ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) සහ 2(ii) ශ්‍රේණි සඳහා බඳවා ගැනීමේ තරඟ විභාග අවස්ථාව සියලූම සංවර්ධන නිලධාරීන්ට ලබාදෙන්න
Posted on June 19th, 2018

සංවර්ධන නිලධාරී සේවා සංගමයDevelopment Officers Service Union. Servicio 

2018.06.19

ගරු අධ්යාපන අමාත්

අකිල විරාජ් කාරියවසම් මැතිතුමා,

අධ්යාපන අමාත්යාංශය,

ඉසුරුපාය,

බත්තරමුල්ල.

 

Hon. Minister of Education,

Akila Viraj Kariyawasam,

Ministry of Education,

Isurupaya,

Battaramulla.

ගරු අමාත්යතුමනි,

රී ලංකා ගුරු සේවයේ 3-1 () සහ 2(ii) ශ්රේණි සඳහා බඳවා ගැනීමේ තරඟ විභාග අවස්ථාව සියලූම සංවර්ධන නිලධාරීන්ට ලබාදෙන්න

උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ඊට අනුයුක්ත ආයතනවල සිටින සංවර්ධන නිලධාරීන්ට පමණක් සීමා නොකර රාජ්‍ය සේවයේ සියලූම සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවා තරඟ විභාගය සඳහා ඉල්ලූම්කිරීමේ අවස්ථාව ලබාදෙන මෙන් ඉතා  ඕනෑකමින් පළමුව ඉල්ලා සිටිමු.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ 2005, 2008 වර්ෂවල බඳවාගත් උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග‍්‍රහණය කිරීම සඳහා අප සංගමය විසින් කිහිප අවස්ථාවක් ඔබ අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇත. ඒ ඉල්ලීම් ඇතුලූ සියලූ ඉල්ලීම් සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිටින උපාධිධාරීන්ට ගුරු සේවයට ඇතුළත් වීමේ අවස්ථාවට ඉඩදීම පිළිබඳව සතුටුවෙමු. 2005 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ බඳවාගත් උපාධිධාරීන්ගෙන් විශාල ප‍්‍රමාණයක් 2007 වර්ෂය වන විට අප සංගමය මැදිහත්වීමෙන් ගුරු සේවයට අන්තර්ග‍්‍රහණය කර ගැනීමට එවකට හැකි වූ බවද දන්වා සිටිමු.

2005/2008 වර්ෂවල අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රැුකියාගත කරන ලද උපාධිධාරීන්ගේ පත්වීම් බලධරයා වනුයේ ඝෘජුවම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාය. 2012 වර්ෂයේ සිට උපාධිධාරීන් බඳවාගනු ලබන්නේ ඒකාබද්ධ සේවාවක් යටතේ වන බැවින් ඔවුන්ගේ පත්වීම් බලධරයා ඒකාබද්ධ සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාය. සංවර්ධන නිලධාරීන් අයත්වන්නේ ඒ යටතේ වන බැවින් රට පුරා සිටින සියලූම සංවර්ධන නිලධාරීන්ට සමාන හිමිකමක් පවතින බැවින් ඉහත ගුරු සේවා තරඟ විභාගය සඳහා රාජ්‍ය සේවයේ සියලූම සංවර්ධන නිලධාරීන්ට අවස්ථාව හිමිවීම වඩා සුදුසු වේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිටින 2012 වර්ෂයේ සංවර්ධන නිලධාරීන්ට තරඟ විභාග අවස්ථා ලබාදීම පිළිබඳව කිසිදු විරෝධතාවයක් නොමැත.

2005-2008 රැකියාගත අධ්‍යාපන අමාත්‍යාංශ උපාධිධාරීන් ඍජුවම ගුරු සේවයට අන්තර්ග‍්‍රහණය කිරීමට හැකි වූයේ නම් වඩා සුදුසුය. නමුත් ඒ සඳහා පවත්වන්නේ තරඟ විභාගයක් වන බැවින් අදාල සුදුසුකම් සහිත සංවර්ධන නිලධාරීන්ට එම අවස්ථාව ලබාදීම ගැටලූවක් නොවන බව අපගේ අදහසයි. අදාල ගැසට් නිවේදනය අනුව අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ජූනි 22 සිට ඉදිරියට දීර්ඝ කර රාජ්‍ය සේවයේ සියලූම සංවර්ධන සහකාර/සංවර්ධන නිලධාරීන්ට තරඟ විභාගය සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම රටපුරා පවතින තැපැල් දෙපාර්තමේන්තු සේවකයින්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් රටපුරා සියලූම තැපැල් කාර්යාල අක‍්‍රීයව ඇති බැවින් දැනට හිමිකම් සහිත නිලධාරීන්ගේ පවා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ විය යුතු බැවින් ඒ සඳහා කඩිනම් පියවරක් ගන්නා මෙන්ද ඉල්ලා සිටිමු.

ඉහත කරුණු සම්බන්ධයෙන් අප සංගමය ඔබතුමා සමග සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන අතර ඒ සඳහා ආසන්නම දිනයක් හා වේලාවක් ලබාදෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට

විශ්වාසි,

චන්දන සූරියආරච්චි

රධාන ලේකම් 

 

සම්බන්ධිකරණය– 0718178268

Coordination – +94 71 8178268

 

පිටපත් :-

  1. ගරු ජනාධිපතිතුමා – ( ... / දැ.ගැ.පි.) 
  2. ගරු අගරාමාත්යතුමා-( ... / දැ.ගැ.පි.)
  3. ලේකම්අධ්යාපන අමාත්යාංශය -( ... / දැ.ගැ.පි.)
  4. ලේකම්රාජ් පරිපාලන අමාත්යාංශය ( ... / දැ.ගැ.පි.)
  5. සභාපතිරාජ් සේවා කොමිසම ( ... / දැ.ගැ.පි.)
  6. ඒකාබද්ධ සේවා අධ්යක් ජනරාල් ( ... / දැ.ගැ.පි.)

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress