මහින්ද ‘දෙරණ 360’ ට එයි.. පූර්ව ප‍්‍රචාර නවතන්නැයි ඉහලින් බලපෑම්.. ‘ගාමිණී’ චිත‍්‍රපටයද නවතයි..
Posted on February 4th, 2018

lanka C news

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වන 360 වැඩසටහන දෙරණ නාලිකාවේ හෙට සදුදා දිනයේ විකාශණය කිරීමට නියමිතය.

එම වැඩසටහනේ පූර්ව ප‍්‍රචාරය මහා නවත්වන්නැයි ආණ්ඩුවේ ඉහල බලපෑමක් එල්ල වී ඇති බව දෙරණ නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ඒ අනුව එහි පූර්ව ප‍්‍රචාරය සම්පූර්ණයෙන්ම නවත්වා දමා ඇත.

එමෙන්ම අද දිනයේ දෙරණ නිලාකවේ විකාශණය කිරීමට නියමිතව තිබූ ‘ගාමිණී’ චිත‍්‍රපටයද එම බලපෑමෙන්ම නවතා දමා තිබේ.

කෙසේ වෙතත් යොදා ඇති පරිදිම මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වන 360 වැඩසටහන හෙට දිනයේ විකාශණය කිරිමට නියමිතය.

මහින්ද ‘දෙරණ 360’ ට එයි.. පූර්ව ප‍්‍රචාර නවතන්නැයි ඉහලින් බලපෑම්.. ‘ගාමිණී’ චිත‍්‍රපටයද නවතයි..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress