“රනිල් මෛත්‍රී ආණ්ඩුව රට තුළ අරාජිකත්වයක් ඇති කරලා “- කීර්ති තෙන්නකෝන් කියයි 
Posted on February 27th, 2018

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය 

අලුත් අවුරුද්ද අවසන් වෙන තෙක්ම පළාත් පාලන ආයතන පිහිටුවන්න බැරි අරාජික තත්වයක් මෛත්‍රී-රනිල් ආණ්ඩුව සකසා ඇති බව කැෆේ සංවිධානය කියයි.එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ  කවුරුන් කා සමඟ  සන්ධානගත වන්නේද යන්න තීරණය වන තුරු මෙම  පළාත් පාලන ආයතන පිහිටුවීමේ ප්‍රශ්නය නොවිසදෙන බවයි.
 
පසුගියදා පැවති කැබිනට් සංශෝධනයේදී පවා සිදුවූයේ රටේ දේශපාලන වාතාවරණය අවුලකට ඇද දැමීමක් බවද තෙන්නකෝන් මහතා මෙහිදී කීය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් නිර්මාණය කළ මෙම අර්බුදය නිසා පළාත් පාලනයේ ජනතා අපේක්ෂා ඉටු කිරීම තවදුරටත් පමා වන බව ද ඒ මහතා කීය.
 
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ජාතික සම්බන්ධිකාරක රසාංග හරිස්චන්ද්‍ර මහතා ද එක්විය 
 
මාධ්‍ය ඒකකය 
කැෆේ සංවිධානය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress