මම කෑගහනකොට ඔය ගොල්ලාත් කෑ ගහන්න‘ ලංකා ඉතිහාසයේ ලැජ්ජා නැති ගුටි බැට හුවමාරුව!
Posted on January 10th, 2018

ගොනු කළේ – කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්.

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා බිල්ලට දී ජාම බේරා ගැනීම සදහා බැදුම්කර වාර්තාව නොමැතිව පාර්ලිමේන්තු සැසියක් පැවැත්වීමට ගොස් අද නැවත වරක් ලංකා පාර්ලිමේන්තුවේ පොර පිටියක් බවට පත්වී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ‘මහින්ද හොරා යැයි කෑගැසීමත් සමගම’ එජාප මන්ත්‍රී මරික්කාර් හා ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ අතර ගුටි බැට හුවමාරුවක් සිදු විය.  එයට චමින්ද විජේසිරි, මරික්කාර්, ජොන්ස්ටන්, හෙක්ටර් අප්පුහාමි ද එක් වූ අතර මන්ත්‍රීනි කවිරත්න මහත්මිය ඇතුළු මන්ත්‍රීවරු එයට මැදිවිය.  සැලසුම් සහගත ලෙස පාර්ලිමේන්තු සැසිය කඩාකල්පල් කිරීමට උපදෙස් ලබාදීමෙන් පසුව මෙම ගැටුම ඇති වූ බව ඉතා පැහැදිලිව හදුණා ගත හැකිය.

ගැටුමක් ඇති කර ගැනීමේ මුලික අපේක්ෂාව සහිතව ‘ගුටි බැට හුවමාරුවක් ඇති කර ගත් පළමු අවස්ථාව ලෙස’ අද පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුව ඉතිහාසයට එක්වනු ඇති අතර අග්‍රාමාත්‍යවරයෙකු විසින් ඒ සදහා පූර්ණ අනුග්‍රාහාත්මක ප්‍රවේශයක් දැරූ පළමු අවස්ථාව ලෙස ද එය ඉතිහාසයට එක් වනු ඇත.

කලකට පෙර මා ලියූ ‘ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය’ ලිපිය මේ සමග නැවත අමුණා ඇත!

ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු සභා ගර්භයේ, කොරිඩෝවේ, සහ ලොබියේ දී ඇති වූ ගුටි බැට හුවරමාර් පිළිබද කෙටි ඉතිහාසය අද සවස මරදාන සීඑස්ආර් හි පැවති පුවත්පත් සාකච්ඡාවක දී මා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

මලල්ගොඩ බන්දුතිලක මහතා ට මැතිවරණ පුරාණයේ හෝ කීර්ති තෙන්නකෝන්ට වාරණ පුරාණය’ කෘතියේ ලියන්නට අවශ්‍ය නොවූ මේ කථාව මා අද ලියා තබන්නේ ලංකා ඉතිහාසයේ පළමුවරට සැලසුම් සහගතව, මන්ත්‍රීවරයෙකුට එරෙහිව තවත් මන්ත්‍රීවරුන් ප්‍ර‍චණ්ඩත්වය වැපිරවූ පළමු අවස්ථාව මෙය වන බැවිනි.

1. පිලිප් ගුණවර්ධන මහතා විසින් සර් ජෝන් කොතලාවල මහතා ට පාර්ලිමේන්තුවේ කොරිඩෝවේ දී සිදු කළ පහරදීම ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර සිදු වූ පළමු ගුටි බැට හුවමාරුවයි.

2. 1956 ආණ්ඩුවේ මැද කොළඹ තුන්වන මන්ත්‍රී ඇම්.අස්.තේමිස් සර් ජොන් කොතලාව ට ‘හලෝ ජෝන්’ යැයි ඇමතීමෙන් පසුව ඔහුට පහරදීමට කොතලාවල මහතා ඔහු බිත්තියට හේත්තුකොට ඇත. මේ ගැන බණ්ඩාරනායක මහතා පවසා ඇත්තේ “මමත් ජොන් ට කථා කරන්නේ සර් ජොන් කියාල යි. හලෝ ජොන් කිව්වාම නොගහ ඉදීද?” (කෙසේ නමුත් තමන්ට සර් ජෝන් පහර නොදුන් බව තේමිස් මහතා ඉතා මෑතක දී පුවත්පතකට ප්‍ර‍කාශ කොට තිබුණි)

3. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වූ විවාදය පැවැත්වෙන අතර තුර ඩඩ්ලි සේනානායක සහ මෛත්‍රීපාල සේනානායක මහතා ට පහරදීමට උත්සහ දැරීය. ඩඩ්ලි සේනානායක මහතා කථා කරමින් සිටින අතර මෛත්‍රීපාල සේනානායක මහතා අසා ඇත්තේ Who? (ඒ කවුද?) කියා ය. නමුත් එය ඩඩ්ලිට ඇසී ඇත්තේ YOU (ඔබ) කියාය. සාමාන්‍යයෙන් ඉතා නිහඩ පුද්ගයෙකු වූ ඩඩ්ලි තමන්ට ඇසුණු දේ වැරදියට වටහා ගැනීමෙන් කෝප වූ නිසා මෙම සිදුවීම සිදුවූ අතර ඉලංගරත්න මහතා වැනි කිහිප දෙනෙකු සිද්ධිය වළවක්වා ගෙන ඇත.

4. 1965-70 ආණ්ඩු සමයේ වලපනේ මන්ත්‍රී ටී.බී.එම්.හේරත් හා රඹුක්කන මන්ත්‍රී සමාජ සේවා අමාත්‍ය අශෝක කරුණාරත්න අතර කුල ප්‍ර‍ශ්ණයක් සම්බන්ධයෙන් වචන හුවමාරුවක් සිදු විය. සභා ගර්භයෙන් පිටතට පැමිණෙන තෙක් රැක සිටි හැඩි දැඩි අශෝක කරුණාරත්න ශරීර ප්‍ර‍මාණයෙන් කුඩා මිනිසෙකු වූ හේරත් මහතාට සැගවෙන තෙක් පන්න පන්නා පහර දුන්නේය.

5. 1974 දී සෞඛ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. පී.ජී. ආරියදාස මහතාට කර්මාන්ත අමාත්‍ය එස්.කේ.කේ.සුරිආරච්චි විසින් සිදු කළ පහරදීක් සිදු විය. එකම ආණ්ඩුවේ අමත්‍යවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ ගුටි ඇණගත් පළමු අවස්ථාව මෙය යි.

6. වාසුදේව නානායක්කාර මහතා ට ගාමිණී ලොකුගේ අතුළු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තුවේ දී පහරදෙනු ලැබූවේ වාසුදේව සොන්කෝලය ඔසවාගෙන යාමට උත්සහ දැරීමේ දී ය. 1992-1993 දී එම ප්‍ර‍හාරයට සම්බන්ධ වූ කිහිප දෙනෙකුම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

7. මර්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් ජාතික හෙළ උරුමය කොළාන්නාවේ සුමංගල හිමියන්ගේ ලිංගික අවයව මිරිකා පහර දෙනු ලැබූවේ ය. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වු බලවත්ම ප්‍ර‍චණ්ඩක්‍රියාව එය විය.

8. කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහතාට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍ර‍සන්න රණවීර විසින් 2016 මැයි 4 දින පහරදීම හා පාලිත තෙවරප්පෙරුම සම්බන්ධ වූ ගුටි බැට හුවමාරුව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකු ගේ ලේ සෙලවීම සිදු කළ පළමු අවස්ථාව යි.

 

7 Responses to “මම කෑගහනකොට ඔය ගොල්ලාත් කෑ ගහන්න‘ ලංකා ඉතිහාසයේ ලැජ්ජා නැති ගුටි බැට හුවමාරුව!”

  1. Ancient Sinhalaya Says:

    Sinhala modayas still expect traitor catholic run UNPatriotic party gang of thieves to do anything good for Sri Lanka,
    Sinhalese and Buddhism. It has been murder, murder (Sinhalese only), plunder, plunder, that is these thieves’
    agenda every time the murderous thieves get into power. Then the thieves will disappear for a few years, will come back with some brand new Bay Gals (like million jobs or big wage increase) Sinhala modayas will vote the thieves in for another murder, murder, plunder, plunder session.

    Traitor UNPatriotics know tamils, mussies and catholics vote 100% for
    them. So a bit of Sinhala modayas (dhrohiyas) support, murderous thievies will be in business. Now the traitor
    UNPatriotics, in fact Sri Lanka, run by the traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya mega
    thakkadiaya mega Thief Batalande Wadakaya Lajja Baya Nathi Aga matta Batalande Wadakaya Pol Pot r@nil
    wickrama Sinhalakiller thieving and plundering going at break neck speed. Same time the Wadakaya making sure
    Sri Lanka (3 countries out of 1), Sinhalese race and Buddhism also being destroyed. Catholic mafia at it like
    there is no tomorrow. Ra@il’s catholic buddies maha horandran and karunkaya broke into the CB and got away
    with Rs 5585 billion rupees loot. Now the Lajja Baya Nathi Aga Matta saying he is clean knowing puppet the rubber stamp vairapala sorry sena is impotent in front of him.

    Rember BHEESHANA SAMAYA or its catholic buddy hitler mala paharan 30-year war Sinhala modayas during
    UNPatriotic times? First traitor catholic run UNPatriotic party’s catholici mafia police killed 60,000+ Buddhist jvpers,
    then sacrificed another 100,000+ to catholic tigers of tamil drealam saying the terras were too powerful. Sinhala
    modayas didn’t blink an eyelid and never realised the real reasons. Some Sinhala modayas (dhrohiyas) still vote
    for the monsters! Some low lives even say kapuwath kola patayi! Can you believe those amoebas?

  2. Ancient Sinhalaya Says:

    Please click the following links to see traitor catholic run UNPatriotics anti Sinhalese, anti Sri Lankan, anti Buddhist
    handy work. You won’t see these so called Buddhist (on paper) Sri Lankan media where all the newspapers, tv
    channels run by UNPatriotic party henchmen!

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  3. Hiranthe Says:

    Ancient Sinhalaya,

    Well said mate!! I love to read your writing which has been filled with humour with a deep meaning.

    When will these modaya’s realise their folly?? Every time we came back.. the damage had been done already.

    Unless we defeat the proposed new constitution, the damage going to happen this time will be irreversible similar to the damn Provincial Councils, and it will be the starting point of end of Sinhela race from the face of the Earth.

  4. Dilrook Says:

    It was well planned by the UNP and the JO before the parliament met out of regular sessions on the specific request by the JO party leader. Disruption of proceedings while winning the foolish gallery.

    As The Island Editorial put it, they want to disrupt any process that will wide open UNP’s closet exposing skeletons inside because the next will be the closets (catacombs according to the Editorial!) of JO leaders.

    Even Sirisena (not very clever) has got it. He stated in a speech that the JO and the UNP follow distraction tactics used by pick-pockets. After picking the pocket of a victim, the thief joins the shouting “hora” and give chase to an imaginery thieve which is his escape.

    It is the nation they are robbing and depriving. Unable to think on their own (as dumb terminals in computer jargon) some people take sides and justify. They too are responsible for corruption and lawlessness.

  5. ranjit Says:

    If we need to go forward we need to change the whole poltical set up. Strict rules must be adhered by every person who decide to contest for elections. Every dick and harry cannot contest and become a M.P. unless he has a good background and qualifications. The reason for all these unfortunate incidents were non suitable persons representing us in the highly regarded home of democracy. We should have maximum three or four parties not hundred or so like we have today. It’s absurd to allow so many parties in a country small like ours. My personal view is we should scrap ugly 13 amendment completely without spending millions on those representatives who do nothing except looting the public funds.
    Our land is very rich. Our people are very kind and giving only thing we need is a good leader and good governance. We have very intelligent, educated, visionary sons and daughters who were born in this blessed land and who are willing and ready to take our country forward so let’s get ready to do it by sending these thugs and thieves home or to jail and make our Motherland more safe and secure and to prosperity and freedom.

  6. Christie Says:

    What is the cause of this behavior. Those who are involved are the hosts of the Indian Colony. Tjose who finance these poor politicians and their own seldom have a fight.

  7. Ancient Sinhalaya Says:

    Hiranthe,
    Thrilled by the comment. Fan club of 1! What these UNPatriotics doing to destroy Sinhalese race, Sri
    Lanka and Buddhism should enrage any Sinhalese with Sinhalese blood running in their veins. It is sadening to see some traitor Sinhalese supporting these traitor UNPatriotics who are slowly but surely digging the grave for us to please its ardent supporters tamils, mussies, catholics and the catholic west.

    Unfortunately here at LW we are convincing the already convinced. It is heartbreaking to see we can’t get the
    message across about these UNPatriotic murderous thieves in Sri Lankan media since all the tv channels,
    newspapers are run by UNPatriotic party henchmen (mostly belonging to the C brigade). Sinhalese have been
    voiceless in their own land. It is very very sad to see some of our own have become dhrohiyas by supporting these
    murderous thieves to line up their pockets/stomachs without giving any considerations to future Sinhalese generations!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress