ගෝඨාභය රාජපක්ෂයන්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය
Posted on June 3rd, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන භූමියට සම්ප්‍රප්තව ඇත. එය ඉතිහාසය විසින් බලකර ඉල්ලා සිටින ලද ඉල්ලීමක් වන අතර දැන් අප විසින් සිදුකල යුත්තේ එතුමාව බලගැන්වීමේ කාර්යට අතගැසිමයි. අප එතුමාව ඉතා සාදරයෙන් පිළිගන්නා අතර, බලගැන්වීමේ සියලුම කාර්යයන්ට හැකි උපරිම ආකාරයෙන් අතහිත දෙන ජනතා බලකදවුර හා බද්ධ වන්නෝ වෙමු. මෙතෙක් කල් දේශපාලනය කිරීමට දේශපාලකයන් පසුපස හබාගිය ජන ප්‍රවාහය මෙවර අමුතු තීරණයක් ගෙන හිටපු හමුදා නිලධාරියෙක් හා හිටපු ආරක්ෂක ලේකම් වරයාව රටේ රාජ්‍ය නායකයා විය යුතු බවට තීරණය කර ඇත. මේ තීරණය ගෙන ඇත්තේ, මෙරටේ බිහිවූ දුර්වලම රාජ්‍යපාලනය තුලදී, එහි පලවිපාක අත්විදින ජනතාවයි. මෙවන් දුෂිත අකාර්යක්ෂම රජයකට පසු, රට යලි ගොඩනැංවීමට නම්, අති සාර්ථක රාජ්‍යපාලකයෙකු අවශ්‍යව ඇත. ඒ සදහා මෙරට ජනතාවගේ ඇති කැමැත්ත ගෝඨාභය රාජපක්ෂයන්ය.. මෙය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රධානය කරන ලද තවත් තීරණාත්මක අභියෝගකි.
 
අවුරුදු හැත්තාවක දේශපාලනය දෙස බලන විට, මෙරට ජනතාවට ඇත්තේ, ගලාගෙන ගිය දේශපාලන ප්‍රවාහය සම්බන්ධව ගොඩනැගුනු දැඩි පිළිකුලකි. වර්ෂ 1948 සිට 1977 දක්වාවූ කාලය රට ගොඩනැංවීමට විවිධ උපක්‍රම යෙදු නායකයින්ගෙන් සපිරි යුගයක් වුවද, 1977 පසු බලය රදවා තබා ගැනීම සදහා, පාදඩ දේශපාලනය රාජ්‍යතන්ත්‍රයට හදුන්වා දුන් ඒ රජය, රට ගොඩනගනවා  වෙනුවට රාජ්‍ය දේපල විකුණගෙන කන අලුත්ම දේශපාලන උපක්‍රමය හදුන්වාදෙන ලදී. පසුව බලයට පත් බණ්ඩාරනායක දියණිය විසින්ම, සිය දෙමව්පියන් විසින් ගොඩනැංවූ බණ්ඩාරනායක යුගයට අයත් සියලුම ගොඩනැංවීම් විකුණා දැමීමෙන් පසු, මෙරට විකිනීමට ඉවහල් වෙන් කිසිදු දෙයක් නැති තරමටම බංකොලොත් රටක් නිර්මාණය කරදෙන ලදී.වර්ෂ 1994න් පසු රාජ්‍ය දේපල විකිණීම හැරුන කොට කිසිදු ගොඩනැංවීමක් සිදු නොවූ මේ රට යලි ගොඩනැංවීමේ කාර්යට අතගසන ලද්දේ මහින්ද රාජපක්ෂයන් වන අතර එතුමා විසින්, පසුගිය රජයන් විසින් විකුණන ලද රාජ්‍ය දේපල යලි පවරා ගත් අතර, රට විශාල ලෙස සංවර්ධනය කරන ලදී. එතුමා විසින් ගොඩනංවන දෑ විකිණීම, වර්තමාන යහපාලන රජය ඉතා සරුවට කරගෙන යන අතර,මේ වනවිට මෙරට බලය අතට ගෙන ඇත්තේ, පල්හොරු රැලක් මිස පාලකයෙකු හෝ පාලකයන් නොවන බව පෙන්වාදී ඇත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂයන්ට ආණ්ඩුවක් නැති නන්නත්තාරවූ රටක බලය ලබාගැනීමට සිදුව ඇත. පළමුව, මෙතුමා දැන්ම සිට ආණ්ඩුවක් නැති රටක ආණ්ඩුබලය ලබාගත හැකි ආකාරයන් සම්බන්ධව අධ්‍යනය කළයුතුව තිබෙන බවක් පෙනේ. නමුත් මෙතුමා මේ ආරම්භ කර ඇත්තේ, 2019  ජනාධිපතිවරණයට සුදානම්විමේ කටයුතු ආරම්භ කිරීම බවද පැවසේ. මේ රාජ්‍යතුල මීලගට ජනාධිපතිවරණයක් තියෙනවාද නැද්ද? එසේ තැබීමට හැකි හැකියාවන් මොනවාද? යන්න සම්බන්ධව කතා නොකර, දැනට සිදුවෙන දේශපාලන ගමන් රටාව තුල ගෝඨාභය රාජපක්ෂ නම්වූ චරිතය සිදුකරමින් ඉන්නාවූ කාර්යභාරය සම්බන්ධව අපි අවධානයට ලක්කරමු
 
කුමන ආකාරයකින් හෝ ගෝඨාභය රාජපක්ෂයන්ට බලය ලබා ගැනීමට සිදුව ඇත්තේ දැනට විකුණා දමමින් විනාශ කරමින් තිබෙන රටක්ය. එතුමා රට බාරගන්නේ, එහි කොටස් තවතවත් හොයා හොයා විකිනීමට නොව ගොඩනැංවීමටය. එසේ නම් එතුමා විසින් මේ රට යලිත් ගොඩනංවන්න බලාපොරොත්තු වෙන්නේ ඇයිද? කවර කටයුත්තක් සදහාද යන පැනය ඉස්මතුවේ. රට ගොඩනැංවීමට අපේක්ෂා කරන ගොඨාභය රාජපක්ෂ ප්‍රමුඛ බලවේගයෙන්, එවැනි ප්‍රශ්නයක් අසන්නේ ගොඩනංවන රට යලි කිසිවෙකුට, කිසිදාක විකිණීමට නොහැකි අවකාශයන් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවට වර්තමානය පෙන්වා දෙන බැවිනි. එය සිදුකලයුතු බරපතල ගනයේ කටයුත්තක් බව සිහි ගැන්වීය යුතුමය. එබැවින් අද ප්‍රසිද්ධියේ රට විනාශ කරන සෑම aඅයෙක්ම විනාශ කිරීමකින් තොරව මේ රට යලි ගොඩනැංවීම නොකළ යුතු බැවිණි.
 
ගෝඨාභය රාජපක්ෂයන්ගේ මුලිකත්වයෙන් පැවතී “වියත්මග ” සම්මන්ත්‍රණය වත්මන් සමාජයට බලවත් සංඥාවක් නිකුත් කල අතර, ඒ සමග කලබලයට පත්වූ පිරිස් පිස්සන්සේ ඔබමොබ දුවමින් මනෝවිකාරිත ප්‍රකාශ නිකුත් කිරීම ආරම්භ කර ඇත. සතුරා කලබල වීම හා පහරදීම ඉතා හොද දෙයක් බැවින්, මේ සියල්ලක්ම අප විසින් උපේක්ෂාවෙන් බලා සිටිය යුතුය. සතුරාගේ ව්‍යාකුලභාවය, කියාපාන්නේ ගෝඨාභය රාජපක්ෂයන් අපේ හා දෑයේ සතුරාගේ අංක එකේ සතුරා බවයි. දැන් අපට හිත හිතා කල් මැරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. සතුරාගේ අංක එකේ සතුරා අපේ ගජමිතුරා ලෙස සලකා කටයුතු කිරීම ආරම්භ කිරීම අපට කල හැක. ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ වියත්මග යනු සම්ප්‍රදායික දේශපාලකයින්ගෙන් පිරි සංවිධානයක් නොව,ප්‍රාඥයින් සපිරි සංවිධානයක් බැවින් ඒ සම්බන්ධව මෙරට වැසි ජනතාව විශ්වාසයක් තැබිය යුතුමය. ඒ වටා එක්රොක් විය යුතුමය. එය තුල ඇති ජාතික වැඩපිළිවෙල බලගැන්වීමට සියලුම බෙදා දුරලා පෙරමුණ ගත යුතුමය. එසේ කරන මෙන් මෙරට ඉතිහාසය විසින් අපට බලකර ඉල්ලා සිටි.
 
දැන් අපි බලමු රටේ සතුරන් අන්දමන්ද කරවූ වියත්මගහි ගෝඨාභය රාජපක්ෂයන් විසින් සිදුකල කතාවෙහ අඩංගුව අපවතින අන්තර්ගතය කුමක්දැයි කියා. මේ ඇත්තේ එතුමාගේ කතාවයි.
 
1.එතුමා සිය කතාව ආරම්භ කරන්නේ වර්ෂ 2030 වනවිට චීනයේ ආර්ථිකය ලබන ප්‍රගතිය සම්බන්ධව ඉගියක් පල කිරීම තුලිනි.
 
2.වර්ෂ 2030දි චීනය, ඇමරිකානු ආර්ථිකය මෙන් දෙගුණයක ආර්ථිකයකට හිමිකම් කියන බව එතුමා සදහන් කරයි.
 
3. ඒ අනුව ඒ ආර්ථික බලවතා සමග විශාල වශයෙන් ගනුදෙනු කිරීමට අප සුදානම් විය යුතුව තිබේ. ලෝකයේ වෙන කිසිදු රටකට වඩා ඒ සදහා අපට ඉඩකඩ විවරව තිබේ.
 
4. ඒ සදහා ශ්‍රී ලංකාවේ ජනතාව සුදානම් කිරීම, එතුමාගේ අරමුණ බව ඉතා පැහැදිලිවම දක්වයි.
 
මෙය මෙතෙක් කිසිවෙකුත් දේශපාලන වේදිකාවේ නොකිව් කතාවකි. අනාගතය දැකීම, ඒ සදහා සුදානම්විමට කතා කිරීම නරක දෙයක් නොව ඉතා හොද දෙයකි. මේ හොද දෙය තුල ඇත්තේ කුමක්දැයි අප කතා කල යුතුමය.
 
වර්තමානය ඉතිහාසගතවේ. මුළු මහත් ලෝකයම මහා විපර්යාශයකට භාජනය වෙමින් වේගවත් සිදුවීම ජාලයක් සමග ඉදිරියට ගලායමින් පවතී. මේ වෙනස්වීම කිසිදු ජගතෙකුට නවතාලිය නොහැකි ප්‍රවාහයක් බවට පත්ව ඇති බැවින්. සියල්ලන්ටම ඒ වෙනස්වීම් වලට අනුව තම තමන්ගේ සමාජයන් සකස් කරගැනීමට සිදුව තිබේ. මුළු ලෝකයම මේ සදහා ලහි ලහියේ සුදානම් වෙමින් සිටින තත්වයක තුල ශ්‍රී ලංකාවේ, පාලනතන්ත්‍රය හා ජනතාව මේ සම්බන්ධව කිසිදු අවබෝධයකින් තොරව නිද්‍රාශීලිව සිටින තත්වයේ පසුබිමක් නිර්මාණයව ඇත. වර්ෂ 2030දි මේ රටට වෙන්නේ කුමක්දැයි නොදන්නා මෙරට වාසි ජනතාවට ඒ සිදුවෙන දේ කුමක්දැයි අවබෝධ කරදීමට බුද්ධිමතුන්ගේ, කාලය මිඩංගු කිරීමට මේ යුගය බලකරයි.ඉතා සංවිධානාත්මකව ජනතාව මුලා කිරීමට ස්ථාපිත කර ඇති, ඒ ප්‍රබල ආවරණය ඉරාදමා මෙරට සමාජයට අනාගතය විවර කර පෙන්වාදීම “වියත්මග” විසින් සිදුකර ඇති අගනා සමාජ මෙහෙවරක් සේ අපි දකිමු.
 
මේ වනවිට ආසියාව ලෝක ආර්ථිකයේ බලවතා බවට පත්ව ඇත. තවද චීනය, ජාත්‍යන්තර යෝධ ව්‍යාපෘති ගණනාවකට අතගසා තිබේ. ඉන් ප්‍රධානම ව්‍යාපෘතිය වන්නේ, සේද මාවත හා එයට සමාන්තරව දිව යන සමුද්‍ර මාර්ගයයි. මේ සමුද්‍ර මාර්ගයේ ප්‍රධානම මර්මස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. මේ සිදුවීම ලෝකයේ කිසිවෙකුට නවතාලිය නොහැකි බල ප්‍රවාහයක් ලෙස මේ වනවිට නිර්මාණයවී  තිබේ. මේ යෝධ ව්‍යාපෘතිය මේ රට තුල ආර්ථිකමය වශයෙන් හා සංස්කෘතික වශයෙන් විශාල පරිවර්තනයක් සිදු කරන අතර එයට මුහුණදීමට මේ රටේ ජනතාව සුදානම් කිරීම මෙරට රජය කලයුතු ප්‍රධානම කර්තව්‍ය බවට පත්ව තිබියදී. මේ රටේ කිසිදු ආයතනයක්, මේ සම්බන්ධව සාකච්චා කිරීමක්වත්, ජනතාව දැනුවත් කිරීමක්වත් සිදු නොකරයි. ලෝක ඉතිහාසයේ තමන්ගේ රටට ලැබෙන මහා පරිවර්තන යුගයක් සම්බන්ධව කතා නොකරන එකම රට ශ්‍රී ලංකාව බවට ඉතිහාසගත වෙන තරමටම මෙරට පරිපාලනය ගරාවැටී සොදාපාලුවී ඇත. මෙරට විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය ප්‍රජාව අනම් මනම් කතා කරමින් පිස්සු කෙලින වාතාවරණයක් රටපුරාම දිස්වේ. එවන් පසුබිමක් තුලදී, විදේශීය රාජයන් මේ මහා ව්‍යාපෘතියේ පල නෙලා ගැනීමේ මාවත් සකස් කරගනිමින් මෙරට රාජ්‍යයේ නායකයින්ව අන්දවමින්, ඒ නිර්මාණය වෙමින් පවතින සමාජයේ ඇති සම්පත් කොල්ලකා ගැනීමේ අරමුණින් ECTA හා සිංගප්පුරු වෙළද ගිවිසුම් මගින් ලහි ලහියේ සුදානම් කරමින් අත්සන් කිරීම් කඩිනමින් සිදු වෙමින් පවතී. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කතාවෙන් ඒ මතුවෙන යුගයට උචිතව මෙරට සුදානම් කිරීමට යෝජනා කරන විට. විදේශීය ඒජන්තයින් එකතුව මහා ඝෝෂාවක් නගමින්, ගෝඨාභය රාජපක්ෂයන්ට එරෙහිව නැගී සිටින පසුබිමක් නිර්මාණය කර ඇත. ඒ ඇයි? වැදගත් ප්‍රශ්නය වන්නේ එයයි.
 
ගොඑහභය රාජපක්ෂ මහතා නැගීසිට මුළුමහත් රට වැසියන්ට වර්ෂ 2030 වනවිට මේ ලොව සිදුවෙන පෙරළියට සුදාමං වෙමු යයි මෙරට ජනතාවට යෝජනා කරන මේ මොහොතේ මේ රට තුල සිදුවන්නේ කුමක්ද යන්න පෙළ ගස්සන විට අපිට දකින්නට ලැබෙන රුප රාමුව රටට ලබාදෙන පණිවුඩය කුමක්දැයි අපි සිහි බුද්ධියෙන් යුතුව බලා දැක අවබෝධ කර ගනිමු.
 
මේ වනවිට,
 
A. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාවේ අඩංගු කරුණු දරුණු ලෙස විවේචනය කරමින් පහරදීම අරභා ඇත.
 
B. ඒ 2030 චීනය ලොවේ ආර්ථික බලවතා වෙන බව ප්‍රකාශ කල නිසාත්, යුරේෂියාව ලොවේ ආර්ථික වශයෙන් බලවත් කලාපය වන බවත් ඒ සදහා ශ්‍රී ලාංකීය ජනතාව සුදානම් කලයුතු බවත් පැවසීම හේතුවෙනි. ඔහු අපේ සතුරන් සියල්ලන්ම එකතුව මෙරට ජනතාවගෙන් වසන්කරගෙන  සිටි යමක් එලියට දැමීම නිසා සිදුවූවක් සේ පැහැදිලිවම දිස්වේ.
 
C. පවතිනවායයි කියන රජය 2030 සම්බන්ධවත්, සේද මාවත නිසා ඇතිවෙන ප්‍රගතියේ පල නෙලා ගැනීමට හෝ එයින් සිදුවිය හැකි හානිය සම්බන්ධව කිසිවක් කතා නොකොට මුනිවත රකි. මේ සම්බන්ධව කිසිදු පාර්ලිමේන්තු සාකච්චාවක් සිදුවෙන්නෙම නැත.
 
D. අපේ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් මේ සම්බන්ධව කිසිම අධ්‍යන කටයුත්තක් සිදුකර නැත්තා සේ නිද්රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
 
E. විශ්ව විද්‍යාල සිසුන් පෙර දවස සිසුන් මෙන් නොව නවක වාදය හා පෙළපාලි යාමට පමණක් සීමාවී සිටි.
 
F. උතුරේ ද්‍රවිඩ නායකයින් දෙමල ජනතාවට මේ සිදුවෙන අනාගත පරිවර්තනයන් සම්බන්ධව අවබෝධ කරදී, අනාගතයේදී දක්ෂිණ ලංකාවේ ගොඩනැගෙන ආර්ථික ක්‍රියාවලියට බද්ධවීමට ඔවුන් පෙළ ගස්සනවා වෙනුවට උතුරට කොටුවී ඊළමක් ගොඩනැංවීමේ සිහිනයෙන් මුලාකර, ඔවුනට ඉක්මනින් කොලබට පැමිණීම සදහා ගොඩනැංවීමට යෝජිතව තිබු හයිවේ එක නවතා දැමීම සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටි.
 
G. ඉන්දියාව දෙමල ප්‍රජාව සදහා ඊළමක් නිර්මාණය කරදීමට පුර්ණ සහය දෙමින්, අනාගතයේදී ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙන මහා රැකියාවන් නිර්මාණය වෙන දක්ෂිණ ලංකාව ඉලක්ක කරගෙන වහ වහා ECTA ගිවිසුම අත්සන් කිරීමට ලංකාවට බලපෑම සිදු කරයි.
 
H. මහින්දගේ රජය පෙරලා දැමීම, මේ රට අස්ථාවර කිරීම, මෙරට මහා බැංකුව කොල්ල කෑම පසුපස සිටින එක් රාජ්‍යයක් වන සිංගප්පුරුව, මේ රට තුල අර්බුදකාරී අවස්තාවක කඩිමුඩියේ, වෙළද ගිවිසුමක් අත්සන් කරගෙන ගොඩනැගෙන ඒ මහා නගරයට මිනිස් බලය සැපයීම තම අතට ගෙන ඇත.
 
තව කරුණු කන්දරාවක් පෙලගස්සවා, සිදුවෙමින් පවතින දේ වැඩ වඩාත් හොදින් පැහැදිලි කරදිය හැකිමුත්, මේ ඉදිරිපත් කල කරුණු සමුහය පෙළ ගස්සවන විට  සතුරා 2030 මේ රටට අත්වෙන මහා ධන නිධානය කොල්ල කෑමට වත්මන් යහපාලනය හරහා එලා ඇති නෙට් එකේ බලවත් කම පැහැදිලිය. මේ සම්බන්ධව මෙතෙක් කිසිදු ආචාර්ය මාහාචාර්ය වරයෙක්, දේශපාලන පක්ෂයක්, හෝ වෙන කිසිදු සංවිධානයක් රටට හෙළිකර නැත. නමුත් පළමු වරට ගෝඨාභය රාජපක්ෂයන් මේවා ලබා ගැනීම සදහා සුදානම් වන ලෙස මෙරට ජනතාවට ආයාචනය කළහ.
 
දැන් ජනතාව වශයෙන්, මෙරට මිනිසුන් තමන්ගේ දෑස් මත ඇති, තම දැක්මට බාධා කරන තට්ටුව කඩා දමා දෑස් විවර කර සිදුවෙන දේ අවබෝධ කරගත යුතුය. පවතින රජය මේ සදහා ඔබව සුදානම් කරන්නේ නැත. මේ කාර්යට සුදානම්විම ඔබට බාරව ඇත. ඒ සදහා ඔබ හා ඔබේ දරුවන් සුදානම් කිරීම ඔබලාගේ අතට ගත යුතුය. මේ වනවිට ලෝකයේ ප්‍රභල ජාතින්, ඉංග්‍රීසි භාෂාව මෙන්ම චීන භාෂාවද ඉගැන්වීම අරභා මේ නව ආර්ථික ප්‍රවර්ධනයට උචිත ලෙස සුදානම් වෙමින් සිටි. එදා “වියත්මග” දෙසුමේදී ගෝඨාභය රාජපක්ෂයන් ප්‍රකාශ කල ආකාරයටම ඔබ කොම්පියුටර් තාක්ෂනය  හා අන්තර්ජාලීය සම්බන්ධතා ප්‍රවර්ධනය කරගත යුතුමය. ඔබ ඒ ලෝකයට ඇතුළුව ඒ ලෝකය තුල ජිවත්වෙන්නෙක් මිස, ඈතට වී මුව අයාගෙන ඒ දෙස බලා සිටින්නෙක් බවට පත්වෙනු දැකීම අපේ සතුට හෝ අරමුණ නොවේ.

5 Responses to “ගෝඨාභය රාජපක්ෂයන්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය”

  1. aloy Says:

    As per the penultimate para, our adversaries are laying the net to reap the benefits that will come our way due to the changing economic order of the world. As explained by GR china will be leading it due to its large population and the technological advancements they have achieved. Those people who were riding on the backs of western powers up to now want to ride on the new super power. We need to be careful not to give a foot hold to a new imperial power to control us. We do not need their industries that will damage our environment. Due to the rapid phase of industrial revolutions taking place these industries may even become obsolete in a few years time. If the Chinese bring in large number of their people to work in those industries that will even change the demography of our land and will do the same thing the western powers did to countries like Canada, New Zealand and Australia over a period of couple of centuries. Malysians realised it and are stopping it. We should do the same.

  2. chandrasena Pandithage Says:

    Dear Aloy,
    Thank you very much for your comment. You are exactly right the way looking at this upcoming global development. We get the good thing and the bad things too. The outsiders who come to get essence from these projects are not worried about our environmental issues and it is our duty to think deeply about the issues and stand to face future developments and it’s bad impacts. We need everybody to understand and start to discuss about these mega projects.

  3. Ananda-USA Says:

    I agree wholeheartedly with Aloy.

    My motto is “Keep Sri Lanka for Sri Lankans ONLY”

    We should be aware that today’s friend can become tomorrow’s masters, and act accordingly with National Interest of our CURRENT CITIZENS held foremost in our minds.

    All policies we adopt should be subject that dictum and contribute to it.

  4. Dilrook Says:

    If Gotabaya does not allow a freehand to China, that will be the end of his regime. India and western nations will use the war crimes stick to extort maximum favours for Tamil separatists. China will not invest unless we agree to their ways.

    This is the sad reality. Sri Lanka is a very poor country with a massive net foreign debt. We have no bargaining power whatsoever. If we don’t let China turn Lanka into its playground, China will simply avoid us or worse – support west or India break up Sri Lanka.

    Mahathir Mohomad returned to power in Malaysia this time as a US puppet. He will not be successful this time.

  5. Christie Says:

    India wants to get rid of Gota but has failed so far.

    Amnesty International is going to have a major Office in Colombo.

    It has been a major institution that looks after Indian interests.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress