මෛත්‍රිපාල
Posted on January 14th, 2018

ප්‍රියදර්ශන ලියනගේ උපුටා ගැන්ම දිවයින

පළාත් පාලන මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිsවරයාට සහය දීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 43 දෙනෙකු සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.
 
 මහා බැංකු බැඳුම්කර හොරුන්ට සහ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හොරුන්ට දඬුවම් ලබාදීමට නම් අලුත් අගමැතිවරයකු යටතේ යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් රැසක්‌ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද හෙතෙම පැවසීය.
 
 නව ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දූෂණ චෝදනා නැති මන්ත්‍රීවරු රැසක්‌ ද මහින්ද රාජපක්‍ෂ අතහැර ආණ්‌ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවද ඇමැතිවරයා පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress