2019 වසරේ සිටවත් ශ‍්‍රී ලංගමයේ අභිමානය
Posted on January 2nd, 2018

ප‍්‍රධාන ලේකම් ස.ලං.ප‍්‍ර.සේ.සංගමය

ගරු ජනාධිපති,
මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

2019 වසරේ සිටවත් ශ‍්‍රී ලංගමයේ අභිමානය රැකගෙන ශ‍්‍රී ලංගමය ආරක්ෂා කර ගැනීමට මාර්ගස්ථ ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අයවැය ලේඛනයෙන් ශ‍්‍රී ලංගමයට මුල්‍ය ප‍්‍රතිපාදන වෙන්කිරීම අත්හිටුවා ශ‍්‍රී ලංගමයේ අනන්‍යතාවය රැකෙන පරිදි ශ‍්‍රී ලංගමයේ නමට ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේ අයවැය ලේඛනයෙන් මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලා සිටීම.

2018 වසර සඳහා අයවැය ලේඛනය තුළින් රුපියල් මිලියන 31,000 ක මුදලක් ශ‍්‍රී ලංගමයේ අනන්‍යතාවය ඇතිව ශ‍්‍රී ලංගමයේ නමටම  ලබාදීමට මැදිහත්වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් ලිඛිතව ඉල්ලා සිටින ලදී. නමුත්, එය සිදුවී නොමැත. 2018 වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කිරිමට ජාතික අයවැය දෙපාර්තමේන්තුව අනුගමනය කර ඇති ක‍්‍රියාපටිපාටියට දැඩි විරෝධතාවය අප සංගමය පලකර සිටින්නෙමු.  මෙහිදී විශේෂයෙන් ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යනු මාර්ගස්ථ ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය නැමති ව්‍යාපෘතිය යටතේ ප‍්‍රතිපාදන වෙන් කළ යුතු ආයතනයක් නොවන බව අප සංගමය දැඩිව අවධාරණය කර සිටින්නෙමු. 

එමෙන්ම ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යනු දුම්රිය දෙපාර්තමේන්තුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව හා සමානවම රජයට අනුබද්ධ ආයතනයකි.  එවැනි ආයතනයක් ව්‍යාපෘතියකට නතුකොට වෙන්කරනු ලබන ප‍්‍රතිපාදන සැඟවීමට දරණ උත්සාහයක් මිස අන් යමක් නොවන බව පෙන්වා දෙන අතර මෙම තත්ත්වය වහා නිවැරදි විය යුතු බව අප සංගමය ඔබතුමාව දැනුවත් කරන්නෙමු.  එසේම මේ පිළිබඳව වහා සොයා බලා මෙවර අයවැය මගින් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා රජය වෙන්කරනු ලබන සෘජු ප‍්‍රතිපාදන ප‍්‍රකාශයට පත්කරන ලෙසත්. එ් හරහා මෙරට ජනතාවගේ ප‍්‍රධාන ප‍්‍රවාහන මාධ්‍ය වන ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රැකගැනීම වෙනුවෙන් අප සංගමය කටයුතු කරන බව අවධාරණය කරන අතර මෙම ක‍්‍රියාවලිය නිවැරදි කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

2018 වසරට  ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය-වැය විසර්ජන පනතින් ශ‍්‍රී ලංගම අනන්‍යතාවය ඇතිව මුදල් වෙන් නොකිරීම පිළිබඳව මුදල් ඇමතිවරයාට අප සංගමය ඉදිරිපත්  කරන ලද ලිපියට පිළිතුරු වශයෙන් ශ‍්‍රී ලංගමයට මුදල් වෙන්කර ඇත්තේ මාර්ගස්ථ ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බව ජාතික අයවැය දෙපාර්තමේන්තුව අප සංගමයට ලිඛිතව දන්වා ඇත. අය-වැය විසර්ජන පනත තුලින් දුම්රිය දෙපාර්තමේන්තුව, මෝටර්රථ දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන්සේවා අධිකාරිය යන ආයතනවලට ඒ ඒ ආයතනවල අනන්‍යතාව රැුකෙන පරිදි එම ආයතන නමට ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ මුදල් වෙන්කර ඇත. නමුත් ශ‍්‍රීලංගමයට මාර්ගස්ථ ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මුදල් වෙන් කිරීම ශ‍්‍රීලංගමයට කරන ලද බලවත් අවමානයක් සහ හෑල්ලූ කිරීමකි. ශී‍්‍රලංගමයේ අභිමානය කෙලෙසීමකි. ශ‍්‍රීලංගමයට වෙන්කරන ලද මුදල් සෘජුව ස`දහන් නොකිරීම ඒ ස`දහා කරන ලද උපක‍්‍රමයකි.

ජාතික අය-වැය දෙපරේතමේන්තුව අප සංගමයට එවන ලද එම ලිපියේ පිටපතක් සහ අනිකුත් ලිපි ඔබතුමාගේ අවධානය සඳහා මේ සමඟ අමුණා එවන අතර 2019 වසර සඳහා මාර්ගස්ථ ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මුදල් වෙන් කිරීම අත්හිටුවා ශ‍්‍රී ලංගමයේ අනන්‍යතාවය රැකෙන පරිදි ශ‍්‍රී ලංගමයේ නමටම ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේ මුදල් වෙන්කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට මැදිහත්වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි. 

මෙයට, 

විශ්වාසී,

සේපාල ලියනගේ 

ප‍්‍රධාන ලේකම්

ස.ලං.ප‍්‍ර.සේ.සංගමය

සම්බන්ධීකරණය – 071 5152319

පිටපත් :  

  1. ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා
  2. ගරු ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල මැතිතුමා
  3. ගරු ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති අසෝක අබේසිංහ මැතිතුමා
  4. ශ‍්‍රී ලංගම ගරු සභාපතිතුමා රමාල් සිරිවර්ධන මැතිතුමා
  5. ජා.වෘ.ස.ම. ගරු සභාපති ලාල්කාන්ත මැතිතුමා
  6. ශ‍්‍රී ලංගම සියලූම වෘත්තීය සමිති
  7. ශ‍්‍රී ලංගම ප‍්‍රධාන විධායක නිලධාරී – පී.වී. බාලසූරිය                          මැතිතුමා
  8. ශ‍්‍රී ලංගම ප‍්‍රධාන මුදල් කළමනාකාර – සුමිත්                                    හෙට්ටිආරච්චි මැති

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress