නිමල් සිරිපාල අගමැතිවීම වලක්වන්න බෑ.. බහුතර පෙන්වන්න අත්සන් නොතබා එජාප මන්ත‍්‍රීන් 11ක් සිරිකොතෙන් නැගිට යති.. සුළු පක්‍ෂත් අත්සන් නොතබති…
Posted on February 18th, 2018

lanka C news

ඇමතිවරුන් වන කබීර් හෂීම්, සජිත් පේ‍්‍රමදාස ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් අද පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී පැවති මැති ඇමති හමුවකදී උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

එහිදී පක්‍ෂය සතුව බහුතරය ඇතැයි ජනාධිපතිවරයාට තහවුරු කිරීමට ලිපි අත්සන් කිරීමට යාමේදී එම පෙරමුණේ හකීම්, බදියුදීන් ඇතුළු සුළු පක්‍ෂ විසින් එය ප‍්‍රතික්‍ෂෙප කරමින් කියා ඇත්තේ පළමුව එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීන් 88 දෙනාගේ අත්සන් ලබාගෙන එන ලෙසයි.

ඒ අනුව එම අක්සන් 88 ලබා ගනිමින් සිටියදී එජායේම මන්ත‍්‍රී පිරිසක් ඊට විරුද්ද වෙමින් සදහන් කර ඇත්තේ මෙය අනවශ්‍ය වැඩක් බවත් ජනාදීපතිවරයා අමනාප කරගෙන එජපයේ සුදුසුකම් පෙන්වීමට යාම මෝඩ වැඩක් බවත්ය.

එසේ වුවහොත් දැනට එතරම් අවුල් සහගත නොවන තැනක ඇති ප‍්‍රශ්ණය අවුල් ජාලාවක් වනු ඇති බවත් මේ ආකාරයේ වැඩවලින් නිමල් සිරිපාල අගමැති වීම වලක්වන්න බැරි වනු ඇතැයිද පවසමින් එජාපයේ මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු එම හමුවෙන් නැගිට ගොස් තිබේ.

ජනාධිපතිවරයාට මේ වන විට ශක්තිය වැඩි බවත් එනිසා පක්‍ෂයක් ලෙස මේ අවස්ථාවේ ඉතා කල්පනාවෙන් වැඩ කල යුතු බවත් එම පිරිස පෙන්වා දී ඇත.

3 Responses to “නිමල් සිරිපාල අගමැතිවීම වලක්වන්න බෑ.. බහුතර පෙන්වන්න අත්සන් නොතබා එජාප මන්ත‍්‍රීන් 11ක් සිරිකොතෙන් නැගිට යති.. සුළු පක්‍ෂත් අත්සන් නොතබති…”

  1. helaya Says:

    Nimal Siripala is not a good person. He is another boot licking opportunist.

  2. Sarath W Says:

    Nimal Siripala and the other SLFP MP’s who joined with the UNP and Sirisena are crooks and are the real enemies of the JO. I only hope the JO leaders are only using Nimal and the gang to destroy this HORAPALANAYA government.

  3. NAK Says:

    First things first. Get rid of Ranil first.Then if Siripala is the PM deal with him later.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress