මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම ලාංකීය ජාතියටත්, සඟ සසුනටත් සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවක්
Posted on February 5th, 2018

ජනමාධ්‍ය නිවේදනය

තව බොහෝ කාලයක් වැඩසිටීමට අවැසි වුවත් හදිසියේ අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ අහිමිවීම සංඝ සමාජයටත්, සමස්ථ ලාංකීය සමාජයටත් පිරිමසාගනු නොහැක්කකි. 

ශාසනික, සාමාජයීය හා ශාස්තී‍්‍රය දැනුමෙන් බොහෝ කුෂාග‍්‍රවූ උන්වහන්සේ භාෂාන්තර ඥාන ශක්තියෙන්ද සුපෝෂිත වූ අතර දැනුමට යෝග්‍ය තනතුරුත්, තනතුරුවලට යෝග්‍ය දැනුමත් සහිත වූහ. වත්මන් සඟ සසුනටත්, ශී‍්‍ර ලාංකීය දේශයටත් භික්‍ෂුවගේ පෞරුෂය, ශක්තිය, හා නායකත්වය මේ යැයි කියාපෑමට සිටින අතළොස්සක් තෙරවරුන් අතර විමලරතන නාහිමියෝ ප‍්‍රමුඛස්ථානයේ

වැඩ සිටියහ. තමන්ට හිමි අනුනායක පදවිය අත්හරින්නට තරම් නිර්භීත හා නිහතමානී වූ අප කථානායකයාණන් තනතුරුවලට පොරබදන්නන්ට දුන් මුෂ්ටි ප‍්‍රහාරය වේගවත්ය.

අපම කවා පොවා හීලෑකරන්නන්ම අපට එරෙහිවනවා යැයි බොහෝ විට අත්විඳින සමාජ සත්‍යය බෙල්ලන්විල නාහිමිට පසක්කර දුන්නේ සිය වටිනා ජීවිතයද උන්වහන්සේට අහිමිකරමිනි.

භික්‍ෂුව ළඟ තබාගතයුතු සෘජුව අදහස් දැරීමේ ගුණය ආරක්‍ෂාකරගත් විමලරතන නාහිමි සිය දැනුමෙන්, ගුණයෙන්, පෞරුෂයෙන් අදූරදර්ශී පාලකයන්ට නොනැමී සිටිමේ ශක්‍යතාව රැකගත් යතිවරයාණ කෙනෙකි. ”මේ රටේ භික්‍ෂුව පඩික්කන් පුරව පුරවා සිටින පිරිසක් ”යැයි හිටපු පාලකයෙක් කරතිබූ ප‍්‍රකාශයට එරෙහිව මාදුළුවාවේ සෝභිත නාහිමි සමග භික්‍ෂු පෞරුෂය රැකගනිමින් හිතුවක්කාර පාලකයින්ට එරෙහිව කළ කී දෑ උන්වහන්සේගේ ශී‍්‍ර නාමයට ගෞරවය එක්කරමින් ඉතිහාසයේ සටහන්ව ඇත.

අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ සතු උසස් ගුණාංග උන්වහන්සේටම මිස අනෙකෙකුට සමකළ නොහැකිය. මෙවන් සංඝ පීතෘවරයෙකු රටට, දැයට, සසුනට අහිමිවීම එවන් සංඝ පීතෘන් වහන්සේලා විරල වර්තමානයට කිවනොහැකි තරම් පාඩුවකි. එනමුත් උන්වහන්සේගේ නිහඬ ගමන වැඩ අවසන් බැවින් ලාංකීය භික්‍ෂු සමාජය නියෝජනය කරමින් ජාතික භික්‍ෂු පෙරමුණ විමලරතන නාහිමිපාණන් වහන්සේට ගෞරවණීය උපහාරය හා සාතිශය සංවේගය පළකර සිටිමු.

ස්තූතියි.

මෙයට,

රධාන ලේකම්,

ශාස්තරපති

වකමුල්ලේ උදිත හිමි

 

සභාපති,

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ, කන්දබඩපත්තුව ඇතුළු 

මාතර පළාතේ රධාන සංඝනායක,

ශාස්තරපති

හඳුගල රතනපාල නාහිමි

 

රධාන අනුශාසක

ශී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අධිකරණ ලේඛකාධිකාරී,

මහාචාර්ය,

අත්තංගනේ රතනපාල නාහිමි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress