රොබරිපාලලා අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා.. මේව කුරුදුවත්තෙ රොබරි.. ජනපති ඉදිරියේදී විමල් කියයි..
Posted on November 19th, 2017

lanka C news

බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන නොඑනා ලෙස මොන මත වෙනස්කම් තිබුනද පොලොන්නරුවේ හැදුනු වැඩුනු පුද්ගලයෙකු ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරද්දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියේය.

ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ම මන්ත‍්‍රීවරයාගේ එම ප‍්‍රකාශයට බාධා කරද්දී ඔහු කියා සිටියේ ‘ඔ්ගොල්ලන්ගෙ ජනාධිපතිතුමාට එහෙම කියනකොට මොකද්ද ඔ්ගොල්ලන්ට තියෙන අමාරුව. සංතෝසම් මහත්තයො හිනාවෙන්න. කෑගහන්න.

දැං ජනාධිපතිතුමාට තේරෙනවනෙ එතුම ගැන අපි පොඩි හරි දෙයක් කියනකොට කලබල වෙන්නෙ කවුද කියල. කලබල වෙන්නේ ඇයි කියල’

‘රොබරිපාලලා දින සීයෙන් අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා’ යයිද මන්ත‍්‍රීවරයා කියද්දී ජනාධිපතිවරයා සිනාසෙනු පෙනින.

විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද සම්පුර්ණ කතාව මෙතනින්

අදාල වීඩියෝ මෙතනින් 01 02

https://www.facebook.com/WimalWeerawansa.sl/videos/1415866648531151/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress