Mahinda rajapaksha (Sri Lanka/President) on Interim Report to write a new Constitution,
Posted on November 2nd, 2017

 

4 Responses to “Mahinda rajapaksha (Sri Lanka/President) on Interim Report to write a new Constitution,”

  1. Dilrook Says:

    An excellent speech after a long time.

    Sirisena has forgotten his mandate – abolish executive presidency and change the parliamentary election system.

  2. mahesh fernando Says:

    Ranil Wickramasinghe and company is trying to garner the minority votes in the upcoming presidential. RW and UNP knows that they have very little chances of getting voted by majority Sinhalese. This “new constitution garbage” is a long term plan to grab the power by tapping into minority communities. The so called “National Question” is a myth created by certain elements to stay in political arena.

    MAHESH FERNANDO FROM CA USA.

  3. Senerath Says:

    “The so called “National Question” is a myth created by certain elements to stay in political arena.”
    WRONG!
    Corrected version
    “The so called “National Question” is a myth created by certain elements AND excuse taken by ALL MAJOR POLITICAL GOONS to stay in political arena.”

  4. Indrajith Says:

    පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස නාහිමිපානන්ගෙන් විශිෂ්ඨ සම්මුඛ සාකඡ්ඡාවක්:-

    මේ මොහොතේ රට රැකගැනීම ජනාධිපතිතුමාගේ වගකීමයි
    ===================================

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජකීය පණ්‌ඩිත මැදගොඩ අභයතිස්‌ස නාහිමි

    abayathisමේ බෙදුම්වාදී ව්‍යවස්‌ථාව පරාජය කර රට රැකගැනීමට හැකි එකම පුද්ගලයා ජනාධිපතිතුමා පමණක්‌ බව පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය, රාජකීය පණ්‌ඩිත මැදගොඩ අභයතිස්‌ස නාහිමියන් ප්‍රකාශ කළා. උන්වහන්සේ එම ප්‍රකාශය සිදුකළේ ජනාධිපතිතුමා පසුගියදා සුනේත්‍රාදේවි මහ පිරිවෙනට පැමිණි අවස්‌ථාවේදීයි. මේ රට බෙදා වෙන්කිරීමට කොටි ත්‍රස්‌තවාදීන් කළ යුද්ධයේදී ජාතිකවාදී බලවේග සමග කෙළින් සිටගත් නායකයකු වන වත්මන් ජනාධිපතිතුමාගේ මේ මොහොතේ වගකීම වන්නේ මෙම බෙදුම්වාදී ව්‍යවස්‌ථාව පරාජය කර අනාගත පරපුර වෙනුවෙන් මේ රට සුරක්‌ෂිත කිරීම බව පවසමින් මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමියන් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමඟ පැවැත්වූ සාකච්ඡාවයි මේ.

    තමා සිටින තුරු මේ රට බෙදන්නට ඉඩ නොදෙන බව ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළා?

    ජනාධිපතිතුමා කිහිප අවස්‌ථාවකම එසේ ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මේවන විට මානව හිමිකම් කණ්‌ඩායම් අපේ රටේ තැන තැන නැවතිලා රණවිරුවන් යුද අපරාධ කළා යන්න තහවුරු කිරීමට අවශ්‍ය රාජකාරී ලිපි ලේඛන සකස්‌ කරමින් සිටිනවා. අපේ රණවිරුවන් රකින බවට ජනාධිපතිතුමා කොහොම කිව්වත් එන්ජීඕ සංවිධාන මුල්වෙලා අපේ රට ඇතුළට මේ කණ්‌ඩායම් ඇවිත් මේ විදිහට තොරතුරු එකතුකරගෙන ඒවා තහවුරු කරන්න පුළුවන් කාරණ විදිහට සකස්‌ කරල ඔවුන් ලෝකයට ඉදිරිපත් කරන විට ජනාධිපතිතුමාට වුණත් කරන්න දෙයක්‌ නැති වෙනවා.

    ජනාධිපතිතුමාට අද අපේ රටේ තිබෙන ප්‍රශ්න විසඳීමට අවශ්‍ය නම් ඒවාට මෙලෙස ඔඩුදිවීමට ඉඩ නොදිය යුතුයි. අපට මතකයි හියුගෝ චාවේස්‌ වෙනිසියුලාවේ ජනාධිපති නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම සඳහා ජනමත විචාරණ තුනක්‌ පැවැත්තුවා. නව ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍ය ද යනුවෙන් එකක්‌. ඊටපසු එහි ක්‍රමවේදය සහ ඊට සම්බන්ධවන පුද්ගලයන් හඳුන්වා දීල ඔවුන් ගැන ජනතාවගේ අදහස විමසුවා. කෙටුම්පත හැදුවට පස්‌සෙ ඊට ජනතාවගේ කැමැත්ත අකැමැත්ත විමසල තුන්වැනි ජනමත විචාරණය ඔහු පැවැත්තුව.

    ලෝකෙ වෙනත් රටවල් නව ව්‍යවස්‌ථා සම්පාදනය කරන්නෙ එහෙමයි. අපේ රටේ අඩුතරමින් ව්‍යවස්‌ථා සම්පාදනය කිරීම සඳහා සකස්‌ කළ වාර්තාවන් පිළිබඳ කළ විවාදයටවත් ජනතාව අතරට යන්නට ඉඩ නොදී ඉතාමත් රහසිගත සහ වංචාසහගත ලෙස සිදුකරන මේ ක්‍රියාවලිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නතර කරන්නෙ නැත්නම්, මහානායක මාහිමිපාණන් වහන්සේලාත් රටේ විද්වතුනුත් විරුද්ධ මේ වැඩපිළිවෙළට වැඩෙන්නට දෙමින් මම මේ රට බේරාගන්නවා කියල ජනාධිපතිතුමා කිව්වට ඒක හීනයක්‌ විතරයි.

    මේ ෆෙඩරල් ව්‍යවස්‌ථාව ගෙනඒම ජනාධිපතිතුමාට නතර කළ හැකි බව පසුගියදා ඔබවහන්සේත් ප්‍රකාශ කළා?

    ඔව්. එතුමා අතේ තමයි මේ වෙලාවෙ බලය තියෙන්නෙ. මේ රට ඉදිරියට ගෙන යන රථයේ රියදුරා එතුමා. රථයේ තව දක්‌ෂ රියදුරන් ඉන්න පුළුවන්. නමුත් මේ වෙලාවෙ රියදුරු අසුනේ ඉන්නේ එතුමා. මේ බෙදුම්වාදී ව්‍යවස්‌ථාව වළක්‌වන්නට හැකි එකම පුද්ගලයා එතුමා. මේ බෙදුම්වාදී ව්‍යවස්‌ථාව ගෙන ඒම නතර කරල මේ රට රැකගැනීමට ජනාධිපතිතුමාට පුළුවන් යෑයි කියමින් අප සිහිපත් කරන්නේ එතුමාගේ වගකීමයි.

    එතුමාට මේ වනතෙක්‌ නම් ඒ වගකීම නිසියාකාරව ඉටුකිරීමට හැකියාවක්‌ ලැබී ඇති බවක්‌ අපට පෙනෙන්නට නැහැ. මහ බැංකුවේ ප්‍රධානියා ලෙස මේ රටේ පුරවැසියකු නොවන පුද්ගලයකු අගමැතිවරයා විසින් රැගෙන එන විට ඔහු පත් නොකරන ලෙස දැන්වූ බව එතුමා ප්‍රකාශ කරතත් ඔහු මහ බැංකුවේ අධිපති ලෙස පත්වුණා. මෑත කාලයේ ඇතිකරගත් අණපනත් දෙස බලන විට රටට අහිතකර ඒ අණපනත් සම්මත වෙලා තිබෙනවා. අතුරුදන් වූවන් ගැන සොයාබැලීමේ කාර්යාලය රණවිරුවන් දඩයම් කිරීම පිණිස පිහිටුවන්නක්‌ බව මුළු රටම කියද්දී ඒ දඩයම් මධ්‍යස්‌ථානය බලාත්මක කරන්න අත්සන් කරන්නට ජනාධිපතිතුමාට සිදුවුණා. අතුරුදන්වීම වැළැක්‌වීමේ ජාන්‍යන්තර සම්මුත පනත ඇති කිරීම එතුමා පමාකරමින් ඉන්නවා. එය කල්දැමීම නොවෙයි රටට වුවමනා වන්නේ ඒ ක්‍රියාදාමය මුළුමනින්ම අහෝසි කර දැමීමටයි. එය න්‍යාය පුස්‌තකයෙන් ඉවත් කරල මුළුමනින්ම නිශේධ කර දැමිය යුතුයි. ජනාධිපතිතුමා මේ රට බෙදන්න දෙන්නෙ නැහැ කියමින් ජනතාව ඉදිරියේ රටේ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටියාට රට බෙදීමේ ක්‍රියාදාමය ඉදිරියට යනවා නම් ඒ ප්‍රකාශවලින් රටටත් ජනතාවටවත් පලක්‌ නෑ. ජනාධිපතිතුමාගේ ප්‍රකාශ දෙස ජනතාව බලා සිටියදී බෙදුම්වාදීන් තම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරමින් යනවා. දැනට පෙනෙන්නට තිබෙන්නේ එයයි. ජනාධිපතිතුමා ජනතාවගේ කපටි ආරක්‌ෂකයා වෙනවා නම්, ජනාධිපතිතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ අගමැතිතුමා ඔහුව යොදාගන්නවා නම් එවිට ජනතාවට කිසිදු හව්හරණක්‌ නෑ.

    මහා සංඝරත්නය ඇතුළු මේ රටේ බොහෝ විද්වතුන් ප්‍රකාශ කරන්නේ නව ව්‍යවස්‌ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පරාජය කළ යුතු බවයි?

    මේ වෙලාවෙ යූඑන්පී. ඡේවීපී, ටීඑන්ඒ, මුස්‌ලිම් කොංග්‍රස්‌ ඇතුළු සියලු පක්‌ෂ එකට එකතුවෙලා රටට අහිතකර ඕනෑම දේකට අත උස්‌සනව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සමග ඉන්න පනස්‌ දෙදෙනාට මේ වෙලාවෙ පාර්ලිමේන්තුවේ කිසි දෙයක්‌ කරන්න බෑ. මහින්ද මහත්තයගෙ මූණ පෙන්නල පාර්ලිමේන්තුවට ගිහින් අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ අත්අඩංගුවේ ඉන්න පිරිසත් රටට ජනතාවට ද්‍රෝහී අණපනත්වලට ඒ විදිහටම අත උස්‌සනව. ඩිලාන් පෙරේරා වැනි අය මේ පනත ගේනව ගේනව ගේනවමයි බලය බෙදනව බෙදනව බෙදනවමයි කියනව. මේ අයට මෙහෙම කියන්න ශක්‌තියක්‌ හැකියාවක්‌ ලැබිල තිබෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රටට තම වගකීම හරිහැටි ඉටු නොකරන නිසා බවයි අපේ අදහස. මේ රට වෙනුවෙන් ජනාධිපතිතුමා තම වගකීම හරිහැටි ඉටුකරයි කියන විශ්වාසය අපට තියාගන්න වෙනව. එය ඉටු නොවුණොත් මේ රට පිළිබඳ කාටවත් විශ්වාසයක්‌ තියා ගන්න පුළුවන්කමක්‌ නෑ. මේ රට නොබෙදී එකම රටක්‌ විදිහට තවදුරටත් තබාගැනීමේ බලය රැඳී තිබෙන්නේ ජනාධිපතිතුමාගේ අතේ. මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පරාජය වනු දැකීම මේ රටට ආදරය කරන සියලු දෙනාගේම බලාපොරොත්තුවයි. මේ පනත් කෙටුම්පත පාර්ලිමේත්තුවේදී සම්මත වුවහොත් ඒ මහා පාපකර්මයේ වගකීම අගමැතිතුමාට පමණක්‌ නොව ජනාධිපතිතුමාටත් සමසේ හිමිවන බව අපි ජනතාවට සිහිපත් කර දිය යුතුයි.

    මෛත්‍රීපාල සිරිසේන මහතා බෙදුම්වාදීන්ගෙන් මේ රට රැකගන්නට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ කෙනෙක්‌. ඔහුගේ ජීවිතය උදුරාගන්නටත් ත්‍රස්‌තවාදීන් කිහිප අවස්‌ථාවකදීම උත්සාහ දැරුවා. ශ්‍රී ලංකා හමුදාව බෙදුම්වාදීන්ගේ යුද්ධය පරාජය කරන මොහොතේ එතුමා මේ රටේ වැඩබලන ආරක්‌ෂක ඇමැති. මේ රට බෙදා වෙන්කිරීමේ මහා පාපකර්මයට එතුමා ඉඩදෙයිද?

    මෛත්‍රිපාල සිරිසේන මහතා කියන්නේ මහින්ද රාජපක්‌ෂ මහතා බලයට ගෙනඒම සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග හැප්පුනු කෙනෙක්‌. හතළිස්‌ වසරක්‌ පමණ ශ්‍රීලනිපයේ මහ ලේකම් ලෙස කටයුතු කරමින් පක්‌ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක්‌ කළ කෙනෙක්‌. මහින්ද රාජපක්‌ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්‌ෂ මහතාට අනතුරුව ඉතාමත් බරපතළ ලෙස කොටි තර්ජන තිබුණු කෙනෙක්‌. ඒවගේම එතුමා මේ රටේ ජාතිකවාදී බලවේග තුළ කෙළින් හිටගත්තු නායකයෙක්‌.

    අද මොන ක්‍රමයෙන් හරි එතුමාව බලයට පත්කරගත්තු කණ්‌ඩායම එය කළේ ඔවුන්ගේ වුවමනාවන් ඉටුකරගන්නයි. මේ පිරිස අද මෛත්‍රීපාල සිරිසේන මහතා යොදාගන්නේ ඔහුගේ පිටට අඩිය තියල උඩට නගින්න විතරයි. මේ රට විනාශ කරන්න ඔවුන්ට පඩිපෙළක්‌ වෙනවද නැතිනම් එතුමා සිටි ජාතිකවාදී පිලට යළි එකතු වී මේ රට රැකගන්නවාද යන්න තීරණය කළ යුත්තේ ජනාධිපතිතුමාමයි. මේ මොහොතේ එතුමා ජාතිකවාදී පිලට නායකත්වය නොදුන්නොත් මේ රටේ අනාගතය අඳුරුවනවා සිකුරුයි. බෙදුම්වාදය වෙනුවෙන් හැමදාම පෙනී සිටි දොන් ජුවන් ධර්මපාල පරපුරෙන් පැවත එන මේ බෙදුම්වාදීන්ගේ න්‍යායපත්‍රය මුළුමනින්ම විසිකර දැමිය යුතු බව පසුගියදා අපේ පන්සලට ජනාධිපතිතුමා පැමිණි අවස්‌ථාවේ අප එතුමාට දන්වා සිටියේ ඒ නිසයි.

    සුළු ජනකොටස්‌වලට යම් අඩුපාඩුවක්‌ සිදුවෙලා තිබෙනව කියල එතුමා හිතනවා නම් ඒ පිළිබඳ සාකච්ඡා කරන්න ඕන. අපි නම් හිතන්නේ මේ රටේ සැබෑ හානිය සිදුවී තිබෙන්නේ සුළු ජාතීන්ට නොවෙයි මහ ජාතීන්ටයි. උතුරු නැගෙනහිර දෙපළාතේ දිස්‌ත්‍රික්‌ක 8 ක්‌ තිබෙනවා. රටේ මුළු ජනගහනයෙන් ඒ දිස්‌ත්‍රික්‌ක අටේ ඉන්නේ සියයට 13 යි. ඉතිරි සියයට 87ම ඉන්නේ අනෙක්‌ උතුර නැගෙනහිරෙන් පිට. උතුර නැගෙනහිර දෙපළාතේ සම්පත් වැඩිදියුණු නොවීමේ ප්‍රශ්නයක්‌ තිබෙනවා. එය විසඳනවා මිස ඒ දෙපළාත බෙදා වෙන්කිරීම විශාල ගැටලුවක්‌. අපේ රටේ මුහුදු සීමාවෙන් තුනෙන් දෙකක්‌ අයිති උතුරු නැගෙනහිරට. ඒ පළාත් පොලිස්‌ බලතල ඉඩම් බලතල සහිතව බෙදා දුන්නට පස්‌සෙ දකුණෙ ධීවරයෙකුවත් ඒ පළාත්වලට යන්න ලැබෙන්නෙ නෑ. අද සියයට 13 ක්‌ වැනි ජනගහන ඝනත්වය අවම මේ දෙපළාත රටෙන් වෙන් කළොත් අනාගතයේ රටේ ජනගහනය වර්ධනය වන විට ඇතිවන මිනී මරාගැනීම්වලට මේ දේශපාලකයින් වගකියයුතුයි. අලුත් ව්‍යවස්‌ථාවක්‌ ගෙනත් මේ රට බෙදුවොත් ඒ සීමාමායිම් කණු විදිහට හිටවන්න වෙන්නෙ මළමිනී. අපේ රට එවැනි මහා ෙ€දවාචකයකට ඇදදැමීමට බෙදුම්වාදීන් දරන මේ උත්සාහය පරාද කර මේ රට රැකගැනීම ජනාධිපතිතුමාගේ වගකීමයි. අප එතුමාට සිහිපත් කරන්නේ එයයි.

    සාකච්ඡා කළේ – පාලිත සේනානායක – Iridha Divaina

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress