උතුරේ පක්ෂ මැතිවරණ ව්‍යාපාරය සදහා ජාතිකවාදී හා එල්ටීටීඊ ගීත හා ප්‍ර‍චාරක පාඨ ගැනීම සම්බන්ධයෙන් කැෆේ
Posted on January 13th, 2018

සංවිධානයේ  නිවේදනය. මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය  – 2018 ජනවාරි 13 – යාපනය දී.

යාපනය, කිලිනොච්චි හා මුලතීව් දිස්ත්‍රික්කයන් හි දේශපාලන පක්ෂ කිහිපයකටම අයත් අපේක්ෂකයින් කිහිප දෙනෙකු සිය ප්‍ර‍චාරක කටයුතු සදහා ජාතිකවාදී හා එල්ටීටීඊ සංවිධානය විසින් ප්‍ර‍චලිත කළ ගීත යොදා ගැනීම නවතා දමන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටී.

යාපනය ඥානම් ශාලාවේ පැවති ඡන්ද විමසීමට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ රැස්වීමක් ඇමතු කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය.  

”යාපනය, කිලිනොච්ච් හා මුලතීව් පළාත් පාලන ආයතන සදහා අපේක්ෂකයින් කිහිප දෙනෙකුම එල්ටීටීඊ සංවිධානය විසින් ප්‍ර‍චලිත කළ ගීත සිය මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්නා බව අප නිරීක්ෂණය කළා.  එල්ටීටීඊ  විමුක්ති ගීත මැතිවරණ ප්‍ර‍චාරයට යොදා ගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් පමණක් නොව රටේ නීතිය ද උල්ලංඝන කිරීමක්.  මෙතැන සිටින සියලුම අපේක්ෂකයින්ගෙන්  හා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් මැතිවරණ නීතියත්, රටේ නීතියත් ගරු කරමින් මැතිවරණ ප්‍ර‍චාරක කටයුතු සිදුකරන ලෙස කාරුණිකව ඉල්ලනවා”

උතුරු පළාතේ සමහර ප්‍රදේශවල පළාත් පාලන ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ වසර 67 කට පසුවයි. ඡන්දයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක්  ජාතිකවාදී ගීත පමණක් නොවෙයි එල්ටීටීඊ සංවිධානය  මගින් ප්‍ර‍චලිත කළ ගීත පවා මැතිවරණ ව්‍යාපාරයට යොදා ගන්නවා. මැතිවරණ නීතියත්, රටේ නීතියත් ගරු කිරීම උතුරු පළාතේ පමණක් නොව රටේම ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ වගකීමක්  බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

One Response to “උතුරේ පක්ෂ මැතිවරණ ව්‍යාපාරය සදහා ජාතිකවාදී හා එල්ටීටීඊ ගීත හා ප්‍ර‍චාරක පාඨ ගැනීම සම්බන්ධයෙන් කැෆේ”

  1. ranjit Says:

    We have become cowards and weak because of the spineless, habitual leaders we have today in our government. After the war we never heard one single sound from north or East. They were like pussycats but after this achcharu government came to power everything was changed due to their poor governance. Yamapalakayo must stop all these nonsense immediately. Very soon there will be a time our sinhala people will be barred from these areas like in war times. After these traitors took over north and east became a paradise for drugs, murders, alcohol and a platform for separatist movements. Sinhala population must remove this unpatriotic dirty government and bring a strong leader and a government which serves the whole nation alike . The only guys who can bring peace and prosperity and harmony to our beloved nation without any argument is Mahinda or Gota no one else. To show these separatists in the North and East that we are still strong and united we should vote for pohottuwa without any second thoughts. We call upon this yamapalakayo to take action against all those evil conspirators and separatist movements in the North and East at once before something nasty happens. Help to save Motherland.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress