wadakaya the cancer in Mother Lanka stopped state pension to make state employees to beg on streets
    after retirement.

    The list of treacheries by the catholic run UNPatriotic party goes on and on. Still a lot of traitor Sinhala modayas
    vote for these traitor low lives. Traitor chief Batalande wadakaya will need a separate hell for himself for the crimes
    he has commited/committing against the Sinhalese race, Sri Lanka and Buddhism.

    First lot of tamils were brought by the dutch to work in tobacco plantations in the north and the east.
    Second lot of tamils were brought by the british to work in tea plantations.
    Third lot of tamils who crossed the waters to save their lives from the severe famine in tn during the 60s.
    Today all are natives with 1000s of years of history (only in books and www) without an ancient brick to support
    their claims. All these guys are followers of religions of conveniences. Charles Darwin’s Theory of Evolution
    destroyed the creator god myth. These religions don’t regard lying, stealing, killing etc. etc. as sins while all
    honest 2-legged creatures accept them to be. So these followers of religions of conveniences go on living a lie saying they had kingdoms etc. (mythical of course). As a result of sinning, they won’t be two legged creatures.

    Just one look at that old hag asambanthan tells you everything. The old hag living a comfortable life in so called
    terrible Sri Lanka. Only hatred you can see in the low life’s eyes chanting national question, national question.
    Colombo is theirs, all the universities (medicine only please) full of tamils, etc. etc. writing in tamil, marked up by
    tamils (unviersity through back door) depriving Sinhalese students of their fair share, no Sinhalese in the north and
    the east. Still the vermin chants national question, national question. We aren’t surprised. As a result of these religions of conveniences followers sinning they won’t be two legged creatures in their next lives. Most probably
    xxxx!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress