පාර්ලිමේන්තු ගුටි කෙළියට කතානායක වගකිව යුතුයි
Posted on January 13th, 2018

ජේ.ටී.ද සිල්වා උපුටාගැණීම  මව්බිම

පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් මැති ඇමැතිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් ඇතිවී, ලේ හලාගන්නා තත්ත්වයක් නිර්මාණය වීමට කතානායකවරයා සම්පූර්ණයෙන්ම වගකීම භාරගත යුතුව ඇතැයි, ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ‘මව්බිම’ට පැවසීය.

පක්ෂ නායක රැස්විමේදී කලින් දිනයේ ගනු ලැබූ තීරණයට පටහැනිව කතානායකවරයා ක්‍රියාකිරීම නිසා එම අවාසනාවන්ත හා කනගාටුදායක සිද්ධිය ඇතිවූ බවත්, මෙම සිද්ධිය පාර්ලිමේන්තු ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක්කළ බවත් හෙතෙම පැවසීය.

මෙවැනි උද්වේග කර තත්ත්වයක් ඇතිවන අවස්ථාවකදී, සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට මීට ඉහතදී කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමකදී ගනු ලැබූ තීරණය, ඒ අවස්ථාවේ නොසලකා හරිමින් කතානායකවරයා කටයුතු කළ බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
ප්‍රශ්නය උග්‍රවන තුරු බලා නොසිට, සභාවේ කටයුතු විනාඩි 10කට අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස, කතානායකවරයා අසලට ගොස් තමා ඉල්ලා සිටි බවත් එම ඉල්ලීමට කතානායකවරයා කන්දුන්නා නම්, මෙම අපකීර්තිමත්, කනගාටුදායක සිද්ධිය ඇති නොවන බවත් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress