ජනාධිපති තුමාට සාමාන්‍ය වැසියෙකු ගෙන් පිලිතුරු
Posted on November 25th, 2017

සෝමපාල සෙනරත්

ජනාධිපති තුමා

දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලූ තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

සාමාන්‍ය වැසියා

මේක පොඩිඑකාගේ ලිවුම වැනි බොලඳ කියමනකි.අපි ඔබතුමා පත්කලේ පාරට බැසීමට නොවේ. දූෂණයට, වංචාවට එරෙහිව  ඔබට ගතහැකි හොඳම තීන්දුව සහ තීරණය ඔබතුමාට පහසුවෙන්ම කළ හැකි දෙයක් වන අගමැති තුමාත් ඔබට චෝදනා කරන ඔය ඇමති වරුනුත් තනතුරුවලින් පහ කිරීමයි. ඔබතුමාට අපි චන් දය දුන්නේ ශ්‍රී ල නි ප පක්‍ෂයෙන්  පැමිණි අපේක්‍ෂකයා ලෙස නිසා නොවේ.  දූෂණයට, වංචාවට විරුද්ධ වූ නිසයි. එසේ නම් ඔබතුමා පක්‍ෂ බේධ වලින් තොරව මේ කාරණයට කැපවේ යයි අපි සිතුවෙමු. එහෙත් රැවුලයි කැඳයි දෙකම බැරිවා සේ  හොරුන් පිරිවරා ගෙන මේ නිර්මල ක්‍රියාව කල නොහැකිය.

අනික් අතට ජනපති බලතල ඇති ඔබ, ඒවා හැරදමා අපිට එකතුවී මොකක් කරන්නද ? අපිට ඇති බලයක් නැත. අපේ දරුවන් අපේ සහෝදර සහෝදරියන් දෙමවුපියන් දස දහස් ගණනින් දෙමළ වර්ගවාදීන් විනාශ් කිරීමට ජීවිත පූජා කොට අවසන් ය. ඔබට ඇත්තේ එතුරුටික වන 13 වැනි ව්‍යවස්ථාව ඉවත් කොට, පළාත් සභා සුදු අලියා නැති කොට, රට දියුනු කිරීම සඳහා ඔබේ බල තල යොදා ගැනීමයි. ඔබ කරන්න යන්නේ ඒ ජීවිත පූජාව පාවාදී වැර්දි ආකාරයේ මිනීමරු සටනක් ගැන ගිය ජනවර්ගයාගේ දුකට පමණක් සවන් දී ඔවුන්ට බලතල බෙදන කඬායමකට නායකත්වය දීම යි. අපේ දරුවන් මේ බව දන්නේ නම් සටනට නොයනු ඇත. එසේනම් ඔබ දැනටමත් කොටි ත්‍රස්තයින් ට ගොදුරුවී අවසානය.

ජනාධිපති තුමා

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බවත්  ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

සාමාන්‍ය වැසියා

ඔව්. අපිද එයම අවධාරණය කරමු. ඔබේ බලතල යොදා ඔය ඔබට චෝදනා කරණ ඇමති තුමා අස් කරන්න. මේ ආණ් ඩුවේ  හොරුන් ට දඬුවම් කරන්න. එසේම ගිය ආණ්ඩුවේ (ඔබ හොඳින්ම දන්නා)හොරුන්ටද  දඬුවම් කරන්න. කිසිම හොරෙක් හෝ මිනීමරුවෙක් හෝ ආරක්‍ෂා කරන්න එපා, එසේ කිරීමට ඉඩ දෙන්නත් එපා. එසේ වුවත් ඔබේ දේසනා පමණකි. කොමිසම පත්කිරීම හැරුනු විට, වැඩ නම් අපි තවමත් දැක්කේ නැත. අපට මේවා කියා වැඩක් නැත. ජනාධිපති බලතල අතට ගන්න. දැඩි ලෝභය , පක්‍ෂග්‍රාහීත්වය අත් හරින්න. ඔබේ එඩිතරකම් ක්‍රියාවෙන් පෙන්වන්න.

ජනාධිපති තුමා

වෙන්වීම පහසු බවත් එක්වීම අපහසු බවත් පැවසු සිරිසේන මහතා දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින් ලෙස බෙදීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යාම සියලූදෙනාගේ වගකීම බව ද කීය.

සාමාන්‍ය වැසියා

හොරුන් සමග එක්වී රටට වැඩ කල නොහැක.  මහජනයා වශයෙන් අපි එක් වුනෙමු. අපි අපේ  දරුවන් ගෙන්,  අපේ සහෝදර සහෝදරියන් ගෙන්, දෙමවුපියන් ගෙන් සදහටම වෙන් වුනෙමු. ඒ දෙමළ වර්ගවාදීන් විනාශ කිරීමට යි.  දැන් ඔබ ඔබේ සගයින් ගෙන් වෙන් වෙන්න. රට වෙනුවෙන් දූෂණයට, වංචාවට එරෙහිව සටන් කරන්න.

ජනාධිපති තුමා

දේශපාලන බලය හා පුද්ගලික න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු නොකර රටට හා ජනතාවට ආදරය කරන දේශපාලනඥයින් බවට සියලූදෙනා පත්විය යුතු බව ජනපතිවරයා පැවසීය.

සාමාන්‍ය වැසියා

ඔව්. අපි එක හඬින් එක හදින් මෙය අනුමත කරමු. එහෙත් සත් පුරුෂයින් සහ කල්‍යාණ මිත්‍රයින් කියා දෙකොටසක් සිටින බව බුදුරජුන් දෙසා ඇත​. ඔබ් එය අසා නැති බවක් ක්‍රියාවෙන් අපට පෙනේ.

ජනාධිපති තුමා

කවුරුන් කෙසේ කීවද තම වසර 50 ක දේශපාලන ජීවිතය තුළ සැමදා කැපවූයේ පිරිසිදු සහ  යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා බවත් තමන් පුරුදුවීමට දේශපාලනයට පැමිණි අයකු නොවන බවත් ජනපතිවරයා ප්‍රකාශ කළේය.

සාමාන්‍ය වැසියා

කරුණාකර මෙය ක්‍රියාවෙන් ඔප්පුකරන්න.බොරු කීම පිරිසිදු  සහ  යහපත් දේශපාලන සංස්කෘතිය  නොවේ.  එය මහා පාපයකි. රත්තරන් අශ්වයින් කෝ ? සුවිශේෂ ගුවන් යනා කෝ ? පවුල් පාලනයට දොස් කියමින් බලයට පත් විගස තම සහෝදරයා ලොකු වැටුපකට ලොකු තනතුරකට පත් කිරීම පිරිසිදු  සහ  යහපත් දේශපාලන සංස්කෘතිය ද ? අපි මේවායින් කලකිරී සිටිමු. බොරු පුරාසාරම් නවතා රට දැන්වත් වැඩක් කොට කල පව් සෝදා ගන්න. සතුටින් මැරෙන්න හැකිවන්නේ එවිටයි.

ජනාධිපති තුමා

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ චෝදනා එල්ල කළ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බව පැවසූ ජනපතිවරයා ඊට අවශ්‍ය සියලූ කැපවීම් මේවන විට සිදුකර තිබෙන බව  ද කියා සිටියේය.

සාමාන්‍ය වැසියා

ඔබේ ඔය කැපවීමෙන් අවසාන ප්‍රතිඵලය කුමක් ද ? මුස්ලිම් ඇමති වරයෙක් පත් කොට ඔහුට වුවමනා හැටියට විල්පත්තුව අසල මෙන්ම ශ්‍රීපාද ප්‍රදේශයේද  චන්ද කොට්ටාශ තීරණය කිරීම ඔහුට බලය දී , එසේම  නීතියට ද විරුද්ධව වැඩ කොට නැති ප්‍රශ්න ඇති කොට තිබියදී ඔබ නිදි බවයි අපට පෙනෙන් නේ. වහාම අවදිවන්න.

ජනාධිපති තුමා

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් පවතින අවස්ථාවේදී වන බවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 142 ක් ඒ සඳහා ඡන්දය ලබාදුන් බවත් ඒ මහතා පැවසීය.

සාමාන්‍ය වැසියා

කරුණාකර අවසාන ප්‍රථිපලය දෙස බලන්න​.  මෙසේ දෙපක්‍ෂයක් එකතු කිරීමෙන් සිදුවී ඇත්තේ හොරු තවදුරටත් ආරක්‍ෂා වීමත්, සුලු වර්ග වාදීන්ට තව තවත් අසාධාරණ , අනිසි වාසි වීමත් එමගෛන් රටේ සමෘද්ධිය​, සමගිය , භෞමික අඛණ් ඩතාවයට තර්ජන නැවතත් එල්ලවීම පමණි.

3 Responses to “ජනාධිපති තුමාට සාමාන්‍ය වැසියෙකු ගෙන් පිලිතුරු”

  1. Ratanapala Says:

    What can one expect from one who betrayed his leader and party? He is simply an earthworm just saying what comes to his mind and through his drooping mouth. He wears reinforcements on his tummy and on his lifeless spine when he attend important functions to keep his gadawila spine straight. These one can easily see in his recent photographs.

    Simply put this excuse for a human being is Sri Lanka’s shame! He is now doing his utmost to delay the Local Government elections through the power greedy SLFP politicos who joined up with him.

    LG elections will show that he is another Gonseka when it comes to real supporters. At the last Presidential Election he polled the UNP votes, the Racist Tamil votes, the JIhadi Muslim votes and a few disgruntled SLFP votes; Those who voted for him persoally will not be very different from the numbers that Gonseka’s party polled at the August 2015 elections!

  2. Dilrook Says:

    Now Sirisena is doing blackmail.

    Using blackmail, Sirisena managed to get the JO negotiate with his party to contest the LG election as one front. If the JO disagrees, Gotabaya goes to prison where he will be subjected to various foul means to implicate others.

  3. Vaisrawana Says:

    Somapala Senarath, Well Done! You have hit the nail on the head. While doing that you have also delivered a gentle knock on some swollen but entirely empty head. Sirisena is not likely to take his cue from advice like this, however, because he lacks the common sense that ordinary Sri Lankans like us definitely have. When he was elected president defeating MR, Sirisena said that he was ready to voluntarily give up some of his executive powers! It didn’t occur to him that he couldn’t constitutionally do that. There is a parliamentary procedure to follow if the institution of executive presidency is to be reformed or abolished. We understood that his bluff was just in order to pretend that he was not the power hungry buffoon that he really is.

    It is a historical irony that the best and the most successful leader of government that independent Sri Lanka has so far produced had to be replaced by the worst and the weakest. (But the ‘change’ was no accident. It is the result that the conspirators were looking forward to.) Sirisena seems to think that the highest post in the country became his patrimony when he got elected to that post, though he knew that his election was fraudulently achieved. So much for his general knowledge and statesmanship! His take on the corruption issue is similarly illogical. Ordinary people know what actually happened on January 8, 2015, and they know who or what Sirisena is.

    If he must resort to blackmail to silence challengers in order to remain in power after three years as president, it only proves that he supports others’ alleged wrong doing if it is beneficial for him. But Sirisena clearly doesn’t have that option, because he will be required to blackmail MR and Gota. But more than three years of witch hunting has not produced any incriminating evidence against them, even in spite of the yahapalanaya’s well known readiness to manufacture such evidence or to create witnesses against them through monetary rewards. My friends may read a recent interview with MR in the Sinhala newspaper Divaina today (Sunday November 26th , 2017), also reproduced in lankacnews.com regarding merger talks between the official SLFP and the JO to clear their minds of doubts, if any, about the impossibility of Sirisena’s hopes of winning through blackmail being realized.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress