සුජීවගේ බැදුම්කර කෙප්පය අතේ මාට්ටුයි.. පොත ලිවුවේ 2015දී.. ඇලෝසියස්ට කෝල් ගත්තේ 2016දී.. මෙන්න සගවනු බැරි වාර්තා..
Posted on November 22nd, 2017

lanka C news

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල ට‍්‍රෂරිස් සමාගමේ අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන්ට දුරකතන ඇමතුම් ගනු ලැබුවේ ‘මහ බැදුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ කෘතිය සදදහා තොරතුරු ලබා ගැනීමට යයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ සිරිකොත එජාප මූලස්ථතානයේදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

‘මහ බැදුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ කෘතියේම දැක්වෙන ආකාරයට නුගේගොඩ සංහිද ප‍්‍රකාශණයක් ලෙස එහි පලමු මුද‍්‍රණය එළිදක්වා ඇත්තේ 2015 වසරේදීය.

නමුත් සුජීව සේනසිංහ හා අර්ජුන් ඇලෝසියස් අතර දුරකතන ඇමතුම් 62ක් වාර්තා වී ඇත්තේ 2016.05.06 දින සිට 2016.10.28 දිනයන්හි බැදුම්කරය සම්බන්ධයෙන් සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතීත්වයෙන් යුත් කෝප් කමිටුව පැවතෙද්දී බව හෙලිව ඇත.

එමෙන්ම 2015.07.04 සිට 2017.03.03 දක්වා කාලයේදී දෙදෙනා අතර දුරකතන ඇමතුම් 227ක සිදුව ඇත.

මේ අනුව සේනසිංහ විසින් සිය කෘතිය මුද‍්‍රණය කර වසරකට පසුව ඒ ගැන කරුණු සොයා ගැනීමට ඇලෝසියස්ට අමතා ඇත.

අදාල දුරකතන ඇමතුම් වාර්තාව මෙතනින්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress