අපේ මවුබිම අනතුරේ : පෙබරවාරි 10 , වගකීමෙන් යුතුකම ඉටු කරමු
Posted on February 7th, 2018

කතෘ:යුතුකම   

අපේ මවුබිම අනතුරේ
  •  රටේ ස්වාධීනත්වය හා රණවිරුවා ගේ අභිමානය කෙළසූ ජිනීවාමහා පාවාදීම 
  •  කුරිරු ත‍්‍රස්තවාදින් ගෙන් රට මුදාගත් සෙන්පතියන්ට හා රණවිරුවන්ට එරෙහි ව නඩු පැවරීමට ව්‍යාජ සාක්ෂි රැස්කිරීම සඳහා වූ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ව සම්මත කරගැනීම 
  •  මහ බැංකුවට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ ත‍්‍රස්තවාදීන්ට පවා ඉටු කරගත නොහැකි වූ මහා ආර්ථික ව්‍යසනයකට රට යොමු කළ මහ බැංකු මහා මංකොල්ලය – 
  • මුළු රට ම ආර්ථික වශයෙන් ඔසවා තැබීමේ ශක්‍යතාවයෙන් යුක්ත වූ හම්බන්තොට වරාය වසර 99කට (තව වසර 99කට දීර්ඝ කිරීමේ ප‍්‍රතිපාදන ද සහිත ව) තුට්ටු දෙකකට බදුදීමේ ව්‍යාජයෙන් ජාතියට අහිමි කිරීම 
  •  තිරිකුණාමලේ තෙල් ටැංකි, කන්කසන්තුරේ⁄ වරාය, මත්තල ගුවන් තොටුපොළ, ශී‍්‍ර ලංකා ගුවන් සේවය, අධිවේගී මාර්ග, බීජ ගොවිපොළ, රාජ්‍ය බැංකු – සිය ̈ සම්පත් විජාතිකයන්ට විකුණමින් රට පරාධීනත්වයට පත් කිරීම 
  •  මෙ රට ශ‍්‍රම වෙළෙඳපොළ දශලක්ෂ සංඛ්‍යාත ඉන්දියානු විරැකියා සුනාමියකට විවෘත කෙරෙන එට්කා ගිවිසුම අත්සන් කිරීමට දරන ප‍්‍රයත්නය 
  •  පළාත් පාලන ආයතන විසුරුවා හැර ඡුන්ද නොපැවැත්වීමෙන්, ගංවතුර, නියඟය, කුණු-කඳු හා කඳු නායයෑම්, කුණු කසළ, ඩෙංගු වසංගත මරණ හමුවේ ජනතාව පිළිසරණක් නැති අසරණයන්බවට පත් කිරීම – 
  • පොලිස්, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර කටයුතු, සමාජ සේවා, වෙළෙඳාම ඇතුළු එදිනෙදා ජන ජීවිතයට අදාළ සිය ̈ විෂය හා සම්බන්ධ නීති සම්පාදනය කිරීමේ හා කි‍්‍රයාවට නැඟීමේ බලතල යළි පවරාගත නොහැකි ලෙස පළාත්වලට පැවරීමට යෝජනා කෙරෙන බෙදුම්වාදී ව්‍යවස්ථා යෝජනාවලිය – 
  •  බියර් බදු අඩුකර, නීති අනපනත් වෙනස් කර තරුණයන් හා කාන්තාවන් මත්පැනට යොමු කරලීමට, සමලිංගික, නාරිලිංගික,බහු ලිංගික චර්යා හා විවාහ මූලික අයිතිවාසිකම් ලෙස යෝජිත ව්‍යවස්ථාවට ඇතුළත් කර තුප්පහි අවලම් සංස්කෘතියක් ස්ථාපිත කරලීමට දරන ප‍්‍රයත්නය –
මේ සියල්ල පැරදවීමට
පෙබරවාරි 10 ඡන්දය යොදා ගනිමු

ඉහත විනාශයන්ට මූලික වූ ආණ්ඩු පක්ෂයේ හා සහයෝගය දුන් විපක්ෂයේ පක්ෂ ප‍්‍රතික්ෂේප කරමු!

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ දිනවමු!!
————————
දේශප්‍රේමී භික්ෂු පෙරමුණ 
රුහුණු රට භික්ෂු පෙරමුණ
පැවිදි හඬ
මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය 
ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය
ගාලු විද්වත් එකමුතුව 
මහනුවර වෘත්තිකයන් ගේ හා විද්වතුන් ගේ සංවිධානය
ජාතික රණවිරු එකමුතුව 
දෙසරැස 
යුතුකම සංවාද කවය

යුතුකම සංවාද කවය ඇතුළු සංවිධාන රැසක ඉල්ලීම සහිත පුවත් පත් දැන්වීම

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook

https://www.facebook.com/yuthukama

One Response to “අපේ මවුබිම අනතුරේ : පෙබරවාරි 10 , වගකීමෙන් යුතුකම ඉටු කරමු”

  1. Ananda-USA Says:

    Deshapremi Sri Lankikayeni,

    Pebarawari 10-vanida mathivaraneydi, Maubima Rakeemata athi obey YUTHUKAMA ishta kirimata, Podujana Pewramunata obey chandaya denna!

    Apey aadaraneeya MAUBIMA sathurange YAMAPALANA ugulen galawa ganeemata athi ekama istheera margaya eyayi!

    JAYAWEWA!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress