ඔබේ චන්දය අත හෝ බුලත් කොලේ සලකුණට දෙන්න එපා ?
Posted on February 3rd, 2018

චාල්ස් එස් පෙරේරා විසින්

මිනිසුන්ගේ හිත්  තන්හාවෙන් ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, පළිගැනීමේ චේතනාවෙන්, වංචනික හැඟීම්  වලින් කිලිටීවී තිබේනම් ඒ බව ඔවුන්ගේ මුහුණුවලින්  පේනවා. හිරු නාලිකාවේ සටන නමැති වැඩසටහනට පසුගිය දවස් වල රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ස, හා මෛත්‍රීපාල සිරිසේන  අපේ දේශපාලන නායකයින් පලාත්පාලන චන්දය ගැන සාකච්චාවකට සහභාගිඋනා. ඔවුන්ගේ කතාබහ විතරක් නොවෙයි ඔවුන්ගේ  මුහුනුවලින් සාකච්චාවේ එක එක අවස්තාවලිදී  ඔවුන්ගේ සිත් තුල ඇතිවන  සිතිවිලි කැඩපත්වූ මුහුණු  අපි දුටුවා නොවේද ? 

ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා මුහුණ මිනිසාගේ හිත හඳුනාගන්නපුලුවන් කැඩපත කියලා. චන්ද්‍රිකා  කුමාරතුංග මැතිනිය ලඟකදී මාද්ය වෙදිකාවක කතාකරනවා දැක තියෙනවද? එසේනම් ඔබ ඇයගේ  මුහුනේ කැඩපත්වන ඊර්ෂ්‍යාව ක්‍රෝධය වයිරය  අනුමානයෙන් දකින්නට ඇති ? මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමානම් හිරු නාලිකාවට ඔබින හැටියට මුණ හදාගෙන හිටිය.  නමුත්  රස්වීම්වල කතාකරනකොට  කතාකරන්නේ නම් යක්ෂයෙක් වාගේ.  ජී අල් පීරිස්ගේ පක්ෂය හොරු ආරක්ශාකරන කුනු කානුවක්  වගේ  කතා කියනකොට මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ යක්ෂ මුහුණ  ඉස්මතුවෙනවා අපි දුටුවා.

ඔබ මේ දුටු මුහුණු තුනෙන් කොයි මූනද ඔබේ හිත ඇදගත් පින්වත් නිතමානී පිරිසිදු මුහුණ?  මා මෙයට පිලුතුරු දෙන්න උවමනා නැ, ඔබම මැනගන්න ඇති ඒ මුණු තුනෙන් කොයි  මුනේද කරුනාව, විශ්වාශදායක බව, පින්වත්බව, හා මිත්‍රශීලී බව කැපී  පෙනුනේ.

මහින්ද රාජපක්ස ජනාධිපති තුමාට මුන් කොච්චර  එදිරිවාදකම්  කලත් මඩපහරවල් ගැසුවත්  ඔහුගේ මුහුණින් කැඩපත් වූයේ ඔහුගේ සිතේ තිබෙන අවංක මෛත්‍රී කරුණා ගුණය නොවේද ?

පැය  එකහමාරක් පමණ කාලයක් තිබුනු  හිරු නාලිකාවේ සාකච්චාවේදී මෛත්‍රීපාල ජනාධිපති  දූන් හැම පිලිතුරකම  පිළිඹිබු වුයෙ  රාජපක්ස මැතිතුමා කෙරෙහි ඔහුතුල ඇති  ද්වේශය හා වෛරයයයි. සිරිසේන ජනාධිපති තුමා කියනවා 2015 නොවැම්බර මාසයේ  ඔහු රාජපක්ෂය ආණ්ඩුවෙන් වෙන්වුණේ  ඒ ආණ්ඩුවේ තිබුණ ක්‍රියා පිළිවෙලට විරුද්ධව ලංකාවෙ අනාගතය වෙනුවෙන් හොඳ වැඩපිළිවෙලක් සකස්කිරීම සඳහාලු.

නමුත් ඇත්ත කතාවනම් රාජපක්ස ජනාධිපති තුමා ඔහුට අගමැතිකම නොදුන්නිසා  එවෙනුවට ජනාධිපතිකම ලබාදීමට රනිල්  චන්ද්‍රිකා  දෙපල ඔහුට දුන් පොරොන්දුව නිසා ඇතිවූ බලතන්හාව නිසා බව හූණු බිත්තරයක් තරම්වත් මොලයක් තියෙන ඔනැම කෙනෙකුට තේරෙනෙවා. 

ඇරත් ඔහු සමජවාදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිහින් හේත්තු උනේ එක්සත්ජාතික පක්ෂයත් එක්ක.  එයින් පෙනෙන්නේ ඔහු ඇත්තටම රටේ සංවර්ධනය සඳහා ගත් පියවරක්ද නොවන බවයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිටවී යාම පිළබඳව කියනවා, ඇස් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමාත් එක්සත් ජාතිකපක්ෂයෙන් වෙන්ව ගොස් සන්ධාන ආණ්ඩුවක් පිහිටෙව්වා කියලා.

නමුත් ඇස් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමා සමාජවාදී දර්ශණයකින් යුත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා සන්ධාන ගතවුයේ සමාජවාදී වාමාංශික පක්ෂ සමග. ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන අවුරුදු විසි ගණනාවක් සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඉඳලත් සමාජවාදය මොකක්ද කියල නොදන්නාබවයි ඔහුගේ කතාවෙන් පෙනෙන්නේ .

ඔහු මහ ආඩම්බරයෙන් පිළිකුල් ලෙස රාජපක්ෂ ජනාධිපති තුමන් සමග සිටි කාලයේ  එතුමාගේ චරිතය අසොභන විධියට විවෙච්නය කරනවා.  රාජපක්ෂ ජනාධිපතිතුමා  ශ්‍රී ලංකාවේ ජනාධිපති  තනතුරට පත්වෙනවිට  ලංකාවේ තිබුනේ ඉතාමත් භායනක තීරණාත්මක, ජනතාව  ජීවිතයත් මරණයත් අතර දුකින් හා බියෙන්  පසුවූන කාලපරිච්චේදයක්.  එතුමා බලවත් සැර චරිතයක්ව සිටියා විය හැකියි.  ඒ යුගයේ කවුද මිතුරා  කවුද හතුරා යයි සොයගන්නටවත් අපහසුව තිබියදී හැමවවෙලාවෙම කරුණාවෙන්  සිටිය නොහැකියි. සමහරක් අවස්ථාවල සැරට කථා කරන්නට ඇති.  ඒ නිසා ඔහු   ආඥාදායකයෙක් හැටියට කටයුතු කලායයි කිවනොහැක.

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා 2010 න් පසු වෙනස් උනා යයි සමහරෙක් විවේචනාත්මකව කියනවා. නමුත් 2010 ඇතිවුණු තත්වය පෙරතිබුන තත්වයට වඩා වෙනස්වුන බව නොසිතන අයයි එසේ කියන්නේ . අපි  ඒ වකවානුවෙ උන දේවල් සිතා ගන්නටනම් අපේ හිත ඒ වකවානුවට ගෙනයන්න ඕනෑ.  ත්‍රස්තවාදය අවසාන ඌවාටු පසු ඔහු අවට සිටි අය තුළ තිබුණ අනිශ්චිත  බියද  නැතිවන්නට ඇත. ඒ නිසා ජනාධිපති තුමාගේ අන සකට යටත් වීමක්ද නොතිබුනාවිය හැක.  ඒ බැවින් එවුන්  පාලනයකර ගැනීමට අපහසුවක් ඇති උන බැවින් ඔවුන් අකමැති තීරණ ගත්තාවිය හැක.

ඒ අවධියෙ සිරිසේනලා,  නීමල් සිරිපාල  සිල්වලා වගේ අය  අගමැති තනතුර ඉල්ලා සිටින්න ඇත. ඩී ඇම් ජයරත්න මැතිතුමාත් සිටියේ ලෙඩින්. ඔහු වෙනුවට වෙනකෙනුකු පත්කිරීමෙදී කිහිපදෙනෙකුගේ ඉල්ලීම් හේතුවෙන්  අපහසුකම් ඇතිවූ නිසා රාජපක්ෂ ජනාධිපති  තුමා ඩී ඇම් ජයරත්න මැතිතුමාම අගමැති ධුරයෙ තබාගැනීමට තීරණය කල නිසා මෛත්‍රීපාල සිරිසේන මැති තුමා රාජපක්ෂ ජනාධිපති  තුමා සමග විරසක ඌවා විය හැක. එහි ප්‍රතිපලය තමයි දැන් අපි  දකින මහින්ද  රාජපක්ස මැතිතුමාකෙරෙහි  මෛත්‍රීපාල සිරිසේන මැති තුමා දක්වන ඇති අසීමිත වෛරය .

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇස් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමාට හාත් පසින් වෙනස් කෙනෙක්. බණ්ඩාරනායක මැතිතුමා හොඳ හික්මුන ඔහුගේ ප්‍රතිවාදීන් ට අගෞරවයෙන් කථානොකළ යහපත් කෙනෙක්. ඔහු උපන්නේ ක්‍රිස්තියානි පවුලක නමුත් ඔහු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දහස් ගණනකින් වැඩි හොඳ බෞද්ධ සීලාචාර පුද්ගලයෙක්. එයට බණ්ඩාරනායක මැතිතුමාගේ අද්‍යාපනයත්  හැදුන වැඩුන පරිසරයත් උපකාරවෙන්න ඇති. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හොඳ කතාකරන පිළිවෙලකුත්, හොඳ බෞද්ධ ආගමීක හැඩගැස්මකුත් අවශ්‍යයි.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මාන්නාධික වෙලා. ජනතා නායකයෙක් නිහතමානි වන්න ඕනැ. ප්‍රන්සයේ ජනාධි පතීන් දෙදෙනෙක්  නිකොලා සර්කෝසි මැති තුමා හා ජැක් චිරක් මැති තුමාත්  මුදල් වංචා කිරීම් සඳහා උසාවීවලට කැඳවපු උදවිය. නමුත් එතුමන්ලාට එතුමන්ලාට පසුව පත්වූ ජනාධිපතිවරුන්  කිසිම අවලාදයක් මඩගැසීමක් කලේ නෑ. ඒ ඔවුන් සීලාචාරවත් හොඳට හැදුණු පුද්ගලයන් නිසායි. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා ගෙන්ද ජනතාව බලාපොරොත්තු වන්නේ කාරුනික  කෙලිහිගුන  දන්නා යහපත්  මහින්ද රාජපක්ස මැතිතුමා කෙරෙහි ඇති වෛරය සන්සිදුවාගත් හොඳ බෞද්ධ ගුනාන්ගයන්ගෙන් පරිපුර්ණ සත් පුරුෂයකුවීමයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාත් කියන වා ත්‍රස්තවාදය එක මිනිහෙකුගේ ජයග්‍රහණයක් නොවේ එතුමත් එයට සහභාගී උනයි කියලා. ඒ ගැන ඔහු සතුටුවන්නේනම් අපට කමක් නැත. නමුත් මහින්ද රාජපක්ස ජනාධිපති තුමාගේ දේශපාලන නායකවත්වය නොතිබුනානම්   මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා කොපමණ වහසි බස් දෙඩුවත් ත්‍රස්තවාදය අදත් තිබෙන්නට ඉඩ තිබුණ බැව් අමතක නොකරන්න.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් ශ්‍රී ලංකාව විනාශය කරා ගෙනගොස්  හමාරය. ලංකාව ගොඩගන්නට නම්  මහින්ද රාජපක්ස මැතිතුමා සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණට දේශප්‍රේමී ජනතාව චන්දය දිය යුතුය.

අතට හෝ බුලත්කොලයට චන්දය දී  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය දිනවන්නේනම් අපේ බෞද්ධ සිංහලද්ධවීපය සදාකාලිකව විනාශකිරීමේ පාපයට ඔබත් සහභාගී වනවා ඇත. එබැවින් ඔබ නොපැකිලව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණට ඔබේ චන්දය දෙන්න.

4 Responses to “ඔබේ චන්දය අත හෝ බුලත් කොලේ සලකුණට දෙන්න එපා ?”

  1. Ratanapala Says:

    Sirisena is now talking about Sammuthiyawa as if he is part and parcel of the whole Sammuthiyawa Concept. It is not true. The bogus Sammuthiyawa also termed Lichchavi Palanaya was plotted in the US and that was where Ranil was coached on this ploy as a means to topple Mahinda Administration, taking the sensibilities of Sri Lankans, the majority of whom are Buddhists and their culture into account.  He is only an ungrateful, unprincipled and uncouth person who was tapped on the shoulder by Robber Queen – Chandrika Kumaranatunge to betray his party and colleagues at the right time.

    Maithripala Sirisena never aspired to be President. He never dreamt that he would one day be President of Sri Lanka. His only dream was becoming the Prime Minister and joining the ranks of Ratnasiri Wickramanayake and D M Jayaratne and fading into the political Valhalla.

    He is a ‘luck by chance’ President. He simply does not have what it takes to make a leader having being a subservient follower and not a leader all his life. He does not have a political ideology he can call his own. On his own admission he came to know of Sammuthiwadaya – Consensus Politics only after betraying his party and colleagues in November 2014. He has been a follower and not a leader during his entire political life. Even though today after 3 years in office he is trying hard to portray as a leader his whole demeanor and actions belie his real nature and character.

    The suit never fits, though he has tried different attires at different times and at different occasions. He has tried local and foreign attires, suits of different colors and even padding to straighten his ever sagging spine without success. It is the same with his work, approach towards politics. Unguarded utterings full of vituperative, anger and sheer hatred – qualities, all of which are the very antitheses of his name – Maithree, has prompted his former boss Mahinda Rajapakse to exclaim “Is he the same Maithree we knew before”?

  2. ranjit Says:

    I do not know what our stupid voters will do on Feb 10th? Now the voters are much knowledgeable about politics than in the past. So I hope they have learned from the past mistakes and use their vote wisely this time. Charles thanks for your article. We need to remind the people the importance of casting their vote to pohottuwa the symbol of Mahinda. We are sick and tired of the lies of these two Oscar winning actors Sira-Ranil. We haven’t seen a president of this calibre in our political history in our country. A spineless,foul mouthed habitual person as a president is a disgrace to our country. He don’t have any dreams or any vision to motherlanka because he do not have any brains or wisdom. He is worst than a worm. He and Ranil should be brought to justice for the crimes against our citizens. Bond scam was the biggest robbery in history therefore the culprits responsible for this crime should be brought to justice. They cannot fool us anymore. They must stop lying to the people in this country anymore. Remember pohottuwa not dirty hand or the beetle. POHOTTUWA, POHOTTUWA, POHOTTUWA don’t make a mistake like Jan 8th. JAYAWEWA.

  3. Senerath Says:

    අප සැමට තවත් මරු පහරක්. අලියා පහරදුන් බෙල්ලන්විල හාමුදුරුවෝ මීට තික මොහොතකට පෙර
    අපවත් වූහ​. උන් වහන්සේට නිවන් සැප ලැබේවා !

  4. Charles Says:

    Ratnapala This is all the work of America and the American Ambassador Keshup. These methods of regime change and stoping development of third world countries is explained John Perkins book The Economic Hit Men. It is worth reading it to understand these International political assassins and their paid Agents in Sri Lanka

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress