පර්පචුවල් සමාගම පළමු බැදුම්කර වංචාවෙන් සේවක අර්ථසාධක අරමුදල, ඉතිරිකිරීමේ බැංකුව හා රක්ෂණ සංස්ථාවට හරහා අවිධිමත් ලෙස උපයාගත් මුදල රු. බිලියන 31 පනී.
Posted on February 5th, 2018

සකස් කළේ රැසිරිපාල තෙන්නකෝන් (හිටපු සභාපති මහජන බැංකුව) රජිත් කීර්ති තෙන්නකෝන් (විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය)

පර්පචුවල් සමාගම පළමු බැදුම්කර වංචාවෙන් සේවක අර්ථසාධක අරමුදල, ඉතිරිකිරීමේ බැංකුව හා රක්ෂණ සංස්ථාවට හරහා අවිධිමත් ලෙස උපයාගත් මුදල රු. බිලියන 31 පනී.

අර්ථසාධයකට රු. මිලියන 26316 යි.  රක්ෂණ සංස්ථාවට මිලියන 4114 යි. ඉතිරිකිරීමේ බැංකුවට මිලියන 819 යි.  ගිණුම්ගත නොවූ සල්ලිවලට මොකද වුණේ? 

පළමු බැදුම්කර වංචාව මගින් අර්ථ සාධක, රක්ෂණ හා ඉතිරිකිරීමේ බැංකු යන ආයතන 3 සදහා රුපියල් බිලියන 31 ක ට අනිසි ලාභයක් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අද නිකුත් කළ වාර්තාවේ දැක්වේ. ද්විතියීය වෙළෙදපොල වංචනික ලෙස හැසිරවීම තුළින් මෙම අනිසි ලාභය ලබා ඇත.    

මේ අනුව, විගණකාධිපතිවරයා, සහ කෝප් කමිටුවත්, බැදුම්කර කොමිෂන් සභාවත් විසින් සිදු කළ ගණනය කිරීමට වඩා වැඩි පාඩුවක් රජයට මෙම රාජ්‍ය ආයතන තුන හරහා පමනක් සිදුව ඇත. 

මේ වන විට අත්අඩංගුවේ පසුවන පර්පචුවල් සමාගමේ විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන විසින් බැදුම්කර විවාදයේ දී රජයට පාඩුවක් සිදු නොවු බවට තර්ක කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත වාර්තාවක් ලබා දි ඇත.  එම වාර්තාව අනුව, කසුන් පළිසේන විසින් මේ දක්වා සගවා සිටි සමාගම බැදුම්කර මිලගත් මුදල පිළිබද ගණුදෙනු 17 ක් පිළිබද නිශ්චිත දත්ත හෙළි වේ. 

රු. 100 ක මුහුණ අගයක් සහිත බැදුම්කර ගණුදෙනු 7 ක් බෑනා ගේ සමාගම හා සේවක අර්ථ සාධක අරමුදල අතර සිදුව තිබේ.  මහ බැංකුවෙන් එම බැදුම්කර මිල දී ගෙන ඇත්තේ රු. 94, රු. 72, රු. 71 (අවස්ථා 2), රු. 73 (අවස්ථා 3) ලෙසිනි.  LKB 03045 C013, LKB  01528 A017, LKB 02541 A016, LKB 01530 E 152, LKB 01226  F 014, LKB 01025 C 157, LKB 02035 C155 දරණ අංක යටතේ ය.  අර්ජුන ඇලෝසියස් සමාගම විසින් අදාළ බැදුම්කර මිලදී ගෙන ඇත්තේ රු. මිලියන 52826 ක මුදලකටය.   දින කිහිපයකින් ඒවා රු. 121, 105, 108, 118, 110, 116 බැගින් සේවක අර්ථසාධක අරමුදලට විකුණා  රුපියල් මිලියන 79146 ක මුදලක් සමාගම උපයා ඇත.  ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල බෑනාගේ සමාගම හරහා නොව සෘජුව මහ බැංකුවෙන් මෙම බැදුම්කර මිලදී ගත්තේ නම් මේ රටේ ලක්ෂ 60 ක් වන අර්ථසාධක අරමුදල් හිමියන්ට සිදුවන ලාභය රු. මිලියන 26316 කි.  නමුත්, එම ලාභය සිය සමාගමට ලබා ගැනීමට පර්පචුවල් සමාගමට හැකිවී ඇත.

බැදුම්කර වංචාවට මග පාදමින් සෘජු ගණුදෙනු වෙනුවට වෙන්දේසි ගණුදෙනු කරා යාම සදහා තමාට උපදෙස් ලැබුණු බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍ර‍න් ප්‍ර‍කාශ කර තිබුණි. රජයට පාඩු සිදු වී, අර්ජුන ඇලෝසියස් ගේ සමාගමට බිලියන 2.6 ක ලාභයක් අර්ථසාධක අරමුදලෙන් පමණක් ලැබී ඇත්තේ බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන ‘සබැදියාවන් අතර ගැටුම‘ මත සංවේදී තොරුතුර හුවමාරුව නිසාය.  

රක්ෂණ සංස්ථා අරමුදල මංකොල්ලය

විගණකාධිපතිවරයා වෙත අවශ්‍ය තොරතුරු ලබා නොදීම හේතුවෙන් පළමු බැදුම්කර මගඩියෙන් රක්ෂණ සංස්ථාවට සිදු වූ පාඩුව පිළිබද බැදුම්කර වාර්තාවේ හෝ කෝප් කමිටු 1 හා 2 වාර්තාවන් හි විස්තර  කරුණු ඇතුලත් නොවේ.  ISIN සිරියල් අංක LKB 03045 C013, LKB 01528 I 017, LKB 01530 E 152, LKB 01236 F 014, LKB 01025 C 157, LKB 02035 C 155 යටතේ බෑනාගේ සමාගම හා රක්ෂණ සංස්ථා අරමුදල අතර ගණුදෙනු 6 ක් සිදුව ඇත.  ඒ සදහා බෑනාගේ සමාගම රු. මිලියන 8594 කට මිලදී ගෙන දින කිහිපයකින් රු. මිලියන 12708 ක මුදලකට ඒවා රක්ෂණ සංස්ථාවට විකුණා ඇත.  එමගින් ප්‍ර‍ශ්නගත සමාගම ලැබූ ලාභය රු. මිලියන 4114 කි. රු. 100 මුහුණත අගය සහිත එක් බැදුම්කරයකට රු. 44 ක ලාභයක් සහිතව විකිණීමට සමාගමට හැකිවී ඇත්තේ සංවේදී තොරුතුරු හුවමාරුව හා අල්ලස් ලබාදීම මගිනි.  

සතෙන් සතේ එකතු වී බෑනාගේ සමාගමට ගිය NSB මුදල්

අර්ජුන ඇලෝසියස් ගේ සමාගම බැදුම්කරයට අදාළව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමග ගණුදෙනු 4 ක් හෝ එයට වැඩි ප්‍ර‍මාණයක් සිදු කර ඇත. ඒ අංක LKB 0528 I 017, LKB 01530 E 152, LKB 01226 F 014, LKB 01025 C 157  යටතේ ය.  උක්ත ගණුදෙනු 4 මගින් රු.මිලියන 819 ක් ඉතිරිකිරීමේ බැංකුවට පාඩු සිදුවී ඇත. වෙන්දේසියෙන් රු. 73 ට මහ බැංකුවෙන් මිලදී ගත හැකිව තිබූ බැදුම්කර පර්පචුවල් සමාගමෙන් රු. 98.50 බැගින් ද, රු.71 ගත හැකිව තිබිය දී රු. 95 කට බැදුම්කර මිල දී ගැනීම යනු ගණුදෙනු 2 තුළින් පමණක් පිළිවෙලින් රු. මිලියන 204 ක් හා රු. මිලියන 480 ක් ඉතිරිකිරීමේ බැංකුවට පාඩු කර ඇත.

අර්ථසාධයකට රු. මිලියන 26316 ක්, රක්ෂණ සංස්ථාවට මිලියන 4114 ක්, ඉතිරිකිරීමේ බැංකුවට මිලියන 819 ක් ලෙස පළමු බැදුම්කරයෙන් මෙම රාජ්‍ය ආයතන 3 හරහා පමණක් පර්පචුවල් සමාගම උපයා ගෙන ඇති මුදල රු. මිලියන 31249 කි.  එනම්, රු. බිලියන 31 කට වැඩිය. 

එවකට මහ බැංකුවේ අධිපතිවරයා වූ, අර්ජුන මහේන්ද්‍ර‍් විසින් නිවැරදි තොරතුරු ලබා නොදීම හේතුවෙන්, පාඩුව පිළිබද අස්තමේන්තුව රුපියල් බිලියන 12 ක් බව දක්වා ඇත. බැදුම්කර කොමිෂන් සභා  වාර්තාව ද එම කරුණු දක්වීම තහවුරු කර ඇත.  නමුත්, මේ වන විට      ISIN    අංක හරහා මෙම බැදුම්කර මිලදී ගත් මුදල හා අලෙවි කිරීම සිදුකළ මුදල නිශ්චිතව හදුණාගෙන ඇති බැවින් සත්‍යය වශයෙන්ම මේ එක් එක් ආයතනයට සිදු වූ පාඩුව නිවැරදිව ගණනය කිරීමේ  හැකියාව ලැබී තිබේ.   

බැදුම්කර කොමිෂන් වාර්තාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ පිටු සංඛ්‍යාවක් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හෙළි කරුනු ලැබීය.  ජනාධිපතිවරයා විසින් ඒ බව මේ වන විට පිළි ගෙන ඇත. ජන. 6 දින පාර්ලිමේන්තුවට බැදුම්කර වාර්තාවේ තවත් පිටු 7000ක් ලබාදීමට නියමිතය.

කසුන් පළිහේන  අත පැවති මේ තොරතුරු ඔහු විසින්ම විකෘති කොට, කරුණු සගවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට පත් කොට ඇත.  ඒ තුලින්, මේ දක්වාම විගණකාධිපතිවරයාට හෝ නොලැබුණු සිරියල් අංක හෙළිදරව් වී ඇත. 

නිගමය

සංවේදී තොරතුරු සහ අර්ථසාධක, රක්ෂණ සංස්ථා හා ඉතිරිකිරීමේ බැංකුව මෙම වෙන්දේසිය සදහා ඉදිරිපත්වීම වැලැක්වීම මගින් පර්පචුවල් සමාගම රු. බිලියන 31 ක ලාභයක් ලබා ඇත.  අල්ලස් ලබාදී මෙම ආයතනයන් හි නිලධාරීන් ඉහළ මිලකට බැදුම්කර මිල දී ගැනීමට පොළඹවා මෙම ලාභය ලබා ඇත.

සමාගම විසින් ලැබූ ලාභය රු. බිලියන 12 ක් බව සමාගමේ අවසන් ගිණුම් වාර්තාවේ සදහන් වේ.  එය ඉතා පැහැදිලි ලෙසම විගණන නිලධාරීන් හා මහ බැංකු පරීක්ෂකවරුන් මුලා කර සිදු කළ ඇති ඉලක්කම් විජ්ජාවකි. සැබෑ ලාභය වසන් කිරීමටත්, එම ලාභය උපක්‍ර‍මශීලි ලෙස වෙනත් බැංකු ගිණුම් වෙත හැරවීමත් සිදුව ඇත. 

පලිසේන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති වාර්තාවට අනුව, බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කර දැනට ගිණුම්ගත වී නොමැති මුදලට කුමක් සිදුව ඇතිදැයි අනාවරණය කර ගත යුතුව ඇත.

සකස් කළේ

රැසිරිපාල තෙන්නකෝන් (හිටපු සභාපති මහජන බැංකුව)

රජිත් කීර්ති තෙන්නකෝන් (විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය)

    සේවක අර්ථසාධක අරමුදලට සිදු වූ පාඩුව             
  කසුන් පළිසේන විසින් වාර්තාවේ සදහන් කළ ගණුදෙනු සදහා අදාළ ISIN අංක මුහුණත වටිනාකම හා PTL මිලදී ගත් මුදල රු. මිලියන PTL සමාගම වැය කළ මුදල රු. මිලියන සේ.අ.අ. මිලදී ගැනීමට වැය කළ රු.  මුදල සේ.අ.අ. ඒකකයක් මිලදී ගත් මුදල රු. PTL දින 7 ක් තුල ලැබූ ලාභය රු. මිලියන  කල් පිරීමේ දී බැදුම්කරය සදහා ආපසු ලැබෙන මුදලින් ඇතිවන පාඩුව හෝ ලාභය      
1 LKB 03045 C013 2000 @ 94/= 1872 2431 121/= 560 2455 – 2000 = 455      
2 LKB  01528 A017 11600 @ 72/= 8353 12276 105/= 3923 12492-11600=892      
3 LKB 02541 A016 13950  @ 71/= 9904 14995 108/= 5091 14921-13950 = 971      
4 LKB 01530 E 152 31400 @ 71/= 22294 33000 105/= 10706 32223- 31400 = 823      
5 LKB 01226  F 014 4000  @ 73/= 2920 4730 118/= 1810 4519 – 4000 = 519      
6 LKB 01025 C 157 4150 @ 73/= 3030 4592 110/= 1562 4559 – 4150 = 409      
7 LKB 02035 C155 6100 @ 73/= 4453 7122 116/= 2669 7193 – 6100 = 1093      
      52826 79146   26316 5162      
                     
    රක්ෂණ සංස්ථාවට සිදු වූ පාඩුව              
1 LKB 03045 C013 1300 @ 94 1222 1588 122/= 366 -296      
2 LKB 01528 I 017 500 @72 360 480 96/= 120 4      
3 LKB 01530 E 152 1650 @71 1172 1608 98/= 436 42      
4 LKB 01236 F 014 1900@73 1387 2047 107/= 660 -75      
5 LKB 01025 C 157 1500 @ 73 1095 1563 104/= 468 -74      
6 LKB 02035 C 155 4600 @ 73 3358 5422 117/= 2064 -861      
      8594 12708   4114 1260      
                     
    ජාතික ඉතිරි කිරීමේ බැංකුවට සිදු වූ පාඩුව             
1 LKB 0528 I 017 250@72/= 180 242 96/= 62 -1      
2 LKB 01530 E 152 2000 @ 71 /= 1420 1900 95/= 480 143      
3 LKB 01226 F 014 800 @ 73/= 584 788 98.5/= 204 32      
4 LKB 01025 C 157 400 @ 73 /= 292 365 91.25/= 73 20      
      2476 3295   819 204      
                     
                     
සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ සංස්ථාව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට සිදු වූ පාඩුව  රු. මිලියන  26316 + 4114 + 819 = 31249  
                     
              31249      

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress