ජනපති-අගමැති තව දුරටත් ධුරයන්හි සිටීම සදාචාර විරෝධීයි..
Posted on February 19th, 2018

 lanka C news

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලද ජනතා ප‍්‍රතිචාරය අනුව ජනාධිපතිවරයාට තව දුරටත් ජනාධිපති පුටුවේ හෝ අගමැතිවරයාට අගමැති පුටුවේ හෝ සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රිවරයා මේ අදහස් පල කලේය.

එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යයි සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර විසින් නිවේදනය කර තිබියදී ඇමතිවරුනට තව දුරටත් ඇමති පිටුවට සිටීමේ කිසිදු අයිතියක් නැතැයිද ඔහු සදහන් කලේය.

එමෙන්ම විපක්‍ෂ නායකවරයාටද එම ධුරය දැරීමට කිසිදු අයිතියක් නැතැයිද ඔහු කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress