මේ දෙන්නම මහින්දගේ සරමෙන් අදින්න දඟලනවා
Posted on November 27th, 2017

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත, උඩුගම – රවි ලියනගේ උපුටාගැණීම ලංකාදීප

අද මෛත්‍රී රනිල්ගේ කලිසමෙන් අදිනවා. රනිල් මෛත්‍රීගේ කකුලෙන් අදිනවා. මේ දෙන්නම එකතුවෙලා මහින්දගේ සරමෙන් අදින්න බලනවා. අද රටේ තත්ත්වය ඒකයි.

මේ රටේ බන්ධනාගාර හැර අනෙක් සම්පත් ටික මේ රජය විකුණනවා. බන්ධනාගාර විකුණන්න බැරි එක හේතුවක් තියෙනවා. ඒවා නැතිවුණොත් රාජපක්ෂලා හිරේ දාන්න තැනක් නැහැ යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බළපිටියේදී පැවසීය

ඔහු එසේ කීවේ බළපිටිය රන්දොඹේ පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු රේගුනිලධාරී ධනසිරි ද සිල්වා මහතාගේ සම්බන්ධීකරණයෙන් රන්දොඹේ පැවැති ජන හමුවක් අමතමිනි.
රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

මේ යහපාලන ආණ්ඩුව කප්ගහලා තියෙන්නේ රටේ සම්පත් විකිණීම සම්බන්ධයෙනුයි.

මෙහෙම සම්පත් පිටරටට විකුණපු ආණ්ඩුවක් ගැන අපි නම් කවදාවත් අහලා නැහැ.
අද මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව රටම දන්නවා. මහ බැංකුව මහ දවල්ම හොරා කෑවේ කවුද කියලත් ජනතාව දන්නවා. එදා අපිට හොරු කිව්ව අයගේ කටවල්ටික වැහිල. අපිට හොරා හොරා කිව්වට තවම අපි හොරකම් කළා යැයි කියන කිසිම දෙයක් ඔප්පු කරන්න බැරි වෙලා.

එදා රන්ජන්, සුජීව, අජිත්ලා වගේ මන්ත්‍රීවරු කිව්වේ ඇලෝසියස් රාජපක්ෂගේ ගෝලයෝ කියලා. ඇලෝසියස් නාමල් රාපක්ෂගේ යාළුවා කියලත් කිව්වා. අද රටම දන්නවා ඇලෝසියස් කාගේ ගෝලයෙක්ද කියලා. ඇලෝසියස්ගෙ යහළුවන් කවුද කියලා. කෝප් කමිටුව ඇතුළේ පරීක්ෂණ යනකොට ඇලෝසියස්ගෙන් ඒ කමිටුවේ ඉන්න සමහරුන්ට දුරකථන ඇමතුම් ඇවිල්ලා. සමහර මැති ඇමැතිවරුන්ගේ පවුල්වල අයටත් ඇලෝසියස් කෝල් කරලා තියෙනවාලු. කොහොමද වැඬේ. හර්ෂණ කියලා තියෙනවා. එයාගේ සීයගේ කාලයේලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නේ කියලා.

මේ බැඳුම්කරයත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් අද බොහොම අනාථ වෙලා අසරණ වෙලා. පන්සලේ පිංපෙට්ටියටත් අනින මේ ආණ්ඩුවට වැඩ බැහැ. වැඩකරන්න දන්නෙ නැති ආණ්ඩුවක් රටකට ඇති පළේ මොකක්ද කියල මම ඔයගොල්ලන්ගෙන් අහනව.

දින සීයෙන් අලුත් රටක් නිර්මාණය කරනවා කියල ආපු මේ ආණ්ඩුව මොකක්ද කළේ. රට දියුණු කරනවා වෙනුවට මහ දවාලේම මහ බැංකුව සුද්ධ කළා. මේ ආණ්ඩුව කළේ වැඩ දෙකයි. එකක් මන්ත්‍රීවරු 41 ක් එක්ක හිටිය රනිල් අගමැති කළා. අනෙක් එක තමයි මහ බැංකුව හොරා කාපු එක. මේ මහ බැංකු හොරකම වහන්න වරින්වර අපිව හිරේ දානවා. මේ යහපාලන ආණ්ඩුව මාසෙකට වරක් දෙවරක් අපිට නිවාඩු ලබාදෙනවා. ඒ අපිව හිරේ දාලා. මේ අයගේ මහ බැංකු හොරකම වහගන්න රාජපක්ෂලා හිරේ දානවා. යහපාලන ආණ්ඩුව නිසා ගොවියා ධීවරයා අනාථ වෙලා. නන්නත්තාර වෙලා ඔවුනට යන එන මං නැහැ. පොහොර සහනාධාරය කපලා. ගොවියා නැත්තටම නැති කලා. අද මාළු මරන මිනිහ වගේම මාළු කන මිනිහත් අමාරුවේ වැටිලා ඉන්නවා කරකියා ගන්න දෙයක් නැතිව.

රජයේ දේපළ විකිණීම මහ බැංකු බැඳුම්කර වංචාව ව්‍යවස්ථා මර උගුල ජීවන වියදම වැඩිවීමට ආණ්ඩුවේ පාර්ශවකාරයන් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වගකිව යුතුයි. මේ වංචාවල්වලට හොරකම්වලට අපිව හිරේ විලංගුවේ දැම්මත් අපි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ආරක්ෂා කරනවා.

One Response to “මේ දෙන්නම මහින්දගේ සරමෙන් අදින්න දඟලනවා”

  1. Kumari Says:

    JRJ with 5/6th majority and Undated Letters of Resignation from his MPs still was scared of Madam Bandaranaike. Can you imagine how scared the current so called Leaders (Rookada Sirisena and Rookada Ranil) must be scared of the Rajapakse name and the Rajapakse clan?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress