ජනාධිපතිට එරෙහිව අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිල්ලක්..
Posted on February 8th, 2018

රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය උපුටා ගැන්ම lanka C news

ජනාධිපතිට එරෙහිව අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට, මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කරන බව බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

රජය ජනතාවට පොරොන්දු වූ යහපාලනය ක්‍රියාත්මක කළ යුත්තේ  විනිවිදභාවයකින් යුක්තවය. රට තුළ යහපාලනය ක්‍රියාත්මක කිරීම පමණක් නොව ක්‍රියාත්මක වන බව පෙනෙන්නටද තිබිය යුතු වුවත් අප රට තුල යහපාලන ක්‍රියත්මක වන බව පෙනෙන්නට නැත. ඉහළම පාලකයාද ,පහලම නිලධාරියාද  යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරයි.යහපාලනය ආරම්භ කලයුත්තේ රටේ පාලකයාගෙන්ය. එහෙත් අප ජනාධිපතිවරයා යහපාලන තුට්ටුවකටවත් මායිම් කරන බවක් පෙනෙන්නට නැත. එසේ චෝදනා කිරීමට සිදුව ඇත්තේ ජනාධිපතිවරයා විසින් යහපාලන පොරොන්දු මහදවල් කඩකර ඇති  නිසාය. ජනතාව   හැටියට අපට කල හැක්කේ ඒ පිළිබදව අදාල ආයතන වලට පැමිණිලි කිරීමය. නීතියෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති මුක්තියට මුවා වී සිටීමට ඔහුට හැකි වුවත්  සිය හෘද සාක්ෂියට මුවා වී සිටීමට හැකිද? යන්න තීරණය කල යුත්තේ ඔහුමය.

අ. මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිලිබද සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පදනම් කරගෙන ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට අනුව  රටට  වූ පාඩුව රුපියල් බිලියන 11  කි. රටට මෙම පාඩුව සිදු කිරීම සදහා වූ සැලැස්මේ මහ මොලකරු අර්ජුන මහේන්ද්‍ර නම් ඔහු මහ බැංකුවේ අධිපති හැටියට පත්කරන ලද්දේ අගමැතිවරයාගේ නිර්දේශයට අනුව වූවත් ජනාධිපතිවරයාය. මෙරට පුරවැසියෙකු නොවන කෙනෙකු මහබැංකුවේ අධිපති කලේ ඇයිද? යන්න ජනතාව ප්‍රශ්න කිරීම සාධාරණය. මක්නිසාද යත් පොළීසියට කොස්තාපල් කෙනෙකු බදවා ගන්නේද ඔහු පිලිබද නිෂ්කාශන වාර්තාවක් ලබාගත් පසුවය. එමනිසා  මහ බැංකුවේ අධිපතිවරයා පත්කිරීමේ වගකීම ජනාධිතිවරයා විසින්  දැරිය යුතුය.

ආ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා හැටියට ඒම අමාත්‍යාංශවල සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා වගකිවයුතුය.

ජනාධිපතිවරයාට හා නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට, මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයාට සහ මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරකුට එරෙහිව කරනු ලබන පැමිණිල්ල 2018/02/09  දින උදේ 11 ට කොළඹ 7  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේදී සිදු කෙරේ.

රංජිත් විතානගේ
සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

2 Responses to “ජනාධිපතිට එරෙහිව අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිල්ලක්..”

  1. NeelaMahaYoda Says:

    ආප්ප සිරා යහපාලන තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැත. ආප්ප සිරාගේ කාලය තව මාස විසිතුනකි. උදයංග වීරතුංග සහ ගෝටාභය රාජපක්ෂ ආප්ප සිරාව තව මාස විසිතුනකින් ජම්පරය අන්දවා මහ උලුගෙදර නේවාසිකා ගතකිරීමට දැන් පටන් කටයුතු පිළිවෙල කරයුතුය.

    මහ උලුගෙදර නේවාසිකා ගතකලයුත්තේ;

    1. රටට මෙම මහා පාඩුව සිදු කිරීම සදහා වූ සැලැස්මේ මහ මොලකරු අර්ජුන මහේන්ද්‍ර මහ බැංකුවේ අධිපති හැටියට පත්කිරීම.

    2. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා හැටියට ඒම අමාත්‍යාංශවල සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන්ද වගකීම.

    3.පවුල් බලය තහවුරු කිරීමට අප්ප සිරාගේ එක්කුසේපන් සහෝදරයාව ටෙලිකොම් එකේ සභාපති කර හිටපු සභාපති වරයාට ලැබුණ පඩියට වඩා තුන් ගුනයකින් වැඩි පඩියක් ගෙවීම.

    4. පසුගිය යුද්ද කාලයේ බ්‍රතාන්‍ය රජයේ සොල්දාදුවෙකුගේ ඳිලිඳු දරුවන් වූ සිරිසේන පවුල අද පොලොන්නරුවේ බිස්නස් මාෆියාවක් වන අන්දමට අල්ලස් සහ දූෂනය මගින් පෝෂනය කිරීම.

    5.සහල් පිරිසැකසුම්කරණය නවීන කිරීම සඳහා ලෝක බැංකුවෙන් ලාංකික හාල්මෝල් හිමියන් වෙත නිකුත්කරන ලද පහසු ණය අයථා අන්දමින් තම පවුලේ සාමාජිකයින්ට ලබා දී ශ්‍රී ලංකාව තුල අයථා සහල් මාෆියාවක් ගොඩනැගීම.

  2. Ratanapala Says:

    http://www.canberratimes.com.au/federal-politics/political-news/turnbull-government-faces-questions-over-snowy-hydro-20-as-firm-banned-over-corruption-allegations-20171004-gyu7q4.html

    Also read the following from Australia about Sirisena’s anti-corruption activities!

    “Last week, the World Bank announced SMEC’s international subsidiary had agreed to be banned from bidding on projects in South Asia after “a World Bank investigation which revealed misrepresentations to meet bidding requirements under World Bank-financed projects in Sri Lanka and India”. 

    “The investigation also found evidence indicating inappropriate payments made in relation to World Bank-financed projects in Sri Lanka and Bangladesh.” 

    Under a negotiated settlement, several SMEC subsidiaries will be barred from participating in World Bank projects for between six and 30 months. Australia has no debarment scheme to block companies alleged to have engaged in corruption from tendering on government financed projects.

    In August last year, Fairfax Media revealed the contents of internal company documents detailing SMEC’s overseas staff’s alleged bribery of officials in Sri Lanka to secure a $2.3 million aid-funded sewerage project in 2003 and a $2.2 million power plant project in Bangladesh in 2007. Company emails also reveal Sri Lankan President Maithripala Sirisena and his adviser allegedly sought a political “donation” to be paid by SMEC when Mr Sirisena was a cabinet minister in return for signing off on a contract sought by SMEC. The company files suggest some in the firm’s overseas office backed the payment and later withdraw a large amount of cash. However, the company has said it found no evidence the donation was ever paid.    
    The emails show a plan to siphon money from a World Bank-funded dam project in 2009 that was to involve Mr Sirisena awarding the $1.82 million contract to SMEC.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress